ඇමරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවත් (United States Department of Energy), ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන (National Nuclear Security Administration - NNSA) ආයතනයත් යටතේ පාලනය වන ප්‍රධානතම පර්යේෂණ හා සංවර්ධන විද්‍යායතන (research and development laboratories) ත්‍රිත්වය අතරින් එකක් වෙන "Sandia National Laboratories (SNL)" මගින් සිදු කරපු විශේෂ අධ්‍යයනයන් ආශ්‍රයෙන් තමයි මේ වීඩියෝවේ ඇතුළත් හඩපටයෙන් නිර්මාණය කරලා තිබෙන්නෙ. මෙයින් නිරූපණය කෙරෙන්නෙ මීට වසර මිලියන 90 ත් 66 කටත් පෙර තිබුණු කාලපරිච්ඡේදය වුණු "Cretaceous' යුගයේ පසු භාගයේදී පෘථිවිය මත රජ කරපු "T-Rex" නැත්නම් "Tyrannosaurus rex" කියන දැවැන්ත විලෝපික ඩයිනෝසරයන් විසින් පිටකරපු හඩවල් සත්‍ය වශයෙන්ම කුමන ආකාරයේ ස්වභාවයක් ගත්තා ද යන වගයි. මේ හඩපටය ඇසුවම අපි "Jurassic park" වගේ සිනමාපටවලින් අහපු දැකපු " T-Rex" ලගෙ හඩට සාපේක්ෂව මේ හඩවල් කොයි තරම් වෙනස් ආකාරයක් ගන්නව ද කියලා ඔබට හොදින් අවබෝධ වේවි.

Last edited:




