යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන Monkeypox වයිරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවැසීය.
වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පළමු Monkeypox රෝගියා හමුවී ඇත්තේ මැසචුසෙට් ජනදයෙන් බවය.
එම රෝගියා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත්, සමාජයේ Monkeypox ව්‍යාප්තියක් සිදු නොවන බවත්, රෝගියාගේ තත්ත්වය ද බරපතල නොවන බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලි කර තිබේ. හමුවුණු එම රෝගියා කැනඩාවේ ක්විබෙක් (Quebec City) පළාතේ සංචාරයකට ගොස් පැමිණි අයකු බව ද පැවැසෙයි.
මේ වනවිට ‘Monkeypox’ වයිරස රෝගය පැතිරෙන රටවල් වන්නේ කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ‘Monkeypox’ රෝගීන් ගණන 49 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පළමු වරට Monkeypox රෝගය 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී තිබෙනවා. මෙම වෛරසය මීයන් ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසුන්ට පළමුව ව්‍යාප්ත වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
Monkeypox රෝගයේ රෝග ලක්ෂණ
වැඩිදුර තොරතුරු:
Monkeypox alert in Spain after 23 people show symptoms
Monkeypox: Two more people infected to take total to nine in UK
1st monkeypox case in US this year reported in Massachusetts
Last edited:
