😮🎬 "Once Upon a Time... in Hollywood" සිනමාපටයේ දෙවන කොටසකුත් නිර්මාණයට සැරසේ ? - අධ්‍යක්ෂණය: David Fincher, තිර රචනය: Quentin Tarantino 🎞️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    "Quentin Tarantino" තිර රචනයෙන් වගේම අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නිර්මාණය කරපු "Once Upon a Time... in Hollywood" චිත්‍රපටිය කට්ටියට මතක ඇතිනේ. Leonardo DiCaprio, Brad Pitt, Margot Robbie ඇතුළුව ප්‍රවීණ නළු න්ළියන් රැසකගෙ රංගන දායක්ත්වයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටියෙ කතාව ගොඩ නැගුණෙ "Rick Dalton" හොලිවුඩ් නළුවත්, ඔහුගේ හොදම මිතුරා වුණු "Cliff Booth" කියන 'Stuntman' ත් කියන චරිත වටායි. "Once Upon a Time... in Hollywood" චිත්‍රපටියෙ මේ අලුත් අනුප්‍රාප්තික චිත්‍රපටිය (Spin-Off / Sequel) අධ්‍යක්ෂණය කරන්න යන්නෙ Seven (1995), The Game (1997), Fight Club (1999), Panic Room (2002), Zodiac (2007), The Curious Case of Benjamin Button (2008), The Social Network (2010), The Girl with the Dragon Tattoo (2011), Gone Girl (2014), Mank (2020), The Killer (2023) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අපි කවුරුත් හොදින් හදුනන තවත් සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන "David Fincher" විසිනුයි. මේ අලුත් චිත්‍රපටියෙ කතාව ප්‍රධාන වශයෙන් "Brad Pitt" රගපාපු "Cliff Booth" වටා ගොඩ නැගෙන බවයි දැනට ලැබිලා තියෙන ආරංචිමාර්ගවලින් කියන්නෙ. "Brad Pitt" ට අමතරව "Leonardo DiCaprio" ත් මේ චිත්‍රපටියෙ 'cameo' එකකට දායක වෙන්න ඉන්නවා කියලත් මේ වෙන්කොට දැනගන්න ලැබිලා තියෙනවා. " Netflix' සමාගම විසින් තමයි චිත්‍රපටයෙ නිෂ්පාදන කටයුතු සිදු කරන්නෙ.

    සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සහ තිර රචක "Quentin Tarantino"

    Quentin-Tarantino-1280x720.jpg



    once-upon-a-time-in-hollywood_wmajhseo-120606-483589-422832-771368_9a540ed2-7b49-4004-a44d-cff1f6bf9db1-117423-529961_1024x1024@2x.jpg
    IMG_2935-scaled.jpeg






    esq060119cover005-1558471471.jpg




    සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ "David Fincher"

    TheKillerBFILFF051023_%288_of_22%29_%2853255176376%29_%28cropped2%29.jpg


    df7.jpg


    david-fincher-lighting-brad-pitt-for-se7en-1995-v0-5xi4inwt02lb1.jpg


    වැඩිදුර තොරතුරු




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113







    ------ Post added on Jun 11, 2025 at 12:55 PM




    ------ Post added on Jul 28, 2025 at 11:41 PM