🧠 මිනිස් මොළයේ, ශංඛක ඛණ්ඩිකාවෙහි (temporal lobe) හටගන්නා ආබාධයන් හේතුවෙන් ඇතිවන දුර්ලභ ගනයේ මස්තිෂ්ක ස්නායු රෝගය - "Klüver-Bucy syndrome"(KBS) 👨‍⚕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    Kluver-Bucy-syndrome.jpg


    ✍️ සටහන: @Stimulus mind ✍️



    මිනිස් මොළයේ, ශංඛක ඛණ්ඩිකාවන් (temporal lobes) යුගලයට සිදුවන හානි හේතුවෙන් හටගන්නා දුර්ලභ ගණයේ මස්තිෂ්ක ස්නායු රෝගයක් (cerebral neurological disorder) ලෙස "Klüver-Bucy syndrome" (KBS) නම් රෝගය සලකනු ලබයි. මතකය හීන වී යාම, හැසිරීම් රටාවන්ගේ අසාමාන්‍යතාවන් (ආහාර ගැනීමේ සහ ලිංගික ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතාවන්) සහ ඇස් පෙනීමේ දුර්වලතාවන් (Visual agnosia - ඇසට දිස්වන වස්තූන් නිවැරදිව හදුනා ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි) මෙම රෝගය මගින් ඇතිකරනු ලබන ප්‍රධාන රෝග ලක්ෂණයන් ලෙස මෙහිදී සදහන් කළ හැකිය. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයන් අතර දැකගත හැකිවන මෙම "Klüver-Bucy syndrome" නම් රෝගී තත්ත්වය ඇතැම් අවස්ථාවලදී කුඩා දරුවන් තුළ ද දැකගත හැකි අතර හදිසි අනතුරු හේතුවෙන් මොළයට සිදුවන තුවාල (Traumatic Brain Injury / Traumatic head injury / Blunt TBI) සහ මොළය ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්වයන් ද මෙම රෝගාබාධ තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතූන් ලෙස සලකනු ලබයි.

    "Klüver-Bucy syndrome" යන නමට අමතරව "Bilateral temporal lobe disorder" සහ "Post-encephalitic Klüver-Bucy syndrome" යන නම්වලින් ද මෙම රෝගය හදුන්වනු ලබයි






    මිනිස් මොළය සහ ශංඛක ඛණ්ඩිකාවෙහි පිහිටීම

    temporal_lobe.jpg


    මිනිස් මොළයේ ඇති ඛණ්ඩිකාවන් මගින් සිදුවන කාර්යයන්

    Brain%20Blog%20_%20Lobes.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    "ආහාර ගැනීමේ අසාමාන්‍යතාවන්" :eek:


    මන් හිතන්නෙ මට මේක හැදිල :sorry:
    කෑම නොවෙන දේවලුත් කටේ දාගෙන කෑම වගේ හපන්න හිතෙනව ද? 🤔 ඔය ලෙඩේ තියෙන සමහර අය එහෙමත් හැසිරෙනවලු සමහර වෙලාවට.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    කෑම නොවෙන දේවලුත් කටේ දාගෙන කෑම වගේ හපන්න හිතෙනව ද? 🤔 ඔය ලෙඩේ තියෙන සමහර අය එහෙමත් හැසිරෙනවලු සමහර වෙලාවට.
    පොතක් පතක් පත්තරයක් බලන්න ගත්තොත් එකේ කොන් ටික ඔක්කොම ඉවරයි කඩලා කටේ දාගන හප හප ඉඳලා