මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය

Prothean

Member
Apr 25, 2011
866
93
0
මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය

මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය

සටහන Prothean /2011/05/03
වසංගත රෝග යටතේ. පළමු කොටස - මහාමාරිය.



6ad483642dd932d718ede8420a4f147ca758cceb891631149d980f826487a0c96g.jpg

The Black Death caused by bubonic plague in 14th Century in all over Europe



මහාමාරිය යනු ඈත අතිතයේ මිනිසුන්ව ඉතා දරුණු ලෙස විනාශකළ වසංගත තත්වයක් වනතර මෙය තවමත් අතීතයේ සිට විටින් විට හිස ඔසවමින් පවති, නමුත් නූතනයේ තිබෙන ප්‍රතශක්තිකරණයන් මගින් ඉතා සාර්ථක ලෙස රෝගිතත්වය මර්ධනය කළ ඇත. එසේ වුවද ඇම්රිකාවේ ඉතා කලාතුරකින් කැලිෆෝනියාව, යුටා,ඇරිසෝනාව,නෙවාඩා, නව මෙක්සිකෝව ආශ්‍රිතව මතුවෙන බව සදහන්. මහාමාරිය රෝගි තත්වය බැක්ටීරියා ජිවියෙකු වන යර්ෂිනීයා පෙස්ටයිස් මගින් ඇතිවනතර මේ සදහා රෝග ලක්ෂණ මතුවී පැය 24ක් ඇතුලත ඖෂධ නොගත හොත් එය මාරාන්තික බව සැලකේ.මෙම බැක්ටීරියා ජිවින් හට නාමය ලබාදී ඇත්තේ Alexandre Yersin නම් ප්‍රංශ-ස්විස් ජාතික බැක්ටිරියා වේදියෙකුගෙන් බව පැවසේ.කාලයෙන් කාලය ක්‍රිස්තු පූර්ව ගණන් වල සිට මනුෂ්‍යය ප්‍රජාව හට ව්‍යසන කර ඇති මෙම වසංගත තත්වය විවිධ ආකාරයන්ගෙන 18 වැනි සියවස තෙක් මානව ශිෂ්ඨාචාරය තුළ සක්මන් කළ තර පිළිවෙලින් 1603 දී ලන්ඩනයට බලපෑ තත්වයෙන් ලන්ඩන් වැසියන් 38,000 කට අධික සංඛ්‍යාවක්ද, ක්‍රිස්තු වර්ෂ 1629 සිට 1631 අතර පැවති ඉතාලියානු වසංගතයද, ක්‍රිස්තු වර්ෂ 1647 සිට 1652 අතර කාල පරාසයේ පැවති සෙවිල් වසංගතය, 1679 නෙහි පැවති වියනා වසංගතය, ක්‍රිස්තු වර්ෂ 1720 සිට 1722 අතර කාල පරාසයෙහි පැවති මර්ෂයෙහිලා වසංගතය,ක්‍රිස්තු වර්ෂ 1738 පැවති නැගෙනහිර යුරෝපානු වසංගත තත්වයන් සැකෙවින් ගෙනහැර දැක්විය හැක.

19 වැනි සියවස මුල් භාගයෙහිදි පමණ රෝගකාරක බැක්ටීරියාව නව අකාරයකින් ලොවපුරා පැතිරි ගතර එය ආසියාතික කොළරාව ලෙස හැදින්වේ. රෝගය ආසාදනය වීමට මුලික වශයෙන් රෝගියා ගේ ආසාධිත ආකාරය සැලකිය හැකිතර ඒවා යන් වසාවාහිනි තුළ ඇති මහාමාරිය තත්වය, ලේ විෂවීම, පෙනහැල්ලේ ඇතිවන තත්වය මගින් සිදුවන නියුමෝනියා තත්වය පෙන්වා දිය හැක. රෝගය වාතය මගින්, ආසාධිත පුද්ගලයෙකු පරිහරණය කළ දෑ මගින්, හෝ රෝගියා සමග සෘජු ලෙස කායික වශයෙන් සම්බන්ධකම් පැවත්වීම,අසාධිත කෘන්තක සතකෙගු හෝ ආසාධිත රුධිරය පවතින මැක්කෙකු සපා කෑම පෙන්වා දිය හැක.රෝගය ආසාධන වී ලක්ෂණ පෙන්වීමට දින 2කේ සිට 10 දක්වා කාලපරාසයක් ගන්නතර එය පෙණහැලි ආශ්‍රිතව හට ගත්තේ නම් පැය කිහිපයක් ලෙස පෙන්වා දිය හැක.

වසංගත තත්වය මුල්වරට වාර්තාවෙන ලද්දේ ක්‍රිස්තු පූර්ව 541-500 අතර කාලයේදි නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් Byzantine නම් රාජධානිය මුලකරගෙන බව සැලකේ. එය ඉතිහාසයේ මහාමාරිය තත්වය වාර්තා වූ මුල්ම අවස්ථාව වනතර වසංගත තත්වය ක්‍රිස්තු වර්ෂ750 දී පමණ පහව යන තුරු සමස්ථ යුරෝපයේ ජනයා මිලියන 100 යකට අධික සංඛ්‍යාවක් ක්‍රමයෙන් විනාශ වූ බව සදහන්. වසර 500 කට ආසන්න කාලයක් නිහඩව සිටි වසංගත තත්වය නැවත 14 වැනි සියවසේදි සමස්ථ යුරෝපය පුරා පැතිරි ගියතර එය මුල් අවස්ථාව මෙන් විශාල සංඛ්‍යාවක් විනාශ කළ බවද මෙම තත්වය එම නිසා කළු මාරක වසංගතය ලෙස යුරෝපානු ජනයා හැදින්වීමට භාවිතා කළ බව සදහන්. වාර්තාවීමට අනුව මෙය 1890 කාල වකවානුවේදි යුරෝපානු ජාතින්ගේ ආසියානු සංක්‍රමණය හමුවේ වසංගතය ආසියාවේ චීනය, ඉන්දියාව ,ශ්‍රිලාංකාව,බංගලදේශය ආශ්‍රිතව පැතිර ගියතර මෙමගින් දහස් ගණන් මියගය බව සදහන්.නමුත් භාග්‍යයකට මෙන් එයට අවුරුදු කිහිපකට පසු රුසියානු යුදෙව් සම්භවයක් තුබු වෛද්‍යවරයෙකු වූ වැල්දමාර් හැෆ්කින් විසින් මුල්වරට රෝගයට එරෙහිව ප්‍රති ජනකයක් නිපදවෙන ලදි.එම නිසා ශත වර්ශ ගණනාවක් මිලියන ගණන් යුරෝපානු ජනයා නැසු වසංගතයට ආසියාවේ පෙරෙළි කිරිමේ මග අහිමි වෙන ලදි.




d1f43a2c52461f406eef458533f28c1092c91ce9ffb74da38a2bd11adbc73f496g.jpg

waldemar haffkine the inventor of first antibiotic against yersinia pestis - saviour of humanity
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
218d34d10572301f09d0001bab758467b9605f14c784ed8203a06f944c6e29d06g.jpg

How the yersinia pestis infects Humans.


34468112ad0e3026138459b734fbda1ab2aaf087c397d25e293ca41ef342fe146g.jpg

The fleas are reason for spreading bubonic plague.


f228b1a5a04f221727eb871871df795e8276b7d1e60803b1f229b9996b72f56a6g.jpg

Rats contains yersinia pestis ,the bacterium organism cause for bubonic plague.


84ffe9afcdf4b76edf900cd109eeb21fd35d9c1634d61ba10fadaac4365454fe6g.jpg

Yersinia pestis ,the bacterium organism cause for bubonic plague.


43486c9ae992374589b747daa020727fcecad38d28a66277462f3ea36e5e971e6g.jpg

bubonic plague infected patient.- death is unavoidable in this case.



රෝග ලක්ෂණ

ශරීරයේ පවතින වෙවුලුම් ගතිය
කෙඩෙත්තු ගතිය දැනීම
අධික උණ ගතිය
මාංශ පේශී වේදනාව
හිසේ වේදනාව
කුද්දෙටි ඉදමීම සහා ඒවා සම මතුපිට විශාල ලෙස පැතිරීම මේවා මුල්වරට ඉකිළි ,බෙල්ල ප්‍රදේශයේ හට ගැනීමේ සම්භාවිතාවක් පවති
ඉදමීම් ඒමට ප්‍රථමව එම ස්ථාන‍යේ දැනෙන අධික වේදනාව


පෙණහලු ආශ්‍රිතව හටගන්නා මහාමාරිය තත්වය මගින්

හුස්ම ගැනීමේ වේදනාව
වියළි කැස්ස පෙන්වා දිය හැක.


ලේ විෂවීම අශ්‍රිතව පවතින මහාමාරිය තත්වය මගින් රෝග ලක්ෂණ පෙන්වා දීමට ප්‍රථමව බෝහෝවිට මරණය සිදුවනතර එම රෝග ලක්ෂණ පහත පරිදි වේ.

උදරමය වේදනාව
රුධිර වහනය
පාචනය
උණ
ඔක්කාරය
අවයවයන්හී අසන්කූලාතවයන් හට ගැනීම
රුධිර පීඩනය අවම වීම


පෙන්වා දිය හැක
ඉහත සදහන් රෝග ලක්ෂණ වෙනයම් රෝගයක් නිසා හෝ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බව සලකන්න.


රෝග නිවරණයේ සාම්ප්‍රදායික පිළියම්

ස්ට්‍රේප්ටෙමයිසින් ප්‍රති දේහකය 30mg/kg සෘජුවම අන්තහ් මාංශපේශී වෙත සෑම දාම දින 7ක් භාවිතය
ක්ලෝරැම්පෙනිකෝල් 20-30 mg/kg එක මාත්‍රාවක් සමග 12.5-15 mg/kg දවසට හතර ප්‍රමාණයක් ගැනීම
ට්‍රෙට්ට්‍රාසයික්ලීන් 2 g එක ම්‍රාතාවක් සමග ,500mg හතර වාතාවක් නිතිපතාම දවස් 7 හේ සිට 10 දක්වා ගැනීම මෙය නමුත් ළමුන් සදහා සුදුසු නොවේ

නව පිළියම්

ජේනමයිසින් අන්තහ් මාංශපේශී තුළට 2.5 mg/kg මාත්‍රා ප්‍රමාණයක් නිතිපතා දින 7 ක් ගැනීම
ඩොක්සිසයික්ලීන් වැඩිහිටියන් සදහා 100mg ප්‍රමාණයක්ද ,ළමුන් සදහා 2.2 mg/kg අතර ප්‍රාමණයක් දිනකට දෙවතාක් ගැනීම ප්‍රතිඵල දායක බව පෙන්වා දී ඇත.

සටහන
mg/kg යනු ස්වකීය ශරීරයේ බරහි අනුපාතය අනුව ගැනීමට අවැසි ඖෂධ මාත්‍රාවයි.

 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
මහාමාරිය සහා මානව ඉතිහාසය


43611900a73ae74f7073a1886e990d60ef92461e997c126bcb9fe355c6cbb9ba6g.jpg




a1a9e595f2ee6920dc4701ce565f965d74ead910fddaf9586defe0483600826c6g.jpg



Great Plague of Marseille
1720 – 1722 AD

යුරෝපයේ 18 වැනි සියවස මුල්භාගයේදි පමණ ආරම්භවු මෙම වසංගතය දරුණු ස්වරූපයක් ගත් අතර එයහි ස්භාබය කොපමණයත් වසංගතය අවසානයේදි මිනිසුන්ම පමණ 100,000 මිය යන ලදි. 1720 දි ප්‍රංශයේ මාර්සෙයිල් නම් ප්‍රදේශය ආශ්‍රිතව මුල්වරට හටගත් බැවින් මෙයට මාර්සෙයිල් වසංගතය යන නම අන්වර්ථනාමයක් ලෙස නූතන‍යේදි භාවිතා කරයි. මාර්සෙයිල් ආශ්‍රිතව පැවති අනෙකුත් ප්‍රදේශයන්ටද මෙම වසංගතය හානි කළ අතර එම නිසා ප්‍රංශ පාර්ලිමෙන්තුව ප්‍රදේශය සමග කරන සියලුම සන්නිවේදන නවතාලිමට අණ නිකුත් කරල ලදි යම් හෙයෙකින් එසේ කර අසුවුවහොත් පුද්ගලයාට මරණිය දණ්ඩනය දිමට ඔවුන් විසින් විධිවිදාන සකස් කර තිබු බව සැලකේ. වසංගතය අනෙකුත් නගර ආදි ප්‍රදේශයන්ට පැතිර යාම වැළැක්විමෙ පියවරක් ලෙස මෙම මාර්සෙයිල් නම් ප්‍රදේශය වට කොට දැවන්ත ප්‍රකාරයක් බැදතර එය Mur de la Peste ලෙස ප්‍රංශ බසින් ඔවුන් විසින් හදුන් වන ලදි. වසංගතය මගින් ප්‍රධාන වශයෙන් මාර්සෙයිල් ප්‍රදේශයේ 50,000 පමණ ජනතාවක් ඝාතණය කළතර එය උතුරු ප්‍රදේසයට ව්‍යාප්ත වීම නිසා තව දුරටත් ජනයා මියයාම පටන් ගන්නා ලදි එයහි අගය 50,000 පමණ බව සදහන්. එකී ප්‍රදේශයන් Aix-en-Provence, Arles,Toulon,Apt and Toulon ලෙස වාර්තාගත වේ මෙම ප්‍රදේශයන්ගේ මරණ අනුපාතය මාර්සෙයිල් හී 40% පමණද, Toulon හී 50% පමණද, Aix and Arles හී 25%. පමණද විය ඇති බව වැඩිදුර ලෙස සදහන්කෙසේ නමුත් මාර්සෙයිල් ප්‍රදේශවාසිහු මෙම වසංගතයෙන් ඉතා ඉක්මනින් යතාතත්වයට පැමිණු අතර එය 1765 දි පමණ වෙතැයි සැලකේ. නගරයේ ආර්ථිකය සරුවිමට බටහිර ඉන්දියාව සහ ලතින් ඇමරිකාව අශ්‍රිත වෙලදාම ඉවහල් වූ බව සදහන් කළ හැක.




057d91f5cfebccf1dd25eddc1e97a08a0174a6560de84ce9f1d6f51877f7e24d6g.jpg



The Plague of Athens
430-427 BC

පුරාතන ග්‍රීසියේ ක්‍රිස්තු පූර්ව 430 දී පමණ සිදුවු මෙම ව්‍යසනය ඇතැන්ස් හි වසංගතය ලෙස හදුන්වනු ලැබේ. මෙම වසංගතය වසූරිය ,සරම්ප ආදි රෝගයන්ට සමාන තත්වයක් වූ රෝගයක් නිසා හටගත් තත්වයක් වූතර ,නගරයට වසංගතය පයිරියස් නම් නගරයේ සිට ව්‍යාප්ත වී ඇති බව සදහන්. ඇතැන්ස් නගරයට අහාර සැපයු සහා වරායයහි පහසු කම සැපයු නගරය ලෙස මෙම පයිරියස් නම් නගරය පෙන්වා දිය හැක. මෙමගින් ඇතැන්ස් හි පමණක් නොව ස්පාටා,සහා අනෙකුත් නැගෙනහිර මධ්‍යතන රටවලද විශාල වශයෙන් හානිවූ බව සදහන්. පොලෙපෝනේසියන් යුද්ධය සමයේ තිබු බැවින් මෙම වසංගතය නිසා විශාල වශයෙන් ඇතැන්ස් වරුන්ට හානි සිදුවූතර එය ඔවුන්ට යුද්ධය ජයග්‍රාහා කරගැනීමටද බාධාවූ බව සදහන් පසුව එය මැසිඩෝනියන් වරුන්ටද අවසානයේදි රෝමවරුන්ටද පසුව පැවති යුද්ධයන්හි ජයගැනීමට හේතුවු බව සදහන්.කාලය අවෑමෙන් යටගිය ද නැවත දෙවතාවක් හිස එසවූ මෙම වසංගතය පිළිවෙලින් ක්‍රිස්තු පූර්ව 429 දීද, ක්‍රිස්තු පූර්ව 427 දීද යළි ඛෙදවාචක කළබව සදහන්.සමකාලීන ඉතිහාසඥ්ඥායෙකුවූ Thucydides ට අනුව මෙම වසංගතය අප්‍රිකාවේ ඉතියෝපියාවේ සිට සංක්‍රමණය වි ඇතිබව සදහන් ඉන්පසු එය ඊජිප්තුවටත් ,එතනින් ලිබියාව හරහා ග්‍රීක ලෝකයට පයිරියස් නම් නගරය හරහා අවතීරණ වී ඇති බව සැලකේ. ස්පාටන් ආක්‍රණය හමුවේ නගර‍යේ සැගවී සිටි බෝහෝ නගර වැසියන් මෙමගින් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර එය සමස්ථ නගර වැසියන්ගෙන් 1/3 බව ඉතිහාසඥ්ඥවරුන් විසින් පෙන්වා දේ. වසංගතය සමයේ ආක්‍රමණයට පැමිණි සිටි ස්පාටන් වරුන් විසින් ප්‍රථමව වසංගතයට බියේ පාලාගිය තර පසුව වසංගතයෙන් යථා තත්වයට පැමිණි ඇතැන්ස්වරුන්ව පහසුවෙන් යටත් කරගැනීමට හැකිවූ බව සදහන්.ක්‍රිස්තු පූර්ව 431 අප්‍රේල් 25 ආරම්භ‍යේ පුරාතන ග්‍රීසිය,සිසිලිය කේන්ද්‍ර කොටගෙන දිවගිය මෙම පොලෙපෝනේසියන් සංග්‍රාමය අවසානයේදී Peloponnesian League නම් කණ්ඩායම මෙහෙවූ ස්පාර්ටන් වරුන්ට ජයහිමිවී ක්‍රිස්තු පූර්ව 404 දී අවසාන වෙන ලදී.ඇතැන්ස් ජෙනරාල්වරයෙකු වූ Pericles නම් තැනැත්තා මෙම වසංගතයෙන් ක්‍රිස්තු පූර්ව 429 දී පමණ ඔවුනට අහිමි වූ බව වැඩිදුරටත් සදහන්.මුල්වරට මෙය බැක්ටීරයාවක් මගින් ඇතිවන මහාමාරිය වසංගතයක් ලෙස සලකනු ලැබුවත් පසුව එය ටයිපස්, වසූරිය,සරම්ප ආදී රෝගයන් මගින් ඇත්වුවක් ලෙස විකල්ප මත විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලදි.
 
  • Like
Reactions: platinumweb

Prothean

Member
Apr 25, 2011
866
93
0
717e797bd11ae1058c833456b3742b034baed05ac243f26ce84860c0a61a3f5f6g.jpg



මහා මිලාන් වසංගතය
1629–1631

මහාමාරිය වසගතයේ තවත් එක් ආකරයක් වන මෙම වසංගත තත්වය මහා මිලාන් වසංගතය ලෙස හදුන්වන ලදී. එය ක්‍රිස්තූ වර්ෂ 1629 දී පමණ උතුරු ඉතාලියෙහි ව්‍යාසන ආරභකළ බව සදහන්. 1618 දී පමණ ආරම්භ වූ මහා තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව පැවති වසංගතය හමුවේ දහස් සංඛ්‍යාත ජිවිත සංඛයාවක ඔවුන්ට අහිමි වුතර එය ආසන්න වශයෙන් 280,000 පමණ සදහන්. වැඩිම මරණ අනුපාතය ඇතුවු නගර ලෙස ප්‍රධාන වශයෙන් ලැම්බෝර්ඩි,වැනිසිය පෙන්වා දිය හැක.මධ්‍යතන යුග‍යේ මුල්භාගයේ සිට පැවති මහ කලු වසංගතයෙන් පසු ඇතිවු අවසාන වසංගතයන්ගෙන් එකක් ලෙස මෙය සදහන් කර හැක. එක අතකින් ප්‍රංශ සහා ජර්මන් සෙබළුන් තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලයේ මැන්චුයි නගරයට මෙම වසංගතය ගෙනගියතර. වැනිස් සෙබළුන් විසින් වසංගතය මිලාන් නගරය ඇතුළු උතුරු ඉතාලියටත් ,මධ්‍යතන ඉතාලියටත් මෙම වසංගත ගෙන යන ලදි. මුල්වරට 1629 දී පමණ මිලාන් නගරයට ජ්ර්මන් සෙබලුන් සහා ඔවුන්ගේ ආයිත්තම් සමග මෙම වසංගත රෝගකාරාක සංක්‍රමණයවූතර නගරයෙහි තිබු දැඩි සෞඛ්‍යය ආරක්ශක වැඩ පිළිවෙල හේතුවෙන් වසංගත තත්වය පාලනය කර ගැනීමට නගර බළධාරින් හට හැකිවූ බව සදහන්. කෙසේ නමුත් 1630 දී සැණකෙලි සිරිය විදිමින් සිටි ආරක්ෂක නිළධාරිගේ දුර්වල පරික්ෂාකිරිම හමුවේ වසංගත තත්වය නගරය තුළට ඇතුලත් වු බවත් එමගින් 1631 හි වසන්ත සහ ග්‍රීෂ්ම සෘතුව වනවිට 60,000 කට ආසන්න මිනුසුන් සංඛ්‍යාවක් මියගිය බවත් සදහන්.වැනිසියට බලපෑ තත්වය හමුවේ එහි ජනය 46,000 පමණද ,පාප් වහන්සේ සිටි නගරය හෙවත් Bologna හි 15,000 පමණ ජනතාවක්ද විශාල වශයෙන් විනාශවූ බව වාර්තාවල දැක්වේ.තවද මෙම තත්වය වැනිසියේ වාණිජ්‍යය මෙන්ම දේශපාලණික තලයන් හටද ඉතා විශාල වශයෙන් තර්ජනයක් වූ බවත් සදහන්. උතුරු දෙසට ඇදිගිය වසංගතය මගින් බටහිර ඔස්ට්‍රියාවටද, උතුරු ඉතාලියටද ,ටයිලොන් යන ප්‍රදේශ දක්වාද වසංගතය පැතිර ගිය බව වැඩිදුර ලෙස දැක්වේ.





0d63b615ea6225cea1eb8a56239361ce0283e2c742209d697a008ed4debabe2e6g.jpg



American Plagues
16th Century

ඈත අතිතයේ යුරෝපා ජාතින් ඇමරිකා මහද්වීපය සොයාගැනීමට ප්‍රථමව බෝහෝ යූරෝපානු වසංගත යුරේසියාව කේන්ද්‍ර කොටගෙන පැවතිනි නමුත් 1519 අගෝස්තු 5 වැනිදා ස්පාඥ්ඥා ජාතීන් විසින් මධ්‍යම ඇමරිකාවට ගොඩබඩ ලන තැන සිට විශාල වශෙන් යුරෝපානු වසංගත ඇමරිකානු ස්වේදේශීක ජාතින් හට පැතිරගිය බව සැලෙකේ. එය ඉතා විශාල වශයෙන් ස්වේදේශික ඇමරිකානු ජාතීන් විනාශයට ලක්වීමට හේතුවුතර එය ඔවුන්ගේ ශිෂ්ඨාචාරයන්ට ඉතා විශාල වශයෙන් තර්ජන එල්ල කරන ලදි. මධ්‍යම සහ දකුණු ඇමරිකානු මහද්වීපයේ සිටි ශිෂ්ඨාචාරයන් 2ක් වන ඉන්කා සහ ඇස්ටෙක් වරුන් හට මේම තත්වයන් ප්‍රබල ලෙස බලපෑ අතැයි සැලකේ. ඉහත සදහන් පරිදි යූරේසියානුවන් හට ශතවර්ෂ ගණනාවක් තර්ජනයක් වු වසූරිය සහ සරම්ප මෙම වසංගතයෙන්ගෙන් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ලෙස අනෙකුත් මහාමාරිය ආදී බැක්ටීරියා ආශ්‍රිත වසංගත පෙන්වාදිය හැක. මෙය ඇමරිකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලද බලපෑමට හේතු වුවේ මෙම යුරෝපානුවන්ගේ සංක්‍රමණවේ. යුරෝපානුවන්ගේ මෙකී වසංගත තත්වයන් ස්වේදේශීක ඇමරිකානුවන් හට පැතිරයාමේදි,ඇමරිකා භූමියේ තිබූ සිෆිලිස් නම් රෝගාකාරකය යුරෝපා ජාතින් හට සංක්‍රමණය වීම අනෙක් පසෙක් වු සිදුවීමක් ලෙස පෙන්වා දිය හැක. මෙය 16 වැනි සියවසේ සිට යුරෝපානු ජාතීන් ප්‍රතිජීවක නිපදවනකම් එලෙසම ශිෂ්ඨාචාරයන් නසමින් පැවති බව සදහන්.





26f5b6283a2e3adb625bdbed5ef334e58747eedb6a661092447c72e9816a53416g.jpg

7557d87cecb1d754e25481ec22b1c395493f20bde1651543f9043d07eb56d2196g.jpg



The Great Plague (1665-1666)
1665 වර්ෂයේදී ලන්ඩන් නගරයේ සිදුවුනු ව්‍යසනයක් ලෙස මෙම වසංගත තත්වය සැළකෙනතර එය සුපුරුදු ලෙස මහාමාරිය නම් බැක්ටීරියා නිසා හටගත් රෝගීතත්වයක් ලෙස සදහන්
කළහැක. වසංගතයේ ආගමනය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය සිට ගෙන ආ කපු මිටි පටවාගත් නාවික යාත්‍රාවක් බව සැලකේ. ප්‍රථමව වරාය ආශ්‍රිතව පැතිර ගිය රෝගීතත්වය
,රෝගීන්ගෙන් සහ පටවාගෙන ආ භාණ්ඩ මගින් ලන්ඩනය නගරයට සංක්‍රමණයවී ඇතිබව සදහන්. එය ලන්ඩනයට පමණක් නොව ඩර්බිෂයර් ප්‍රාන්තයේ ආයියෑම් ප්‍රදේශයේද විශාල ලෙස ජනතාව විනාශයට පත්කළතර ,වසංගතය ලන්ඩනයේ සිට එවු අදුම් පාර්සල් මගින් ප්‍රදේශය පුරා පැතිර ගිය බව සදහන්. එංගලන්තයේ ඉතිහාසයට අනුව මෙම වසංගත තත්වය මහා කළු මාරක වසංගතයට පමණක් දෙවැනි ලෙස සැලකේ. එය දෙවැනි සහා පළමු ලෝක යුද්ධය වඩා ජීවත ලන්ඩන් නගරයේ විනාශ කලතර එය ආසන්න වශයෙන් සම්ස්ථ ලන්ඩන් ජනගහනයෙන් 40% බව සදහන් , පළමු ලෝක යුද්ධයේ එය 1% වූතර දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදි එය 2% බව සදහන්. මුළු ලන්ඩනයේම එය සංඛ්‍යාත්මක වශයෙන් 75,000 to 100,000 ලෙස සදහන්. වාර්තාවලට අනුව මෙම වසංගතය පළමුව සතියගානේ මිනිසුන් 1000 ගානේද ,දෙවැනුව එය සතියකට සැරයක් 2000 ගානේද මිනිසුන් නැසුබව සදහන්. ඉන් පසු 1665 සැප්තැම්බර් මාසයේදි මෙය සතියගානේ මධ්‍යක ලෙස මිනිසුන් 7000 පමණද විනාශ කළබව දැක්වේ. ඉන්පසු සරත් සෘතුව අවසාන භාගයේදී පමණ මරණ අනුපාතය ක්‍රමයෙන් අඩුවුතර මෙය 1666 දක්වා පැවතිනි. ලන්ඩන් නගරයේ නේවසිකව සිට වසංගතය හමුවේ එංගලන්තයේ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණවු එංගලන්තයේ රජු ඇතුලු රාජකීය පවුලට නැවත මෙම තත්වය ලන්ඩන්වලට පැමිණිමට සුදුසු පරිසරයක් සකසා දුන්බව සදහන්. 1666 දී සැප්තැම්බර් 2 කේ සිට 5 දක්වා ඇතිවු ලන්ඩන් මහා ගිනි ජලාව මෙම වසගතය නැසීමට යම් ආකරයකින් දායකත්වය දැක්වුතර පසුව එම යුගයේ පවත්වාගෙන ගිය මහද්වීප වෙලදාම මගින් වසංගතය ප්‍රංශයට සංක්‍රමණය වී වර්ෂය අවසානයේ සිසිර සෘතුව සමග අභාවයට ගිය බව සැලකේ. සෙසු ප්‍රදේශ වල එහෙත් වසංගතය යම් අකාරයකින් පැවතිතර කාලය අවෑමෙන් එයද යථාතත්වයට පත්වූ බව සදහන්.
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
54bef91963c55c3ee407a1703006ed63da8a863486163a69d08d42d945a00fee6g.jpg



The Plague of Justinian
541-500

ක්‍රිස්තු පූර්ව 541 දී Byzantine අධිරාජ්‍යය ආශ්‍රිතව පැවති මෙම වසංගතය. මහා කළු වසංගතයට දෙවැනි කොට සැලකිය හැකි වසංගතයක් ලෙස සැලකේ මෙය මහාමාරිය රෝගිතත්වය ලෙස සැලකෙනතරය මෙහි නාමය ලෙස ජස්ටිනියන් වසංගතය ලෙස හදුන්වනු ලැබේ. එය එවකට නැගෙනහිර රෝමය පාලනය කල ජස්ටිනියන් 1 නැමති පාලකයාගේ නම යොදාගෙන හැදින්වේ.වසංගතය ඉතියෝපියාව හෝ ඊජිප්තුව හරහා නැව් ගමනා ගමනය මගින් කොන්ස්තන්තිනෝපලය වෙත සංක්‍රමණයවි ඇතිබව සදහන්. Byzantine අධිරාජ්‍යය යනු එවකට බටහිර රෝම අධිරාජ්‍යයේ අවසානයත් සමග කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කොටගෙන බිහිවූ අධිරාජ්‍යයක් ලෙස සැලකේ. මෙහි අගනුවරද කොන්ස්තන්තිනෝපලය වූතර ක්‍රිස්තු පූර්ව 330 සිට ක්‍රිස්තු වර්ෂ 1453 අතර වූ කාල පරාසය දක්වා ඉතා දීර්ග කාලපරාසයක් තූළ පැතර තිබු අධිරාජ්‍යයක් ලෙස සැලකේ. වසංගතය මගින් අසන්න වශයෙන් මිනිසුන් 10,000 සෑමදාම මියගිතර එමගින් කොන්ස්තන්තිනෝපල‍යෙ ජනයා 40% කින් පමණ අඩුවු බව සදහන් අවසානයේදි මිනිසුන් මිලියන 25 ක් මෙම වසංගතය නිසා මියයන ලදී. කොන්ස්තන්තිනෝපල‍යෙදි වසංගතය අවසානයෙදි ජස්ටිනියන් 1 අධිරාජ්‍යයා ජිවත්වීමට වාසනාව ලැබු කෙනෙකු විය.ඇස්තමේන්තු ගත අන්දමට ජස්ටිනියන් වසංගතය මගින් ලෝකය පුරා මිනිසුන් මිලියන 100 පමණ ජිවිතක්ෂයට පත්කළ ඇතිබව සදහන්. ක්‍රිස්තු වර්ෂ 770 වනතෙක් සෑම අවුරුදු 12 කට සැරයක් නැවත නැවත හිසඑසවු මෙම මාරක වසංගතය අවුරුදු 500ක් නිහඩව සිට ඊළග වසංගතය ආරම්භකරන ලදී එය ලෝකයේ පහළවු දරුණුම වසංගතය ලෙස හැදින්වෙන තර සරල කිවහොත් නියුට්‍රෝන බෝම්බයක් මුළු ශ්‍රිලංකාවම ආවරණය වනසේ පිපුරුවා හා සමාන කළ හැක එය පිලිබද විස්තරය පහතින් කියවන්න.





9dc907cf7b4dfd0884002d4990b062280c13813e38a7165b16d958175bdc73456g.jpg



THE BLACK DEATH
14th Century

අතීතයේ සමස්ත යුරෝප‍යේ ජනගහනයෙන් 30%-60% අතර ජනතාවක් ජිවිතක්ෂයට පත්කළ මෙම භායනක වසංගතය මානව ඉතිහාසයේ ඉතා දරුණුතම වසංගතය ලෙස හැදින්වේ. මෙය කළු මාරක වසංගතය ලෙස නම් හැදින්වේ. මහාමාරිය රෝගයේ එක අවස්ථාවක් වන මෙම වසංගතය 1348 සිට 1350 දක්වා සමස්ථ යුරෝපය පුරාම පැතිර ගිය බව සැලකේ. මුල්වරට වසංගත රෝග බැක්ටීරියාව චීනයේ සිට ආරම්භවී සේද මාවත හරහා වර්තමාන‍යේ යුක්ක්‍රේනයේ ස්වාධිපත්‍යය පාලණයක් සහිත රාජ්‍යයක් වන ක්‍රිමියා වෙත සංක්‍රමණය වෙන ලදී. එය 1346 දී පමණ වී ඇති බව සදහන්.මෙම මහාමාරිය රෝගය සංක්‍රමණය වීම සදහා මීයන් මත සිටින මැකකන් හේතුවන්නට ඇතැයි සැලකේ. මධ්‍යයත යුගයේදි මීයන් ඉතා පහසුවෙන්ම භාණඩ ප්‍රවහණ නැව් මගින් වෙළදුන් සමග විවිධ ප්‍රදේශයන්ට සංක්‍රමණය වුතර එය මෙම සන්දර්භයේදී මධ්‍යතනය සහ යුරෝපය ලෙස සැලකිය හැක. මෙම මාරක වසංගතය මගින් යථාතත්වයට පත්වීමට යුරෝපාවාසීන්ට අවුරුදු 150 ගතවුතර සමස්ථ කාල පරාසය තුළදි වසංගතය යුරෝපා ජන සමාජයේ දේශපාළණික,සාමජීය වගේම ආගමික යන ක්‍රේෂයන්ගේ විප්ලයක් වීමට හේතුවූ බව සදහන්. වසංගතය මගින් මිනිසුන් විනාශ කරමින් ශතවර්ෂ ගණනාවක් මානව ශිෂ්ඨාචාරය තුළ සක්මන් කළතර විවිධ කාලවලදී මෙය අතුරුදහන් වී යළි හිස ඔසවන කාලයන් හී දරුණු වසංගතය තත්වයක් දක්වා වර්ධන වී මිනිසුන් ඉතා විශාල වශයෙන් විනාශකල බව සැලකේ .වසංගතය පැතිරීගිය ප්‍රදේශවල සිටි මිනිසුන් එහි වාසය කළ යුදෙව්වන්,විදේශිකයන්, ලාදුරු රෝගින්, හිගන්නන් ට අහේතුක ලෙස විවිධ චෝදනා යොමු කළ ඇතිතර එසේ කොට්ඨාසයන්ව ගිනිතබා විනාශ කරලදී.



සටහන Prothean
වසංගත රෝග යටතේ. පළමු කොටස අවසානයි.
උපුටා ගැනිමට අවැසිනම් මෙම ත්‍රෙඅඩ් එකෙහි URL එක ඔබ නැවත පළ කරන ස්ථානයේ මෙම ලිපිය සමග දමන මෙන් ඉල්ල සිටිමි.
Under Creative Common License.
you may republish this article on wherever you want as long as you included the URL to this thread with this article.
 
  • Like
Reactions: Chooty malli

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් බලන්න වෙලාවක් නැ පස්සෙ බලන්න බුක්මාර්ක් කලා;)
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
you all people should read it. I said this cause this bubonic plague has killed around 200 millions people since Eastern Roman Empire age. most of them forgot the deadly history of human civilization. I will write more plagues as soon as possible. there are even more.
 
  • Like
Reactions: jamiezue

Prothean

Member
Apr 25, 2011
866
93
0
who?
----------
I will write only articles about any subjects that are not available on online in Sinhalese.
 
Last edited: