සුළඟ මමය්....
ඔබවෙත හැමූ......
නැළවූයෙමි ඔබ මගේ තුරුලෙහි....
සිහිල් පවනක් ඔබවෙත හමා....
සැඟවී ගියෙමි ඔබටත් හොරෙන්.....
සුළඟ කිමද...
හැමුවේ මා වෙත නොරැඳෙන්න නම්...
දිනෙක ඔබෙ තුරුළෙහි
මිළින වන්නට බලා උන්නෙමි මං...
නුඹට දුන් සුවඳඔබ අවදිව බලා සිටිත් නම්...
අති ශුද්ධවූ ප්‍රේමයෙ නමයෙන්....
ඔබේ ගත සිප හඹා යන්නම්....
තරු කඩා හැලෙන නිසල රාත්‍රියක.....
godak lassanai dear

Nice one
rep +++

නුඹට දුන් සුවඳ
කිසිදා නොම අඩු වේවී...
සැමදා අවදිව
මා නෙතු බලා හිඳීවී...
අන් ඉත්තක් සොයා ගිය ඔබ
යලි නොහමාවී...
තරු සැළි ඒ නිසල රැය
කිසිදා නොම ඒවී....
මගේ පුංචි සුදුමල් ඉත්ත...
පරවී යන්න මත්තෙන්...
ඔබ සනහාලන්න මම එන්නම්..
විහිදුවය් නම් ඔබෙ සුවඳ මා හට...
පියාපත් නොලද මුත්...
සිනිඳු පෙතිවලින් ගහන...
ඔබේ සියොලඟ වැතිර ඉන්නට..
දිනක් ඒවි පරවී යන්න මත්තෙන්...
ඔබේ දිවි කෙටි වුවත්..
මම පවතිමි සසර පුරා...
ඔබ පොහොට්ටුවක් වී උපදින්න.....
මා ඉන්නම් මග බලා...
සුළඟ නුඹ...
යළි හමනු මැන
රැඳෙන්නට හැකි නම් සදා...
එපා රිදවන්න මේ පෙති
සිනිඳුයි පිහාටුවකටත් වඩා....
සුළඟ ඔබ...
යළි හමනු මැන දිනක....
සුවඳ වෙන්නම් මම සැමදා
ඔබ පතන....
සුසිනිඳු නැවතුම වෙන්නම්
ඔබ සොයන...
සුළඟ...
හමනු මැන
රැඳෙන්න ළඟින් අවසන් වරට....
මිළින වන්නට සදහටම හැකිය මට....
ඒ සොඳුරු මෘදු මතකය තුරුළු කොට....
සිනිඳු මල් පෙති කඩා නොතලා....
සිහින් පවනක් රැගෙන එන්නම්....
මගේ හද තුළ පවන් සලමින්...
මුළු ලොවක් වෙත රැගෙන යන්නම්.....
ඔබේ සියොලඟ රැඳෙන්ටනම්....
සුළඟක් ම වී මම සදා ඉන්නම්...
ඔබට පමනක් ළඟින් ඉඳගෙන....
ඔබව සැමදා සනහලන්නම්...
මිළින වන්නට නොදෙමි ඔබ හට....
මගේ ප්‍රාණය ඔබට දෙන්නම්....
පරම පිවිතුරු ඔබේ තුරුලේ....
සදාකල්හිම වැතිර ඉන්නම්.....
