ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු

    ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු


    Last update 12/25/2012


    [FONT="][IMG]http://www.build-your-own-computer.net/image-files/graphics-card-02.jpg[/IMG][/FONT][/SIZE]


    [SIZE=3] [SIZE=5][B][U]හැදින්වීම[/U][/B][/SIZE][/SIZE]


    [SIZE=3] Graphics/Video Adaptor එකක් නැතහොත් වීඩියෝ කාඩ්(Video Card) එකක් එහෙමත් නැත්නම්[/SIZE]
    [SIZE=3][B]බොහෝ දෙනා [/B][URL="http://en.wikipedia.org/wiki/Video_Graphics_Array"]VGA[/URL] card නමින් වැරදි ලෙස හදුන්වන ග්‍රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත්
    වන්නේ
    එහි ග්‍රැෆික දත්ත සැකසීමේ (Graphic Processing) කටයුතු කිරීමටයි.
    එනම් පෙන්විය යුතු (display) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු
    (Graphics Render) කිරීම ආදියටයි.
    පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Video
    Card එකක් තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.




    img0003zi.jpg

    රූපය - ප්‍රධාන කොටස්

    ග්‍රැෆික් කාඩ්පතක ප්‍රධාන කොටස්

    Graphic Card එකක ඇති ප්‍රධානතම කොටස් දෙක වන්නේ එහි ග්‍රැෆික සකසන ඒකකය (Graphic Processing Unit) සහ
    මතකය (memory) යි.
    මෙයින්ද වඩාත් වැදගත් වන්නේ Graphics Card එකක ඇති ග්‍රැෆික සකසන ඒකකය Graphic Processing Unit (GPU) එකයි.
    ඉහත රූපය බලන්න , බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට දර්ශනය නොවේ.

    දත්ත සකසනයකින් (Processor) දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත්‍රිමාණ රූප දත්ත
    (Graphical/Video Data) සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි.
    මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක (Processor) වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි
    GPU එකෙහි වේගය බලපායි.

    නව ග්‍රැපික් කාඩ්පත් වල පරිගණන බලය (Computing Power) 5 Tera FLOPS හෝ වැඩි
    (floating point operations per second)
    (තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්)
    තරම් විශාල අගයක් ගන්නා අතර
    එය සාමාන්‍ය ප්‍රොසෙසරයක් හා සසඳනවිට 10 ~15 ගුණයකටත් වැඩි අගයකි.
    මෙම සුපිරි "ඉපිලෙන ලක්ශ ගණිතාංකන" (floating point operation) බලය නිසා අද බොහෝ සුපිරි පරිගණක(Super Computers)
    CPU හා සමගාමීව GPU ද යොදාගනී.
    මෙම ක්‍රියාවලිය GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි.
    වර්තමානයේ බලවත්ම සුපිරි පරිගණක 5ක් 3ක්ම මෙසේ GPU වල බලය තම කටයුතු සදහා යොදාගනී.




    [FONT="][IMG]http://www.intelligenceunited.com/wp-content/uploads/2010/05/graphics-card9.jpg[/IMG][/FONT][/SIZE]

    [U][SIZE=5][B]වෙළදපොළ[/B][/SIZE][/U]

    [SIZE=3] අද වෙළදපොලේ ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit නිෂ්පාදනය කරන සමාගම් 2කි.
    [/SIZE] [SIZE=3]ඒවා නම් [B]nVidia Geforce[/B] හා [B]ATI Radeon [/B]යන වෙළද නාමයන්ය.
    ඔවුන් සමස්ත ලෝක වෙළදපොළෙන් 99% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටියි.
    තවද VIA , S3 Graphics සහ Matrox ‍යන සමාගම්ද ඉතා සුළු වශයෙන් GPU නිෂ්පාදනය කරයි.

    එහෙත් පරිගණක භාවිත කරන්නන්ගෙන් 49.4% ම භාවිතා කරන්නේ Intel on Board ග්‍රැෆික් ප්‍රොසෙසරයි.[/SIZE] [SIZE=3]
    21% ATI සමාගමේ කාඩ්පත්ද ද 28% NVIDIA සමාගමේ නිෂ්පාදනද භාවිතා කරයි. ([URL="http://en.wikipedia.org/wiki/Graphics_processing_unit"]1[/URL]) 2011 data

    GPU උපාංග Printed Circuit Board(PCB) එකක් මත අනෙක් උපාංග සමග එකලස් කරගත්විට Graphic Card
    එකක් නිර්මාණය වේ.
    ඒවා Geforce හෝ Radeon වෙළදනාම යටතේ නිකුත් කරයි.
    ඊට අමතරව ඉහත සමාගම් මගින් සාදනලද GPU වෙනත් තෙවන පාර්ශව නිලලත් සමාගම් මගින් මිලදීගෙන ඒවා
    තම වෙළද නාම යටතේ Graphic Card එකක් ලෙස එකලස් කර වෙළද පොළට නිකුත් කරයි.
    (උදා:- Asus, Gigabyte, MIS, Foxconn)

    උදාහරණ:-
    Asus EN9600GT
    MIS N9600GT
    Foxconn 9600GT
    nVidia Geforce 9600GT

    වෙළද නාමය වෙනස් වුවද මේ Graphics Card 4 හිම අඩංගු වන්නේ nvidia Geforce G94 දරණ කේතනාමය සහිත
    එකම GPU වර්ගයයි.
    එම GPU නිෂ්පාදනය කර අනෙක් සමාගම් වලට බෙදා හරිනු ලබන්නේ NVIDIA සමාගමෙනි.
    එම චිප එකලස් කර ඒවාට යම් යම් විශේෂාංග එකතු කර වෙළදපොළට නිකුත් කිරීම අනෙක් සමාගම් මගින් සිදුකරයි.
    galaxy-geforce-9800gt-graphic-card.jpg


    තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු


    ඔබේ මවු පුවරුව

    ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග්‍රැෆික් කාඩ් එක
    සවි වන විස්තාරන කාඩ්පත (expansion card) එක කුමක්ද යන්නයි.
    දැනව භාවිතයේ එතරම් නැති යල් පැන ගිය AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා
    වන PCI - E‍ කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.




    lexars-factory-video-tour-gives-insight-to-painstaking-process-of-memory-chip-manufacturing_1.jpg

    chip manufacturing process


    මතකය හා මතක ධාරිතාවය

    Graphics Card එකක් තෝරාගැනීමේදී එහි මතකය ගැන දැන් සලකා බලමු.

    අප අතර පවතින වැරදි මතයක් නම් Graphics Card එකක මතකයේ ප්‍රමාණය වැඩි
    නම් (GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි.


    එහෙත් එය වැරදි මතයකි.
    Graphics Card එකක මතකය අවශ්‍ය වන්නේ resolution හා color depth වලට අදාලව
    display කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates
    වල data තැන්පත් කරගැනීම ආදියටයි.

    වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව මේ සියළු ග්‍රැපික කටයුතු ඉටුකර ගැනීම සදහා සාමාන්‍යයෙන් 14’ ~15’ ප්‍රමාණයේ
    monitor එකක් සදහා 256MB දක්වා වූ මතකයක්ද,

    17’ ~ දක්වා වූ monitor සදහා 512MB පමණ මතකයක්ද 21’ - 23’ විශාල (වැඩි resolution සහිත) monitor
    සදහා 1GB මතකයක්ද ප්‍රමාණවත් වේ. ඉතා විශාල තිර සහිත මොනිටර හෝ බහු මොනිටර (multi-monitor setups) සදහා 2GB හෝ වැඩි මතක යොදාගතහැක.


    එනම් Graphics Card එකක මතකය බොහෝ දුරට බලපාන්නේ එමගින් display කිරීමට යන resolution එකේ ප්‍රමාණය අනුවයි.

    එමනිසා ඔබ භාවිතා කරන monitor එකේ ප්‍රමාණය අනුව ඔබට අවශ්‍ය මතක ප්‍රමාණය ගැන අදහසක් ලබාගතහැකිය.
    අවශ්‍යතාවයට වඩා වැඩියෙන් මතකය තිබීම මගින් විශේෂ වාසියක් අත්නොවන අතර මුදල් නාස්තියක් පමණක් සිදුවේ.


    display_adapter_20.jpg



    මතකක චිප වල වේගය

    මතකයේ ප්‍රමාණය මෙන්ම එහි වේගයද Graphics Card එකක ක්‍රියාවට ඍජුව බලපායි.
    Graphics Card සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ.
    වේගය
    SD < DDR < DDR2 < GDDR2 < DDR3 හෝ GDDR3 < GDDR4 < GDDR5

    GDDR යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි.
    එමනිසා GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.

    මතකයේ වේගය Graphics Card එකට බලපාන අයුරු

    උදාහරණ:

    8600GT DDR2 512MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගයmemory bandwidth =12.8GBps
    8600GT DDR3 256MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගය memory bandwidth = 22.4GBps

    DDR3 මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම් ප්‍රබලතාවක් ලබා ඇත.
    එකම GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2
    සිට GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2‍ ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ වේගයටද
    එය කෙලින්ම බලපා ඇත.


    quad-sli.jpg

    Quad SLI තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප්‍රබල කාඩ්පතක් ලෙස ක්‍රියාකරවීම මෙමගින් සිදුවේ.
    එසේම Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක.
    මේ සදහා අදාල පහසුකම සහිත Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ්‍ය වේ.
    මීට සමගාමීව ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි.
    එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.



    Graphic Processing Unit එක

    මීළගට Graphics Card එකක් තෝරා ගැනීමේදී එහි GPU එක තෝරාගැනීම පිළිබදව සලකා බලමු. Graphics Card එකක මතක
    ප්‍රමාණය කොතරම් වුවත් එහි GPU එක දුබල එකක් නම් එමගින් ලැබෙන ක්‍රියාකාරීත්වය අඩුය.
    උදාහරණයක් ලෙස nvidia GT 610 වර්ගයේ 2GB මතකයක් සහිත Graphics Card එකක නවීන පරිගණක ක්‍රීඩාවක් ඉහල ග්‍රැෆික්ස් මට්ටම් සහිතව
    හරිහැටි ක්‍රීයාත්මක කරගත නොහැක.
    එහෙත් GT 440 GDDR5 512MB මතකයක් පමණක් ඇති මද්‍යම බලැති Graphics Card එකක් මගින් බොහෝ පරිගණක ක්‍රීඩා හොද තත්වයෙන් ක්‍රීඩා කළහැකිය.

    මෙසේ වන්නේ GT 610 වර්ගයේ Graphics Card එකකට වඩා කීප ගුණයක් වැඩි Graphic Processing Power එකක් සහ
    GDDR5 මතකයක් GT 440 Graphics Card එක සතු වීමයි.


    දැන් අප වෙන වෙනම ප්‍රධාන ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන දෙස කෙටියෙන් විමසුමක් කරමු.

    NVIDIA Geforce

    nvidia_logo.gif



    nVidia Geforce 256 , 2 , 3, 4, 5(FX) , 6 ,7 , 8 , 9 , 100 , 200 , 300 , 400, 500 සහ 600 ලෙස පරම්පරා ගණනාවකි.
    දැනට 400, 500 සහ 600 යන කාණ්ඩ වලට අයත් GPU දැනට වැඩි වශයෙන් භාවිතයේ ඇත.
    මෙම කාඩ්පත් එහි නමෙන් වෙන්කර හදුනාගන්නා අයුරු සලකා බලමු

    මුලින්ම ඇති ඉලක්කම මගින් කාඩ්පතේ කාණ්ඩය නිරූපනය වේ.

    උදාහරණයක් ලෙස GTX 560 සදහා
    මුල ඉලක්කම 5 නිසා Geforce 500 කාණ්ඩයට අයත්වේ.
    කාණ්ඩය අළුත් වන්නට වන්නට වීඩියෝ කාඩ්පතෙහි ප්‍රබලතාවද වැඩි වේ

    ඉන්පසු 2 හා 3 ඉලක්කම් පිලිබද සලකා බලමු
    2 හා 3වන ඉලක්කම් වැඩිවන විට GPU එකෙහි ප්‍රබලතාවය වැඩි වේ.
    2වන ඉලක්කම වෙනස් වනවිට GPU වර්ගයද වෙනස් වේ.

    උදාහරණ :
    9600GT < 9800GT
    GTX 560 < GTX 580
    GTX280 <GTX 285

    2 හා 3 ඉලක්කම 00 ~ 40 දක්වා අඩු ප්‍රබලාතාවක් ඇති (Low End)

    උදාහරණ:
    GT220, GT 520, GT 610

    40 ~ 60 මධ්‍යම කාණ්ඩයේ (Mid Range)

    උදාහරණ:
    9600GT, GTS 250 ,GT 440, GTS 550, GTX 650

    70 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic)

    උදාහරණ:
    GTX280, GTX470, GTX 660 Ti GTX 580, GTX690

    මීට අමතරව අග ඇති English අකුරු 2 හෝ 3 අනුව Graphics Card එකේ ප්‍රබලතාවය
    වෙනස් වේ

    SE, PE, GS - Low Range
    GTS, GT - Mid Range
    GTX , Ultra - High End

    continued
    v
    v
    v

     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    MOD-41398_GTX_690_SLI.jpg


    GTX 690 SLI



    ATI Radeon


    ati_logo.png


    R100, R200, R300, R420, R520, R600, R700, Evergreen, Northern Island සහ Southern Island
    ලෙස විහිදෙන කාණ්ඩ ගණනාවකි.

    මේවා අතරින් R700 සහ Evergreen සහ Northern Island දැනට වැඩිපුර භාවිතා වේ.

    R700 - HD 4xxx
    Evergreen - HD 5xxx
    Southern Island - HD 6xxx
    Southern Island - HD 7xxx
    diamond-4870x2pe52gxoc-ati-radeon-hd-4870-graphic-card.jpg

    දැන් අප මෙම කාඩ්පත් ඒවායෙ නමින් වෙන්කර හදුනාගැනීමට බලමු

    උදාහරණ:- Radeon R700 කාණ්ඩයට අයත් HD4870 ගනිමු

    පළමු ඉලක්කමෙන් එහි කාණ්ඩය නිරූපනය කරයි. එනම් මෙය HD 4xxx කාණ්ඩයට අයත්ය.
    2වන ඉලක්කම 8 මගින් එය ප්‍රබල කාණ්ඩයේ කාඩ්පතක් බව පෙන්වයි.
    3වන ඉලක්කම 7 නිසා එය එම ප්‍රබල කාඩ්පත් කාණ්ඩයේ උපරිම හෝ මැදි කාඩ්පතකි.
    මෙම අවස්ථාවේදී නම් එක මැදි කාඩ් පතයි, HD 4890 මෙම කාඩ්පතට වඩා ප්‍රබල එකකි.
    එහෙත් HD 6870 වැනි කාඩ්පතක් ගත්විට එය එම කාණ්ඩයේ තනි GPU එකක් සහිත ප්‍රබලතම කාඩ්පතයි.

    nvidia කාඩ්පත් වල මෙන්ම මෙහිද සමාන රටාවකට කාඩ්පත් වෙන් කරගත හැක.

    2 හා 3 ඉලක්කම්
    00 ~ 49 දක්වා Low End අඩු ප්‍රබලාතාවක් ඇති

    උදාහරණ:
    HD 3450, HD 5450, HD 6450

    50 ~ 79 මධ්‍යම කාණ්ඩය(Mid Range)

    උදාහරණ:
    HD 4650, HD5670 , HD5770 , HD 7770

    80 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic)

    උදාහරණ:
    HD 4870, HD 5870, HD 6990, HD 7970

    අග හෝ මුල ඇති English අකුරු 2 හෝ 3 අනුවද Graphics Card එකේ
    ප්‍රබලතාවය වෙනස් වේ

    SE, HM, PE - Low Range
    XT, XL, Pro, GTO, GT - Mid Range
    XT, XTX, XL, Pro, GTO, GT – High End

    එහෙත් එම අකුරු වර්ගීකරනය නව Radeon කාඩ්පත් වල දක්නට නැත.

    ඉහත සදහන් විස්තර මගින් ඔබට වෙළදපොලේ ඇති Graphics Card එකක නම භාවිතයෙන් එහි
    ප්‍රබලතාවය පිළිබදව අදහසක් ලබාගත හැකි වනු ඇත.


    පහත රූපය GPU දෙකක් සහිත HD 7990 ATI Radeon කාඩ්පත
    මෙය දැනට ඇති Radeon ප්‍රබලතම ග්‍රැෆික් කාඩ්පතයි. (12/25/2012)


    amd-to-release-radeon-hd-7990-in-march-394.png



    [FONT="][SIZE=2]පහත රූපය HD 6990 4GB
    [/SIZE][/FONT][SIZE=2]දැනට වෙලදපොලේ ඇති ATI ප්‍රබලතම කාඩ්පත් වලින් එකකි.
    මෙය GPU දෙකක් සහිත ග්‍රැෆික් කාඩ්පතකි.
    එනම් එකම පුවරුවේ GPU දෙකක් එකලස් කර එම චිප දෙකෙහිම බලය කාඩ්පත සදහා යොදාගනී.
    මීට අමතරව වෙන වෙනම PCB පුවරු ලේයර දෙකක් ලෙස එකලස් කල GPU දෙකක් මෙසේ තනි කාඩ්පතක් ලෙස ඉදිරිපත් කරන අවස්ථාද ඇත.[/SIZE]
    [SIZE=3][FONT="]
    radeon_hd_6990_2.jpg
    [/FONT][/SIZE]
    [FONT="] [/FONT]
    [SIZE=2]
    පහත රූපය GPU දෙකක් සහිත GTX 690 NVIDIA කාඩ්පත
    මෙය දැනට ඇති NVIDIA ප්‍රබලතම ග්‍රැෆික් කාඩ්පතයි[/SIZE]. (12/25/2012)
    [/SIZE]
    [IMG]http://www.legitreviews.com/images/news/2012/geforce-gtx690.jpg[/IMG]




    [SIZE=4][U][B]Laptop Graphics [/B][/U][/SIZE]

    [SIZE=3][U][B] [IMG]http://www.best-laptop-guide.com/image-files/guide-to-upgrading-your-laptop-graphics-card-1.jpg[/IMG][/B][/U][/SIZE]
    [SIZE=3]mobile GPU Laptop පරිගණක වල භාවිතයට සුදුසු වන ලෙස අඩු ශක්ති පරිභෝජනයක් සහිතව නිපදවා ඇත. [/SIZE]
    [SIZE=3] Laptop වල යොදාගන්නා Graphics Cards හදුනාගැනීම සදහාද මෙම ක්‍රියාවලියම අනුගමනය කළ හැකිය අතර බොහෝ විට Laptop GPU[/SIZE]
    [SIZE=3] සදහා mobile හෝ M ලෙස යෙදා desktop GPU වල නමම භාවිතා කරයි. [/SIZE]
    [SIZE=3] උදා:- GTX 560 හි mobile version එක GTX 560M වේ. [/SIZE]


    [SIZE=3][U][B]OnBoard/Integrated/Shared Graphics[/B][/U][/SIZE]

    [SIZE=3]Mother board නිෂ්පාදනය කරන විට එහි chip set එකෙහි north bridge එකේහිම කොටසක් ලෙස නිෂ්පාදනය කරන [/SIZE]
    [SIZE=3] GPU, Integrated Graphics ලෙස හදුන්වයි.[/SIZE]
    [SIZE=3] එහි ක්‍රියාකරීත්වයට අවශ්‍ය මතකය ලබාගනේ පරිගණකයේ ප්‍රධාන මතකයෙන් කොටසක් නිසා shared graphics [/SIZE]
    [SIZE=3] ලෙසද හදුන්වයි. [/SIZE]
    [SIZE=3] බාහිරින් ගෙන සවි කරන Dedicated Graphics Card එකක් හා සසදනවිට මෙහි ප්‍රබලතාවය ඉතා සීමා සහිත වන අතර Dedicated Graphics Card [/SIZE]
    [SIZE=3] එකකට ආදේශකයක් ලෙස කිසිලෙසකවත් භාවිතා කිරීම සුදුසු නැත. මීට අමතරව නවතම core i3 සහ core i5 Intel දත්ත [/SIZE]
    [SIZE=3] සකසන වල අමතර උපාංගයක් ලෙස GPU එකක් ද ඇතුලත් කර නිපදවා ඇත. සාමාන්‍යයෙන් මවු පුවරුවේ ඇති [/SIZE]
    [SIZE=3] Onboard Graphics වලට වඩා එය ප්‍රබල වුවද පිටතින් සවි කරන වීඩීයෝ කාඩ් තරම් ප්‍රබල නැත.[/SIZE]


    [IMG]http://www.jmkeoc.com/news/xfx-cebit2011-triple-display-stand.jpg[/IMG]
    [SIZE=2]3 Monitor Gaming with single HD 6990
    නව ප්‍රබල ග්‍රැෆික් කාඩ්පත් වල DVI output [/SIZE][SIZE=2] සහ mini-DisplayPort[/SIZE][SIZE=2] කීපයක් (3~5) ඇති අතර
    ඒවා මගින් මෙසේ මොනිටර 3කට හෝ 5ක් දක්වා වූ ප්‍රමාණයකට එකම ප්‍රතිදාන ග්‍රැෆික් චිත්‍රය ලබාදෙයි.
    මෙමගින් සුපිරි පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ලබාගතහැකිය [/SIZE]

    [IMG]http://www.arbico.co.uk/blogimages/hd6990.jpg[/IMG]
    [SIZE=2]රූපය: DVI port සහ mini Display port
    Dual Link DVI Port එකට අමතරව Mini Display port 4ක් මගින්
    [B]මොනිටර 5ක් [/B]දක්වා තනි ග්‍රැෆික් කාඩ් පතකට සවිකළහැක[/SIZE]

    [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/180341_10150131541641648_609446647_8489492_505892_n.jpg[/IMG]
    [SIZE=2]5 Monitors with single HD 6990


    [/SIZE] [IMG]http://www.legitreviews.com/images/reviews/1566/6990-eyefinity.jpg[/IMG]




    [SIZE=3][FONT="]
    six-monitor-workstation-5.jpg
    [/FONT]

    6 monitor gaming with Crossfire


    ©geethq
    සියලුම හිමිකන් ඇවිරිණී
    වෙනත් ස්ථානයක පලකිරීම සපුරා තහනම්
    මෙහි පලකර ඇති ඡායාරූප වල
    අයිතිය ඒවායේ නියම අයිතිකරුවන්ට අයත්ය
    www.elakiri.com


    මගේ අනෙකුත් thread

    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
    [FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]
    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]
    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)
    [FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]
    [FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]
    [FONT=&quot]How to add shade effects to ur profile[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    .........................................​
     
    Last edited by a moderator:
    • Like
    Reactions: jontyc

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බුක් මාර්ක් එකක් දාගත්ත. පස්සෙ බලන්න ඕන.:cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොවෙත් නෑ :D
    තෑන්ක්ස් අ ලොට් පූස් ;)
    :):) තැන්කූ

    එල... මේකනම් වටිනවා...
    :yes::cool:

    Maxza Oi Maxza GInda Post Eka Kollo
    Awesome Awesome Kiwwa Niyamai Niyamai
    Supiri Wisthare Sapiri Pics Maxza Macho

    :):lol::lol: තැන්කූ මචන් :) ලෝක ගේමක් දීල හෙනට මහන්සි වෙලා මේක ලිව්වෙ :D

    බුක් මාර්ක් එකක් දාගත්ත. පස්සෙ බලන්න ඕන.:cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :):yes: හොදට කියවපන්

    :) වෙල්කම්

    Ekenma Watina Wisthare Ban Sapiti Post Ekak Kiwwa Nam Hari
    :) තැන්කූ

    ElaZzz...
    REP denna nam ba lu..

    අව්ලක් නෑ එල මචන් :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල ගොඩක් වටිනවා තැන්ක්ස්
    රේප් දෙන්න බැහැලු