නොමැරීම! Must read!!

Raveensach

Active member
  • Dec 10, 2006
    963
    62
    28
    නොමරා මරනු හැර නොවීය අන් මඟක්‌ මට!
    අලි පැටවෙකු මරා දැමූවෙකුගේ පාපොච්චාරණය



    අලි පැටවා සිටියේ සා පිපාසාවෙනි. ජලාශයක බැස සිටින අලි පැටවාට වතුර බීමට නොහැකිව සිටියේය. සියයට අනූවකටත් වඩා වතුරෙන් සමන්විත ශරීර කූඩුවට වතුර නොමැතිව වැඩි වේලාවක්‌ පවතින්නට නොහැක. අලි පැටවා හොඬය වෙත වතුර ඇද ගන්නේ හෝස්‌ යන හඬෙනි. අලි පැටවුන් මෙන්ම වැඩිහිටි අලින්ද තම හොඬයෙන් වතුර අදිද්දී නැඟෙන මෙම හඬට මම ඇලුම් කරමි. නමුත් මෙම අලි පැටවා ඉදිරියේ මට මෙම හඬ ඇසෙන්නේ ශෝක ගීතයක්‌ ලෙසිනි.

    ඒ හුරුබුහුටි හොඬය කරකවමින් හැඩ කරමින් අලි පැටවා ජලය මුඛය වෙත යොමු කරන්නේ මේ තාක්‌ ගෙවුණු ජීවිතයේ සිදු කළාක්‌ මෙන්, සහජයෙන් ලැබුණු පුරුද්දටය. එහෙත් හොඬය පිළිගැනීමට කටක්‌ නොමැත. වෙනදාට යටි තොල සහ දිවටද, උඩු තල්ලටද සිර කර මුඛය වෙත වතුර ඇද ගැනීම සිදු කරන මුඛය අලි පැටවාට අහිමි වී තිබිණි. අලි පැටවාගේ දිව තිබුණේම නැත. දිෙවි මුලේ චූටි මස්‌ වැදැල්ලක්‌ ඉතිරිව තිබේ. එය පණුවකු මෙන් නලියමින් තිබේ. නමුත් වතුර උරා ගැනීමට කළ හැකි දෙයක්‌ නොමැතිව එම මස්‌ වැදැල්ල අසරණව සිටියේය. උඩු තල්ලේ ඉතිරි වුණු කිසිවක්‌ නොමැත. කුඩා කුඩා කෑලිවලට පුපුරා ගොස්‌ තිබූ උඩු තල්ල කුණු වෙමින් යන තුවාලයක්‌ පමණි. හකු සහ දත්ද, පුපුරා විනාශව තිබූ මුඛයේ යටි තොල කුණුව යමින් තිබූ මස්‌ වැදැල්ලක්‌ පමණක්‌ම විය.

    මුඛය අහිමිව සා පිපාසාවෙන් පෙළෙමින්, නමුත් වතුරේ බැස සිටින අලි පැටවාට තිබූ ලොකුම ගැටලුව වී තිබෙන්නේ ජලය උරා බීම බව පැහැදිලිය. මට කළ හැකි උපකාරකයක්‌ නොවීය. අලි පැටවා උපක්රබමයක්‌ සොයා ගත්තේය. උරා බීමට කටක්‌ නොමැති වූවත් මුඛයේ කෙලවරින් පටන් ගෙන ආමාශය කරා ජලය ගෙන යන බටය තවමත් ඉතිරිව තිබේ. මුඛයට ලංකරන හොඬය උගුර ඉලක්‌ක කර ගනිමින් වතුර විඳින්නට විය. අලියෙකු හොඬයට ගන්නා ජලය තම ශරීරයට ඉලක්‌ක කර විඳින ආකාරය දැකීම අතිශය ආශ්වාදජනකය. එහාටත් මෙහාටත් පද්දන හොඬය තමාට අවශ්යා තැනට ඉලක්‌ක කර මලක්‌ මෙන් විහිදෙන ලෙස වතුර විසුරුවා හරින ආකාරය අතිශය මනරම්ය. නමුත් මේ අවස්‌ථාෙවි දකින දර්ශනය තරම් එය ඉතාමත් ශෝකාකූල එකක්‌ බවට පත්වනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි. අලි පැටවා එකක්‌ පසු පස එකක්‌ ලෙස වතුර උගුර වෙත වීසි කරනු ලබයි. චොකොස්‌ යන හඩින් උගුරේ වැදෙන වතුර කුණුව යන මස්‌ මාංශ උඩින් පැමිණ කට දෙපසින් වැක්‌කෙරෙයි.

    පෙනහලු කරා වාතය රැගෙන යන බටයේද, ආමශය කරා ආහාර රැගෙන යන බටයේද ආරම්භය ඇත්තේ උගුරේය. වාතය පෙනහලු කරා ගමන් කිරීමේදී එම බටය විවෘතව තබා ආහාර බටය වැසීමටත්, අහාර බටයෙන් කෑම යැමේදී ආහාර ස්‌වසන මාර්ගයට යැම වැළැක්‌වීමේ උපක්ර මත් උගුරේ ඇත. නමුත් විනාශ වී ගිය මුඛයේ කෙළවර වූ උගුරටද අලාභ හානි සිදුව තිබිණි. හොඬයෙන් එන වතුර පිළිගැනීමට විවෘතව පවතින ආහාර මාර්ගයක්‌ අලි පැටවාට ඉතුරුව නොතිබිණි. හොඬයෙන් විසුරුවන ලබන වතුර මුනින් අතට හැරවූ කලයක්‌ මතට දමන වතුර මෙන් පිටතට ගලා යමින් තිබිණි. මෙය නොතේරෙන අලි පැටවා කෙළවරක්‌ නොමැතිව වතුර විසුරුවමින් සිටියේය. කෑමක්‌ බීමක්‌ නොමැති මෙම සත්වයා තමාට හිමිව තිබූ අවසන් ශක්‌තිය, ඵලයක්‌ නොළෑඹෙන මෙම ක්රි‌යාව සඳහා වෙන් කර තිබිණි. මෙම ශෝකජනක දර්ශනය බලා සිටීමට නොහැකිව දෙනෙත වෙනතකට හරවා සහනයක්‌ සෙව්වද, එකක්‌ පසු පස එකක්‌ ලෙස නැඟෙන චොකොස්‌ චොකොස්‌ හඬ පරිසරයේ නිහඬතාව බිඳිමින්, ශෝක ගීතයක්‌ව කන්වලට වදිමින් තිබිණි.

    බීමට වතුර නැතිව අලි පැටවාද, අලි පැටවාගේ සා පිපාසාව නිවීමට උදව්වක්‌ කිරීමට නොහැකිව මාද අසරණව සිටියෙමු. පෙර දිනයේ මෙන්ම අලි පැටවාට සේලයින් ඇතුළු අනෙකුත් ඖෂධ ලබා දීමට මා ක්රි යාත්මක වූයෙමු. මාගේ සහායකයන් විසින් වතුරේ බැස සිටි අලි පැටවා ගොඩට ඇද ගනු ලැබීය. සෙමෙන් සෙමෙන් පසු පසින් අලි පැටවාට ළඟා වූ මා අතේ තිබූ නිද්රමdශීලී ඖෂධය පිරී සිsරින්ජරය ක්‌ෂණයෙකින් අලි පැටවාගේ ශරීරයේ පතිත කර ඉවත් වූයෙමි. ගසේ බැඳ සිටි අලි පැටවාට නිදහසේ සිටින්නට දී අපි ඉවත් වූයේ පැටවා නිද්රතdශීලී වීමට විනාඩි කීපයක්‌ යන හෙයිනි. විනාඩි 10 කට පමණ පසු අලි පැටවා නිෂ්චල විය. හුස්‌ම ගැනීම අයාසයකින් හා දීර්ඝ ලෙස ගනු නිරීක්‌ෂණය විය. අපි අලි පැටවා වෙත කිට්‌ටු වූයෙමු.

    පැටවාගේ කටේ තුවාලය නැවත වරක්‌ මා පරීක්‌ෂා කළෙමි. පෙර දිනයට වඩා තත්ත්වය නරක විය. කටේ එල්ලෙමින් තිබූ මස්‌ වැදලි කුණු වී යමින් තිබිණි. මස්‌ කුණු වන දුර්ගන්දය දසත පැතිර යමින් තිබිණි. විදුලි පන්දම යොදා ගෙන කටේ ඇතුළත වඩා හොඳින් පරීක්‌ෂා කරමින් සිටි මට මෙම අප්ර සන්න ගන්ධය හොඳින් දැනෙන්නට විය. ගන්ධයට වඩා මා කම්පනයට පත් කළේ වැසීමට නොහැකි කටේ වසා සිටින මැස්‌සන්ය. මැස්‌සන් සිය ගණනක්‌ තුවාලය වටේ කැරකෙමින් සිටියෝය. පැටවා වතුරේ බැස සිටියදී ලබා ගත නොහැකි වූ අවස්‌ථාව පැටවා දැන් ගොඩට පැමිණි සිටි අවස්‌ථාෙවිදී හැකි උපරිමයෙන් පාවිච්චි කිරීමට මැස්‌සො ක්රියයාකරමින් සිටියෝය. කුණුව යන මස්‌ මත දහස්‌ ගණනින් වූ බිත්තර ඔවුහු තැන්පත් කරමින් සිටියෝය. විකෘතව ගිය බිය ජනක මුහුණෙන් ඇස්‌ ඉවතට ගත් මා සහායකයන් හා එක්‌ව අලි පැටවා පැත්ත වට්‌ටවනු ලැබීය. කනේ ඉලිප්පී තිබූ රුධිර නාලයක්‌ සිදුරු කරමින් ඇතුල් කළ කටුවකට සම්බන්ධ කළ බටය ඔස්‌සේ සේලයින් වතුර මුදා හැරීමට කටයුතු කළෙමි. සා පිපාසාව ඇති කරමින් ශරීරය ඉල්ලා සිටි දියර, කටින් නොව සෘජුවම රුධිර නාල කරා පිවිසීමේදී ශරීරයට දැනෙන සිසිලසේ පහස නිද්රලdශීලීව සිටි අලි පැටවා විඳිමින් සිටියේය. ස්‌වල්ප ෙවිලාවකින් අලි පැටවා ගැඹුරු නින්දකට පිවිසියේය. මිලිලීටර 500 සේලයින් බෝතල අටක්‌ පමණ පැය තුනක පමණ කාලයක්‌ පුරා ශරීරයට ඇතුළු විය. ඒ සමගම විටමින්, වේදනා නාශක, ප්රවතිජීවක සහ අනෙකුත් ශරීරයට අවශ්යො පෝෂණ පදාර්ථ සේලයින් සමගම ශරීරයට ඇතුළු කිරීමට කටයුතු කළෙමි.

    සේලයින් සහ අනෙකුත් ඖෂධ අලි පැටවාගේ ශරීර ගත කර අවසන්ය. අලි පැටවා තවමත් නින්දේය. නහරයට ගැසු කටුව ඉවත් කළ මා සහායකයා සමග අලි පැටවා වෙතින් ඉවත් විය. රාත්රිරය නිදහසේ ගෙවීමට අවකාශය අලි පැටවාට විය. විජලනය වූ ශරීරය සජලනය වීම නිසාත් වේදනා නාශක සහ අනෙකුත් ඖෂධ ශරීර ගත වීම නිසාත් අලි පැටවා සැහැල්ලුවෙන් නිදනා බව මට ප්රශත්යනක්‌ෂ විය. අපි මීටර 50 ක පමණ දුරක්‌ ගියා පමණි. කලබලයට පත් වූ අලි පැටවා නැඟී සිටින ශබ්දය අපිට ශ්රතවණය විය. විදුලි පන්දම අලි පැටවා වෙත යොමු වීමත් සමගම අලි පැටවා බල්ලෙකු බිය කර පලවා හැරීමට උත්සහ කරනු අපිට පෙනුනි. කාරණය පැහැදිලි විය. කුණු ගදට ආකර්ෂණය වූ බල්ලෙකු අලි පැටවාගේ මුඛයේ මස්‌ කෑමට උත්සහා දරා ඇත. අලි පැටවා පණ පිටින් සිටිද්දීම මස්‌ ඩැහැ ගැනීමට තරම් බල්ලා එඩිතර වී තිබිණි. අලි පැටවා ගැඹුරු නින්දක සිටීම නිසා බල්ලා මෙයට පෙළඹෙන්නට ඇත.

    අප දිව විත් බල්ලා පන්නා දැමුවෙමු. දෙකන්a දෙපසට විහිදුවා ගෙන ඇස්‌ විශාල කරගෙන අලි පැටවා තැති ගත් ස්‌වරූපයෙන් සිටියේය. ඇතිව තිබූ බිය නැවතත් නම් බිම වැටී නිදා ගැනීමට අලි පැටවාට කිසිදු ආකාරයක අවස්‌ථාවක්‌ ලබා නොදෙන බව පැහැදිලි විය. මා මගේ නිල නිවස දෙසට ගිය අතර රාත්රිස විටින් විට අලි පැටවාව නිරීක්‌ෂණය කරන ලෙස සහායකයන්ට උපදෙස්‌ දුන්නෙමි.

    පසු දින උදෑසන මම නැවතත් අලි පැටවා කරා ආවෙමි. වැව් ඉවුරේ අලි පැටවා සිටියේය. අර ශෝකජනක දර්ශනය මා ඉදිරියේ නැවතත් ප්රරදර්ශනය වේ. හුරුබුහුටි හොඬයෙන් ඇද ගනු ලබන වතුර චොකස්‌ යන හඬින් කට දෙසට වීසි වේ. උදෑසන සිටම රැස්‌වෙන්නට පටන් ගෙන තිබූ මැස්‌සෝ කීප දෙනෙකුට පමණක්‌ ඒ ආකාරයට වතුර ගසා ගැනීම කරදරයක්‌ වී තිබිණි. කෙළවරක්‌ නොමැතිව අලි පැටවා සා පිපාසාව නිවා ගැනීමට උත්සහ ගනිමින් සිටී. බලා සිටීමට අපහසු නිසා මා එතැනින් නික්‌ම කාර්යාලය දෙසට ගියෙමි.

    අලි පැටවාට කුමක්‌ කළ යුතුදැයි යන්න මා හට උභතෝකෝටිය ගැටලුවක්‌ විය. අලි පැටවාට පැවැත්මක්‌ නොමැත. අලි පැටවා දුක්‌විඳ මිය යැම නොවැළැක්‌විය හැකි කරුණක්‌ විය. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට දැනට සිදු කළ ප්රවතිකාරවලින් ඔබ්බට කළ හැකි ප්රොතිකාරයක්‌ නැත. කෙසේ වුවත් කෑම වතුර ශරීරය වෙත ලබා ගත නොහැකි මෙම අලි පැටවාට කාලයක්‌ පුරා රුධිර නාල හරහා සේලයින් සහ අනෙකුත් පෝෂණ ද්ර ව්යක ලබා දී ජීවත් කර තබා ගැනීමට හැකිය.

    එහෙත්, තවත් දින කීපයක්‌ දරුණු දුක්‌ පීඩා විඳ අවසනාවන්තව මිය යැමට නියමිත අලි පැටවෙකුගේ හෝ නිද්රතdශීලී බෙහෙත් ලැබ සිහින ලෝකයක පිවිස සිටිද්දී වේදනා රහිතව ලොව හැර යන අලි පැටවා පිළිබද තීන්දුව මා අත විය. තීරණයක්‌ ගැනීමට මා හට තවත් කාලය අවශ්ය ව තිබිණි.

    මම අලි පැටවා සිටි තැනට ගියෙමි. අලි පැටවා දැන් වතුරට බැස ඇත. ශරීරයේ දාහය නිවා ගැනීමට මෙන්ම රොතු පිටින් මුඛය වටා කැරකෙන මැස්‌සන්ගෙන් බේරීමට අලි පැටවා වතුරේ පිහිට සෙව්වේය. වතුර යට මුඛය තබා ගෙන සිටින අලි පැටවා විටින් විට ඉහළට එසවේ. ඒ වතුරේ සිටින මාලුන් කුණුව යන මස්‌ කැබලි කඩා ගැනීමට පොරකන නිසාය. වතුර යට කිමුදුනු විට මාලුන්ගේ පහර ලැබ අලි පැටවා දුක්‌ විඳී. වතුරෙන් ඉහළට මුඛය එසවූ කල මැස්‌සන්ගේ ප්රනහාරය අලි පැටවාට පීඩා ගෙන දේa. මේ අතරතුර මැස්‌සන්ගේ බිත්තරවලින් එළියට බට පිලවුන් ඔවුන්ගේ ක්රිපයාකාරීත්වය අරඹා ඇත. කෑම සාගරයක උපත ලබා ඇති ඔවුන් කුණුව යන මස්‌ කා දමමින් හොද මස්‌ කොටස්‌ තව තවත් කුණු කිරීමට දායකත්වය දෙමින් මස්‌ තුළට කිදා බසිමින් සිටී.

    අලි පැටවාට දිවක්‌ දතක්‌ හක්‌කක්‌ නොමැතිව තිබෙන මුඛයෙන් කිසිදු ප්රරයෝජනයක්‌ නොමැත. කොතරම් කලක්‌ ජීවත් වුවත් එය අලි පැටවාට වේදනාව ගෙන දෙන යුද පිටියක්‌ පමණි. මාලුන් සහ මැස්‌සන් කිසිදු බාධාවකින් තොරව අලි මුඛය තුළ තමන්ට රිසි සේ ක්රිතයාකාරි වේ. ඔවුන්ට තිබූ එකම ගැටලුව අලි මුඛය වතුර තුළට හා මතු පිටට ගැනීමට කටයුතු කරද්දී ඇති වන අපහසුතාවයි.

    පණ පිටින් කුණුව යන අලි පැටවා දෙස මා බලා සිටින්නෙමි. අලි පැටවාට වේදනා රහිත මරණයක්‌ ලබා දීමේ තීරණය මා ගත යුතුද? නැතහොත් කළ යුත්තේ කුමක්‌ද? මා මාව විමසමින් සිටියෙමි. අලියාට පණ ඇත. අලියාට පණ ඇති බව මම දන්නෙමි. අලියා මරා දැමිය යුතු බවට මම ෙච්තනාවක්‌ පහළ කර ගනිමි. වේදනා රහිත මරණයක්‌ ලබා දීම සඳහා මම ක්රිුයාදාමයක්‌ තොරා ගත්තෙමි. එය තව මොහොතකින් මා ක්රිහයාවේ යොදවනු ඇත. එයින් අලි පැටවා මියෙනු ඇත. සත්ව ඝාතනයක්‌ පූර්ණ වීමට අවශ්යි සියලුම දේ මවිසින් සිදු කර ඇත. සතෙකු මැරීමේ පාප කර්මය මට හිමිව ඇත.

    මුඛය වේදනාවේ උල්පතක්‌ වී තිබුණත් අලි පැටවාගේ අනෙකුත් ශරීර කොටස්‌ නිසි ලෙස ක්රි යාකාරි වෙමින් තිබේ. ජීවය පවත්වා ගැනීමේ අත්ය වශ්ය අංගය වන හුස්‌ම ගැනීම අලි පැටවා සිදු කරනු ලබයි. විටින් විට වාතය පිඹමින් ජලයෙන් ඉහළට එසවෙන හොඬය ගැඹුරු හුස්‌මක්‌ ගෙන නැවතත් ජලය තුළට ගමන් කරයි. ජීවිතය අත්හරින කිසිදු ආකාරයක අවශ්ය තාවක්‌ අලි පැටවා වෙතින් දිස්‌ නොවේ. මම අලි පැටවාගේ ඇස්‌ දෙස බැලුවෙමි. මට ජීවත් වුණා ඇති මේ දුක වින්දා ඇති. දැන් මට අවශ්යො මරණයයි. කරුණාකරලා මාව මරලා දාන්න යෑයි කියන ආයාචනයක්‌ එම ඇස්‌ වල නොවීය. මට තවත් තත්පරයක්‌ හෝ ජීවත් වීමට අවකාශයක්‌ සලසන මෙන් කරන ඉල්ලීම පමණක්‌ එම ඇස්‌වලින් මට පෙනේ. ජරා මරණ උරුමව ජාත සත්වයා මේ සසරේ දුක්‌ විඳිනවා විනා විඳින සැපයක්‌ නොමැත්තේමය. නිරයේ ඇති දුකට සාපේක්‌ෂව අලි පැටවා දැන් විඳින්නේ සැපයකි. නිරයේ ජීවත්වන සත්වයන්ද උත්සහා කරන්නේ තව මොහොතකින් හෝ ජීවය පවත්වා ගෙන යැමටය. දුක කෙතරම් වුවත් ජීවිතය අවසන් කර ගැනීමට උත්සාහ දරන සත්වයෝ නොමැත්තාමය. එවන් ලෝකයක සතෙකු දුක්‌ විඳිනවා බලා සිටීමට නොහැකිය කියමින් හෝ සතා දුක්‌ විඳිමින් මරණයට පත් වීම දරාගත නොහැකි ශෝකයක්‌ ලෙස දකිමින් අලි පැටවාගේ දිවි තොර කිරීමට මට ඇති බලය පිළිබදව මම ප්ර ශ්න කරන්නට වූයෙමි. මෙම සිද්ධිදාමය අලි පැටවෙකුට නොව මිනිසෙකුට මාගේ කිට්‌ටු මිතුරෙකුට හෝ ඥාතියෙකුට සිදු විණි නම් වේදනා රහිත මරණයක්‌ වෙනුවෙන් මා කටයුතු කරනු ඇතිද යන්න මම කල්පනා කරමි.

    මා අනුගමනය කෙරන ධර්ම මාර්ගය වූ බුදු දහමෙහි කිසිදු තැනක සතෙකු මැරීම අනුමත කොට නැත. ද්වේෂයෙන් තොරව සතෙකු මැරීම කළ නොහැක. කරුණාව හා ද්වේෂය යන දෙක ආලෝකයත් අඳුරත් සේ අෙන්යා්න්යම විරුද්ධ චෛතසික ධර්ම දෙකකි. එබැවින් ඒ දෙක කවදාවත් එක සිතක නූපදී. දුක්‌�ත සත්වයා දකින විටෙක ඒ සත්වයා කෙරේ අනුකම්පාවක්‌ උපදී. ධර්මය නොදන්නා වූ ඒ පුද්ගලයා හට එම කරුණාව හේතු කොට ගෙන එම සත්වයා මරා දැමීම හොඳය යන ද්වේශ සහගත අදහස ඇති වේ. ඉන් පසු ද්වේශ සහගත චිත්ර්යෙන්ම ඒ සත්වයා මරා දමයි. සතා මැරූ චිත්තය ද්වේෂ සහගත වන බැවින් අකුසලයක්‌ වේ. දුක්‌�ත සත්වයෙකු ගැන මුලින් ඇති වන කරුණාව නම් කුසලයකි. කුසලය නිසා ඇති වූවාට වධක ෙච්තනාව කුසලයක්‌ නොවේ. කරුණාව නිසා ඇති වන්නා වූ ඒ වධක ෙච්තනාවද, අනෙකුත් වධක ෙච්තනා මෙන් මරණින් මතු අපායට පැමිණවීමේ ශක්‌තිය ඇති අකුසල කර්මයකි.

    මිනිස්‌සු මෙවන් ගැටලුවලට මුහුණ දෙන්නේ පාප කර්මයක්‌ නිසා යෑයි සිතෙන තරමට අලි පැටවාගේ ඉරණම පිළිබද ගැටලුව මට පීඩා ගෙන දීමට පටන් ගෙන ඇත. අලි පැටවා දුක්‌ විදී. පැටවාගේ මරණය පමා වී ඇත්තේ මවිසින් ලබා දුන් සේලයින් ඇතුළු අනෙකුත් ඖෂධ නිසාය. අලි පැටවාට වේදනා රහිත මරණයක්‌ ලබා දීමට මා සූදානම් නැත. අලි පැටවා ඇස්‌ පනා පිට විඳින වේදනාව දැක ඉවසා සිටීමටද මට නොහැක. තීරණයක්‌ ගැනීමට මට තවත් කාලයක්‌ අවශ්යඉ යෑයි මට හැඟේ. නින්දක්‌ ලැබ අලුයම් කාලයේ ඇහැරී මේ ගැන සිතා තීරණයක්‌ ගන්නවා යෑයි මම තිරණය කළෙමි.
     
    Last edited:

    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    රාත්‍රිය මහත් අප්‍රසන්න විය. කටේ නලියන ඉහඳ පණුවන් සහ කටට කොටමින් මස්‌ කෑලි උදුරා කන මාලුන් මට වදධදෙන්නට විය. දිය පිරුණු වලක වතුර බී ගත නොහැකිව මා සා පිපාසාවෙන් කෑ ගසන්නට විය. වද වේදනාවන්ගෙන් පිරුණු සිහින එකින් එක පෙනේ. වරෙක බිය වී වරෙක තැති ගනිමින් මා අවදි විය.

    සෑර් සෑර් කියමින් සේවකයෙකු දොරටුවට තට්‌ටු කරයි. ඇයි මොකදැයි අසමින් මම නැඟී සිටියෙමි. හක්‌ක පටස්‌ අලි පැටියා මැරිලා යෑයි ඔහු කීවේ මට කම්පනයක්‌ ලබා දෙමිනි. එහෙම වෙන්න බෑ අයිසේ පැටියා හොඳට හිටියනේ කියමින් මා දොර හැරියෙමි. අලි පැටවා කරේ තබා ගත් සේවකයා දොර ඉස්‌මත්තේ සිටියේය. පැටවාගේ විකෘති වූ විශාල මුඛයෙන් අඛණ්‌ඩව වතුර ඇද හැලෙමින් තිබේ. එම දර්ශනයෙන් බිය වූ මම නැවතත් නින්දෙන් නැඟී සිටියෙමි.

    සාමාන්‍යයෙන් නිදා ගැනීම මට ඉතාමත් පහසු කාර්යයකි. මතකයේ රැඳෙන සිහිනයක්‌ දකින්නේ කලාතුරකිනි. එවන් වූ මට විඳින්නට සිදුව තිබූ මෙම වධය ඉතාමත් කටුක අත්දැකීමක්‌ විය. මෙම බියකුරු සිහින තව දුරටත් දැකීමට අවශ්‍ය නොවන නිසා හොඳම දේ අවදියෙන් සිටීම බව මට වැටහිණි. පාන්දර හතර පමණ වූ එම වේලාවේ මා තේ කෝප්පයක්‌ හදා ගත් අතර කාර්යාල කාමරයට ගොස්‌ කොම්පියුටරයෙන් කළ යුතු වැඩ ටිකක්‌ කිරීමේ අරමුණින් එදෙසට පිය මැන්නෙමි. පරිසරය තවමත් නිෂ්චල අතර වැව දෙසින් නැවතත් චොකස්‌ චොකස්‌ ශබ්දය ඇසේ. නැවතත් මා පීඩනයට පත් විය. අලි පැටවා කරා ගොස්‌ බැලීමට මට ශක්‌තියක්‌ නොවීය. රාත්‍රි සේවා මුරයේ සිටි සේවකයා ඇමතූ මා අලි පැටවාගේ තත්ත්වය කුමක්‌දැයි බලා ගෙන ඒමට පිටත් කර කොම්පියුටරය ක්‍රියාත්මක කළෙමි. කොම්පියුටරයේ තිරය මත පතිත වන දේ මට පැහැදිලිව නොපෙනේ මා දැඩි ව්‍යාකූලත්වයකට පැමිණ තිබිණි.

    සේවකයා පැමිණ ප්‍රකාශ කළේ අලි පැටවා වැව ඉවුර අයිනේ වැටී සිටින බවය. එසේ වැටී සිටින ගමන්ම හොඬය වතුරට දමමින් කට වෙතට වතුර ගසා ගැනීමට පැටවා උත්සහ දරයි. පැටවාව නැඟී සිටිමට උත්සාහ කළත් පැටවාට නැඟී සිටීමේ ශක්‌තියකින් නොසිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අලි පැටවා වෙතින් නැඟී එන කුණු ගඳ දැන්නම් ඉවසිය නොහැකි බවය. ගඳ එතරම්ම දරුණු වී ඇත. අලි පැටවා සිටින ප්‍රදේශයට බල්ලන් රැස්‌වන බවත් රාත්‍රිය පුරාවට බල්ලන් පන්නා ගත්තේ ඉතාමත් අපහසුවෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

    මා බෙහෙත් කාමරය විවෘත කළෙමි. සේලයින් බෝතල 05 ක්‌ වෙන් කළෙමි. සේලයින් බෝතල් දෙකකට අලි නිර්වින්දනයට ලක්‌ කරන ඖෂධ ස්‌වල්පය බැගින් එකතු කළෙමි. රාත්‍රි වැඩ මුර සේවකයා යවා සතුන්ට ප්‍රතිකාර කිරීමට හොඳින් අත්දැකීම් ඇති සේවකයෙකු ඇහැරවා ගෙන්වා ගැනීමට මා මේ අතරතුරදී ක්‍රියා කළේය. ඔහු පැමිණ සිටියේය. මගේ සැලැසුම මා ඔහුට හෙළිදරව් නොකළේය. ඔහු කාරුණික හිතින්ම පැටවාගේ සමුගැන්ම අත්විඳිනු දැකීම විය යුත්ත යෑයි මම තීරණය කළෙමි. වෙලාව උදෑසන පහට පමණ වී තිබේ. වැව් දිය මත අරුණලු පතිත වීමට පටන් ගෙනය. අලි පැටවා පැහැදිලිව පෙනෙන්නේ නැත. අලි පැටවා වෙතට විදුලි පන්දම් එළිය පතිත නොකරන ලෙස මා සහායකයාට දුරදීම උපදෙස්‌ දුන්නෙමි. අපි සෙමින් සෙමින් අලි පැටවා වෙත කිට්‌ටු වුවත් අලි පැටවා අපි පැමිණි සිටින බව දැන ගත්තේය. වතුර ඉසීම නවත්වා සිදුවන්නේ කුමක්‌දැයි යන්න පිළිබඳව තැති ගැන්මෙන් පැටවා සිටියේය. නැඟී සිට අපි කවුදැයි බැලීමට ශක්‌තියක්‌ පැටවාට තිබුණේ නැත. යටි කණේ ඉලිප්පී ඇති නහරයකට මා සේලයින් බටය අමුණා දැමුවෙමි. අනතුරුව බිඳුව බිඳුව සේලයින් ලේවලට මිශ්‍ර වීමට සලස්‌වා දුන්නෙමි. ලීයක්‌ සිටුවා සේලයින් බෝතල් එහි රඳවා අපි ඇතට වී ඉඳගෙන සිටියෙමු.

    බිඳුවෙන් බිඳුව සේලයින් ශරීර ගත වීමත් සමග නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන බවට ලකුණු පෙන්වමින් අලි පැටවාගේ ශරීර ක්‍රියාකාරකම් අඩු වී යන්නට විය. අලි පැටවා ජීවත්ව ඇතැයි යන්නට දැන් ඇති එකම සාක්‌ෂිය අලි පැටවාගේ හුස්‌ම ගැනීමය. මවිසින් ලබා දුන් නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන්නේ මොළය මතය. එහි බලපෑම නිසා අලි පැටවා තම ශරීරයේ හා බාහිරින් ලැබෙන උත්තේජනවලට ප්‍රතික්‍රියා නොදක්‌වයි. මේ නිසා පැටවාට දැන්නම් සා පිපාසාව සහ කුසගින්න නොදැනිය යුතුය. තුවාලවල වේදනාව නොදැනිය යුතුය. අලි පැටවාද මිහිරි සිහින ලෝකයක ආශ්වාදය ලබමින් සිටිනවා ඇත. නිෂ්චලව සිටින අලි පැටවා දෙස බලද්දී මගේ සිතට කිසියම්ම වූ සැනසීමක්‌ ළඟා වෙමින් තිබිණි. අලි පැටවා කුමන ආකාරයේ සිහින ලෝකයක සිටිනවාදැයි මම නොදන්නෙමි. නමුත් අලි පැටවා දැන් සුන්දර අත්දැකීමක්‌ විඳිමින් සිටිනවා යෑයි මම සිතන්නට වීමි. සේලයින් දිගින් දිගටම යද්දී හුස්‌ම ගැනීමේ වේගය නම් ටිකින් ටික පහළ බහින බව නිරීක්‌ෂණය වේ. සිහින ලෝකයේ සිටින අලි පැටවා මිය යමින් සිටී. සත්ව ඝාතනයක ශාපය මා වෙත ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගන්නා බව මට වැටහේ.

    පශු වෛද්‍ය - බී. විජිත පෙරේරා
    වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව
    ඇත් අතුරු සෙවන - උඩවලව


    http://www.divaina.com/2011/05/08/feature06.html
     
    Last edited:

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මේ වගේ දෙයක් බැලුවමයි...පව් මචන්....අහිංසක සත්තුන්ට මේ වගේ දේවල් කරන එක පව්....අලි පැටිය දන්නෙවත් නැහැ එයාට මේ දේ වුන හේතුවවත්....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ආස නැ දුක හිතෙන දේවල් කියවන්න ඒත් ඒ අලි පැටියාගෙ කට තුවාල උනෙ කොහොමද කියන එක ලියලා තියෙයි කියලා දිගටම කියෙව්වා.. ඇත්තටම අපිට ඉන්න සම්පතක් ඔබට ඔඋන් රකින්න සියලු වෙර ලැබෙවා!!!
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    kiyanna beri tharam dukak denuna me kathawa kiyawala iwara wenakota
    me wage saththunta karunawa dakwana oba weni minisun thawa thawa bihi wenna kiyala pathanawa
    :no::no::no::no::no::no::no::no::no: