ගංතෙර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඒ මොකෝ බං... මොකක්ද ප්‍රශ්නේ? :shocked::shocked:

Internet ගැන තමයි ඉතින් ලන්කාවේ net use කරනවට වඩා හොදයි ලබන ආත්මේ uk වල හරි usa වල හරි ඉපදෙන්න ප්‍රාර්තනා කරගෙන බෙල්ලේ වැලදාගන්නවා:baffled::baffled::baffled:තව ඉතින් ගෙදර ප්‍රශ්න වගයකුත් තියනවා:sorry::sorry::sorry:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Internet ගැන තමයි ඉතින් ලන්කාවේ net use කරනවට වඩා හොදයි ලබන ආත්මේ uk වල හරි usa වල හරි ඉපදෙන්න ප්‍රාර්තනා කරගෙන බෙල්ලේ වැලදාගන්නවා:baffled::baffled::baffled:තව ඉතින් ගෙදර ප්‍රශ්න වගයකුත් තියනවා:sorry::sorry::sorry:
    :rofl::rofl::rofl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Internet ගැන තමයි ඉතින් ලන්කාවේ net use කරනවට වඩා හොදයි ලබන ආත්මේ uk වල හරි usa වල හරි ඉපදෙන්න ප්‍රාර්තනා කරගෙන බෙල්ලේ වැලදාගන්නවා:baffled::baffled::baffled:තව ඉතින් ගෙදර ප්‍රශ්න වගයකුත් තියනවා:sorry::sorry::sorry:

    මටත් තියෙන්නේ Dialog UNLIMITED කියන පැකේජ එකක් :sorry::sorry: මේ දවස් ටිකේ නෙට් වැඩ කරන්නේ පන අදිනවා වගේ.. ඕව ඔහොම තමා සැලෙන්න එපා...

    ගෙදර ප්‍රශ්නේ මොකද? තාත්තගේ වැඩේ හරි ගියේ නැද්ද?

    මොනවා වුනත් උඹලගේ තාත්තා හරි හොඳ මිත්‍රශීලි මනුස්සයෙක්.. ජීනියස් අක්කත් එයා ගැන සෑහෙන්න හොඳ කිවා.. පවුලේ කට්ටියම මතක් කලා කියන්න..
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මටත් තියෙන්නේ Dialog UNLIMITED කියන පැකේජ එකක් :sorry::sorry: මේ දවස් ටිකේ නෙට් වැඩ කරන්නේ පන අදිනවා වගේ.. ඕව ඔහොම තමා සැලෙන්න එපා...

    ගෙදර ප්‍රශ්නේ මොකද? තාත්තගේ වැඩේ හරි ගියේ නැද්ද?

    මොනවා වුනත් උඹලගේ තාත්තා හරි හොඳ මිත්‍රශීලි මනුස්සයෙක්.. ජීනියස් අක්කත් එයා ගැන සෑහෙන්න හොඳ කිවා.. පවුලේ කට්ටියම මතක් කලා කියන්න..

    මගෙත් ඔකම තමයි 5GB:rolleyes::rolleyes:. තාත්තට තාම job එකක් set උනේ නැහැ:dull::dull:තෑන්ක්ස් මචන්:):):)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    චුටි මල්ලි, උඹ කාලෙකින් ලාස්ට් රෝ එක පැත්තේ ගියේ නැද්ද? උඹ එකපාරක් කතාවක් දැම්මා නේද?
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ මං ලාස්ට් රෝ එකේ දාපු පලවෙනි කතාව
    කනත්තේ හොල්මන


    කනත්තේ හොල්මන


    අපේ තාත්තගේ ගම මාරවිල. අපේ තාත්තා කොල්ලා කාලේ ඒ කියන්නේ අවුරුදු 18 – 20 විතර කාලේ තාත්තලගේ සෙට් එකේ කොල්ලෙක්ගේ ආච්චි නැති වුනාලු.. යාලුවත් ඉතින් යමක් කමක් තියන යාලුවෙක්ලු ඒ නිසා මලගෙදරත් මගුල් ගෙදර වගේම තිබ්බලු මේ දවස් ටිකේම තාත්තගේ යාළුවො සෙට් එකම එහෙ පදිංචි වෙලාලු හිටියේ.. කොහොමින් කොහොම හරි මේ සිද්දිය වෙලා තියෙන්නේ මල ගෙදර වෙලා දෙවැනි දවසේ රෑ..

    මුළු දවසම කස්ටිය ඔක්කොම කැරකි කැරකි හිටියට හරි හමන් විදියට බඩ පිරෙන්න කාල නෑ කොහොම හරි ඔය මළගෙවල් වලටම විශේෂ වෙච්ච සෙල්ලම් එහෙම කර කර රෑ 12 විතර වෙනකොට කට්ටියට හොඳටම බඩගිනියිලු.. කස්ටිය කතා වුනාලු මාරවිල ටවුමට ගිහින් මොනවා හරි කාල පොඩි දුමක් එහෙම දාල එමු කියල.. ඔහොම කතා වෙන අතර දුර පළාතක ඉන්දල කට්ටියක් ලොරි බාගෙක මළගෙදර ඇවිල්ල ආපහු යන්න ලෑස්ති වෙලා හිටියලු. මාරවිලට යන්නත් කිලෝමීටර 5 විතර තියන නිසා කට්ටිය පුළුපුළුවන් විදියට අර ලොරි බාගෙට නගගත්තලු කොහොම හරි කටකපල එල්ලුනම එක්කෙනෙකුට නගින්න විදියක් නෑලු

    එයාට කිවලු තාත්තගේ යාළුවා අලුතින්ම ගත්ත රැලේ බයිසිකලේ තියනවා ඒකෙ එන්න කියල. මොකද ඒ කාලේ ඕව පදින්න සෙට් එකම මාර ආසයිලු. ඒත් අරය බෑ කිවලු පස්සේ ඉතින් අපේ තාත්තා වීරයා වගේ කිවලු

    “එහෙනම් උඹ නැගපන් ලොරියට මං එන්නම් බයිසිකලේ” කියල

    ඔන්න ඉතින් දැන් ලොරිය යනවලු තාත්තත් ෆුල් ඩම් එක දාල පාගල යනවලු ලොරිය පස්සෙන්.. ඔහොම ටිකක් යද්දී පිංවත් රියදුරු මහතා තියන දස්සකමට පාගල ගියාට දිගටම ලොරිය එක්කම යන්න බැරි වුනාලු.. ඔහොම ඉතින් ලොරිය ටිකින් ටික දුරස් වෙලා නොපෙනීම ගියාලු ඔය අතරෙලු අපේ තාත්තට මතක් වුනේ ඉස්සරහ කනත්ත තියනවා කියල (යාළුවා කට්ටයා.. උට සීන් එක මතක් වුන නිසා තම බයිසිකලේ එන්න බෑ කිවේ )

    කොහොම හරි ඔහොම කළුවරේ ටිකක් ඉස්සරහට යනකොට කනත්තත් ලගයිලු.. කොච්චර පොර වගේ කිවත් කනත්ත ලං වෙනකොට පොඩි චකිතයක් දැනුනලු.. දැන් කනත්ත හරියට එනකොට තාත්තා මහා හයියෙන් සිංදුවකුත් කියන්න පටන් ගත්තලු හතර වටේම කෑලි කපන්න පුළුවන් කට්ට කලුවරළු ඔය අතරේ තමා අපේ තාත්තගේ ටිකිරි මොලේට අදහස ආවේ දෙයියනේ කියල මේ අලුත්ම බයිසිකලේ ඉස්සරය අර හැඩල් මැදට ලයිට් එක එන ඩයිනමෝ එකක් තියනවා කියල ඉතින් පාගල කනත්ත මැදින් යනගමන් ඕක දානකොටම බයිසිකලේ කවුද මන්ද මාර ශක්තිමත් කෙනෙක් එක පාරටම අල්ලගත්තලු යන්න බැරි වෙන්න. කොච්චර ශක්තියක් තියන කෙනෙක්ද කියනවා නම් ඔච්චර වේගෙන් ගිය බයිසිකලේ එක පාරටම නැවතුනා වගේම බැලන්ස් නැතුව තාත්තා වැටුනලු.. වැටුන ගමන් අනික් අතට නැගිටලා ආයි බැලුවාලු මොකක්වත් නෑලු… හපොයි.. මේ කනත්ත මැද මෙහෙම උනේ එච්චර හොඳකට නම් නෙමේ කියල.. බයිසිකලේ වැටුන පාරට මොකක් හරි වෙලා තල්ලු කරගන්නත් බෑ ඒ නිසා එහෙම්මම ගත්තලු කරට, කරේ තියගනම දිවලු ඔහොම ටික දුරක් දුවල පාර අයිනේ පොඩි අම්බලමක් වගේ පොට් එකක බයිසිකලේ දාල ටවුමටම දිවලු..

    ටවුමේ කට්ටිය සෙට් වෙන්න කතා කරගත්ත කඩේට ගිහින් සෙට් එකටම මේ සිද්දිය කිවම ඔක්කොම උන් බය වෙලා.. ඒ නිසා එලි වෙනකල්ම ටවුමේ ඉඳල එලිය වැටිගන එද්දී වීරයෝ ටික ගියාලු බලන්න.. අර අම්බලමේ දාපු විදියටම බයිසිකලේ තියනවා තල්ලු කරන්න බැරි තරමේ හානිය වෙලා නෑ ඒත් ඇයි එහෙනම් ඊයේ රෑ තල්ලු කරගනවත් එන්න බැරි උනේ…?

    පස්සේ තමා කට්ටියටම කරුණු කාරණා වැටහුනේ.. කළුවරේ පාගල එන අතරතුරේ තාත්තා ඩයිනමෝ එක දැම්මා ඉස්සර ලයිට් එක ඉස්සරහ තිබ්බ බයික් වල ඩයිනමෝ එක තියෙන්නේ පිටිපස්සේ රෝදෙට හයි කරලා, ඔය එන අතරේ කලබලේට තාත්තා ඩයිනමෝ එක කියල දාල තියෙන්නේ ඊට එහාපැත්තෙ තියන ලොක් එක…