අවුරෝරා...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද මම හිතුවා අපි හැමෝගෙම දැනුම වැඩිවෙන විදියේ ත්රෙඩ් එකක් දාන්න.මම මේ කියන දේ ගැන සමහර අය අඩු වැඩි වශයෙන් දන්නවා ඇති.ඒත් හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසා මේ ලිපිය දානවා.කෙටියෙන් සරලව පැහැදිලි කරලා තියෙන්නේ...ඔයාලා අහලා තියෙනවද "අවුරෝරා" ගැන.මුලින්ම අපි බලමු අවුරෝරා කිහිපයක චයාරුප ටිකක්..ආස හිතෙනවා නේද? බලන්න කොච්චර ලස්සනයිද කියලා..

    alaska-aurora-borealis.jpg


    aurora.jpg


    image000426-thumb.jpg


    aurora2003_3.jpg


    light_aura_purple-209207.jpeg





    කොහොමද අවුරෝරා ඇතිවෙන්නේ?

    ඇත්තෙන්ම අවුරෝරා ඇතිවීමට බලපාන්නේ සුර්ය සුළඟ (solar wind).සුර්යා මතුපිට ඇතිවෙන කුණාටු තත්වයන් නිසා තමයි මේ සුර්ය සුළං ඇති වන්නේ..ඇත්තෙන්ම මේ සුර්ය සුළඟ කියන්නේ සාමාන්‍ය තත්වයක සුළඟක් නෙවේ..සුළඟ කියලා හැඳින්නුවට ඇත්තටම සිද්ධවෙන්නේ ආරෝපිත අංශු විශාල ප්‍රමාණයක් සුර්යාගේ පෘෂ්ටයේ සිට ඉවතට ගමන් කිරීම..ආරෝපිත අංශු අතරින් ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රොන නිසා තමා අවුරෝරා ඇතිවන්නේ..අපි බලමු ඒ කොහොමද කියලා..පහත රුප සටහනත් ටිකක් බලන්නකෝ..



    මුලින්ම කියන්න ඕන මේ අවුරෝරා ඇතිවන්නේ පෘථිවි පෘෂ්ටයේ සිට කිලෝමීටර 80 ක් පමණ ඉහළ වායුගෝලයේ..සුර්ය සුළඟ නිසා පෘතුවිය දෙසට පැමිණෙන මේ ඉලෙක්ට්‍රොන සහ ප්‍රෝටෝන පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය විනිවිද ගොස් වායුගෝලය සමග ගැටෙනවා..මේ ගැටුම නිසා වයුගොලගේ ඇති වාත අංශුවල පරමාණු උත්තේජනයට ලක් වෙනවා..පරමාණු වල භුමි මට්ටමේ ඇති ඉලෙක්ට්‍රොන මේ හේතුවෙන් ඉහල ශක්ති මට්ටම වලට ගමන් කරනවා..මෙලෙස උත්තේජනයට ලක්වුණු පරමාණු සාමාන්‍ය පරමාණුවලට වඩා ශක්තියෙන් අධිකයි..ඒක බොහොම පැහැදිලියිනෙ..ශක්තිය වැඩි මේ උත්තේජිත පරමාණු අස්ථායි තත්වයේ පවතින්නේ .ඉතින් නැවතත් ස්ථායි තත්වයට පත්විමිදී සිදුවන ඉලෙක්ට්‍රොන හුවමාරුවේදී ශක්තිය ෆෝටෝන ලෙස පිටවනවා..මහා පරිමාණයෙන් සිදුවන මේ ක්‍රියාවලිය නිසා තමයි අපිට මේ අවුරෝරා එලි දකින්නට ලැබෙන්නේ..ඇත්තෙන්ම අපිට විවිධ වර්ණවලින් අවුරෝරා දැකගත හැකියි..මේ ප්‍රතික්‍රියා සිදුවීමට පෘතුවි චුම්භක ක්ෂේත්‍රයෙන් සිදුකරන බලපෑම ඉතා වැදගත්..

    සුර්යාගෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොන සහ ප්‍රෝටෝන වායුගෝලයේ ඇති ඔක්සිජන් පරමාණු සමග ගැටීම නිසා තමයි රතු පැහැති සහ කොළ පැහැති අවුරෝරා ඇතිවන්නේ..


    රතු පැහැති අවුරෝරා..



    228-red-aurora-SN_1_.jpg


    image000426-thumb.jpg


    aurora2003_3.jpg


    a1aa.jpg

    කොළ පැහැති අවුරෝරා


    green_aurora.jpg



    aurora.jpg


    ISS006-E-51691_540.jpg

    සුර්යාගෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොන සහ ප්‍රෝටෝන වායුගෝලයේ ඇති නයිට්‍රජන් පරමාණු සමග ගැටීම නිසා තමයි දම් පැහැති සහ රෝස පැහැති අවුරෝරා ඇතිවන්නේ.


    රෝස පැහැති සහ දම් පැහැති අවුරෝරා


    pink-aurora-borealis-maine-1042609-.jpg


    light_aura_purple-209207.jpeg

    පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ බලපෑම නිසා මේ අවුරෝරා ඇතිවීමට බලපාන ප්‍රතික්‍රියා ඇතිවන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල පමණයි ..එම ප්‍රදේශය හඳුන්වන්නේ "auroral oval" කියන නමින්.රුපෙන් ඔයාලට තේරෙයි.


    අවුරෝරා ඇතිවන්නේ මොන වෙලාවටද? කුමන ප්‍රදේශ වලද ?

    මෙම අවුරෝරා බොහෝ විට ඇතිවන්නේ අක්ෂාංශ දේශාංශ 60-75 කලාපය තුළ..උතුරු අර්ධ ගෝලයේ ඇතිවන අවුරොරා හැඳින්වෙන්නේ "උතුරු එලි "(nothern lights) නමින්.දක්ෂිණ අර්ධගෝලයේ ඇතිවන අවුරෝරා හැඳින්වෙන්නේ "දක්ෂිණ එලි "(sothern lights) නමින්.තවත් දෙයක් තියෙනවා මේවා දැකගත හැක්කේ මධ්‍යම රාත්‍රී කාලයේ අදාල ප්‍රදේශ වල සිටින අයට පමණයි..බොහෝවිට රාත්‍රී 12 පාන්දර 2 පමණ කාලය තුළ..අවසාන වශයෙන් කියන්න ඕන මේ අවුරෝරා වැඩි වශයෙන් දැකගත හැකි කාල තියෙනවා..ඒ අවුරුදු 11 කට වරක් කියලයි හොයාගෙන තියෙන්නේ .මීළඟට එන මේ කාලය උදාවෙන්නේ 2013-2014 කාලයේදී කියලා හොයාගෙන තියෙනවා.

    :)මගේ ත්‍රෙඩ් එක ගැන ඔයාලගේ වටිනා අදහස් කියලා යන්න..අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න.බොහොම ස්තුතියි ඔයාලට .:).
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    english word එක Aurora. අරෝරා හැටියට ශබ්ද කරන්නෙ.
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මැක්සා මචං..දැන් තමයි මීටර් වුණේ...ඇපල් කොම් වල වෝල් පේපර් එකත් අවුරෝරා එකක පික් එකක් නේද??? එළ රෙප්+++
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;10410174 said:
    ගොඩාක් දේවල් උනා! :cool: :) :D :rofl: :love: :shocked: ...
    ඔක්කොම කියන්න ඕනෙද? :rolleyes:
    ඒවට තමයි තේඩ් තියෙන්නෙ. :P