WiTricity කියන තාක්ෂණය ගැන සමහරුනම් දන්නවත් ඇති.නොදන්නා අය වෙනුවෙනුයි මේ.
![]()
කුමන වයර්ලස් උපකරණයක් වුවද බොහෝවිට තවමත් එක් රැහැනකින් මිදී නැත.ඒ විදුලි රැහැනයි.වයර්ලස් උපකරණයක් වුවද එය ක්ර්ර්ර්ර්රියාත්මක කරන්නට විදුලිය ඕනෑ නිසා විදුලි රැහැනක් සමග ඔය බැදී තිබේ.එහෙත් රැහැන් රහිතව විදුලිය සම්ප්ර්රේෂණය කරමින් උපකරණ විදුලි රැහැනෙන් සම්පූර්ණයෙන් මුදවා ගත හැකි ක්‍රමයක් මීට ටික කාලයකට පෙර ඇමරිකාවේ මැසචුසසෙට්ස් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.මේ නව ක්‍රමයට අනුව විදුලිය උපදින තැන සිට තවත් තැනකට ගෙන යාමට විදුලි රැහැනක් අවශ්‍ය නැත.එය ගුවන් විදුලි තරංගයක් මෙන් එක් තැනක සිට තවත් තැනකට ගමන් කරයි.
මේ අපූරු සංසිද්ධිය එම විද්‍යාඥයින් විසින් ප්‍රදර්ශනය කලේ පරීක්ෂණාත්මක ඇටවුමක්(experimental setup) මගිනි.
අඩි දෙකක විශ්කම්භයකින් යුතු තඹ දගර දෙකක් සහිත මේ ඇටවුමේ එක් දගරයක් ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තිබූ අතර අනෙක් දගරය වොට් 60 බල්බයකට සම්බන්ධ කර තිබුනේය.විදුලියට සම්බන්ධ දගරයේ ඇන්ටනාවක් තිබූ අතර බල්බයට සම්බන්ධ දගරයේ රිසීවරයක් සවි කොට තිබුණි.මේ දගර දෙක එකිනෙකින් අඩි 7ක් ඈත් කොට විදුලිය සැපයූ විට වොට් 60 බල්බය දැල්වුනි.එනම් රැහැන් රහිතව බල්බයට විදුලිය ලැබේ.
මෙසේ විදුලි රැහැනක් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය කෙරුණේ අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංග(low frequency electromagnetic waves) වශයෙනි.මෙම පර්යේෂණය සැලසුම් කල මහාචාර්ය ශ්‍රීමත් ජෝන් පෙන්ඩ්රි කියා තිබුනේ මෙය ජංගම දුරකතනයක් ක්‍රියාත්මක කිරීමක් වැනි වැඩක් බවයි."මොබයිල් ෆෝනයක ගිගා හර්ට්ස් දෙකක ට්‍රාන්ස්මීටරයකින් තරංග සම්ප්‍රේෂණය කරත් මෙහිදී විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ මෙගාහර්ට්ස් දහයකින්" යැයි ඔහු ප්‍රකාශ කර ඇත.
![]()
ජංගම දුරකථනයක විද්‍යුත් චුම්භක තරංග ගෙවල් දොරවල් වැනි බාධක හරහා යන්නාක් මෙන් මේ රැහැන් රහිත විදුලියටද ලී,ලෝහ,කොන්ක්‍රීට් වැනි බාධක හරහා ගමන් කරන්නට පුලුවන.මේ නිසා අනාගතයේදී ප්‍රධාන විදුලි බලාගාරයකින් සම්ප්‍රේෂණය කරන විදුලිය රේඩියෝ තරංග ලබා ගන්නාක් මෙන් ඕනෑ තැනක සිට ගබා ගත හැකි වෙතැයි පර්යේෂකයෝ විශ්වාසය පල කරති.මේ ක්‍රමය ඉදිරියේදී මහා පරිමානයෙන් දියුණු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
![]()
මෙසේ අනාගතයේදී එන විදුලි බලයට ඔවුන් නමක්ද දී තිබේ.දැන් තිබෙන විදුලියට "ඉලෙක්ට්‍රිසිටි" කියන්නාක් මෙන් මේ අලුත් විදුලි බලයට ඔවුන් "වයිට්රිසිටි" යන නාමය තබා ඇත.
![]()
Code:http://en.wikipedia.org/wiki/WiTricity
Targeted microwaves would be more effective than these. If that's a health risk, you can use visible range lasers.
It had been demonstrated that above two techs can send power to ranges up to earth's orbit.


stuti yaluwa apiwa danuwat kalata.. 
