සංගාගේ කථාවෙ ඔබ නොදුටුව, නොපෙන්වූ කොටස..

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සංගාගේ කථාවෙ ඔබ නොදුටුව, නොපෙන්වූ කොටස..

නොපෙන්වූ කොටස කිව්වම තවත් මොනව හරි කියල තියෙනවද කියල බලන්න කවෘ හරි වැරදීමකින් ආවනම් සොරි වෙන්න ඔනෙ නොදුටුව කිව්වෙ..

අපේ රටේ මාධ්‍ය වලින් සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙන්නපු කොටස ගැන... මෙක EK එකට හදපු එකක් නෙවෙයි.. මෙක මෙතන බෙදා ගත්තෙ හුගක් අමාරුවෙන් කරුනු එකතු කරල හදපු එකක් නිසා බෙදා ගන්න. EK ඔක්කොම ඔකෙ audio එක video එක බලල ඇති කියල හිතෙනව.


අනික ඒක හුගක් දිගට යන එකක් නිසා හුගක් අයට නොතේරුන කොටස් තියෙනව කියල හිතුන නිසා දැම්මෙ..



අසහාය ශ්‍රී ලාංකික ක්‍රීඩක සංගක්කාරගේ ලොඩ්ස් වල පැවැත්වූ දේශනයා දැන් කාහටත්නොවසිදුන පැණයක් වී තිබේ. නිකන්ම සංගා නායකත්වයෙන් ඉවත් වූ පසුව අසහාය ක්‍රීඩකයෙකු බ්ව ඔප්පු කිරීමට දේශීය හා විදේශීය මාධ්‍ය නාලිකා නොමිළේම පුටුවහලක් ලාබා දෙනු ලැබීය. දැන් ඔහු නිකන්ම සංගක්කාර නොවෙන බව මුලු ලොවම පිලිගෙන ඇත. ඒ ඔහු ඉතා වටිනා අදර්ශයක් දෙමින් මතබේදාත්මක තොරතුරු සමූහයක් ලොකයා හමුවේ ගෙන හැරපැ නිසාය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගෙන හැර පාමින් ශ්‍රී ලාංකික ප්‍රව්ඩත්වය, සංස්කෘතික අනන්‍යතාවය, සහොදරත්වය හා සමාජ සාමුහිකත්වය වැනි උසස් ගුණාංග වලින් සවිමත් ශක්තිමත් රටක අප ජීවත් වන බව මුලු ලොකයා ඉදිරියේ ඉතා සරලව ඉතා හැගුම් බරව පැයකට අදික කාලයක් තිස්සෙ මනාව පැහැදිලි කරන ලදී. මෙවැනි දේශන නොයෙක් දෙනා නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් මීට පෙරද කළ ඇතුවාට කිසිදු සැකයක් නැත. නමුත් තාක්ෂණයේ දියුණුව ඉතා මනාව උපයොගී කොට ගත් සංවිධායකයින් මෙම කතාව මුලු ලොකයටම සවන්දීමට සැලැස්වීම සම්බන්දව ඔවුන්ට අපගේ බලවත් ස්තූතිය පුද කල යුතුය.

15-srilankahuddle-300.jpg


ඔහු ප්‍රකාශ කළ ආන්දොලනාත්මක ප්‍රකාශ හුදෙක් අතිශොක්තියක් නොවෙන බව මෙම දේශනය ඉතා සාවධානව අසා සිටි කෙනෙකුට හොදින් වැටහේ. මෙම වෙබ් අඩවියෙන් මෙම සම්පූර්ණ කතාව බාගත කිරීමේ හැකියාව ලබාදී ඇත. ත්වද වීඩියො දර්ශනද සපයා ඇත.

Visit to listen, Watch download.

සංගක්කාර මෙම දේශනයට කැදවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයට විවේචනය කරනු ලැබූයේ ඔහුගේ එන්ගලන්ත සංචාරවල දක්වා තිබූ අඩු දක්ශතා නිසා විය හැක. නමුත් සන්විධායක මණ්ඩලය ඉතා මනා ලෙස ඔහුගේ සුදුසුකම් අර්ථ දක්වා ඇත.
English සින්හල

මෙම දේශනය කල ලාබාලම ක්‍රීඩකයා ලෙස ඇඩම් ගිල්ක්‍රිස්ට් සමට සම තැන් ගත් සන්ගක්කාර 2001 සිට පැවති මෙම දෙශකයන්ගෙන් වර්ථමානයේ ක්‍රීඩාකරන අතරතුර දේශනය සදහා සහභාගි කරවූ ප්‍රථම දේශකයාද විය. මින් පෙර දේශනය කළ සියලුම දේශකයන් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව සහභාගී කරගෙන තිබීමද විශේෂයකි.


ඔහුගේ දේශනය පුරාම තිබුණේ අපගේ රට පිළිබදව ඉතා සරලව පැහැදිලිකල ගුණාංග සමූහයකි. ඔහු මාතෘකාව වශයෙන් තොරාගෙන තිබුණේ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනයයි, ඔහු එමගින් ලොක ක්‍රිකට් ප්‍රජාවට පණිවුඩයක් දීමට අදහස් කරන බව පැහැදිලි කලේය.


අප රටේ ඉතිහාසය ක්‍රීඩාව ආරම්භවූ අවදිය එහි පැවැත්ම සීමාකාරීව පැවති වට පිටාව එහි ගමන්මග එදාසිට අද දක්වා ඉතා සරලව පැහැදිළිව ආර්ථ දැක්වීය. එසේම ක්‍රිකට් ක්‍රීඩාව අප රටට හදුන්වා දීම සම්බන්ධව සුදු ජාතිකය්න්ටද ස්තූතිය පිරිනැමීය. වාසනාවට අපරටේ මාධ්‍ය හා බොරදියේ මාලු බාන්නන්හට මෙය මාතෘකාවක් නොවීය.. සන්ගාව විජාතික බලවේග වල ඉත්තෙකු කිරීමටද මෙම කොටස ප්‍රමාණවත් විය.


බෙල්ල කැපූ පිහියට වයිර කරන මනුශ්‍යයා එළවලු මාලුපිණි කැපීමට ගන්නා පිහියට වයිර නොකරයි.. මේ සැම ප්‍රකාශයකම නියම අර්ථය වටහා නොගැනීම නිසා ඉතා බයානක ගැටලු පැන නැගී ඇත.


අටේ පැවතුන නොයෙක් කළකොලාහල ගැටුම් හා නොයෙක් ව්‍යසන ඉදිරියේ නොසැලිව මුහුණදුන් ශ්‍රී ලාංකිකයා ඉතා සහ්ක්ති සම්පන්න ජාතියක් බව පැහැදිලි කළේය. මේ සැම ප්‍රකාශයකදීම ඔහුගේ අතීත මතක සටහන් එක් කරමින් සැම අවස්තාවක්ම අසන්නාගේ හිතේ තැන්පත්වන විදියට ඉදිරිපත් කල ඔහු අපගේ රට පිළිබදව කාගේහො තිබූ සියුම් සැකයද ඉවත් කිරීමට සමත් විය.


සැම කුමන අවස්තාවකදී වුවද රටේ සැම සියලු ජනතාවගේම ආකර්ශනය ක්‍රිකට් වෙත තිබූ ආකාරයද.. ., එම කුමන බාදාවකදී වුවද මිනිසුන් එක්කොට තැබීමට ක්‍රිකට් සමත්වූ බවද පැහැදිළි කලේය.


ශ්‍රී ලාංකික අපට ක්‍රිකට් නිකන්ම ක්‍රීඩාවක් පමණක් නොවෙන බව ඔහුගේ කතාව ආරම්භ කරමින් කියා සිටියේය.


Cricket in Sri Lanka is no longer just a sport: it is a shared passion that is a source of fun and a force for unity. It is a treasured sport that occupies a celebrated place in our society.
It is remarkable that in a very short period an alien game has become our national obsession, played and followed with almost fanatical passion and love. A game that brings the nation to a standstill; a sport so powerful it is capable of transcending war and politics.

යුද්ධය භීශණය සුනාමි ව්‍යසනය වැනි භයානක අවධි පසු කළද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නොනැසී පැවතීම ක්‍රීඩාවට ආදරය කරන ජනතාව නිසා සිදු වූවක් බව සිහි කළේය. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සැම සියලු පුරවැසියෙකු වෙනුවෙන් ආදර්ශවත්ව ක්‍රීඩාකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

අපරට ඉන්දියාවේ මෙන් ක්‍රිකට් ආගමක් සේ නොසැලකුවද ක්‍රිකට් හා ලංකාව බද්දවී ඇති බව නොරහසකි. ලොක කුසලාන තරග පැවැත්වූ කාලයේදී රූපවහිනියෙ හො තරග නොබලන බොහොදෙනා ක්‍රීඩාංගණයට යැමට ආස කලේ මේ හෙතුව නිසාය.


ක්‍රීඩාවේ මැත අවදිය පැහැදිළි කරමින් ක්‍රීඩාව වෙනස් වූ ආකාරය වෙනස් කිරීමට සහයවූ ක්‍රීඩකයන් වෙනස් කිරීමට ඉවහල් වුණ කරුණු මනාව පැහැදිලි කලේය.

arjunafinal-300x209.jpg

අරජුනගේ නායකත්වය රටේ ක්‍රීඩාව වෙනස් කළ අකාරය ඔහුගේ නොසැලුන ගුණාංග ඔහු ක්‍රීඩකයන් විනයානුකූලව සකස්කළ ආකාරය පෙන්වාදුනි. ඔහු රටේ ක්‍රීඩා සමාජවල තිබූ නොයෙක් අචාර ධර්ම වෙනස් කොට ක්‍රීඩාවට ඔනැම ක්‍රීඩකයෙකුට පැමිණිය හැකි වට පිටාව සකස්කල අකාරය පෙන්වා දුණි.

No-ball-Controversy-a-Fake-memory-For-Murali-190x275.jpg

මුරලි වටා සියලුම ලාංකියකයන් ඔහුගේ ප්‍රශ්නවලදී සිටි ආකාරයත් ඔහු නොයෙක් චොදනාවලින් නිදහස් වීමට ලාංකිකයන්ගේ එකමුතු කම පන්නරයක් කර ගත් ආකාරයත් සියුම් ලෙස පෙන්වාදුණි.

නොයෙක් දෙනා සනත් හා සංගක්කාර අතර නොයෙක් ගැටුම් ඇති බව පෙන්වීමට උත්සාහ කළද.. ඔහුගේ ක්‍රිකට් ලොවේ සදාකාලික වීරයා සනත් ජයසුරිය වීමද ප්‍රකාශකරන ලදී.. සනත් මුරලි අර්ජුන අරවින්ද හැරුණ කොට කැමති ක්‍රීඩකයා කව්ද කියා ඔහුගෙන් විමසූ විට බ්‍රයන් ලාරා හට කැමති බව පැවසුවද.. සනත් ක්‍රීඩා කිරීම නැරඹිම හැර කිසිවෙක් ක්‍රීඩා කරනවා බැලීමට අකමැති බව පැවසීමෙන් ඔහු කුහකයෙකු නොවන බව පෙන්වීය.


Sanath-and-aravinda.jpg


ඔහු ක්‍රීඩාවට පැමිණි අකාරය හා ඔහුට ක්‍රීඩා කිරීමට පෙළඹ්වූ කාරණය පැහැදිලි කිරීමේදී සනත් හා අරවින්දගේ නම් කියවිණ. 1996 ලොක කුසලාන කෙන්යා තරගය ඔහුගේ වැදගත් කඩයිමක් බව පැවසීය. එහිදීද ඔහු කුහක නොවීය.



Until that time I was playing cricket with no real passion or ambition. I never thought or dreamed of playing for my country. This changed when I watched Sri Lanka play Kenya at Asgiriya. It was my final year in school and the first seed of my vision to play for my country was planted in my brain and heart when I witnessed Sanath, Gurasinghe and Aravinda produce a devastating display of batting. That seed of ambition spurted into life when, a couple of weeks later I watched on television that glorious final in Lahore. Everyone in Sri Lanka remembers where they were during that final.



එළිවෙන පසු දින අප බලාපොරොත්තුවූයේ පුවත්පත්වල මුල් පිටුව ඔහුගේ නමින් වෙන්වීම දැකීමටය. ඔහුගේ එම කතාව රාජතාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් තැනක් ගත් දේශනයක් විය. ඔහුගේ දේශනය ලොව වට මිලියන ගණනක් ක්‍රිකට් ප්‍රේක්ශකයන් අසා සිටියේය.


නමුත් සිදු වූයේ ඉතා කණගාටු දායක සිදුවීමකි. ඔහුගේ දෙශනයේ අවසන් විනාඩි 7ක 8ක කොටසක් පමණක් ලොකයේ දේශනය නො ඇසූ ජනතාවවෙත ගෙන යාමට ලොක මාධ්‍යය සමත් විය. බොර දියේ මාලු බාන්නන් හට මම කොටස කනට පැණි වත්කකරන්නට සමත් විය.

ක්‍රීඩාවේ වර්ථමානය හා අභියොග.

1996න් පසු ක්‍රිකට් පිටුපස මුදල් ගලා ආ ආකාරය. එම මුදල් භාවිතයේ සිදුවුණු අක්‍රමණිකතාඑදා සිට අද දක්වා සිදුවූ පරිපාළන දුර්වලතා, දූෂණ නැවැත්වීමට පියවර නොගැනීම. ස්වාධීන ආයතනයක් වියයුතු ක්‍රීඩා ආයතන දේශපාලනීකරනය වීම. පරිපාලකයන්ගේ පත්වීම් දේශපාලන පත්වීම වීම නිසා විනිවිධබ භාවයේ ගැටලු පැවතීම.

ක්‍රීඩකයන්ගේ හා තේරීම් කමිටුවල ස්වාධීනත්වය නැති වීම, තරග කණ්ඩායමක් පත් කිරීමට දේශපාලන හස්තයක නිර්දේශය අවශ්‍යවීම. මේ ගැටලු අතර විය. මේවා ඇස් කන් පේන ඔනැම මිනිසෙකු පිළිගන්නා සත්‍ය කරුණුය.

මෙම කොටස පැහැදිලිව මෙම වීඩියො එක මගින් දක්වා ඇත.

http://youtu.be/zm3ZZtAYooU

සන්ගා මෙවා පැහැදිලි නොකළේනම් ඔහුගෙන් ඇසීමට ප්‍රශ්න දහස් ගණනක් එම සභාවෙන් මතු වීමට තිබිණ.

  • මෙතරම් සුකිතව මුදිතව ඇති ඔබෙ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය එලවා දැමුවේ මන්ද...? News
  • 2001 සිට අදවෙනතුරු කමිටු කීයක් පත් කළාද ඔවුන් ඉස්යලුම දෙනා නොයෙක් දූෂණ හා නොයෙක් කාරණා නිසා ඉවත් වුණේ මන්ද..? SLC Appointments of Committees from 2001 to 2011
  • ඔබේ ආයතනයට වාර්ශිකව ඉතා විශාල වශයෙන් මුදල් ICC එක මගින් ලබා දුන්නත් ආයතනය භාණ්ඩාගාරණය ඉල්ලන්නේ මන්ද..?
  • ලොක කුසලාන තරග 8ක් පැවැත්වීමට ආසන්න වශයෙන් US $ 7.2 million ලබාදී තිබියදීත් නැවත ICC එකෙන් ණය ඉල්ලන්නේ මන්ද... ?
  • අන්තර් සමාජ තරගවලින් පුහුණුකරුවන්, ක්‍රීඩකයන් විසිවී යන්නේ මන්ද...? News
  • මෙතරම් ආදරේ කරන පිරිසක් සිටියත්, මිලියන 20 ඔබ දිහා බලා සිටියත්.. ඔබ ගැන බලන්නේ කව්ද...?
  • ඔබෙ රටේ සිටි පැරණි ක්‍රීඩකයන් ක්‍රීඩාවට උදව් නොකරන්නේ මන්ද...?
මෙවැනි ප්‍රශ්න මාලාවකට උත්තර දීමට ඔහුට සිදුවන අතර ඔහු කෙරෙහි තිබුණ විශ්වාසය ඔහුගේ පෞර්ශත්වය කාබාසිනියා කර ගැනීමට සිදුවේ. දේශපාලකයින් මේ ප්‍රශ්නවලින් කෙසෙහො වෙට්ටු දමා ලැජ්ජවී කිසි ලැජ්ජාවක් නැති ආකාරයට ගැලවුණද නියම ශ්‍රී ලාංකිකයෙකුට එය කළ නොහැක.

ඔහුගේ හිතේ කැකැරෙමින් තිබූ මේ විනාශය දූෂණය දැන් ලොව පුරා කතාබහට විවෘත කොට ඇත. මේ ඔහුගේ කටින් පිට වූයේ මේ රටේ මිලියන 22 වන ජනතාවගේ හඩය. සියලුම ක්‍රීඩකයන්ගේ හඩය. මෙය ක්‍රිකට් කියන ක්‍රීඩාව සදහා පමණක් අදාළ නොවෙන කාරනයකි.

ඔහු අවසානයේ ඉල්ල සිටියේ ICC එක හට මෙවැනි පරිපාලන ව්‍යුහයක් ඇති තැන්වහාම නිවැරදි කිරීමට ක්‍රියා කළයුතු බවය. මෙවැනි ආයතන සදහා ආධාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු බවය. ක්‍රීඩාව නැංවීමට ලබාදෙන මුදල් තමන්ගේ නිවසට ඉහල මහලක් ගැසීමට උදව් කර ගන්නා සියලුම දෙනා හට මෙය කණේ පහරකි.


මුලු ලොක ප්‍රජාවම මේ කථාවෙන් සලිත වූවේ මේ නිසාය හෙට ඉන්දිය ක්‍රීඩකයෙක් මෙසේ ඉදිරියට එනු ඇත අනිද්දා පාපන්දු ක්‍රීඩකයෙකු මෙසේ ප්‍රකාශ කරණු ඇත. තවත් දිනක වෙනත් වෘතිකයෙකු ඉදිරිපත් වෙනු ඇත. අදාළ සංගම් ඔවුන් දෙන ප්‍රතිලාභ කප්පාදු කරනු ඇත.

අවසාන වශයෙන් පෙන්වාදීමට ඇත්තේ මෙයින් කිසිදු වෙනසක් සන්ගාටවත් මෙය ලියන මටවත් කියවන ඔබටවත් කළ නොහැක. නමුත් මේ රටේ ජනතා නාලීකාවල පමණක් යන වැඩසටහන් නරඹන සහොදර සහොදරයින් වෙත මෙම පණිවිඩය ගෙනයා හැක..

ලොවම මල් මාල දමා අසහාය ක්‍රීඩකයෙකු කළ ක්‍රීඩකයා, නිකන්ම නිකන් සන්ගා කෙනෙකු කිරීම කළ අපරටේ මාධ්‍ය ගැන අප දුක් විය යුතුය.



link : http://www.tubechop.com/watch/181951

අවසානයේ කිවයුතුව ඇත්තේ ප්‍රේක්ශකයන් සියලු දෙනා සන්ගක්කාර නමැති මිනිසා පිටු පස සිටින බවය එසේ නොහැකි කෙනෙකු සිටීනම් ඔහු ශ්‍රී ලාංකික යෙකු තබා මනුශ්‍යයෙකුද නොවනවා අනුමානය ඇත.


f09209ae-d719-4560-94f5-e832d3ce5e9aMediumRes.JPG


ලංකාවේ ක්‍රිකට් පවතින්නේ ප්‍රේක්ශකයා නිසාය.. ඉන්දියාවේනම් පුද්ගලික ආයතන නිසා ක්‍රිකට් සමාජගතව තිබේ.. ප්‍රේක්ශකයාට මෙය එපා වුවහොත් ක්‍රිකට් යනු තවත් එක් ක්‍රීඩාවක් වනු ඇත.



Loyal fans are becoming increasingly disillusioned. This is very dangerous because it is not the administrators or players that sustain the game– it is the cricket-loving public. It is their passion that powers cricket and if they turn their backs on cricket then the whole system will come crashing down.



අවසානයේ සන්ගා ප්‍රකාශ කලේ ඔහු රටේ සියලුම ජාතීන් ආගම් නියොජනය කරන අතර රටේ ප්‍රෙක්ශකයන් වෙනුවෙන් ඔනැම විටක ඔනැම අවස්තාවක ක්‍රීඩාකරන බවත්. ක්‍රීඩාව ඉදිරි අනාගත පරපුරට සාඩම්බරව ප්‍රකාශකල හැකි ආකරයට ආරක්ශා කිරීමට හැකි සියලුම උත්සාහයන් ගන්න බවත් ප්‍රකාශ කිරීම ඉතා හැගීම්බර විය.

131049.jpg


In our cricket we display a unique spirit, a spirit enriched by lessons learned from a history spanning over two-and-a-half millennia. In our cricket you see the character of our people, our history, culture and tradition, our laughter, our joy, our tears and regrets. It is rich in emotion and talent. My responsibility as a Sri Lankan cricketer is to further enrich this beautiful sport, to add to it and enhance it and to leave a richer legacy for other cricketers to follow. I will do that keeping paramount in my mind my Sri Lankan identity: play the game hard and fair and be a voice with which Sri Lanka can speak proudly and positively to the world. My loyalty will be to the ordinary Sri Lankan fan, their 20 million hearts beating collectively as one to our island rhythm and filled with an undying and ever-loyal love for this our game. Fans of different races, castes, ethnicities and religions who together celebrate their diversity by uniting for a common national cause. They are my foundation, they are my family. I will play my cricket for them. Their spirit is the true spirit of cricket. With me are all my people. I am Tamil, Sinhalese, Muslim and Burgher. I am a Buddhist, a Hindu, a follower of Islam and Christianity. I am today, and always, proudly Sri Lankan.
ඉහත කොටස මෙම වීඩියොවේ වෙන්කොට ඇත.
link : http://www.tubechop.com/watch/181954

දේශනය සදහා රැස්ව සිටි පිරිස හුනසුනෙන් නැගිට අත්පොලසන් දී උත්තමාචාර කිරීමට තරම් මේ කථාව ප්‍රභල එකක් විය. මීට පෙර 2008දී සිම්බබ්වේ ජාතික ඩෙස්මන් ටුටූගේ දේශනයටද මෙවැනි පිළිගැනීමක් ලැබී තිබුණි. හිරු නොබසින අධිරාජ්‍ය විධියට ප්‍රසිද්ධියට පත්වූ එන්ගලන්ත ජාතිකයින් ඉතාමත් ආඩම්බරකාර ජාතියක් බව නොරහසකි .. ඔවුන් නැගිට ආචාර කිරීම යනු ඉබ්බගෙන් පිහාටු ගන්නවා වැනි දෙයකි.


අප රටේනම් ඔනැම කුඩු කාරයෙක් මංකොල්ල කාරයෙක් වුවද ඉහළ පුටුවකට ගියපසු නැගිට ආචාර කිරීම මේ ගනයට නොවැටේ..


අර්ජුන රණතුංග එදා කට හඩ අවදි කලද දේශපාලනය නිසා ඔහුගේ හඩ නැසී ගියේය. සන්ගා වෙනුවෙන් සන්ගාගේ ක්‍රීඩා දිවියේ අනාගතය වෙනුවෙන් ලාංකිකයන් සියලුදෙනා උදව් කරනු ඇතැයි විශ්වාස කරමු.


කීමට ඇත්තේ එක දෙයකි.. සන්ගක්කාර වැනි රාජතාන්ත්‍රිකයෙකු ක්‍රීඩාවේ යෙදීම රටේ වාසනාවකි..


මෙම ලිපිය සංවාදයට විවෘතය. මෙය හුදෙක් ලේඛකයාගේ මතයක් වන අතර විරුද්ධ මත දරන්නන්ගේ මතයට ගරු කරමි.




© CricTurf.com
All the content on this content can be reproduced only by giving the due courtesy.

bp43.jpg


 
Last edited:

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
දැන් ඔක්කොම කියවල අත වන වන යන්න එපා පොස්ටෙ එකෙ අඩුපාඩු හොද නරක ලියල යන්න.. ඔක අමාරුවෙන් හදපු එකක් කියල පේනවනෙ. වීඩියො කැලි හොයල කපල අටවල හැදුවෙ. තව ලියන්න තිබුනට ඔකත් දිග වැඩීද මන්ද..



සමහර කොටස් copy paste කරන්න බැහැ...
අතර මැදින් අඩුවෙච්ච කොටස මෙතන තියෙනව.


ලොවම මල් මාල දමා අසහාය ක්‍රීඩකයෙකු කළ ක්‍රීඩකයා, නිකන්ම නිකන් සන්ගා කෙනෙකු කිරීම කළ අපරටේ මාධ්‍ය ගැන අප දුක් විය යුතුය.

ක්‍රීඩා අමාත්‍යවරයා අඩුව තබාගෙන අතපුළුස්ස ගෙන ඇත පවතින ක්‍රමය වෙනස් කිරීමට ඔහුට කොන්දක් නැත. ඒ කොන්ද කඩාගෙන පරිපාලන ව්‍යුහයට පැමිනෙන නිසාය. මෙම ප්‍රකාශවල කොතනකවත් වර්ථමාන පරිපාලනය පමණක් මේවාට වගකිවයුතු බව සදහන්වී නැත මෙය 1996 සිට පැවති ක්‍රමයකි. නමුත් වගකීම භාරගැනීමට මෙම පරිපාලනයට සිදුවීම ධය්වයේ සරදමකි.. අවාඅසනාවට වර්ථමාන පාලනයද චොදනාවලට නිතරගයෙන් විවරව සිට්යී.

ඔහු දැන් පරිපාලනයේ දුර්වල කම් පිළිගනී. ක්‍රීඩකයා පරිපාලකයා වූ නිසා එසේ සිදු වුණ බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.. එහෙත් ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන් දැනුදු ක්‍රීඩාකරන අතර පරිපාලකයන් එළවා දමා ඇත..

පරිපාලකයන් වූ ක්‍රීඩකයාට විරුද්ධව ගත් විනය ක්‍රියාවක් අපිට ආරන්චිවූයේද නැත. විනය පරික්ශනයක් කිරීමට සුදුසුකම් ඇති පාලකයෙකු නොමැතිවීම ඊට හේතුවූවාට කිසිදු සැකයක් නැත.

වීඩියොවේ පැහැදිලිව සදහන් කරයි.


 
Last edited:

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
    සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සංගාට ජයවේවා!

    සංගාට ජයවේවා!

    sangata mokuth wenna denna ba...ehema wunoth eka e welawata balagamu

    nice post machan ...! ela ..! rep+

    අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
    සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ

    well done sanga...we are with u


    24 යනකන් රෙප් දෙන්න බැහැලු... තැන්කූ වේවා
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    aniwa ban

    අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
    සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ

    sangata api innawa,kawru hari awoth ithin p**ta thama wedi thiyanne,gun ekak hadanawa idu ko
     

    elarosh

    Active member
  • Jul 19, 2009
    117
    39
    28
    E katha kale sanga witharak newei. eka mulu lanakawema cricket walata adare karana ayage hada kiyalai mama nam hithanne. So ..sangata wiruddawa ganna onama deyak api hamotama wiruddawa ganna theeranayak wei. Edata oya moosala deshapaluwanta wiruddawa mulu ratama ei kiyalai mama nam hithanne...
     
    • Like
    Reactions: mr.tikko

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    හුගේ ක්‍රිකට් ලොවේ සදාකාලික වීරයා සනත් ජයසුරිය වීමද ප්‍රකාශකරන ලදී.. සනත් මුරලි අර්ජුන අරවින්ද හැරුණ කොට කැමති ක්‍රීඩකයා කව්ද කියා ඔහුගෙන් විමසූ විට බ්‍රයන් ලාරා හට කැමති බව පැවසුවද.. සනත් ක්‍රීඩා කිරීම නැරඹිම හැර කිසිවෙක් ක්‍රීඩා කරනවා බැලීමට අකමැති බව පැවසීමෙන් ඔහු කුහකයෙකු නොවන බව පෙන්වීය.

    meka nam pattama katahwak mageth sadakalika weeraya sanath jayasooriya tamai....
     
    • Like
    Reactions: mr.tikko