ඉරෙන~රහස

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉරෙන රහස


    “මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා.” රොෂාන් දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු චමිල ඇසීය.
    ”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” රොෂාන් කීවේ පස්ස අතගාමිනි.
    :P


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගායනයේ රඟ


    ගායනයේ රඟ


    අර යන හාදයානෙ මේ සැරේ රියැලිටි ෂෝ එකේදි හොඳම ගායකයා වුණේ” තුන්මුල්ල හරහා හයිලෙවල් පාර දිගේ නුගේගොඩ දෙසට මෝටර් රථයකින් යමින් සිටි තරුණයකු තම සැමියාගේ අවධානයට යොමු කළ හේමා මෙසේ ද කීවාය.
    ”මිනිහා සින්දු කියනවා බලන්නට ටීවී දහස් ගණනක් විකුණුනාලු”
    ”වෙන්ඩ ඇති. ඔය මනුස්සයගෙ සින්දු ටීවී එකේ යනකොට මටත් අපේ ටීවී එක විකුණලා දාන්ඩ හිතෙනවා.” උපාලි කීවේය.


    :lol:

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මිල වැඩිවෙලා

    මිල වැඩිවෙලා


    බන්දුල බෞද්ධාලෝක මාවතේ තම සේවා ස්ථානයට බොහෝ විට ගියේ බොරැල්ල හරහාය. එසේ යද්දී බොරැල්ල මංසන්ධියේ පදික වේදිකාවේ පුටුවක් මත වාඩිවී පනා විකුණන අංග විකල තරුණයකු ගේ දර්ශනය ඔහුගේ සිත සසල කළේය. තරුණයා වෙත ළංව ඔහුගේ කුඩා මේසය මත රුපියලක් තබන බන්දුල පනාවක් නොගෙනම යන්නට පුරුදු විය.
    දිනක් ඔහු සුපුරුදු පරිදි අංග විකල තරුණයා අසල රුපියලක් තබා යද්දී එකී තරුණයා ඔහුගේ අතින් අල්ලා ගත්තේය.
    ’මං දන්නව ඔහේ අහන්න හදන දේ. මම හැමදාම සල්ලි දෙනවා මිසක් පනාවක් ගන්නෙ නැත්තෙ ඇයි කියල නේද?’ බන්දුල තරුණයා වෙත ළෙන්ගතු සිනාවක් පාමින් ඇසීය.
    ’නෑ සර් ඒක නෙමෙයි. අද ඉඳලා පනාවක් එකයි පනහයි.’ තරුණයා කීවේය.


    :rolleyes::P


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙළෙඳ ලණුව

    වෙළෙඳ ලණුව


    ”නෝනා කැමැති ද ඉස්තරම්ම අලුත් තණකොළ කපන යන්ත්‍රයක් ගන්න.” නිවෙස්වලට ගොස් තම අලෙවි භාණ්ඩ සඳහා ඇණවුම් ලබාගන්නා වෙළෙඳ නියෝජිතයකු එක් නිවෙසකට ගොස් එහි ස්වාමිදුවට කීවේය.
    ”එපා, අපිට එකක් තියෙනවා.” ඇය කීවාය.
    ”ඒ වුණාට ඒක හොඳටම පරණ, කබල් එකක් නේද?” වෙළෙඳ නියෝජිතයා ඇසීය.
    ”තමුසෙ කොහොමද දන්නෙ?” ස්වාමිදුව කෝපයෙන් ඇසුවාය.
    ”ඇයි නෝනා, අර අල්ලපු ගෙදර නෝනා, “මේක නං අපේ අල්ලපු ගෙදර කබල වගෙ නෙමෙයි” කියල අලුත් මෙෂින් එකක් ගත්තනෙ” නියෝජිතයා කීවේය.
    ”ඒකි එහෙම කිව්වද? හොඳයි ගේනවා මටත් අලුත්ම එකක්.” ස්වාමිදුව කෝපයෙන් මුහුණ කළුකර ගනිමින් උස්හඩින් ඇණවුම් කළාය.
    :baffled::lol:


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලැජ්ජා වෙන්නෙ මොකටද?


    ’කලින් ලියපු විහිළු ආයෙත් ලියන්න තමුසෙට ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?’ උපාලි පත්තර කන්තෝරුවේ කොරිඩෝවේදී හමු වූ චන්ද්‍රසිරිගෙන් ඇසීය.
    ’මං ලියපු විහිළු, තමුසෙලා ගේ පත්තර කන්තෝරුවෙම වෙනින් පත්තරවලට ලියන්න, වෙන අයට ලැජ්ජා නැත්නම්, ඒවා තමන්ගෙ පත්තරවල පළ කරන්න ඒ පත්තරවල කර්තෘ මහත්තයලට ලැජ්ජා නැත්නම්, මං ඒවා ආයෙත් ලියන්න ලැජ්ජා වෙන්නෙ මොකදට?’ චන්ද්‍රසිරි සිනාසෙමින් ඇසීය.

    :):lol:

    සිළුමිණ

    බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
    නැත්නම් හරි නෑ නේ
    :)
     

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    ඉරෙන රහස


    “මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා.” රොෂාන් දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු චමිල ඇසීය.
    ”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” රොෂාන් කීවේ පස්ස අතගාමිනි.
    :P


    :lol::lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    o50vymw2x8we.jpg
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ඉරෙන රහස


    “මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා.” රොෂාන් දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු චමිල ඇසීය.
    ”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” රොෂාන් කීවේ පස්ස අතගාමිනි.
    :P



    mekanam patta machan... :lol::lol::lol::lol::lol::lol::lol: