මට ලැබුනු මේල් එකකින් උපුටා ගත්තු දෙයක් මේ දාන්නෙ. කලින් කවුරු හරි මේ පිලිබදව දාල තිබුනනම් සමාවෙන්න. මේක වැදගත්වෙයි කිලය හිතුන. ඉතින් කියවලම බලන්නකෝ.
ශ්‍රී ලංකාවේ සමෘද්ධි පවුල්වල
සිගරට් වියදම රුපියල් කෝටි 1200යි
"ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 20කට ආසන්නයි මේ ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව, හෘදරෝග, අධික රුධිර පීඩනය සහ පිළිකා වැනි බෝ නො වන රෝගවලට ගොදුරු වී සිටිනවා. මේ රෝගවලට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දුම් පානයයි. දුම් පානය නිසා ශ්‍රී ලංකාව තුළ පමණක් දිනකට 60 දෙනෙක් පමණ මිය යනවා. ඒ නිසා සියලු දෙනා ම එක් වී දුම්පානය අවම කිරීමට ක්‍රියා කළොත් වසර 2015 වන විට දුමෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකි වනවා යෑයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මැයි 31 වැනි දිනට යෙදුණු ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය.
මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නො වන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුර ජයසිංහ මහතා "ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලෝකය පුරා මිලියන 5ක් පමණ දුම්පානය නිසා මිය යනවා. වසර 2030 වන විට මේ සංඛ්‍යාව මිලියන 8 දක්වා වැඩි වෙන්න ඉඩ තිබෙනවා. 20 වැනි සියවසේ දී මිලියන 100ක් පමණ වූ මරණවලට ප්‍රධාන හේතුව දුම්කොළ භාවිතයයි. 21 වැනි සියවස අවසන් වන විට මේ සංඛ්‍යාව බිලියන 1ක් හෙවත් මිලියන 1000ක් පමණ විය හැකියි. වසර 2008 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව දුම් පානයට යොමු වූ පිරිමින් ගේ ප්‍රතිශතය සියයට 29.9ක් බැව් අනාවරණය වී තිබෙනවා.
දුම් වැටියක පිළිකාකාරක රසායන ද්‍රව්‍ය වර්ග 69ක් තිබෙනවා. ශ්වසන මාර්ගයේ පිළිකාවලට ප්‍රධාන හේතුව දුම්පානයයි. දියවැඩියාව ඇති වීමට හේතු ගණනාවක් තිබුණත් දුම්පානය හේතුවක් වන බව සොයාගෙන තිබෙනවා ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙනවා" යනුවෙන් පැවසී ය. මෙහි දී මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පුබුදු සුමනසේකර මහතා අදහස් දක්වමින් "ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභී පවුල්වල සිගරට් සඳහා යන වියදම පමණක් රුපියල් කෝටි 1200ක් බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ ලංකා දුම්කොළ සමාගම කියල ආයතනයක් තිබෙනවා කියල. එහෙම දෙයක් නෑ. තිබෙන්නේ බ්‍රිතාන්‍ය ඇමෙරිකා දුම්කොළ සමාගමේ සිගරට් විකුණන ශ්‍රී ලංකාවේ වෙළෙඳ සලයි.
මේ අය ලංකා දුම්කොළ සමාගම කියල කරන්නේ රැවටීමක්. දකුණු ආසියානු කලාපයේ මිලියන 240ක් සිගරට් හා සුරුට්ටු භාවිත කරනවා. තවත් මිලියන 240ක් දුම් රහිත, දුම්කොළ සහිත බුලත් විට හා අනෙකුත් ද්‍රව්‍ය භාවිත කරනවා. මේ තත්ත්වය අවම කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් 11න් 9ක් විධිමත් අයුරින් පියවර ගෙන තිබෙනවා.
දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු සම්මුතිය වසර 2003 ජුනි 16 සිට 22 දක්වා ජිනීවාහි දීත් ජුනි 30 සිට 2004 ජුනි 29 දක්වා නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන් ගේ මූලස්ථානයේ දී යුරෝපීය සංගමය ඇතුළු රටවල් 168ක් අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාව 2003 සැප්තැම්බර් 23 වැනි දින මේ සම්මුතියට අත්සන් කළා. 2003 නොවැම්බර් 11 වැනි දින මෙය පිළිගැනීමට ලක් වුණා" යෑයි පැවසී ය.