නිදි නැති රැයක්
රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ
පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ
නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ
අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි
දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි
දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි
මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි
අස්වනු කපා අතමිට සරු වන දවසේ
මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....
රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ
පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ
නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ
අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි
දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි
දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි
මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි
අස්වනු කපා අතමිට සරු වන දවසේ
මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....




HAPPY SHOPPING DAY!!!!!!
තෙල් බෙහෙත් ටිකක් යවමු....පූවි අක්කිට කියලා ගාගන්න.......