වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් අනුමැතිය දීලා
වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
සිසුන්ට සායනික පුහුණුව පෞද්ගලික රෝහල්වලින්
නිලන්ත මදුරාවල
විදේශ වෛද්‍ය උපාධියක් පිරිනමන බව සඳහන් කරමින් මීට දෙවසරකට පමණ පෙර මාලබේ පිහිටුවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට දේශීය වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා අවසර දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙම වෛද්‍ය විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන ඇති අතර එම අවසරය ලබාදීම පිළිබඳව අධ්‍යයනය කිරීමට කොමිෂන් සභාව කමිටුවක් ද පත්කර තිබිණි. එම කමිටු සාමාජිකයන් වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයට ගොස් පරීක්‍ෂා කළ බව දැනගන්නට තිබේ. එම කමිටු නිර්දේශයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබාගැනීම සඳහා වැය කළ යුතු මුදල රුපියල් ලක්‍ෂ හැටපහක් පමණ වේ. මේ සඳහා මෙතෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ද ලැබී නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබීම නිසා එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලැබීමට ද නොහැකි වී තිබේ.
මෙම වෛද්‍ය විද්‍යාලයට දේශීය වෛද්‍ය උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීමේ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. එම අවසරය ලබාදීමට ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවද සඳහන් කළ ලේකම්වරයා එහි දැනට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා පෞද්ගලික රෝහල් සොයාගෙන ඇතැයි ද පැවසීය.
මෙම වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට සිසු සිසුවියෝ දෙසිය දෙනකුට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති.

its not sold okay you can still fail after paying this amount of money think about it man!

hoda wadak...
mewa lankawe danawanam eeta kalin government medical faculty wala Standards hadala inna one.campus wala lectureslata hondata salary denna one. netnam okkoma mewata yai. ethakota government universities wala unta hulan