දහදියේ සතුට විඳින ගුවන්විදුලි මහගෙදර වැස
දහදියේ සතුට විඳින ගුවන්විදුලි මහගෙදර වැසියෝ
ලෝක ආහාර අර්බුදයක් ඇතිවේයැයි අනතුරක සේයා ව සැලවීමත් සමඟ ඒ පිළිබඳ ව කල්පනා කරමින්, සංඛ්‍යා ලේඛන සකස් කරමින් නොසිට ඒ මහා විනාශයට මුහුණ දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්’ යන සංකල්පය අනුව ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ඇති කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන්නේය. එහි දැවැන්ත භාරදුර වගකීම පැටවෙන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටය.
ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පසක් කරමින් උපදෙස් දෙන්නාක් මෙන් එය ක්‍රියාවෙන් ම ඔප්පු කරන්නට ගෘහ ආර්ථික ඒකක ඇති කිරීමේ මුලික අඩිතාලම දමන්නේ අරලියගහ මන්දිරයෙනි. එය ආදර්ශයට ගත් මැති ඇමැතිවරු ආයතන ප්‍රධානීන් තම අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ එසේ ම ආයතන වත්තේ එළවළු පැළ සිටුවීම ආරම්භ කළහ.
ගෘහ ආර්ථික ඒකක ඇති කිරීම නිවසේ ගෙවත්තට පමණක් සීමා නොකොට තම සේවා ආයතනය තෝරා ගැනීමෙන් එය රටට හෝ ආයතනයට පාඩුවක් නොවීය. ආයතන සේවකයන් සැමගේ දහදිය මහන්සියෙන් දිනෙන් දින දළුලා වැඩෙන එළවළු වත්ත දෙස බලමින් සේවකයන් ලැබුයේ අපරිමිත සතුටකි. ඒ සතුටේ උද්වේගකර ම අවස්ථාව වන්නේ අස්වනු නෙළන මොහොතයි.
එවන් වු අපරිමිත සතුටක් පසුගිය දිනක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ප්රමුඛ ආයතන සේවක මණ්ඩලයද අත් වින්දහ.
සභාපතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගුවන් විදුලියේ මහ ගෙදර වත්ත එළවළු වත්තක් කරන්නට මුලින් ම කැත්ත උදැල්ල අතට ගන්නේ උද්‍යාන භාරකාරු වන බර්ට්‍රම් ප්‍රනාන්දු මහතායි. ඒ මහතාගේ ක්‍රියාකාරීත්වය නිසා දිනෙන් දින ගොඩනැගුණු ගුවන් විදුලි සංස්ථා කොරටුවේ මේ වන විට සේවකයන් 14ක් පමණ සේවය කරන අතර වගා කටයුතු දිනෙන් දින සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික ආයතනයකින්ද උපකාර ලැබේ.
ආයතන සේවකයන්ගේ මහන්සියෙන් දිනෙන් දින දළුලා වැඩෙන ගෙවත්තෙන් නෙළා ගන්නා වස විෂ නැති නැවුම් එළවළු ආයතන සේවකයන් වෙත ම ලබා දෙන්නේ සභාපතිවරයාගේ උපදෙස් මතයි. දිනපතා තම කාර්යාලය ඉදිරිපිට දකින ගෙවත්ත මෙන් ගුවන් විදුලි සංස්ථා සේවකයන් මෙන් ම ඒ අසිරිය දකිනා ඕනෑ ම අයෙකුට ආදර්ශයක් සපයනු නො අනුමානයි.
අපට අවශ්‍ය වන දේවල්වලින් කුමක් හෝ දෙයක් තමන්ට කියා සකස් කරගන්නට හැකිවන්නේ නම් පැරකුම් යුගයේ මෙන් නුදුරේ දී ශ්‍රී ලාංකිකයින්ට ද ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක සිහිනය ජය ගැනීම අපහසුවක් නොවන්නේය.
එසේ වන්නේ නම් අපට කිසිදු දිනෙක පිටරටින් නැව් එනතුරු මුහුදට දත නියවන්නට වන්නේ නැත.
සටහන - දිල්හාරි බණ්ඩාර / නිරංජලා දිල්රුක්ෂි හේරත්
ඡායාරූප - එල්.ඒ. රෝහණ/ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
Source - News.lk