මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක් කියල දෙන්න තමයි මම හදන්නෙ..සමහරු හොදටම දන්නවත් ඇති..සමහරු බාගෙට දන්නවත් ඇති.. සමහරු දන්නෙම නැතුවත් ඇති..එහෙනන් මෙන්න දැනගන්න..
කැලැන්ඩර් සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් නිකුත් කරනවා.. විවිධ ප්‍රමාණ වලින්, විවිධ හැඩ අනුව,විවිධ ආකාරයට..
දැන් වෙද්දි මුද්‍රිත කැලැන්ඩර් වලට වඩා ඉහල ඉල්ලුමක් නැති අතර ඒ වෙනුවට පරිගණක ඩෙස්ක්ටොප් කැලැන්ඩර් ඇවිත්..
හැබැයි මුද්‍රිත කැලැන්ඩර් ඉල්ලුම තාම නැති වෙලාම නැහැ..
ගොඩක් ව්‍යාපාර/ ආයතන කැලැන්ඩර් වලට මුදල් වැය කරල කොමිලේ මහජනතාවට ඒවා බෙදා දෙනවා..ඒ තුලින් ඔවුන් යම් අදෘෂ්‍ය අලෙවිකරණ ප්‍රවර්ධන සිද්ධිදාමයක් සිදුකරනවා..කිසියම් කැලැන්ඩර් එකක් වර්ෂය පුරාවටම ගෙදර බිත්තිය මත එල්ලා තිබීමෙන් එයට අනුග්‍රහය දක්වනු ලැබූ ආයතනය/ ව්‍යාපාරයේ නම විස්තර නොදැනුවත්වම අදාල ජනයා වෙත කාවැද්දවීම සදහා මෙසේ නොමිලේ කැලැන්ඩර් ලබා දෙනවා..
කැලැන්ඩර් මුද්‍රණය කරන ආකාරය ප්‍රමාණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා..
පින්තූර කැලැන්ඩර්..
දින කැලැන්ඩර්
ඩෙක්ස්ටොප් කැලැන්ඩර් (පර්සනලයිස් කැලැන්ඩර්ස් ද ඇතුලුව)
පින්තූර කැලැන්ඩර්..
පින්තූර කැලැන්ඩර් කියන්නේ ලස්සන පින්තූරයක් කැලැන්ඩර් එක පිරෙන්න දාලා ඒකේ පසුබිමෙන් දින දර්ශනය ඇතුලත් කරන කැලැන්ඩර් වලට.. මෙහිදී පහතින් ආයතනයේ නම හා කෙටි විස්තරයක් සදහන් කරල මුද්‍රණය වෙනවා.. මේවා සාමාන්‍යෙයන් සම්මත ප්‍රමාණ කිහිපයකින් මුද්‍රණය වෙනවා..එයින් වඩාත් ජනප්‍රිය වෙන්නෙ අගල් 22 පළල අගල් 34 උස ලොකු කැලැන්ඩර් එක..මේකට කියන්නෙ ෆුල් ෂීට් කැලැන්ඩර් එක කියල. මේක ප්‍රින්ට් වෙන්නෙ පළල 24 උස 36 කොළ වල..මේක තමයි සාමාන්‍ය භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයකට දාන්න පුලුවන් උපරිම සයිස් එක.. කැලැන්ඩර් එක ලොකු නිසා බිත්තියෙ එල්ලුවාම ඇකිලෙන්න බලන නිසා මේ සයිස් කැලැන්ඩර් වලට උඩට වගේම යටටත් ඇලුමිනියම් පටියක් අල්ලනවා (රිම් එකක්) මේ සයිස් එකේදි බොහෝ විට පින්තූරයට පසුබිමෙන් මාස 12 ම ඇතුලත් දින දර්ශනය දානවා..ඒ කියන්නෙ කැලැන්ඩර් එකට පිටු 1 යි. මේක ටිකක් ලොකු නිසා ප්‍රින්ට් කරන කොලේ ටිකක් ඝනකම එකක් යොදාගන්න වෙනවා.. ඒ කියන්නේ කොලේ ඝණකම (තික්නස් එක).. කොළ වල තික්නස් ගොඩක් තියෙනවා..ඒවා සටහන් වෙන්නේ gsm කියන නිර්ණායකය මගින්.. අපි පාවිච්චි කරන සාමාන්‍ය A4 එකක් 80 gsm වගේ වෙනවා.. ඉතින් මේ ලොකු කැලැන්ඩර් එක සාමාන්‍යෙයන් 200 හෝ 230 gsm වගේ ඝණකම කඩදාසි වලින් තමයි මුද්‍රණය කරන්නෙ..
ඊළගට අපිට හුරු පුරුදු කැලැන්ඩර් තමයි හාෆ් සයිස් කැලැන්ඩර් එක..සයිස් එක 17,22..
මේක කලින් සයිස් එකේ බාගෙ සයිස් එක..මේකට බොහෝ විට තනි පටියක් තමයි පාවිච්චි කරන්නෙ..මේකෙදිත් බොහෝවිට මාස 12ම තනි කොළය මත මුද්‍රණය වෙනවා..තවත් අවස්ථා වල මාස 3 ක් හෝ 4 ක් තනි කොලයට අරගෙන පිටු 3ක් හෝ 4 ක් කැලැන්ඩර් එකට යොදාගන්නවා..ඒ කියන්නෙ ජනවාරි පෙබරවාරි මාර්තු එක පිටුවයි..අප්‍රෙල් මැයි ජූනි තවත් පිටුවයි..එහෙම පිටු 3ක් හෝ 4 ක්...
දෙවෙන් කැලැන්ඩර් වර්ගය තමයි දින කැලැන්ඩර්..
මේකෙදි වෙන්නෙ දින ටික ලොකුවට පේන්න දාන එක..එක මාසයකට එක කොලය ගානේ මාස 12 හෝ 13 (බොහෝ විට 13 වෙන්නෙ කලින් වසරේ දෙසැම්බර් හෝ ඊලග වසරේ ජනවාරි සමගින්) මේකෙදි බොහෝ විට පින්තූරයක් යොදා ගන්නෙ නැහැ..දින ටික ලොකුවට දානවා..
මේවා ගොඩක් වෙලාවට මුද්‍රණ කරැවන් විසින් එකපාර ලක්ෂ ගණනක් මුද්‍රණය කරනවා හිස් ඉඩක් තියල..ඒ ඉඩ ප්‍රමාණය යොදා ගන්නෙ ආයතනයේ නම හා විස්තර ටිකක් මුද්‍රණය කරන්න.. අපිට කැලැන්ඩර් 1000 අවශ්‍ය නම් අපි අපේ විස්තර ටික දුන්නම ඔවුන් කලින් මුද්‍රණය කරපු දින කැලැන්ඩර් එකේ අර හිස් ඉඩ ටිකට අපේ විස්තර දාලා ආයිත් මුද්‍රණය කරල දෙනවා..මේක ගොඩක් ලාභදායී ක්‍රමයක්..අපි වෙනම කැලැන්ඩර් 1000 මුද්‍රණය කරන්න ගියොත් අපිට කලින් ක්‍රමේට වඩා මේ ක්‍රමයේදි ගොඩක් වියදම් වෙනවා..
අනිත් කැලැන්ඩර් වර්ගය තමයි ඩෙක්ස්ටොප් කැලැන්ඩර්..
මේවා අපේ මේසය උඩ තියෙන මෙන්න මේ වගේ ඒවා
මේවා බොහෝ විට මිල අධික නිසා බොහෝ විට අඩු ප්‍රමාණයකින් තමයි මුදණය වෙන්නෙ..බොහෝ විට අද වන විට මේවා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර මගින් අපිට අවශ්‍ය ප්‍රමාණය පමණක් අපිට අවශ්‍ය ආකාරයෙන් අපිට අවශ්‍ය පින්තූර (පවුලේ පින්තූර / කෙල්ලගේ පින්තූර ආදිය) යොදා මුද්‍රණ කර ගන්න පුලුවන්..මේවා බොහෝ විට පෙරලන්න පුලුවන් විදිහට පිටු 6 ක්,4 ක් හෝ 3 මුද්‍රණ වෙනවා.. සාමාන්‍යෙයන් උස අගල් 6ක් පළල අගල් 8 හෝ උස අගල් 8 පළල අගල් 6 වශයෙන් සම්මත ආකාරයෙන් මුද්‍රණය වෙනවා..
ඊලගට මුද්‍රණය කරන ආකාරය
වර්ණ
CMYK colours
Separation
කියන්න ගොඩක් තියෙනවා..අත රිදෙනවා ටයිප් කරල..ලැබෙන ප්‍රතිචාර අනුව ටිකකින් දාන්නම්
2012 වර්ෂයත් ළග එන නිසා කැලැන්ඩර් කරන්න පටන් ගන්න කාලෙත් ඇවිත් නිසා කැලැන්ඩර් කරන්න හිතන් ඉන්න අය එහෙමත් එලකිරි එකේ ඉන්න නිසා දෙයක් දැනගන්න තියෙනවනම් ඉක්මනට මට පී.එම් එකක් දාන්න..

Meya danna dewal...