පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    විරුද්ධ වෙන හේතු කිව්වොත් ගොඩක් වටිනවා :yes::yes:

    පලවෙනි සහ වැදගත්ම කාරණය තමයි සල්ලි තියෙන අය ඉගෙන ගත්තට අපිට කිසිම ඊරිසියාවක් නෑ කියන එක.
    එහෙනම් අයි අපි මේ PMC එකට විරුද්ධ වෙන්නේ? ලංකාවේ PMC ඇරෙන්න ඇරෙන්න රජයේ වෛද්‍ය විද්‍යාල හැදෙන එක නවතිනවා..
    ඒ කොහොමද?
    ඇයි PMC වලින් ඕන තරම් "දොස්තරලා" හදල එවනවනේ..එතකොට ඉල්ලුමට ඊනියා "සැපයුමක්" ලැබෙනවා..එහෙව් එකේ තව රජයේ වෛද්‍ය විද්‍යාල ඇතිකරන්නේ මොන එහෙකටද..නෙහ්..! ඒ කියන්නේ උසස් පෙළ විභාගෙන් ඉහල ලකුණු ගත්ත එත් සල්ලි නැති දක්ෂ ළමයට වෛද්‍යවරයෙක් වෙන්න තියෙන ඉඩකඩ නැතුව යනවා.

    ඒ කියන්නේ PMC ඇතිකිරීම වැලක්වුවොත් ඒ ළමයට වෛද්‍යවරයෙක් වෙන්න ඉඩකඩ තියෙනවද? පැහැදිලිවම ඔව්..

    ඒ කොහොමද, වැඩිවන වෛද්‍යවරුන්ගේ ඉල්ලුම සහ මහජන මතය අනුව රජයට සිදුවෙනවා තව තවත් රජයේ වෛද්‍ය විද්‍යාල අරින්න සහ තියෙන එවල ඉඩ සහ අනිකුත් පහසුකම් වැඩි කරන්න..
    පිට රට වල වලට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගියාට මෙහෙම වෙන්නේ නෑ නේද?

    දෙවෙනි කාරණය තමයි , රජයේ වෛද්‍ය විද්‍යාල වල උගන්නවන ආචාර්යවරු මේ PMC එකට වැඩි වැටුපක් සඳහා ඇදී යාම..
    පේරාදෙණිය විය පීඨයේ මහාචාර්ය වරියක්, ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයේ ජීව රසායන විද්‍යාව දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන මහාචාර්ය තුමා ඇතුළු විශාල පිරිසක් දැනටමත් එය වෙත ඇදී ගොස් හමාරයි..එතකොට නිදහස් අද්‍යාපනය ඔස්සේ තරඟකාරී විභාගයකින් සමත් වෙලා එන ශිෂ්‍යයාට උගන්න්වන්න සුදුසු ගුරුවරු නැති වෙනවා..
    පිට
    රට වල වලට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගියාට මෙහෙම වෙන්නේ නෑ නේද?

    PMC වලින් එන දොස්තරලට ප්‍රමිතියක් නෑ කියන්නේ ඇයි?

    ප්‍රධානම කාරණය තමයි, ඔවුන් බන්දවගන්නේ අද්යාපන සුදුසුකම් මත නොවීම..

    දෙවෙනි කාරණය, ඔවුන්ගේ ප්‍රමිතිය බලන්න කිසිම මිම්මක් නැති වීම..

    එහෙම කියන්නේ ඇයි..?

    රාජ්‍ය විශ්ව විද්යාලයකින් එන වෛද්‍යවරයෙක් උනත් අවසානයේ පැවැත්වෙන අවසාන MBBS විභාගය සමත් විය යුතුයි..ඒ විභාගය සඳහා ලංකාවේ හැම වෛද්‍ය පීඨයකටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයක්,,ඒ කියන්නේ හැම රාජ්‍ය වෛද්‍ය විද්යලයකින්ම එන වෛයවරින් ඉහල ප්‍රමිතියකින් යුක්තයි..
    ඒ ප්‍රශ්න පත්‍රයම පිටරටවල් වලින් ඉගෙනගෙන එන සිසුන්ටත් ලැබෙනවා ( ඔය ACT 16 කියන්නේ) නමුත් එයට මුහුණදෙන පිටරටවල් වලින් එන අයගෙන් පාස් වෙන්නේ 500 කින් 35ක් වගේ ප්‍රමාණයක්..එයින්ම හිතාගන්නකෝ ඒ රටවල් වල තරම..
    නමුත් මේ PMC වලින් එන සිසුන්ට එහෙම කිසිම විභාගයක් නෑ.. තියෙන්නේ PMC එක විසින් පවත්වන විභාගය විතරයි..සල්ලි වලට ඔක්කොම වෙන තැනක එහි ප්‍රමිතිය ගැන හිත ගන්න එක අමාරු නෑ නේද?

    ඇයි මේ PMC වලටම විරුද්ද වෙන්නේ.. තව ඒවා උගන්නවන පව්ද්ගලික විශ්ව විද්‍යාල ඔය ලංකාවේ ඕන තරම් තියෙන්නේ?
    කාරණය මේකයි..වෛද්‍යවරු කියන්නේ මිනිස් ශරීරයක ආභාද සුවකරන්නන්..ඔවුන්ට තියෙන වගකීම අනෙකුත් ක්ෂේත්‍රයන් හා සසඳන්න යාමත් විහිළුවක්..එවන් බැරෑරුම් වගකීමක් ගන්න සුඋදානම් වෙන තැනක් අනිවාර්යයෙන්ම ඉහල ප්‍රමිතියකින් යුක්ත වෙන්න ඕනේ..

    මේ ගැන තව ගොඩක් කතා කරන්න තියෙනවා..මේ අදහස් කියවල.. ඔයාලගේ අදහසුත් දාන්නකෝ.. පුළුවන් අන්දමට ප්‍රතිචාර දක්වන්න බලන්නම්...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    බොහොම ස්තූතියි විස්තරාත්මක පැහැදිලි කිරීමට :)
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    කළු කඩ මුදලාලි සංකල්පය මෙතනට ගැලපෙන්නේ නෑ නේ ද . එහෙම නං ඔයාලත් ප්‍රයිවෙට් චැනල් කරන්නේ කළු කඩ මුදලලිලගේ ඉස්පිරිතාල වල නේ . :) එතකොට එහෙම නං ඒත් අහිංසක මිනිස්සු නෙවේ ද කළු කඩ මුදලාලිට බිලි වෙන්නේ . ඔයාල කියන විදියට එතකොට එයාල කළුකඩ නෙවේ, මොකද ඔයාලටත් ගානක් එන නිසා.

    අනික ප්‍රමිතිය ගැන මාත් පිලිගන්නවා. ඒත් ඔයාල ඔය හිතන විදිය අනුව කවමදාවත් ඔයාල ඕකට කැමති වෙනවද. උදාහරණයක් විදියට හාවර්ඩ් විශ්ව විද්‍යාලය මෙහෙ එනවා එයාලගේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න. එකට අවශ්‍ය සායනික පුහුණුව රජයේ ශික්ෂණ රෝහලකින් ගන්න තීරණය කරනව. ඔයාල කවදාවත් එකට කැමති වෙනවා ද ? නැහැ නේද. නිකන්ම එපා කියන්න බැරි නිසා ප්‍රමිතිය කියන 1 ඉස්සරට දාන් ඉන්නවා.

    හෝමාගම රෝහල ලබාදෙන්න පොරොන්දු උනා කියල වෛද්‍ය පාදෙණිය ම පිළිගත්තා දෙරණ වාද පිටියට ආපු දවසේ. එකට පස්සේ අකමැති උනේ ඇයි කියන 1 ට හැබැයි උත්තරයක්‌ තිබ්බේ නෑ. එකගතාව තිබ්බේ මෙහෙමයි. දැනට ශික්ෂණ රෝහලක් නොවන හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කිරීමට අවශ්‍ය මුදල් මාලබේන් ලබා දෙනවා. ඒ පහසුකම් ඔවුන් විසින් ලබා දුන්නට පස්සේ ඔවුන්ගේ සිසුන් නිසි පපුහුණුවක් ලබාගන්නවා. ඕක කරන්න දෙන්නේ නැත්තේ කුහකම නිසා නෙවේ ද ?? එහෙම උනා නං හෝමාගම රෝහලට එන රෝගීන්ටත් කෙතරම් යහපතක් සැලසේනවද.

    තව උසස් පෙළක් ගැනත් කියන නිසා මන් මේක අහන්නේ. ඔබලාට උගන්නවන ආචාර්ය මහාචාර්ය වරු සියල්ල උසස් පෙළ ඒ 3 ම අරන් අව අයද. බොහොමයක් පිරිස එස් 3 සි 1 හෝ එස් 2 සහ සි 2 අරන් ආව අය. මගේ මහප්ප 1973 දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එස් 2යි සි 2 අරන් මෙඩිකල් ගිය කෙනෙක්. ඉස්සර කතාවත් ඕන නෑ අදටත් කොලබ දිස්ත්රික්කයේ ඒ 3 හෝ ඒ 2 බි 1 ගන්න අයට මෙඩිකල් යන්න බැරි වෙද්දී මොනරාගල ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල සි 2 යි බි 1 ගන්න අය මෙඩිකල් යනවා නේද. එහෙම නං එතනත් ප්‍රමිතිය නෑ නේ . ඔය ඔක්කොම පන්ති යන්නේ මෙහෙ.

    මේක මන් පොදුවේ අත් දකින දෙයක්. මන් වැඩ කරන්නේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්රයේ. මේකෙදි අපිට පිට රට ගිහින් උපාදිය කරලා අව , මෙහෙ විශ්වවිද්‍යාල වලින් උපාදිය කරපු අය සහ මෙහෙ පුද්ගලිකව උපාදිය කරපු අය ඔක්කොම මුණ ගැහෙනවා. ඔතනදි රාජ්‍ය අංශයේ උපාදිය කරලා ආව අය ගව තියෙනවා පොඩි ගතියක් අනිත් අය එයාලට ගවුරව කල යුතුයි කියන. උදේට ඔෆිස් 1 අතු ගාන කෙනාට අසනීපයක්‌ වෙලා එන්න බැරි උනොත් රට ඉදල අව , සුපිරි සල්ලිකාර බොස් අතු පතු ගාල තමන්ගේ වැඩ කරගන්නවා . හැබැයි අපේ අය කියන්නේ ඕක මට අයිති දෙයක් නෙවේ මන් ඕව කරන නෑ , මන් ආවේ අරකෙන් මන් ආවේ මේකෙන් වගේ දේවල්. මට වැඩ කරන්න නං මේක අතුගාල දෙන්න වෙයි. ඉතින් රටක දියුණු වෙයි ද

    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට ගිය පමණින් අනිත් මිනිස්සු හදන්න වත් එයාල ජිවත් වෙන්න ඕන කොහොමද කියන්න වත් අනිත් මිනිස්සු අපිට ගරු කරන්න ඕන කියන්න වත බෑ. ඒවා ලබාගන්න ඕන තමන් මයි.

    ප්‍රමිතියක් ගැන කියන නිසා මන් මෙ කියන්නේ , මෙ රටේ කොච්චර නං මිනිස්සුන්ගේ අත් පය කපිල තියෙනව ද දොස්තරලා වැරදි බෙහ්ත් දීල , මන් දන්න කෙනෙක් ඉන්නවා එයාගේ අම්ම ට බබා ලැබෙද්දී කරපු ඔපරේෂන් ඒකෙන් පස්සේ බඩවල් අල්ල ල මැහුම් දාල . අම්ම සතියක් ජි වත් උනේ නෑ . දැන් ඒ මල්ලිට අම්මෙක් නෑ. කෝ ඔයාල කියන ප්‍රමිතිය . පහු ගිය කාලේ ගෑණු ළමයි ගේ අගවල් වීඩියෝ කරේ ත් ඔයාල එක්ක ඉගෙනගත්ත දොස්තරලා නේ ද . තමන් ලග ට බෙහෙත් ගණන එන බබෙක් හම්බෙන්න හිටිය අක්කව දුෂණය කරලා තිබ්බේ ත් ඔය කියන මෙ රටේ දොස්තර කෙනෙක් නේද. ඕව විතරක් නෙවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න එන අහිංසක මිනිසුන්න්ට කිසිම ඕන කමක් නැති විටමින් පෙති එළියෙන් ගන්නයි කියල ලියල දීල කොමිස් 1 ගන්නේ නැද්ද දොස්තරලා. කෝ ප්‍රමිතිය

    රටේ ඉහලම තැන ඉදල පහලම තැන වෙනකන් ප්‍රමිතියක් නැති මෙ රටේ මොන ප්‍රමිතියක් ද මචන්. මන් දන්නේ මෙච්චරයි,. උබලත් සල්ලි හොයන රේස් එකේ දුවනවා , අපිත් දුවනවා , හැමෝම එහෙමයි, තමන්ගේ බඩට පාර දෙන්න කෙනෙක් එද්දී ඉබේම එකට විරුද්ද වෙනවා , එක මිනිස් සොබාවේ.

    ඒත් අන්තිමට සල්ලි වත නම්බුව වත නෙවේ ඉතුරු වෙන්නේ , හොද නම. මන් හිතන් නෑ මැරෙන මොහොතේදී අපි කීයක් හෙව්වද කියල මතක් කරයි කියල , අඩු ම ගානේ මැරුණම පෙට්ටිය කොන 4 ට 4 දෙනෙක් වත ඉන්න ඕන කියන 1 ඔලුවේ තියෙන්න ඕන. මෙ ඊයේ පෙරේද අහිංසක දොස්තර කෙනෙක් මරල තිබ්බ. හැමෝටම උදව කරන හිටපු හොද දොස්තර කෙනෙක්. ඒ මනුස්සයත් උබලගේම කෙනෙක් නේ. ඒ මනුස්සය හම්බ කරපු මිනිස්සු මල ගෙදරදී දකින්න ඇති නේ උබලත්. මනුස්සය මැරුණත් නම මැරෙන්නේ නෑ ., ඒ මනුස්සය නිදහස් අද්යපනෙන් ඉගෙන ගෙන රට ට වෙච්ච නය ගෙව්වා , තව ක් ට කෙලවන්න බලන් ඉරිසියා කර කර හිටිය නං ඒ මනුස්සය අදට ත් ජිවත් වෙලා ඉදි.

    උබලත් උබලට හම්බුන චාන්ස් ඒකෙනන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා. රට ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන. ප්‍රමිතියක් නැති දොස්තර ල ගාවට ලෙඩ්ඩු යන් නෑ කවදාවත් , බෙහෙත් දෙන්න පුළුවන් දොස්තර ගාවට අනිවා මිනිස්සු එයි. මොකද සල්ලි තිබ්බ කියල ලෙඩ්ඩුන්ට සල්ලි දීල එක්කන් ඇවිත් බෙහෙත් දෙන්න බෑ නේ .

    රට හදන්න ඕන නං ඔය උපදී කිරිලි පැත්තක තියල චන්දෙ ඉල්ලාපන්. මොනා උනත් මචන් දොස්තරලා ත් යන්තං ඒ ලෙවල් පාස් ඇමති අවම ඔව් ඔව් සර් කියන්න ඕන . අපිත් එම් එස් සි ගහල හිටියත් 8 පාස් ඇමති අවම ඔව් ඔව් සර් කියන්න ඕන , ඕක තාම මෙ රටේ තත්වේ.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කළු කඩ මුදලාලි සංකල්පය මෙතනට ගැලපෙන්නේ නෑ නේ ද . එහෙම නං ඔයාලත් ප්‍රයිවෙට් චැනල් කරන්නේ කළු කඩ මුදලලිලගේ ඉස්පිරිතාල වල නේ . :) එතකොට එහෙම නං ඒත් අහිංසක මිනිස්සු නෙවේ ද කළු කඩ මුදලාලිට බිලි වෙන්නේ . ඔයාල කියන විදියට එතකොට එයාල කළුකඩ නෙවේ, මොකද ඔයාලටත් ගානක් එන නිසා.
    ආණ්ඩුවෙන් වෛද්‍යවරයෙකුට ජීවත්වෙන්න පුළුවන් පඩියක් ගෙවනවා නම් මේ පෞද්ගලික සේවයේ යෙදෙන්න වෛද්‍යවරුන්ට සිද්ධ වෙන්නෙ නෑ . අද සීමාවාසික වෛද්‍ය වරයෙක්ගෙ පඩිය රු 29 000 ක් .මේක හරියට නිකන් වැඩකරනවා වගේ .මේ පඩියෙන් ලංකාව වගේ රටක ජීවත්වෙන්න පුළුවන්ද කියලා ඔයාම හිතලා බලන්න. උසස් පෙළ ඉවරවෙලා මොකක් හරි කෝස් එකක් කරලා රස්සවක් ගත්ත කෙනාත් ඔයිට වඩා පඩියක් ගන්නවා. නමුත් රජයේ සේවයේ යෙදිය යුතු කාලයේ පෞද්ගලික සේවයේ යෙදෙන කෙනෙක්ට නම් ඔය තර්කය අදාලයි

    අනික ප්‍රමිතිය ගැන මාත් පිලිගන්නවා. ඒත් ඔයාල ඔය හිතන විදිය අනුව කවමදාවත් ඔයාල ඕකට කැමති වෙනවද. උදාහරණයක් විදියට හාවර්ඩ් විශ්ව විද්‍යාලය මෙහෙ එනවා එයාලගේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න. එකට අවශ්‍ය සායනික පුහුණුව රජයේ ශික්ෂණ රෝහලකින් ගන්න තීරණය කරනව. ඔයාල කවදාවත් එකට කැමති වෙනවා ද ? නැහැ නේද. නිකන්ම එපා කියන්න බැරි නිසා ප්‍රමිතිය කියන 1 ඉස්සරට දාන් ඉන්නවා.
    මම එකඟයි නියම ප්‍රමිතියට පටන් ගන්නවා නම් ළමයි බදවාගන්න හොද පැහැදිලි වැඩ පිළිවෙළකුත් එක්ක .පෞද්ගලික ශික්ෂණ රෝහලකුත් හදාගෙන . හැබැයි රජයේ ශික්ෂණ රෝහලක් හාවඩ් හෝ මොකක් හෝ වේවා පෞද්ගලික ආයතනයකට නිකං ලාභ උපයගන්න දෙන දෙන එකට මං එකඟ නෑ .
    හෝමාගම රෝහල ලබාදෙන්න පොරොන්දු උනා කියල වෛද්‍ය පාදෙණිය ම පිළිගත්තා දෙරණ වාද පිටියට ආපු දවසේ. එකට පස්සේ අකමැති උනේ ඇයි කියන 1 ට හැබැයි උත්තරයක්‌ තිබ්බේ නෑ. එකගතාව තිබ්බේ මෙහෙමයි. දැනට ශික්ෂණ රෝහලක් නොවන හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කිරීමට අවශ්‍ය මුදල් මාලබේන් ලබා දෙනවා. ඒ පහසුකම් ඔවුන් විසින් ලබා දුන්නට පස්සේ ඔවුන්ගේ සිසුන් නිසි පපුහුණුවක් ලබාගන්නවා. ඕක කරන්න දෙන්නේ නැත්තේ කුහකම නිසා නෙවේ ද ?? එහෙම උනා නං හෝමාගම රෝහලට එන රෝගීන්ටත් කෙතරම් යහපතක් සැලසේනවද.
    බොරු . එහෙම එකඟ තාවයක් තිබ්බෙ නෑ.මෙයාලා මුලින් සායනික පුහුණුව දෙන්න හැදුවෙ රුසියාවෙන් . පස්සෙ ඒක ලාභ මදි හින්දා ගන්න හැදුවා තලංගම ප්‍රාදේශීය රෝහල , ඊට පස්සෙ හෝමාගම , අවිස්සාවේල්ල රෝහල් ගැන බැලුවා . ඒත් ඒ ඔක්කොම මූලික රෝහල් . වෛද්‍ය සිසුන් පුහුණු කරන්න මේ රෝහල්වලින් බෑ. අනික මම ආයිත් අහනවා හරි දැනුමක් හා පුහුණුවත් නොලත් මාලබේ මේ හොර උපාධි අපේක්ශකයොන් අතින් රෝගීන්ට වෙන හානියට වග කියන්නෙ කවුද ?

    තව උසස් පෙළක් ගැනත් කියන නිසා මන් මේක අහන්නේ. ඔබලාට උගන්නවන ආචාර්ය මහාචාර්ය වරු සියල්ල උසස් පෙළ ඒ 3 ම අරන් අව අයද. බොහොමයක් පිරිස එස් 3 සි 1 හෝ එස් 2 සහ සි 2 අරන් ආව අය. මගේ මහප්ප 1973 දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එස් 2යි සි 2 අරන් මෙඩිකල් ගිය කෙනෙක්. ඉස්සර කතාවත් ඕන නෑ අදටත් කොලබ දිස්ත්රික්කයේ ඒ 3 හෝ ඒ 2 බි 1 ගන්න අයට මෙඩිකල් යන්න බැරි වෙද්දී මොනරාගල ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල සි 2 යි බි 1 ගන්න අය මෙඩිකල් යනවා නේද. එහෙම නං එතනත් ප්‍රමිතිය නෑ නේ . ඔය ඔක්කොම පන්ති යන්නේ මෙහෙ.
    ඔය කතාව හුඟක් අය කියන බොරුවක් . කොළඹින් A2 C1 අරගෙනත් Medicine ගිය අය ඉන්නවා . Lecture කෙනෙක් වෙන්නෙ හැම බැජ් එකේම ගොඩක් වෙලාවට වැඩිම ලකුණු තියෙන ක්ලාස් ගහපු අය . ඒ නිසා ඔයාගෙ ඔය තර්කය වැරදියි. දිස්ත්‍රික් පදනම වැරදී කියන්නෙ කොහොමද ඒ ළමයි ඒ ප්‍රතිථලේ ගන්නෙ ගොඩක් අඩු පහසුකම් යටතේ . ඒ අයටත් කොළබ තිබ්බ පහසුකම් දුන්නා නම් ඒ ප්‍රතිඵලේ මද ගන්නෙ ? .අනිත් එක දිස්ත්‍රික් පදනම වැරදි කියලා ඔයා යෝජනා කරන්නෙ ලක්ශ 70 ක් තියෙන එස් තුනක් ගත්ත කෙනෙක් වෛද්‍යවරයෙක් කරන්න කියලද ?

    මේක මන් පොදුවේ අත් දකින දෙයක්. මන් වැඩ කරන්නේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්රයේ. මේකෙදි අපිට පිට රට ගිහින් උපාදිය කරලා අව , මෙහෙ විශ්වවිද්‍යාල වලින් උපාදිය කරපු අය සහ මෙහෙ පුද්ගලිකව උපාදිය කරපු අය ඔක්කොම මුණ ගැහෙනවා. ඔතනදි රාජ්‍ය අංශයේ උපාදිය කරලා ආව අය ගව තියෙනවා පොඩි ගතියක් අනිත් අය එයාලට ගවුරව කල යුතුයි කියන. උදේට ඔෆිස් 1 අතු ගාන කෙනාට අසනීපයක්‌ වෙලා එන්න බැරි උනොත් රට ඉදල අව , සුපිරි සල්ලිකාර බොස් අතු පතු ගාල තමන්ගේ වැඩ කරගන්නවා . හැබැයි අපේ අය කියන්නේ ඕක මට අයිති දෙයක් නෙවේ මන් ඕව කරන නෑ , මන් ආවේ අරකෙන් මන් ආවේ මේකෙන් වගේ දේවල්. මට වැඩ කරන්න නං මේක අතුගාල දෙන්න වෙයි. ඉතින් රටක දියුණු වෙයි ද
    අත්දැකීම් වැඩි අයගේ අදහස් වලට ගරු කරන එක නැත්තම් වෛද්‍ය ක්ශේත්‍රයට නම් පැවතීමක් නෑ

    ප්‍රමිතියක් ගැන කියන නිසා මන් මෙ කියන්නේ , මෙ රටේ කොච්චර නං මිනිස්සුන්ගේ අත් පය කපිල තියෙනව ද දොස්තරලා වැරදි බෙහ්ත් දීල , මන් දන්න කෙනෙක් ඉන්නවා එයාගේ අම්ම ට බබා ලැබෙද්දී කරපු ඔපරේෂන් ඒකෙන් පස්සේ බඩවල් අල්ල ල මැහුම් දාල . අම්ම සතියක් ජි වත් උනේ නෑ . දැන් ඒ මල්ලිට අම්මෙක් නෑ. කෝ ඔයාල කියන ප්‍රමිතිය . පහු ගිය කාලේ ගෑණු ළමයි ගේ අගවල් වීඩියෝ කරේ ත් ඔයාල එක්ක ඉගෙනගත්ත දොස්තරලා නේ ද . තමන් ලග ට බෙහෙත් ගණන එන බබෙක් හම්බෙන්න හිටිය අක්කව දුෂණය කරලා තිබ්බේ ත් ඔය කියන මෙ රටේ දොස්තර කෙනෙක් නේද. ඕව විතරක් නෙවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න එන අහිංසක මිනිසුන්න්ට කිසිම ඕන කමක් නැති විටමින් පෙති එළියෙන් ගන්නයි කියල ලියල දීල කොමිස් 1 ගන්නේ නැද්ද දොස්තරලා. කෝ ප්‍රමිතිය [/QUOTE‍]ඔය වගේ වැඩ ක්‍රන්නෙ බොහොම සුළු පිරිසක් . ඒ අයට විරුද්ධ පියවර අරගෙන තියෙනවා . ඉතින් තවත් බාල වෛද්‍යවරු ගොඩක් ඉළියට දැම්මා කියලා ඔය ප්‍රශ්න විසදෙයිද ? නැත්තම් තවත් වැඩි වෙයිද ?
    රටේ ඉහලම තැන ඉදල පහලම තැන වෙනකන් ප්‍රමිතියක් නැති මෙ රටේ මොන ප්‍රමිතියක් ද මචන්. මන් දන්නේ මෙච්චරයි,. උබලත් සල්ලි හොයන රේස් එකේ දුවනවා , අපිත් දුවනවා , හැමෝම එහෙමයි, තමන්ගේ බඩට පාර දෙන්න කෙනෙක් එද්දී ඉබේම එකට විරුද්ද වෙනවා , එක මිනිස් සොබාවේ.
    මුදල් අතින් බැළුවොත් මේකෙන් විරුද්ධ වෙන එකෙන් පාඩුව වෙන්නෙ දොස්තරලටමයි . මේකෙ ලොකු පඩිවලට රස්සා වලට යන්න පුළුවන් කම තියෙද්දි , තමන්ගෙ ළමයිනුත් මේකට දාලා දොස්තරලා කරන්න පුළුවන්කම තියෙද්දි මේකට විරුද්ධ වෙන්නෙ ක්ශේත්‍රයට වෙන හානිය හින්දා කියලා ඔයාට තේරෙන්න ඕනි ?කට්ටියක් කියනවා තරගෙ වැඩිවෙනවළු . මේකෙ අය අවුට් වෙනකොට මේකට විරුද්ධ කියන දොස්තරලා අවුරුදු ගාණකින් සීනියර් වෙලා . අනික ස්ථිර රස්සවක් තියෙනකොට තරගෙන වැඩක් නෑ නෙ

    උබලත් උබලට හම්බුන චාන්ස් ඒකෙනන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා. රට ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන. ප්‍රමිතියක් නැති දොස්තර ල ගාවට ලෙඩ්ඩු යන් නෑ කවදාවත් , බෙහෙත් දෙන්න පුළුවන් දොස්තර ගාවට අනිවා මිනිස්සු එයි. මොකද සල්ලි තිබ්බ කියල ලෙඩ්ඩුන්ට සල්ලි දීල එක්කන් ඇවිත් බෙහෙත් දෙන්න බෑ නේ .
    වෙනවට කියනවා නෙමෙයි නිකමට හිතන්න ඔයාට ඇක්සිඩන් එකක් වෙලා කොහේට හරි ඇඩ්මිට් කරලා ඔයාට ප්‍රතිකාර කරන්න හරි පුහුණුවක් දැනුමක් නැති මාලබේ හොර දොස්තර කෙනෙක් ආවොත් ? ඔයාට නොවුනත් ඔය වැඩේ කවුරු හරි අහිසක මනුස්සයෙක්ට වෙයි . මට වෙන්නත් පුළුවන් . එහෙම වෙලා අකාලයේ කාලක්‍රියා කරන්න කවුද කැමති වෙන්නෙ ?
    රට හදන්න ඕන නං ඔය උපදී කිරිලි පැත්තක තියල චන්දෙ ඉල්ලාපන්. මොනා උනත් මචන් දොස්තරලා ත් යන්තං ඒ ලෙවල් පාස් ඇමති අවම ඔව් ඔව් සර් කියන්න ඕන . අපිත් එම් එස් සි ගහල හිටියත් 8 පාස් ඇමති අවම ඔව් ඔව් සර් කියන්න ඕන , ඕක තාම මෙ රටේ තත්වේ.
    ඒකම තමයි මුලින් කියලා පස්සෙ හිතන , දුරදිග නොබලන ඇමැට්ටි රත්නයකට අතිගරු ජනාධිපතිතුමා මේ කොන්තරාත් එක දුන්නේ . විරුද්ධ වෙන Dr. නෝනිස් වගේ කට්ටියට පොළුපාර දෙන්නෙත් ඒක නිසා වෙන්නැති :D:D
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    prive medical collage danawata wirudda nam
    private hospital
    private clininc walatath wirudda wiyan
    ප්‍රමිතියක් තියෙන private medical faculty වලට කවුරුත් විරුද්ධ නෑ . ඒත් මේ මාලබේ කරලා තියෙන හොර වැඩේට ඔක්කොම විරුද්ධ වෙන්නෙ , ඒකට විරුද්ධ වෙන අයට මැරයෝ පොළුවලින් ගහන්නෙ ඒකෙ මොකක් හරි අවුලක් තියෙන නිසා නේද ?
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඔය ඉතීන් උබ ඒත් වටේ ම නේ යන්නේ. ජිවත් වෙන්න මදි නිස එක කරට කමක් නෑ ලු. එතකොට උබල විතරක් ජිවත් උනාම ඇති. එතකොට කෝ අහිංසක මිනිස්සු කතා. ඒවාට පුද්ගලික කතා නෑ . මොකද උබලගේ ගාන එනවනේ. උබල මොන කුහකකමකින් කතා කරනවද කියල ඔය වචන ටිකෙන් ම පේනවා බන්.

    උසස් පෙළ කතාව අදාළ නැත්නං පොඩ්ඩක් හොයල බලපන්. අපිත් එක්ක ම පන්ති ගිහින් මෙහෙ ඉදන් ඉගෙන ගෙන ගමේ ඉදන් විබාගේ ලිව්වා ම හරි ද . එහෙම නං පිට පළාත් වල උන්ට කොලබ එන්න තහනං කරන්න ඕන. කැම්පස් එකේ ක්ලාස් එකක් ගැන නෙවේ මම කියන්නේ. වටේ පිටේ නොයා උත්තර දෙන්න. කොලබින් ඒ 2 බ 1 ගත්ත එකාට මෙඩිකල් යන්න බැරුව මොනරාගලින් බි 2 සි 2 ගණන එකා මෙඩිකල් කරද්දී උබ මොකද කියන්නේ. එහෙම නං උ සුදුසු වෙන්න බෑ නේ මෙඩිකල් කරන්න. සුදුසු එකා ට ඇතුලට යන්න බෑ , උබ කියන විදියට නුසුදුසු එකා ඇතුලේ. එස් 2 ච 2 අරන් ඉන්න දොස්තරලා තම උබලට උගන්න්නන්නේ .දැන් උන්ගේ ප්‍රමිතිය අවුල් ද. එක තමයි බන් කියන්නේ කුහක කම පෙන්නන්න එපා කියල. උසස් පෙළ අකුරු 3 කින් මිනිහෙක් ගේ බුද්දිය මනින්න්න බෑ. ඒ අකුරු වලින් මිනිස්සුන්ගේ මොළ මනින්න පුළුවන් ද ,

    වෙන රටවල් වල කැම්පස් යන්න සුදුසුකමක් විතරි උසස් පෙළ කියන්නේ. ඒ රටවල් වල සල්ලි දීල ඉගෙනගන්න ඕන නිසා එයාලට අවුලක් නෑ . එස් 3 තියෙනවා කියන්නේ , උසස් අද්යපනෙකට එයාල සුදුසුයි. ඊට පස්සේ එයාල කැමති පති වලින් එයාල උපාදිය කරනවා අවුරුදු 22 වෙද්දී

    අපේ නිදහස් අද්යාපනේ නිසා , හැමෝටම උසස් අද්යපනේ දෙන්න තරං සල්ලියක් ආණ්ඩුවට නෑ . ආණ්ඩුවට දරන්න පුළුවන් ශිෂ්‍ය සංක්‍යාව ගන්නවා. එක තෝරාගන්න තාම වැඩිම ලකුනු ගත්ත අයව ගන්නේ. හැබැයි එස් 3 ගත්තත් වැටෙනවා කැම්පස් ඉල්ලන්න සුදුසුකන් සපුරා ඇත කියල. එයාලටත් පුළුවන් කැම්පස් ඉල්ලන්න. ඒත් ගන්න විදියක් නෑ , ඉඩ කඩ සිමිත නිසා.

    එහෙම බදවගන්න ප්‍රමාණය සීමා කරන්න ඕන නිසා මිසක අපේ බුද්දීමට්ටම බලල නෙවේ තෝරන්නේ

    ඔන්න ඕක උබලට තෙරුන් ගන්න බෑ . උබලට විතරක් නෙවේ කැම්පස් සිලෙක්ට් වෙන ගොඩක් උන්ට තෙරුන් ගන්න බෑ . උන් හිතන්නේ ආ මෙ අපේ මොලේ මැනලා තාම අපිව ගත්තේ කියල . ඉතින් එනවා ලොකු සීන් 1 න් අපි උගත්තු උබල නුගත්තු කියල .

    යකෝ මට කියපන් 5 ශිෂ්‍යත්වේ පාස් වෙන උන් කිව්වොත් අපි නැහිලා නැහිලා ලකුණු 200 න් 160 175 අරන් විබාගේ පාස් වෙනවා , අපි තමා මොළ කාරයෝ , මෙ 5 විබාගේ ෆේල් වෙන උන් ඉස්සරහට ඉගෙන ගෙන දොස්තරලා උනොත් මොකෝ වෙන්නේ , මෙ ෆේල් වෙන නුගත් උන්ව 6 වසරට පාස් කරලා අපි එක්ක ඉගෙනගන්න දෙන 1 අපිට කරන අසාදාරනයක් කියල. වෙලාවට ඒ පොඩි උන්ගේ හිත් වල ඉරිසියාව කුහකකම කියන 1 නෑ . ඇත්තටම ගත්තොත් උබලට වඩා උන්ට මොලේ තියනවා බන්.

    දැන්වත් පිලිගනින් රුසියාවටත් වඩා ලොකුයි ඉරිසියාව කියල :)
     
    ඔයාගෙ වචන ඔක්කොගෙම තියෙන්නෙ මඩ විතරයි ගත යුතු යමක් නෑ .

    1) මම පෞද්ගලිකව Private Practice කියන සංකල්පෙට එකඟ නෑ . ඒ මම මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින්ම ඉගෙනගෙන (පිනට කියන්න බෑ මොකද මම ඒ සල්ලි අපතෙ යැව්ව නැති හින්දා ) මේ රටේ මිනිස්සුන්ගෙම ලෙඩ දිහා බලලා සායනික දැනුම ගත්ත නිසා . ඒත් මං කිව්වෙ ප්‍රායෝගික තත්වය. ගොඩක් වෛද්‍යවරු ඕකට යොමුවෙන්නෙ කාලා බීලා ඉන්න තරම්වත් ආණ්ඩුවෙන් පඩියක් හම්බ නොවෙන හින්දා . හරි පඩියක් ගෙවනවා නම් මොකෝ මෙච්චර නහින්නේ ?ඔබතුමත් කුහක නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්න,

    2) මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නෑ
    *ඒවා හරි ප්‍රමිතියෙන් යුතුව ඇති කරනවා නම්
    *ප්‍රමාණවත් සායනික දැනුමක් දෙනවා නම්
    *සුදුස්සන් මේකට තෝරනවා නම් ,
    හැමෝටම දොස්තරලා වෙන්න බැහැ . අර ඔයා කිව්ව ළකුණෙන් දෙකෙන් කැම්පස් යන්න බැරි වෙච්ච ළමයි මේකට එනවා නම් ප්‍රශ්නයක් නෑ , ඒත් මාලබේ වෙලා තියෙන්නෙ ඒකද ? තුන් පාරක් උසස් පෙළ කරලා යන්තම් සමත් වෙච්ච අම්මා තාත්තලාට ලක්ශ 65 තියෙන අයද මේකට සුදුසු ?
    *කුහක වෙලා තියෙන්නෙ කවුද කියලා හොදටම පැහැදිලියි . ලක්ශ 65 වියදම් කරන්න පුළුවන්ද අපේ ගම්වල සාමාන්‍ය අම්මලා තාත්තලට ? , පැහැදිලිවම මේකෙන් අසාධාරණය වෙන්නෙ ඒ අයට තමා . ඔයා වචනයක් වත් කතා කළාද ඒ අය කොච්චර ඉහළ ප්‍රතිපලයක් ගත්තත් සල්ලි නැති හින්දා හින්දා මේකට යන්න බැරි වෙන එක ගැන ?
    -අන්න එයාටල ඉගෙනගන්න ණය ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත කරනව නම්

    දැන් හිතට එකඟව කියන්න කවුද කුහක වෙලා තියෙන්නෙ කියලා :D
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Mehe minissu maraa gannawa...eka asse me yakaa me redda thread eka udata ara gena

    මුලින්ම මනුස්සයෙක්ට කතා කරන හැටි ඉගෙනගන්න , ඔයා නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ .
    මරාගත්තා කියලා ඔයා ගිහින් සාම සකච්ඡා කරන්න යෑ , මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මන් මෙ කතා කරන්නේ සල්ලි නැති උන් ගැන තමයි. සල්ලි තියෙන උන් ළමයි කොහොමත් මෙහේ ඕක කරන්නේ නෑ බන්. උසස් පෙළ ඒ 3 ගත්තත් උන් විබාගේ රිසල්ට් එන්න කලින් රට යනවා උසස් අද්යාපනෙට. සල්ලි තියෙන එකා තමන්ගේ ළමයට වැකේෂන් 1 ට මෙහේ යන්න එන්න , ගෑණු ළමයෙක නං තනියට අම්ම ව එහෙ යවන්න වගේ ඕන මා දෙයක් කරනවා. එයාලට ඒවාට ඕන තරන් සල්ලි තියෙනවා. මන් මෙ කතා කරන්නේ දරුවන්ගේ හීන වෙනුවෙන් ඉඩ කඩන් ගෙවල් දොරවල් උකස්‌ කරලා හරි රට වටේ ට නය වෙලා හරි අවුරුදු ගානක් කබුරලා හම්බෙන ඉ පි එෆ් 1 හරි වියදන් කරලා ළමයි රට යවල උන්ව මෙහෙ ගෙන්න ගන්න හරි උන්ව බලන්න එහෙ යන්න හරි අතිරේක වියදමක් දරන්න බැරි ගොඩක් වෙලාවට කොන්වො 1 ට වත් යාගන්න බැරුව ඉන්න මද්යම පාන්තික යෝ ගැන. උබ සල්ලි කාරයෝ දැකල නැත්නං මට කරන්න දෙයක් නෑ. මන් කතා කරන්නේ මෙ මිනිස්සුන්ගේ ළමයි අඩු ගානේ ඒ මිනිස්සු ලගවත් ඉන්න 1 ගැන. සල්ලි ගාන ගණන කරලා නෙවේ උන් ඒ සල්ලි හොයාගත්තේ කොහෙන්ද කියල කල්පනා කරපන්. එතකොට ඇත්ත තේරෙයි.

    අනික උබ මුලින් කියන ව ඕව ට ආණ්ඩුවේ රෝහල දෙන්න හොද නෑ කියල , එහෙම කිය කිය කියනවා මේක දැම්මට කමක් නෑ හොද සායනික පුහුණුවක් දෙන්න ඕන කියල. උබල දෙනන කැමති නත්නනං කොහෙන් ද දෙන්නේ.

    උබලගේ ලොකු එවුන කිව්වා පලියට එපෝ ගාන්නේ නැතුව හොයල බලපන්. ලෝකේ කොහෙවත් සල්ලි දුන්න කියල උපාදිය දෙන්නේ නෑ, එහෙම දෙන 1 තැනක් පෙන්නපන් පුළුවන් නං. උබලට ගුලිය දීල තියන්නේ එහෙමයි. මලබෙට ගිහින් ලක්ෂ 60 බැන්දම උපාදිය තැපෑලෙන් ගෙදරට එනවා කියල.

    අනික උබ ඩොකෙක් නං දන්නවා ඇති නේ . දොස්තර රස්සාව හැමෝටම කරන්න බෑ. එක කරන්න තෝරාගන්නේ එකට ආස එකෙක්. සල්ලි තියෙන උන් මොකටද බන් මෙ ඉස්පිරිතාලෙක ලෙඩ්ඩු අතගාන්නෙ , උන් දවසකට ලක්ෂ 2 , 3 හම්බ කරනවා. සල්ලි කාරයෙක් ගේ ළමයෙක හරි දොස්තර වෙන්න ඕන නං වෙන්නේ ඒ ළමයට එක ආස නිසා. ඔන්න ඕක කල්පනා කරපන්

    දොස්තර රස්සාව කරන්න නං උසස් පෙළ ඒ අකුරු ගන්න ඕන කියල කතාවක් නෑ , දොස්තර නවේ ඕනෑම එකක්. මෙ ලෝකේ අලුත් නිර්මාණ කරපු අලුත් දේවල් ලෝකෙට බිහි කරපු අය පොඩි කලේ ඉදන් පන්තියේ පළවෙනිය උන උපදී තියෙන උන් නෙවේ . 1 ම ඩේ ආසාවයි උනන්දුවයි කැපවීමයි.
    උබ කවුද බන් දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙක් ට තියෙන්න ඕන දේවල් පැහැදිලි කරලා දෙන්න. උබට මොකක්ද තියෙන අයිතිය එකට.

    මඩ ගහනවා නං මන් පොදුවේ හැම දොස්තරටම මඩ ගහන්න ඕන.දොස්තරලට මන් ගරු කරනවා , ඒ තමන්ගේ මහන්සියෙන් ඉගෙනගෙන අනුන්ට උගන්නන්න නොයා තමන්ගේ පාඩුවේ හරියට වැඩ කරගෙන ඉන්න දොස්තරලට. මගේ ෆැමිලි ඩොක්ටර් රාගම ෆැකල්ටි එකේ විසිටින් ලෙක්චර් කෙනෙක් . රොහාන් වීරසිංහ කියල , ඕන නං හොයල බලපන්. දවසක් එයාගේ ප්‍රයිවෙට් චැනලින් 1 ට ගනු ළමයෙක් අව පොඩි පැටියෙකුත් එක්ක , දෙමල කෙනෙක්. පොඩි එකාට හොදටම සනීප නෑ , ඩොක්ටර් අනිත් අයවත් බලන්නේ නැතුව කෙලින්ම අරයව ඇතුලට ගත්ත, ඒ බබව බලල බෙහෙත් දීල ඔක්කොම කරලා බිල දුන්නම රුපියල් හත්සිය ගානක්. ඒ ළමය ගව තිබ්බේ රුපියල් සීයක් ද කොහද ,ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන ගමන් බබාට අමාරු උන නිසා මේකට ඇවිත් තියෙන්නේ , ඩොක්ටර් ඒ ළමයට කිසිම දෙයක් කිව්වේ නෑ , ආයි ඇවිත් දවස් 3 කින් පෙන්නන්න කියලත් කිව්වා. එයත් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙන් ආපු දොස්තර කෙනෙක්. අන්න එකයි දොස්තර කෙනෙක් ගෙන වෙන්න ඕන. මන් කවදාවත් දෙයක් කියන් නෑ එහෙම අයට.

    ගොඩක් ම සාමාන්‍ය පන්තියේ ළමයින්ගේ දරුවන්ට ඕක තේරෙනවා , උන් මෙඩිකල් ගියත් උබල වගේ කෑ ගහන නෑ . මොකද උන්ට ඇත්ත තේරෙනවා . ගොඩක් ම මේවට කෑ ගහන්නේ ගම වලින් ආපු ලෝකේ ගැන මෙලෝ දැනුමක් නැති උන් තමා . උන් දන්න දේකුත් නෑ ඒත් ඉන්නේ ඔක්කොම දන්න ගානට :). අනික උන්ට පට්ට ඉරිසියි අනිත් උන් එක්ක . උන් දැකල නැති ලැබිල නැති ලෝකේ දේවල් දැක්කම උන් ට මැජික්. මිනිහෙක් නය වෙලා කාර් එකක් ගත්තට ත් උන් කියන්නේ ආන් අරු සල්ලි කාරයෙක් ලක්ෂ 50 ක කාර් 1 ක යනවා කියල. දන්න එක දන්නවා මොකක් ද සීන් 1 කියල . ආණ්ඩුවේ කැම්පස් න් මෙඩිකල් කරන මොලේ ඇති අයට මගේ ප්‍රණාමය , අනිත් ජෝකියෝන්ට මඩ නෙවේ පොල්ලකින් ගැහුවත් මදි ,
     
    ඔයාට කියන එක කොහොම කොඉව්වත් තේරෙන්නේ නෑ වගේ . අනේ මචන් හෑලි නොලියා පොය්න්ට් එකට කතා කරන්න

    පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හදන එකෙන් රටට යම් ලාභයක් වෙනවා නම් එයින් එක් තමයි රටට පෞද්ගලික රෝහලක් ලැබීම. මම කළින් කියලා තියෙන කරුණුත් එක්ක කිව්වා රජයේ රෝහලක් එහෙම නිකන් දෙන නීතිමය වටපිටාවක් නෑ කියලා. එහෙම දෙන එකත් වැරදියි . මොකද ඒකට ඇතුළු වෙන ලෙඩ්ඩු ආණ්ඩුවේ ඉස්පිරිතාරෙකට එන නාමෙන් පෞද්ගලික ස්මාගමක ලාභයට යෙදවෙන හින්දා . අනිත් එක මේ උපාධි අපේක්ශකයෙක් අතින් ලෙඩෙක්ට යම් හානියක් උනොත් ඒකෙ වගකීම ගන්නෙ කවුද කියන එකත් ප්‍රශන්යක්. මේක මීට වඩා සරලව කියන්න නම් මට තේරෙන්නෙ නෑ

    අනිත් එක ආසා උනාට වෛද්‍යවරු වෙන්න හැමෝටම බෑ . එහෙනම් උසස් පෙළ කියලා එක් ඕනනි නැහැනෙ . අත උස්සලා දොස්තරලා වෙන්න දෙතහැකි නේ . ඒ සදහා යම්කිසි හැකියාවක් තියෙන්න ඕනි . මං මේක කළිනුත් ඇහුවා අනිත් හැම ප්‍රශ්නයක් වගේමෙකෙදිත් ඔයා ලිස්සලා ගියා සල්ලි තිබ්බ පළියට උසස් පෙළ යන්තම් සමත් වෙන දොස්තර වෙන්න ආසාව තියෙන කෙනෙක් අයෙක් දොස්තර කෙනෙක් කරලා ලෙඩ්ඩුන්ට හරියයිද ?

    ලෝකෙ කොහේවත් නොවුන එක කලින් පාර පටන්ගත්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උනා . මේක කවදා හරි ක්‍රියාත්මක උනොත් මේකෙත් වෙයි . ඒ නිසා දෙයක් කියන්න කලින් කරුණාකරලා හොයලා බලලා කතාකරන්න

    ඔව් ඔව් ලක්ශ 70 ක් තියෙන අය විතරයි මිනිස්සු , දුප්පත් අයගෙ ළමයින්ට හෙණගැහුවත් අපිට මොකෝ . උන්ට දොස්තරලා වෙන්න ඕනි නම් තාත්තලට ලක්ශ 70 ක් හොයන් එන්න කියපල්ලා ඔයා කියන්නෙ ඕක නෙ. ඕකෙන්ම තේරෙනවා නෙ ඔයාලා මේකට මෙච්චර කඩේ යන්නෙ ඇයි කියලා . මේකෙන් බහුතරයකට හොදක් වෙන්නෙ නෑ . ඒ ලෙවල් ඇණ ගත්ත සල්ලි අතේ තියෙන පොඩ්ඩකට ගොඩ යන්න ගහගත්තු ගැටයක් මේක. අපි විරුද්ධ වෙන්නෙත් ඒකයි මේකට
     
    Last edited:
    • Like
    Reactions: kasun88888
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එතකොට රුසියානු වෛද්‍ය උපාදි ධාරීන්ට රජයේ පත්වීම් දෙන්නේ නැද්ද? :baffled:

    ඇයි බං උමලා උඹලා සුපර්නැචුරල් කියලා කියාගන්න හදන්නේ? :baffled:

    වෛද්‍ය උපාදියක් ගන්න එක මහා අමාරු දෙයක් කියලා කියන පදනම මොකක්ද? :rofl:
    ඔය තර්කේ හොඳයි නූගත් සමාජය චූන් කරවන්න. ඒත් ඇත්ත ඒක නෙවෙයිනේ යාලුවා.

    ඒ ලෙවල් තුන් පාරක් බැරිනම් සියපාරක් හරි කරලා S3 දාගත්තනම් හරි නේද? ඒ පුද්ගලයා අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා නේද?

    එතකොට 3පාරක් එලෙවල් කරලා මෙඩිකල් ෆැකල්ටි යන උං අන්ක් එවුන්ට වඩා මොලේ අඩුද? උං ඩිග්රිය ගොඩදාන්නෙ නැතුව මග හැලෙනවද? මට කියනවද ඒලෙවල් වලින් කොහොමද ඔය කියන මෙඩිසින් කරන්න ෆිට් කියලා තීරණය කරන්නේ කියලා :nerd:

    මචං උඹත් දන්නවා නේද ඒලෙවල් වලින් මනින්නේ මතක ශක්තිය විතරයි. ඒකම වෛද්‍ය වරයෙක් වෙන්න අවශ්‍ය එකම සුදුසුකම කියන්න බෑ නේද? ඒක විභාග ක්‍රමයේ අඩුපාඩුවක් නේද? :P

    එහෙම බැල්වොත් දැනට මෙඩිකල් ෆැකල්ටි වල ඉගනගන්න 90%ක්ම නුසුදුසස්සෝ නේද? :P
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ගොඩක් අයට ඕක ගෑන තේරුමක් නෑ. උඩින් බලලා තම හොදයි හොදයි ගන්නෙ.:(:(
    හොද threadක් මචෝ.:yes::yes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැටියා;11099329 said:
    එතකොට රුසියානු වෛද්‍ය උපාදි ධාරීන්ට රජයේ පත්වීම් දෙන්නේ නැද්ද? :baffled:

    ඇයි බං උමලා උඹලා සුපර්නැචුරල් කියලා කියාගන්න හදන්නේ? :baffled:
    රුසියානු හෝ මොකක් හෝ වේවා පිටරට උපාධිධාරීන්ට ලංකාවෙ වැඩ කරන්න පුළුවන් act 16 විභාගය සමත් උනාට පස්සෙ . ඒත් ඒකෙන් පාස් වෙන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක් . 85% කට වැඩිය ගොඩක් සැරවල අසමත් . මොකද ඒ විභාගයෙන් තමයි සුදුස්සන් තෝරලා එවන්නෙ. ඒත් මාලබේ අය එන්න හදන්නෙ ඒ විභාගය නැතුව ගෙඩි පිටින් . එතකොට වෙන්න පුළුවන් හානිය පොඩ්ඩක් හිතලා බලන්න
    වෛද්‍ය උපාදියක් ගන්න එක මහා අමාරු දෙයක් කියලා කියන පදනම මොකක්ද? :rofl:
    ඔය තර්කේ හොඳයි නූගත් සමාජය චූන් කරවන්න. ඒත් ඇත්ත ඒක නෙවෙයිනේ යාලුවා.
    ඕක අමාරුයි කියන එක කියන්නෙ සමාජයම තමා මිත්‍රයා . අපි නෙමෙයි . ඉතින් අපිත් කියන්නෙ ඔච්චර ලේසි නම් උසස් පෙළ ගොඩ දාගෙන එන්න බැරි ඇයි . තුන් පාරක්ම කරන්න දෙන්නේ ඒකටනේ
    ඒ ලෙවල් තුන් පාරක් බැරිනම් සියපාරක් හරි කරලා S3 දාගත්තනම් හරි නේද? ඒ පුද්ගලයා අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා නේද?

    එතකොට 3පාරක් එලෙවල් කරලා මෙඩිකල් ෆැකල්ටි යන උං අන්ක් එවුන්ට වඩා මොලේ අඩුද? උං ඩිග්රිය ගොඩදාන්නෙ නැතුව මග හැලෙනවද? මට කියනවද ඒලෙවල් වලින් කොහොමද ඔය කියන මෙඩිසින් කරන්න ෆිට් කියලා තීරණය කරන්නේ කියලා :nerd:

    මචං උඹත් දන්නවා නේද ඒලෙවල් වලින් මනින්නේ මතක ශක්තිය විතරයි. ඒකම වෛද්‍ය වරයෙක් වෙන්න අවශ්‍ය එකම සුදුසුකම කියන්න බෑ නේද? ඒක විභාග ක්‍රමයේ අඩුපාඩුවක් නේද? :P

    එහෙම බැල්වොත් දැනට මෙඩිකල් ෆැකල්ටි වල ඉගනගන්න 90%ක්ම නුසුදුසස්සෝ නේද? :P
    උසස් පෙළ හැකියාව මනින්න තියෙන සාර්ථකම ක්‍රමය නොවෙන්න පුළුවන් ඒත් ඒක සෑහෙන සාර්ථක සරල විභාගයක් . උසස් පෙළින් මනින්නෙ මතක ශක්තිය කියන්න බෑ නෙ සහෝ මතක තියාගෙන පාස් වෙන්න පුළුවන් ජීව විද්‍යාව විතරනේ . තව විශයන් දෙකක් තියෙනවා එහෙම බැරි . උසස් පෙළ වැරදි නම් ඔයා ඊට විකල්පයක් මට යෝජනා කරන්නකෝ . හැමෝටම දොස්තරලා වෙන්න බැහැ කියලා ඔයා පිළිගන්න ඕනි . ඒකට යම්කිසි බුද්ධි මට්ටමකුත් ඕනි නේ . ඒ මට්ටම උසස් පෙළින් තෝරලා දෙනවා කියන එකයි මගේ හැඟීම. ඒක එච්චර අමාරු විභාගයකුත් නෙමෙයි නෙ හරියට කරනවා නම් :)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගොඩක් අයට ඕක ගෑන තේරුමක් නෑ. උඩින් බලලා තම හොදයි හොදයි ගන්නෙ.:(:(
    හොද threadක් මචෝ.:yes::yes:
    ස්තූතියි මචෝ . ගොඩක් අයට මේක තේරෙනකොට පෙරහැර ගිහිං අර කියන්න වගේ පෙරහැර බලන්න ආපු අය ගෙවල්වලත් ගිහිං
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මුලින්ම මනුස්සයෙක්ට කතා කරන හැටි ඉගෙනගන්න , ඔයා නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ .
    මරාගත්තා කියලා ඔයා ගිහින් සාම සකච්ඡා කරන්න යෑ , මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    Aney palayan bung yanna...umbada dan doctors la certify karanne?? Modaya...!!
     
    Wal Bada

    Well-known member
  • ethakota indun hitum,airticket walata yana viyadam denna kauda russia giyaama?? Boru kiyanna epaa boss...meke degree eka ganne yanne 65 lahks witharai....aanduwen hama medical student kenekuta avuruddata 1.2 million spend karanawa avuru 6k 7k yanakan....ethakota meke degree eka gaana adui aanduwen yana gaanata wadaa....igena ganne nikan unaata mulu rateyma minissunuge tax walin thamai nikan igena gena eeta passe pitarata panala ehe padinchi wennne....

    PMC walin igena gathththata ratata barak wenne naha...thaamage salli walin igena gena ratatama sevaya karanawa.....nikan boruwata kaa gahala boru kiyanne epaa ayise
    ඔය සායනික පුහුණුව නැතුවනේ, ඒකට මිලියන 3.5 - 4.5ක් විතර යයි. එතකොට මිලියන 10-11 ක් විතර වෙයි.

    නේපාලේ ගිහින් ගන්න ඔක්කොම වියදම යන්නේ මිලියන 5.5ක් විතර!
     
    Wal Bada

    Well-known member
  • Boru kiyanne epaa boss.....oye gollo hamoma hadanne boru kiyala minissu ravattanna hadana ekai.....65 lahks walata thamai mulu course ekama complete karanne thiyenne.....India wagey rataka dan 120 lakhs withara yanawa MBBS karanne......
    Nimal Siripalath oye kathaawa kiuwa 2010 indala Docs lata jobs denna baha kiyala....lankaawe faculty walin out wenne 1000 i avuruddatama....danata inne minissu 1850 ta 1 doctor kenek.....Ideal ratio eka 300 to 1....dan inna Docs la lankaawe inne 15,000 witharai...anith okkoma pitarata panala.....15,000 avurudu 5 kin 750000 karanna puluwanda GMC walin?? ethakota thamai mehe 300 to 1 ratio ekata enne...

    Oyaage katinma pita wunaa job security prashne hinda thamai oya gollo mekata oppose karanne kiyala?? kauda kiyanne Government ekey hamoma jobs illa gena yanawa kiyala?? mamath Private thamai karanne...government karala katta kaala night karala habu karapu gaana wagey 5 gunayak dan mama PP karala hoyanawa...

    oya gollo witharai mekata ada virudda wenne....e mokada oya gollonta competition wadi wenawa hindai...ahinsaka leddu apeyta thiyaa gena Strike karanawa podda bari wenakota.....mokada leddunta wena option anthi hinda ratey doctors la adu hinda

    Quality gana mehe campus wala kattiyata kathaa karanna ayithiyak naha....top 2000 walawath lankaawe campu ekakwath naha....udingma thiyenne Peradeniya thamai ...ekath 2220...Colombo 2240....oya gollo Linear accelerator ekak dakalawath thiyenewada lankaawe??

    Lankaawata enna yanne Monash,manipal wagey world class top quality med colleges thamai...mewa wala quality ekata lankaawe grads lata kittu wennawath baha
    ඔය උඩම 2000ට නැත්තේ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල. ශී ලාංකික වෛද්‍ය පීඨ නෙවෙයි. ඒ ගැන රෑන්ක් එකක් තියෙනව නම් දාන්න බලන්න.