විරුද්ධ වෙන හේතු කිව්වොත් ගොඩක් වටිනවා![]()
පලවෙනි සහ වැදගත්ම කාරණය තමයි සල්ලි තියෙන අය ඉගෙන ගත්තට අපිට කිසිම ඊරිසියාවක් නෑ කියන එක.
එහෙනම් අයි අපි මේ PMC එකට විරුද්ධ වෙන්නේ? ලංකාවේ PMC ඇරෙන්න ඇරෙන්න රජයේ වෛද්‍ය විද්‍යාල හැදෙන එක නවතිනවා..
ඒ කොහොමද?
ඇයි PMC වලින් ඕන තරම් "දොස්තරලා" හදල එවනවනේ..එතකොට ඉල්ලුමට ඊනියා "සැපයුමක්" ලැබෙනවා..එහෙව් එකේ තව රජයේ වෛද්‍ය විද්‍යාල ඇතිකරන්නේ මොන එහෙකටද..නෙහ්..! ඒ කියන්නේ උසස් පෙළ විභාගෙන් ඉහල ලකුණු ගත්ත එත් සල්ලි නැති දක්ෂ ළමයට වෛද්‍යවරයෙක් වෙන්න තියෙන ඉඩකඩ නැතුව යනවා.
ඒ කියන්නේ PMC ඇතිකිරීම වැලක්වුවොත් ඒ ළමයට වෛද්‍යවරයෙක් වෙන්න ඉඩකඩ තියෙනවද? පැහැදිලිවම ඔව්..
ඒ කොහොමද, වැඩිවන වෛද්‍යවරුන්ගේ ඉල්ලුම සහ මහජන මතය අනුව රජයට සිදුවෙනවා තව තවත් රජයේ වෛද්‍ය විද්‍යාල අරින්න සහ තියෙන එවල ඉඩ සහ අනිකුත් පහසුකම් වැඩි කරන්න..
පිට රට වල වලට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගියාට මෙහෙම වෙන්නේ නෑ නේද?
දෙවෙනි කාරණය තමයි , රජයේ වෛද්‍ය විද්‍යාල වල උගන්නවන ආචාර්යවරු මේ PMC එකට වැඩි වැටුපක් සඳහා ඇදී යාම..
පේරාදෙණිය විය පීඨයේ මහාචාර්ය වරියක්, ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයේ ජීව රසායන විද්‍යාව දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන මහාචාර්ය තුමා ඇතුළු විශාල පිරිසක් දැනටමත් එය වෙත ඇදී ගොස් හමාරයි..එතකොට නිදහස් අද්යාපනය ඔස්සේ තරඟකාරී විභාගයකින් සමත් වෙලා එන ශිෂ්‍යයාට උගන්න්වන්න සුදුසු ගුරුවරු නැති වෙනවා..
පිට රට වල වලට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගියාට මෙහෙම වෙන්නේ නෑ නේද?
PMC වලින් එන දොස්තරලට ප්‍රමිතියක් නෑ කියන්නේ ඇයි?
ප්‍රධානම කාරණය තමයි, ඔවුන් බන්දවගන්නේ අද්යාපන සුදුසුකම් මත නොවීම..
දෙවෙනි කාරණය, ඔවුන්ගේ ප්‍රමිතිය බලන්න කිසිම මිම්මක් නැති වීම..
එහෙම කියන්නේ ඇයි..?
රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් එන වෛද්‍යවරයෙක් උනත් අවසානයේ පැවැත්වෙන අවසාන MBBS විභාගය සමත් විය යුතුයි..ඒ විභාගය සඳහා ලංකාවේ හැම වෛද්‍ය පීඨයකටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයක්,,ඒ කියන්නේ හැම රාජ්‍ය වෛද්‍ය විද්යලයකින්ම එන වෛයවරින් ඉහල ප්‍රමිතියකින් යුක්තයි..
ඒ ප්‍රශ්න පත්‍රයම පිටරටවල් වලින් ඉගෙනගෙන එන සිසුන්ටත් ලැබෙනවා ( ඔය ACT 16 කියන්නේ) නමුත් එයට මුහුණදෙන පිටරටවල් වලින් එන අයගෙන් පාස් වෙන්නේ 500 කින් 35ක් වගේ ප්‍රමාණයක්..එයින්ම හිතාගන්නකෝ ඒ රටවල් වල තරම..
නමුත් මේ PMC වලින් එන සිසුන්ට එහෙම කිසිම විභාගයක් නෑ.. තියෙන්නේ PMC එක විසින් පවත්වන විභාගය විතරයි..සල්ලි වලට ඔක්කොම වෙන තැනක එහි ප්‍රමිතිය ගැන හිත ගන්න එක අමාරු නෑ නේද?
ඇයි මේ PMC වලටම විරුද්ද වෙන්නේ.. තව ඒවා උගන්නවන පව්ද්ගලික විශ්ව විද්‍යාල ඔය ලංකාවේ ඕන තරම් තියෙන්නේ?
කාරණය මේකයි..වෛද්‍යවරු කියන්නේ මිනිස් ශරීරයක ආභාද සුවකරන්නන්..ඔවුන්ට තියෙන වගකීම අනෙකුත් ක්ෂේත්රයන් හා සසඳන්න යාමත් විහිළුවක්..එවන් බැරෑරුම් වගකීමක් ගන්න සුඋදානම් වෙන තැනක් අනිවාර්යයෙන්ම ඉහල ප්‍රමිතියකින් යුක්ත වෙන්න ඕනේ..
මේ ගැන තව ගොඩක් කතා කරන්න තියෙනවා..මේ අදහස් කියවල.. ඔයාලගේ අදහසුත් දාන්නකෝ.. පුළුවන් අන්දමට ප්‍රතිචාර දක්වන්න බලන්නම්...








