Lankan Elephant Suffers in UK

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    මෙරට අලියෙකුට වධ හිංසා කළ බ්‍රිතාන්‍ය යුවලකට නඩුවක්




    :(:(:(

    ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත රැගෙන යන ලද අලියෙකු ශාරීරික වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍ය ජාතික සර්කස් හිමිකරුවන් දෙදෙනෙකුට චෝදනා ගොනුකර තිබේ.

    මේ වනවිට 58 හැවිරිදි වියෙහි පසුවන මෙම අලියා 1950 දශකයේ දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත නැව් මගින් ප්‍රවාහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම අලියා රැකවරණය ලබාදුන් බොබී සහ මොයිරා රොබට්ස් යුවල විසින් එම කාලය පුරාම දම්වල්වලින් බැඳ දමා තබා ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

    සර්කස් කණ්ඩායමක පාලන කටයුතු ගෙනයන යන ‍මෙම යුවලට එරෙහිව ජාත්‍යන්තර සත්ව ආරක්ෂක කණ්ඩායමක් විසින් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    නොවැම්බර් 16 වන දිනට පෙර බොබී සහ මොයිරා රොබට්ස් යුවල කෝර්බි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බව ද සඳහන්ය.

    හිංසනයට ලක්වූ අලියා විල්ෂයර් හි ලෝන්ගලීට් සෆාරි උද්‍යානයේ රැකවරණය ලබන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    පැමිණිල්ල ගොනුකරන ලද ජාත්‍යන්තර සංවිධානය මගින් සර්කස් කණ්ඩායමේ සහයකයින් විසින් එම අලියාට පහරදෙන ආකාරය රහසින් වීඩියෝගත කර ඇති අතර සති 03 ට වැඩි කාලයක් තුළ 48 වතාවක් පහරකෑමට ලක්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

    මෙම අලියා සිය පවුලේම කොටසක් වූ බවත්, වසර 10 ක කාලයක සිට එම සත්වයා කිසිදු සංදර්ශනයකට සහභාගි නොවූ බවත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් 72 හැවිරිදි රොබට්ස් මහත්මිය අවධාරණය කර ඇත.


    adaderana
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ළඟට එන කොටම ඇඟට කඩන් වැටුන නම් හරි නේ.. බඩවැල් කනෙන් එන්නෙ එහෙනම්.
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කාලකන්නි සුද්දෝ....මට සුවර් නැත්තේ මේකා අලියෙක්ද නැත්නම් බල්ලෙක්ද කියල.යකෝ මෙහෙ නම් ඇත්ගොව්වා ටිකක් කසිය ගහල වද දුන්නොත් අලියා ගේම දෙනවා.එකට මු...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උනාට අපට තමා පාඩම් කියල දෙන්න එන්නේ, මානව හිමිකම්, සත්ත්ව හිමිකම්, අරක , මේක......!!!!
    ලොල්......!!!!
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :shocked::growl::(

    Aliya Longleat safari park ekata yawala

    Court case ekak dala

    Wada karana aya gahala thiyen ne

    Aliyage name eka Anne

    article-2059862-0C05A58300000578-809_634x476.jpg
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඒ උනාට අපට තමා පාඩම් කියල දෙන්න එන්නේ, මානව හිමිකම්, සත්ත්ව හිමිකම්, අරක , මේක......!!!!
    ලොල්......!!!!
    anduwa newei aliyata gahuwe :lol:

    සත්ත්ව හිමිකම් thiyana nisa thamai naduwak dala thiyen ne

    aliya dan wena thanakata yawala
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ඒ උනාට අපට තමා පාඩම් කියල දෙන්න එන්නේ, මානව හිමිකම්, සත්ත්ව හිමිකම්, අරක , මේක......!!!!
    ලොල්......!!!!


    මොකට කියනවද ඒ හරිය...

    ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ...