නවකවදය

Hayeko

Member
Nov 14, 2011
26
1
0
My own world
නවක සරසවි සිසුන්ට ලබා දෙන සිසුන් හා ශිෂ්‍ය කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා ගන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇත.එම සිසුන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට දමන ලෙසද ඇමැතිවරයා ද උපදෙස් දී තිබේ. නවක සිසුන්ට ශාරීරික හා මානසික හිරිහැර කරන සිසුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. සිසුන් සරසවිවලට පැමිණෙන්නේ උසස් අධ්‍යාපනය ලැබීමට මිස ශිෂ්‍ය කණ්ඩායම් වල හෝ වෙනත් සංවිධානවල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට නොවන බව පවසන දිසානායක මහතා ගෝත්‍රික සිරිතක් ලෙස ක්‍රියාත්මක කරන නවකවදය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම අතුගා දැමීමට පියවර ගන්නා බවත් කියයි. මේ අතර රුහුණු රජරට හා පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම නවක සිසුන්ට ඉතා බිහිසුණු අන්දමින් ශාරීරික හා මානසික හිරිහැර සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය පවසයි.
නවක සිසුන්ට මානසික හා ශාරීරික හිරිහැර සිදු කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් පාලනය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ අදාළ විශ්වවිද්‍යාල බලධාරීන් හෝ වහා මැදිහත් විය යුතු යැයි ද එම ශිෂ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රුහුණු විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවට නවක සිසුන් කැඳවා ඔවුන්ට දරුණු අන්දමින් නවකවදය ලබා දෙන බවත් කළමනාකකරන හා වෛද්‍ය පීඨ මෙයට සම්බන්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගිහාන් බණ්ඩාර දිසානායක මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ලබා දෙන්නේ නවක අනුරූපිතාව නමින් වැඩසටහනක් පවත්වමින් බවටද හෙතෙම පෙන්වා දෙයි.
රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල පවානවකවදය ලබා දෙන බවට තොරතුරු තිබෙන බවත් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. නවකවදය ලබා දෙමින් නවක සිසුන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කරන සිසුන්ට හෝ ශිෂ්‍ය කණ්ඩායම් වලට එරෙහිව උපරිම දඬුවම් ලබා දිය යුතු බැවින් වගකිවයුත්තන් මැදිහත්ව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු යැයිද ;හතෙම අවධාරණය කළේය.:yes:
 
  • Like
Reactions: Jack Ripper

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෞද්ගලික විශ්වවිද්‍යායලක් දානවා කිව්වා නං දැං මෙතන පිටු සීයක වත් පොස්ට් දාලා තියෙයි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කාලෙකින් හොද වැඩක් කරන්න යන්නේ...
    නවක වදය කියන්නේ තුරන් කරන්න ඕනේ දෙයක්...
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සිරාවට බන් කැම්පස් වල ඉන්නෙ පොන්නයොද කියලා හිතෙනවා වෙලාවකට . බලෙන් අයියා කියවගන්නවා උතුමා කියවගන්නවා. වදින්න කියනවා මුන් මානසික ලෙඩ්ඩු බන් උන් දන්නවා උන් වගේ පොන්නයෝ කවුරුත් පිට සමාජෙදි ගනන් ගන් නෑ කියලා.න් ඉතින් ඔය වෙලාවෙදි බලෙන් වන්දවගත්තොත් තමයි. අපෙ නන්ගියෙක් මේ පාර කැම්පස් ගියා එකෙක්ට උත්තමයා කිව්වෙ නෑ කියලා වැදගෙන 100පාරක් කියන්න කියලා. එකි මට කිව්වෙ රැග් එක ගැන නම් දුක නෑ පොන්නයෙකුට උත්තමයා කිව්ව එකටයි දුක කියලා. උන් කියන්නෙ නම් ලමයි සමාජගත වෙනවා කියලා ඔක්කොටම කලින් ඔය පොන්නයෝ සමාජගත කරන්න ඕන. කැම්පස් වල ඉන්නවා බන් ව්ඇදගත් විදියට ඉන්න උන් ඕන තරම් උන් ඔය රැග් මගුල් වලට එන්නෙ නෑ උන්ට කොන්ද පන තියනවා උන් උන්ගෙ පාඩුවෙ වැඩ, රටටවත් අම්මලා අප්පලාටවත් වැඩක් නැති එක විභාගෙ 10පාරක් කරන කාලකන්නියෝ තමයි ඔය රගන්නෙ හැබෙයි උන් දන්නෙ නෑ උන් කොයි තරම් රැග් වෙනවද කියලා.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    mchn me nawaka wadaya campus ekata pililayak...eka aniwa nathi karanna one..
    unge sigithi athal sundarai kiyanna tharam bolada un methana innawa habai...
    kalin thread 2ka 3k ma giya me gena....
    aniwa tawa 3-4 yrs walin nawaka wadaya campus walin thuran karanna puluwan..habai ekata siyalu denama ekama mathayaka sitiya yuthui...
     
    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    නවක සරසවි සිසුන්ට ලබා දෙන සිසුන් හා ශිෂ්‍ය කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා ගන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇත.එම සිසුන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට දමන ලෙසද ඇමැතිවරයා ද උපදෙස් දී තිබේ. නවක සිසුන්ට ශාරීරික හා මානසික හිරිහැර කරන සිසුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. සිසුන් සරසවිවලට පැමිණෙන්නේ උසස් අධ්‍යාපනය ලැබීමට මිස ශිෂ්‍ය කණ්ඩායම් වල හෝ වෙනත් සංවිධානවල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට නොවන බව පවසන දිසානායක මහතා ගෝත්‍රික සිරිතක් ලෙස ක්‍රියාත්මක කරන නවකවදය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම අතුගා දැමීමට පියවර ගන්නා බවත් කියයි. මේ අතර රුහුණු රජරට හා පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම නවක සිසුන්ට ඉතා බිහිසුණු අන්දමින් ශාරීරික හා මානසික හිරිහැර සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය පවසයි.
    නවක සිසුන්ට මානසික හා ශාරීරික හිරිහැර සිදු කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් පාලනය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ අදාළ විශ්වවිද්‍යාල බලධාරීන් හෝ වහා මැදිහත් විය යුතු යැයි ද එම ශිෂ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රුහුණු විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවට නවක සිසුන් කැඳවා ඔවුන්ට දරුණු අන්දමින් නවකවදය ලබා දෙන බවත් කළමනාකකරන හා වෛද්‍ය පීඨ මෙයට සම්බන්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගිහාන් බණ්ඩාර දිසානායක මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ලබා දෙන්නේ නවක අනුරූපිතාව නමින් වැඩසටහනක් පවත්වමින් බවටද හෙතෙම පෙන්වා දෙයි.
    රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල පවානවකවදය ලබා දෙන බවට තොරතුරු තිබෙන බවත් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. නවකවදය ලබා දෙමින් නවක සිසුන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කරන සිසුන්ට හෝ ශිෂ්‍ය කණ්ඩායම් වලට එරෙහිව උපරිම දඬුවම් ලබා දිය යුතු බැවින් වගකිවයුත්තන් මැදිහත්ව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු යැයිද ;හතෙම අවධාරණය කළේය.
    :yes:

    penawa madi ban ekai mehema kale BUMP ekakatath ekka..