එයා ඒ කෙනා වුණත් ගැටලුවක් නෑ සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව ඉන්නවනම් මං හිතන විදියට. අනිත් සාමාජික සාමාජිකාවන්ට අගෞරවයක් කරන්නෙ නැතුව, ස්පෑම් කරන්නෙ නැතුව, ඕන කමින් වලි ඇතිවෙන දේවල් කරන්නෙ නැතුව හා පරණ යූසර් අයිඩී පාවිච්චි කරන්නෙ නැතුව ඉන්නවනම් ගැටලුවක් නෑ.
හෙල්ප් එකක් ඉල්ලුවොත් ෆේක් අයිඩී එකකට වුණත් හෙල්ප් කරන එක එළකිරි එකේ තියෙන දෙයක්.
හැබැයි කොයි අවස්ථාවක හෝ සයිට් එකේ නීතියක් කැඩුවොත් අන්න එතකොට එයා ගැන ඇඩ්මින් කෙනෙකුට හෝ මොඩ් කෙනෙකුට රිපෝට් කරන්න පුළුවන්. හැම ෆේක් අයඩී එකක ම වගේ ටිකක් කල් යද්දි එයාගෙ ඇත්ත තත්වය සයිට් එකට පෙන්නනව. එතනින් ඉතින් එයාගෙ ගමන ඉවරයි.