Romantic Opera - Kasun Kalhara

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    රොමාන්තික ඔපෙරාව. මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ සුපර් ස්ටාර් එකේ (සීසන් 4. කවුද කිව්වෙ කියල නම් මතක නෑ. කොහොම හරි හොඳ කමෙන්ට්ස් හම්බුනා ඒකට) එදා ඉඳන් ඒ සින්දුව හොයනව. අද මගෙ යාළුවෙක් ෆේස්බුක් දාල තිබිල තමයි හම්බුනේ. හොයන කට්ටියටයි, අහන්න කැමති අයටයි දෙන්න එළකිරි එකේ දාන්න හිතුන.

    මේ සින්දුව අද ඇහෙන ගොඩක් සින්දු එක්ක සසඳල බලන්න වෙනස කොහොමද කියල. ගී පද කොච්චර ලස්සනද? සංගීතය කොච්චර මිහිරිද? මම කියනවට, ඇස් දෙක් පොඩ්ඩකට වහල සින්දුව හොඳට අහල බලන්න. විඳින්න. ඊට පස්සෙ කමෙන්ට් එකක් දාල යන්න.

    හේමන්ත නිද්‍රාවේ
    ගිලෙනා හැන්දෑවක
    නිසලතාවයේ මතුවෙන්නේ
    ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන
    ප්‍රේමාධ්‍යාශයයි

    සිහිනේ උමතු නිම්නේ
    මා හුදකලාවේ නොහෙළා
    ආදරයේ දෙවඟන
    හැම රාත්‍රියකම
    හැම හිමිදිරියක
    හැම දහවලකම
    වෙලී ගයන්න එනු මැන
    සුප්රානෝ හඬින්

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

    සඳ දිය දහරාවේ
    පෙඟෙන ලැම වෙයද
    නග්න තලාවේ මතුවෙන්නේ
    ඔබෙ සියුමැලි සිරැරේ
    උමතු ආලිංගනයයි

    සිහිනේ උමතු නිම්නේ
    මා හුදකලාවේ නොහෙළා
    ආදරේ දෙවඟන
    සදහටම එකට
    එක ආදරයක
    එක මිහිරියාවක
    ගිලී රඟන්න එනු මැන
    පියුම් මතින්

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් රංඟ වින්‍යාශයේ
    හැම රැඟුකින්ම මැවෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

    රොමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
    හැම රැඟුකින්ම මැවෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

    එම්පීත්‍රී එක බාගන්න ක්ලික් කරන්න

    div60.gif

    වෙලාව තියනව නම් මගේ අනික් ත්‍රෙඩ්ස් වලටත් ඔලුව දාල යන්න.

    සිංහල උපසිරසි හදන්නේ කොහොමද?
    පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි
    Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්
    Google Doodles
     
    Last edited:

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඕකෙ Live Concert එකක් තිබුනා නේද??...

    ඒක නම් හරියට දන්නෙ නෑ මචං. ඔපෙරාවක් ඇත්තටම තිබ්බද දන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සිංදුව විතරක් නෙවෙයි මචං, රොමාන්තික ඔපෙරාව ඇල්බම් එකේ තියන ඔක්කොම සිංදු වගේ අති උත්කෘෂ්ඨ සිංදු......
    විශේෂයෙන්ම සන්නස්ගල ලියල තියන "පිටස්තරයා" , ගිතාරයක් විතරක් භාවිතා කරමින් කියන අචල සොලමන්ස් ලියපු "කදුළු", චරිත් සේනාධීර ලියල තියන ‍"මේ හීනයේ", නදීක ගුරුගේ ගේ "වර්ණ" (මේක තනිකරම වෝකල්ස් වලින් පමණක් යන ගීතයක්, සංගීතයක් නෑ!),සංජය ඈපා ලියපු "ඔබට මතක ද තවම" සහ මාගේ මිත්‍ර දිලීප ලියපු "ඇරඹුම ම කදුළක් වෙලා"........මතක් වෙන කොටත් ඇග හිරි ගඩු පිපෙන තරම් මිහිරක්.......
    අනික කසුන් ගායනයට භාවිතා කරන ටෙක්නික්ස්.........අති විශිෂ්ඨයි........
    සුභාවිත ගීතය සප්‍රාණිකව තියා ගන්න ඔහු මේ දරන වෙර අපේ ප්‍රමෝදය පිණිස ම හේතු වෙනවා.....!!!!!
    විශේෂයෙන් ම "පිටස්තරයා" ගීතය නම් හොද විචාරයකට අහු වෙන්න ඕන කරන විශිෂ්ට ගීතයක් බවයි මාගේ හැගීම
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Google > Romantic Opera - Kasun Kalhara Live concert :cool:

    Code:
    http://apihoru.blogspot.com/2011/07/romantic-opera-kasun-kalhara-live-in.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් හරියට දන්නෙ නෑ මචං. ඔපෙරාවක් ඇත්තටම තිබ්බද දන්නෙ නෑ.

    ඇල්බම් එකේ ම තියෙන්නේ මෙහෙම කියලා.........

    ---"මෙහි එන 'රොමාන්තික ඔපෙරාව' සත්‍ය ඔපෙරාවක නිර්මාණ රීතීන් භාවිතා කොට නිර්මාණය වූවක් නොවේ.මෙය අයත් වන්නේ සාමාන්‍ය සරල ගී ආකෘතියකට. Opera තියෙන්නේ මීටත් සෑහෙන්න එහායින්.."------
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මේ සිංදුව විතරක් නෙවෙයි මචං, රොමාන්තික ඔපෙරාව ඇල්බම් එකේ තියන ඔක්කොම සිංදු වගේ අති උත්කෘෂ්ඨ සිංදු......
    විශේෂයෙන්ම සන්නස්ගල ලියල තියන "පිටස්තරයා" , ගිතාරයක් විතරක් භාවිතා කරමින් කියන අචල සොලමන්ස් ලියපු "කදුළු", චරිත් සේනාධීර ලියල තියන ‍"මේ හීනයේ", නදීක ගුරුගේ ගේ "වර්ණ" (මේක තනිකරම වෝකල්ස් වලින් පමණක් යන ගීතයක්, සංගීතයක් නෑ!),සංජය ඈපා ලියපු "ඔබට මතක ද තවම" සහ මාගේ මිත්‍ර දිලීප ලියපු "ඇරඹුම ම කදුළක් වෙලා"........මතක් වෙන කොටත් ඇග හිරි ගඩු පිපෙන තරම් මිහිරක්.......
    අනික කසුන් ගායනයට භාවිතා කරන ටෙක්නික්ස්.........අති විශිෂ්ඨයි........
    සුභාවිත ගීතය සප්‍රාණිකව තියා ගන්න ඔහු මේ දරන වෙර අපේ ප්‍රමෝදය පිණිස ම හේතු වෙනවා.....!!!!!
    විශේෂයෙන් ම "පිටස්තරයා" ගීතය නම් හොද විචාරයකට අහු වෙන්න ඕන කරන විශිෂ්ට ගීතයක් බවයි මාගේ හැගීම

    මම දැනං හිටියෙ නෑ මේකෙ ඇල්බම් එකක් තියනව කියල. කොහෙද ඉතිං ටීවී එකේ, රේඩියෝ එකේ මේව දාන්නෙ නෑනෙ. සුපර් ස්ටාර් වල ඇහුව හින්ද තමයි මේක ගැනවත් දන්නෙ. ඒත් mp3 එකක් හොයාගන්න නෑ. ඔය දාල තියෙන්නෙ youtube එකෙන් ගත්ත mp3 එකක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකත් රසවිදින්න.....................
    පුදුම ගීතයක්.........රොක් ගීතයකට මෙච්චර සංවේදීතාවයකට මනස පත්කරන්න පුළුවන් ද?????

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මේකත් රසවිදින්න.....................
    පුදුම ගීතයක්.........රොක් ගීතයකට මෙච්චර සංවේදීතාවයකට මනස පත්කරන්න පුළුවන් ද?????

    මම දැන් ඇල්බම් එකම බාන්න හිතන් ඉන්නෙ. වර්ණ නම් හිතට ඇල්ලුව.
     
    Last edited:

    Sali

    Member
    Dec 6, 2006
    1,136
    3
    0
    Hong Kong
    OK onna ehenan kattiyatama baganna man DL Link eka dennan

    DOWNLOAD
    http://rapidshare.com/files/174551476/The_Romantic_Opera_-_Kasun_Kalhara__www.slmusicbox.tk_.rar