ඔබේ කැමරා උපකරණ ආරක්ෂා කරගන්නේ කෙසේද - A poor man's drybox
වර්ථමානයේ කැමරා උපකරණ වල ඇති කාච මත, එම උපකරණ වල කාර්‍යක්ෂම ක්‍රියාකාරිත්වය සඳහා විවිධ රසායන ද්‍රව්‍ය බහු ස්ථර ලෙස ආලේප කර ඇත (multi coated). මෙහි අහිතකර තත්ත්වයක් වන්නේ මෙම රසායන ආලේපන මත දිලීර විශේෂ වර්ධනය වීමයි.
දිලීර ස්ථරය නිසා කාච හරහා ආලෝක ගමන් කිරීමට බාධා ඇතිවී, කලකින් උපකරණය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වේ. ශ්‍රී ලංකාව අධික ආර්ද්‍රතවයකින් යුතු සමකාසන්න රටක් නිසා දිලීර වර්දනය බහුලව සිදුවේ. එනිසා අප රටේ දී කැමරා, දුරදක්න, spotting scopes, range finders, යනාදිය භාවිතා කරන ඔබ, මේ මිල අධික උපකරණ ආරක්ෂා කරගැනීම පිළිබඳව සැලකිළිමත් විය යුතුය. කැමරා ලෙස ඉහත සඳහන් කලේ හා සාමාන්‍යයෙන් සුලභව භාවිතාවන වර්ගයේ කැමරාවන් පොදුවේ ය. හේතුව; දිලීරයන් එතරම් ඉහල මිලක් නැති point and shoot කැමරා මෙන්ම මිල අධික DSLR කැමරාවලට ද හානි පමුණුවන නිසාය
වර්ථමාන නවීන කැමරාවල කාච කිහිපයකින් සමන්විත පද්ධති සමන්විතය. විවිධ කාච පද්ධති විවිධ ක්‍රියාකාරිත්වයන් සඳහා යොදා ගැනේ;
උදා: Dry Cabinet / Dry Box with built in de-humidifier - Rs 14000 (approximately).
පහත දැක්වෙන්නේ එවන් මිල අධික උපකරණ ගැන නොව, පහසු මිලට, පහසුවෙන් සොයාගතහැකි ද්‍රව්‍ය කීපයකින් තනාගතහැකි අඩු වියදම් ආරක්ෂා බහලුමක් ගැනයි.
සැලකිය යුතු කරුණ නම් මිල අධික ස්වයංක්‍රීය dry cabinets මෙන් නොව, මෙහි දී ඔබ විසින් අනුගමණය කලයුතු, ඉටු කලයුතු සේවාවන්ද වේ.
කැමරා උපකරණ සඳහා අඩු වියදම් වියළි බහලුම සාදාගන්නා අන්දම:
අවශ්‍ය ද්‍රව්‍ය
ලීටර 5 පමණ වන ප්ලාස්ටික් බඳුනක් - මෙය රබර් බීඩිමක් සහිත පියනකින් සමන්විත විය යුතුය - බහලුම ඇතුලත හා පිටත අතර ජල වාෂ්ප අඩංගු වායු සංසරනය අවම කිරීමට. හි ඇති මෙවන් බහලුම් රු 1800 පමණ වේ (මිල ගණන් වෙනස් විය හැක ).
සිලිකා ජෙල් ග්‍රෑම් 500-750 අතර. කොළඹ පිටකොටුව බංගසාල වීදිය,නුගේගොඩ ඩිනාල්ස් වෙතින් මිලට ගත හැක (කිලෝවක මිල රු 1000ට අඩුය - මිල ගණන් වෙනස් විය හැක ).
දිලීර වර්ධනයට වායුගෝලීය ජලවාශ්ප උපකාරී වේ. ඔබේ කැමරා කාච පද්ධති ජලවාශ්ප අවම පරිසරයක ගබඩා කල හැකි නම් දිලීර මගින් වන හානිය අවම කර ගත හැක. සිලිකා ජෙල් මගින් වායුඅවකාශයක ජල වාශ්ප උරාගනී. බහලුම තුල සිලිකා ජෙල් මගින් ජල වාශ්ප අවම කර දිලීර වර්දනයට අහිතකර පරිසරයක් ඇති කරනු ලැබේ. ඉන් දිලීර මගින් කාච පද්ධති වලට වන හානිය අවම වේ
ඉහත දක්වා ඇති පරිදි සක්‍රිය කරන ලද සිලිකා ජෙල් බහලුම තුල දමා, එමත කැමරා උපකරණ තැන්පත් කරන්න.
අමතර උපාංග (අත්‍යවශ්‍ය නොවේ)
ආර්ද්‍රතාවය අඩු කරන විදුලි උපකරණය - කොටුව රොබට් ඒජන්සීස්
මෙම උපකරණය ගෘහස්ථ විදුලියට සම්බන්ධ කල විට එතුල අඩංගු සිලිකා ජෙල් සක්‍රිය වේ. පැයක් පමණ විදුලියට සම්බන්ධ කිරීමකින් පසු සතියක් හෝ දෙකක් සක්‍රියව පවතී. එහෙත් මෙහි ක්‍රියාකාරිත්වය බහලුම තබා ඇති ස්ථානය අනුව වෙනස් වේ. ඉහල ජල වාශ්ප අඩංගු පරිසරයක් නම් නිතර මෙය විදුලිය මගින් සක්‍රිය කල යුතුය.
බහලුම පතුලේ ඇසිරූ සක්‍රිය කල සිලිකාජෙල් සමග මෙම උපකරණයද භාවිතා කල විට මාසයක්, දෙකක් පමණ නැවත සක්‍රිය කිරීමකින් තොරව බහලුම භාවිතා කල හැක.
සිලිකාජෙල් සක්‍රිය කරන ආකාරය (ඉහත දක්වා ඇති විදුලි උපකරණය නොවේ)
ඔබ වෙලඳසලෙන් මිලට ගන්නා සිලිකාජෙල් සක්‍රිය තත්ත්වයෙන් ලබාගන්න. සක්‍රිය සිලිකාජෙල් තද නිල් පැහැයක් ගනී. ජල වාශ්ප උරාගන්නා විට ක්‍රමයෙන් රෝස පැහැති වේ. ඔබ යොදාගන්න බහලුම, කැමරා භාවිතය වැනි කරුණු මත මෙම සක්‍රිය සිලිකාජෙල් ජල වාශ්ප උරාගෙන අක්‍රිය තත්ත්වයට පත් වේ (රෝස පැහැති ).
පහත ක්‍රම මගින් ඒවා නැවත පහසුවෙන් සක්‍රිය කරගත හැක:
විදුලි පෝරණුවක් මගින් - ඔබේ රෝස පැහැති වූ සිලිකා ජෙල්, විදුලි පෝරණුවක් තුළ සෙල්සියස් අංශක 200 ට පමණ රත් කරන්න.
සිලිකාජෙල් පළමුව ඇලුමිනියම් කේක් තැටියක දමා ගන්න. තාපය නිසා පිටත ස්ථරයේ ඇති සිලිකාජෙල් නිල්පැහැ ගැන්වුනත් අභ්‍යන්තර ස්ථර තවමත් රෝස පාට නිසා පිරිසිදු ලී කැබැල්ලකින් හෝ වීදුකූරක් මගින් වරින් වර පෝරණුව තුලදීම මිශ්‍ර කරන්න.
(සැලකිය යුතුයි: විදුළි පෝරණුව තුල තාපය මෙන්ම ඇතැම් විට තාපන දඟරයෙන් විදුලි සැර ද වැදිය හැකි නිසා කරුණාකර ප්‍රවේසම් වන්න )
සිලිකාජෙල් සියල්ලම රෝස පැහැති වූ පසු පෝරණුව තුළදීම මඳක් නිවෙන්නට හරින්න. ඉන්පසු හිස් බහලුම තුලට දමන්න. පියන වසා තබන්න. සම්පූර්නයෙන්ම නිවුණ පසු කැමරා ආම්පන්න බහළුම තුලට දමන්න.
ඇලුමිනියම් බාජනයක් මගින් - විදුළි පෝරණුවක් සොයාගැනීමට අපහසු විට, බත් පිසීමට ගන්නා ඇලුමිනියම් භාජනයක් මෙයට භාවිත කල හැක. පෙර ලෙසම පියන ඇර ලිප මත තබා රත් කරගන්න. ගෑස් ලිපක් වීම සුදුසුය.. (දර ලිපෙන් අපද්‍රව්‍ය බහුලව ඇතිවන නිසා.)
පියන ඇර උදුන මත තැබිය යුතු වන්නේ සක්‍රිය වීමේදී සිලිකාජෙල් වලින් නිදහස් වන ජලවාශ්ප නැවත් ඒ මතටම වැටීම වැලැක්වීමටයි.
ඉහත කී ලෙසම සිලිකාජෙල් මිශ්‍ර කිරීමෙන් ඒකාකාරීව සක්‍රිය (නිල් පැහැති ) සිලිකාජෙල් ලබා ගත හැක.
අව්වේ වියලීම - ශ්‍රී ලංකාව අධික ආර්ද්‍රතාවයෙන් යුතු රටන් නිසා අව්වේ වියලීමෙන් සිලිකාජෙල් සක්‍රිය කරගත හැකිබව සැක සහිතය. මෙය සාර්ථකව කල කෙනෙකු වේ නම් ක්‍රමය සඳහන් කරන්න.
මයික්‍රෝ වේව් නොකරන්න - ඉහත කී ක්‍රම සියල්ලේම තාපය සිලිකාජෙල් ස්ඵටික වල පිටත සිට ඇතුලට ගමන් කර ඒවා සක්‍රිය කරයි. එහෙත් මයික්‍රෝවේව් මගින් ස්ඵටික වල සංඝටක පරමාණු කම්පනය මගින් තාපය නිපදවයි. මේ තාපය ස්ඵටික ඇතුළත සිට පිටතට සංසරණය වේ. මෙනිසා සිලිකාජෙල් වල සක්‍රිය කාලය හා නැවත වරක් සක්‍රිය කල හැකි වාර ගණන අඩුවේ. එනිසා මයික්‍රෝවේව් උදුන් මේ සඳහා භාවිත නොකරන්න
කැමරාවක් යනු නිතර එළිමහනේ ගෙන යන උපකරණයකි. මේ නිසා බහළුම තුළට දැමීමට පෙරාතුව සෑමවිටම රොකට් බ්ලෝවරයකින් හා ලෙන්ස් පෙන් එකකින් කැමරාවේ පිටතත්, ලෙන්ස් එකත් පිරිසිඳු කරගන්න.
මෙම උපකරණ ලංකාවේදීද වෙලඳ පොලෙන් ලබාගත හැක
ලෙන්ස් කීපයක් සහිත් කැමරා පද්ධතියක්
සක්‍රිය සිලිකාජෙල් අඩංගු බහළුම
නිල් පැහැ සක්‍රිය සිලිකාජෙල්
ආර්ද්‍රතාවය අඩු කරන විදුළි උපකරණය
Rocket Blower and Lens Pen

- Wide angle lenses
- Standard lenses
- Telephoto zoom
- Super Telephoto
- ඒවායේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් බාල වන නිසා
- නැවත දිලීර ඉවත් කිරිමට ඉහල වියදමක් දැරිය යුතු නිසා
- මිල අධික කාච පද්ධති, නියමාකාරයෙන් ගලවා ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය ජීවානුහරිත යන්ත්‍ර (Precision equipment and sterile workshops), සේවාස්ථාන අප රටේ තවමත් නැත. (සේවාස්ථාන ඇත - ඒවායේ ප්‍රමිතිය ගැන සැක නිසාදෝ මෙරට බොහෝ වෘත්තීය හා නිපුණ ඡායාරූපශිල්පීන් තම උපකරණ, සේවාවන් (service) සඳහා සිංගප්පූරුවට යවති ).
- අලුත්වැඩියාවන් සඳහා ගැලවූ කාච පද්ධතිවල weather sealed තත්ත්වයට හානි සිදුවිය හැක (අලුත්වැඩියාවට ප්‍රමිතිගත උපකරණ භාවිත නොකලොත්)
- අළුත්වැඩියා කල lens වල නැවත විකුණුම් මිල අඩුවේ

+