සුදුවෙරළ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    149888-bigthumbnail.jpg


    සුදුවෙරළ පාලුවෙලා,,,නුබ නොමැති රාත්‍රියේ,,,
    මගෙන් නුබ දුරස්වෙලා ,,,සයුරු ඉමේ සැඟවුනේ,,,
    අපෙ මතක දෝරගලා,,,දුක කියන රාත්‍රියේ,,,
    මම හඬමි දෙනෙත් වසා නුබ මිලින රත්‍රියේ,,,

    සයුරු රළ දිව ඇවිත්,,,වෙරළ හා ලoවෙලා,,,
    දුක කියා ගියත් මෙසේ,,,වෙරළෙ මා තනිවෙලා,,,
    නුබ එන්නෙ කවදදෝ ඒ ලෙසින් මා සොයා,,,
    සයුර ගෙනගියත් සයුරී මා ඔබේ ලඟයි සදා,,,

    හිරු මිළින සැන්දෑවේ,,,සයුර ළඟ තනිවෙලා,,,
    මුමුනා කියූ පෙම් වදන් අද මතකයක් වෙලා,,,
    සඳ නොමැති පාලු අහසේ පුoචි තරුවක් වෙලා,,,
    නෙතු අයන් බලා හිඳිමී,,,මගේ සඳ වඩියි කියා,,,​

    උපුටා ගැනීමක්​