![]()
මහත්තයෝ මම රෙප් හිඟාකන්නේ නැහැ, රෙප් කපලා මගේ ගමන නවත්තන්නත් බැහැ, "යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ" තමන් වැස්සකට හරි ඉස්කෝලෙකට ගියානම්, දුප්පත් මිනිහගේ දුක තේරෙනවනම්, ඉන්න හිටින තැනක් නැති දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද ? උබලා ඔය ආවඩන මහින්ද මහත්තයට කියලා, අන්න ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න, ඔය නයිට් රෙස් වලට වියදම් වෙන සල්ලි වලින්, එක ලොකු පිනක්, ඒ පිනෙන් මහින්ද මහත්තයට තව අවුරුදු 15ක් 20ක් උනත් රට පාලනය කරන්න ශක්තිය ධෛර්ය ලැබෙනවා අනිවාර්යෙන්ම, එහෙම නැතුව ධනපති පන්තියේ උන්ට ආතල් ගන්න නයිට් රෙස් තියලා ඇතිවෙන සෙතක් නැහැ,
මීට වඩා බුද්ධිමත්ව හිතන්න, හැමෝම හිතන හින්දවත් තව කව්රුවත් කියපු හින්දවත් නෙමෙයි, තමන්ගේ හදවතින් අහන්න මේ වෙන දේවල් අපිට සාධාරණීකරනය කරන්න පුළුවන්ද බැරිද කියලා, මහින්ද මහත්තයට ඔයාලා අපිට වඩා කැමති ඇති, ඒත් එතුමාට කැමති, එතුමාගේ සුභසිද්ධිය පතන කෙනෙක් හැම දේටම එහෙමයි එහෙමයි කියන්න එක නෙමෙයි, හරි දේට හරි කියන්නත් වැරදි දෙට වැරදී කියන්නත්, ඒ වැරැද්ද පෙන්නලා දෙන එකත් තමයි විය යුත්තේ,
ඔයාලගෙයි අපෙයි අතර තියෙන වෙනස අන්න එකයි, අපි හොද දෙට හොදයි කියනවා, වැරදි දේට වැරදී කියනවා වගේම ඒ වැරැද්ද පෙන්නලා දෙන්න උත්සහ කරනවා, එහෙම බැලුවම අපි ඔයාලට වඩා මහින්ද මහත්තයට පක්ෂපාතී කියන එක කාටත් තෙරෙනවා.
අපේ ඔෆිස් එකේ ලොක්කා අපි 18 දෙනෙකුට කටුබැද්දේ කේශොන් (KZone) එකේ තියෙන කීල්ස් සුපර් (Keells Super) එකෙන් ටිකට් 18ක් ගෙනත් දුන්නා රෙස් එක බලන්න යන්න, එත් මම ගියෙන් නැහැ, මම එක 1500ට විකුණලා අඟුලාන අවට ඉන්න හිඟන මිනිස්සුන්ට බත් පැකට් එකයි, යොගට් එකයි අරගෙන දුන්නා, මම එවා උබලට කිව්වෙ නැත්තේ මගේ බොරු ෂෝ නැති නිසා, මගේ ගමන නවත්තන්න හදන් මහත්තයට මේ ටික කියන්න ඕනි හින්දයි මම දැන් කිව්වේ,
අපි මහින්ද මහත්තයට කැමතී, එත් බොරු වැඩවලට අපි කැමති නැහැ, මම කියන්නේ මේ රටේ ඔය රෙස් වලට වැඩිය කරන්න තව කොච්චර දේවල් තියෙනවද, වාරායක් හැදුවා, අධිවේගී මාර්ඟය හැදුවා, එතකොට ගුවන් තොටුපල වගේ මේ හැම දෙයකටම මම එකඟයි, එතකොට අර නෙළුම් පොකුණ, එකත් හොදයි, හැබැයි වියදම වැඩී, අපේ රටේ බහුතරයක් කලා කාරයන්ට ඔය රගහලේ එක දවසක වියදම දරන්න අමාරුයි,
මම කියන්නේ මේ රටේ ඔයිට වැඩිය කලයුතු දේවල් තියෙනවා, තමන්ගේ දරුවන්ගේ සතුට ගැන මහින්ද මහත්තයා හිතන්න ඕනි, එත් ඒ මේ රටේ බහුතරයක් බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් නෙමෙයි, එතුමාගේ පෞද්ගලික ධනයෙන්, අනික නීතිය හැමොටම පොදු වෙන්න ඕනේ, අන්න එතකොට තමයි රජ කෙනෙක් ධාර්මිෂ්ඨ වෙන්නේ,






උඹ වගේ හිතන උන් ගමකට එකගානේ හිටියත් ඇතිබන් රට හදන්න

