මචං බැරැක්,
මම මේ කියන්නේ උඹෙයි මගෙයි යාළුකම නිසයි. උඹ දන්නවා නේද අර කොට්ටෝරුවා කොටාගෙන කොටාගෙන කොටාගෙන ගිහින් , අර දිග ගෙඩි හැදෙන බනානා ට්රී එකට කොටලා කෙලවගන්න හැටි. ඉතිං මචෝ උඹත් මේ යන විදියටගියොත් ඒකම තමා වෙන්නෙ.අනිවා.
අනිත් එක උඹත් මේ රිම් එකේ දුවන අල්ලපනල්ලේ තව යුද්දෙකට එන්ටර් වුණොත් නම් ඒක උඹේ දරුවො දෙන්නට තමා බලපාන්නෙ. මොකද උඹට ඉන්නෙ කෙල්ලො දෙන්නෙක්නෙ. ඇමරිකන් කොල්ලො වුණත් අද කාලෙ දෑවැද්දක් නැතුව කෙල්ලො අරං යාවි කියලා මම හිතන්නෙ නෑ. උඹේ ඡන්දෙට මම පෝස්ටර් ටිකක් ගැහුවා.ළඟදීම එවන්නම්.ඉතිං මචං මම නවතින්නම්.මිෂෙල්වත් මතක්කරා කියහං.
ප.ලි, මම මෙහෙම ලියුව කියලා අපේ අර හෙල සෙට් එකට නම් දැනගන්න තියන්න එපා.



