අපිරිසිදු ගැහැණියක්
සත්‍ය කතාවකි..කතාව ලබා දුන් arunadeepa සහොදරයට ස්තුතියි...
අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී පෙනුනි. පිරුණු කොපුල් හා සිහින් තොල් පෙති සුදුමැලිව වියළී ඇත.මෙතෙක් සුළු ඝොෂාව වෙනුවට පැවතියෙ අසාමාන්‍යය නිශ්බ්දතාවයකි. ඇය වටා වූ විත්ති කරුවන් ඇස් වලින් ඇය නිරුවත් කොට රස බලන අතරේ තොල්ක මුදලි තෙම නමක් අඩ ගැසීය. මැදි වියෙ වූ පුද්ගලයෙකු විත්ති කූඩුවට ගොඩවිය.
"මේ තුන්වන නඩු වාරයයි ස්වාමීනි මගේ සේවා දායකයා මේ වනතෙක් රිමාන්ඩ් භාරයෙ පසුවනවා... ඔහුගේ මානව හිමිකම් පිළිබඳව සළකා ඉක්මන් තීන්දුවක් බලා පොරොත්තු වනවා සවාමීනි.... විත්තියට ඇති චෝදනා ඔප්පු කල නොහැකියි සවාමීනි.. "
විත්තියෙ නීතිඥ්ඥයා පලමු තුරුම්පුව ඇද්දේය. නමුත් ඊට පිළිතුරු අනෙක් පසින් යොමු නොවුණි, ළමා හා කාන්තා කාර්යංශය ඇයව උසාවි ඉදිරිපත් කළත් ඇය වෙනුවෙන් නීතිඥ්ඥයෙක් නොවීය මා අසල සිටින්නවුන් ඒකාකාරි නඩු අතරින් වෙනස් වූ මේ කතාව රස විඳිමින් සිටිති. ඔවුන්ට අනුව ඇය පට්ට කැල්ලකි. හොඳින් අතට අහුවන ශරීරයක් හිමිය. පළමු වතාවට විත්ති කූඩුවේ වූ මිනිසා විසින් ද. දෙවෙනි හා තෙවෙනි වර උසාවි භූමියෙදීත් කෙළෙසුණ ඇය නැවත වරක් කෙලෙසීම මෙසේ ආරම්භ විය.
"එදා මොකද උණේ... ?"
ඇය බිම බලාගත්වනමය, සුදමැලි කොපුල් රත් පැහැ විය.
"උසාවියට පිළිතුරු අවශ්‍යයි නිශ්ශබ්ධව ඉඳලා අගෞරව කරන්න එපා උණදේ කියන්න... "
විත්තියේ නීතිඥ්ඥයා හමුවේ ඇය වැරදි කාරියක වී ඇත.
"එදා මං නිදාන හිටියෙ..." ඇය මිමිණීය..
"හොඳයි ඊට පස්සෙ....?"
"බාප්පා ආවා..."
"කොහෙන්ද ආවේ...?"
"දොරෙන්..."
"දොර ඇරලද තිබ්බෙ..?"
"දොර කඩාගෙන ආවේ..."
"කොහොමද කැඩුවෙ..?"
"දැක්කෙ නෑ..."
"එහෙමනං කොහොමද කැඩුවා කියන්නේ.. "
ඇය නිහඩ විය. ඇගේ ගෙදර දොරට අගුලක්වත් තිබෙනවා දැයි මට විටෙක සිතුනත් එය උසාවිය නොපිළිගන්නා නිකන්ම නිකන් සිතුවිලි මාත්‍ර හේතුවකි.
"හරි බාප්පා ඇවිත් මොකද කලේ.. ?ගෙදර කවුද හිටියෙ.. ?"
"කවුරුත් නෑ.."
ඔහුගේ හඩ බෙහෙවින් උච්චය. ඇය පිටි අත්ලෙන් කඳුලු පිසදැමීය..
"වෙන කවුරුත් මේ සිද්ධිය දැක්කද..?"
"නෑ.. "
"කියන්න.... බාප්පා ඇවිත්...?"
"මාව අල්ල ගත්තා..."
"ඔයා දිවුවද...?"
"නෑ මං නිදාන හිටියෙ..."
"එහෙනං අල්ල ගත්තා කිවේ..." නීතිඥ්ඥයා දිගින් දිගටම ගුගුළයි
"මාව ඇල්ලුවා..."
"කොහෙන්ද...?"
ඇය පිළිතුරු දුන්නෙ නැත. දිගින් දිගටම ප්‍රශ්න යොමු කලත් ඇයට ඔළුව වැනීම හා කඳුළු පිස දැමිම හැර පිලිතුරක් දී ගත නොහැකි විය.
"මොකක් ඇඳන්ද නිදන් හිටියේ.. ?"
"ගවුමක්.."
"මේ තැනැත්තත් එක්ක පොර බැදුවද..?"
"ඔවු"
"ඊට පස්සෙ...?"
"එයා මගේ ඇඳුම ඉරුවා...."
"ඊට පස්සෙ... "
තත්පර දෙක තුනක නිහඩව සිට නැවතත් කෙඳිරීය..
"ඊට පස්සෙ කරදර කළා.. "
"එතකොට යටට මොකුත් ඇඳලා හිටියෙ නැද්ද..?" ඇය දෑස් තදින් පියවා ගත්තාය.. යටිතොල සෙමින් හපා ගනිමින් උගුරෙ හිර වූ ඉකියක් සැගවීමට අත්සහ දැරුවත් එය වලක්වා ගත නොහැකි විය.
" ගවුම විතරක් ඉරලද කරදර කළේ යට ඇඳුම තියෙද්දිම..?"
ඔහු නොනවත්වා ප්‍රශ්ණ කරයි. ඇය හඩනවා හැරෙන්නට පිළිතුරු දීමට උවමනාවක් නොවීය. ඇතම්විට චිත්‍රපට වල දැක ඇත්තාක් මෙන් "ඔබ්ජෙක්ෂන් යුවර් ඔ්නර්" කීමට මෙහි කෙනෙක් නොවීය. පොලිස් නිළධාරිණියන් ඇයව දිරිමත් කළා උණත් ප්‍රමාණවත් උත්තේජකයක් සැපයිමට එය ප්‍රමාණවත් නොවීය. විත්තියෙ තර්කය පැහැදිලිය විත්තිකරු ඇයවකෙලසා නැත. ඇය කැමැත්තෙන් එකතු වී දැන් සුද්ද වීමට තනන්නීය. ඇයට තවමත් බොරුව ගොතා ගැනීමට නොහැකිවී ඇත. ඔහු වෙනුවෙන් ඇය දොර හැර තබන්නට ඇත. යට ඇඳුම්ද නොමැතිව ඇය අවස්ථාවට සූදානම්ව සිට ඇත.. යට ඇඳුම පිටින් පිරිමියෙකුට ගැහැණිය හා එක් විය නොහැක ඔහු ඉරා ඇත්තෙ ඇගේ ගවුම පමණකි. ඇගෙන් දිගටම ඇසූ අපුල ප්‍රශ්ණ වලට නිසි පිළිතුරු නොලැබුණි. ඒවාට පිළිතුරු දිය නොහැක. ඇගේ ඉකි බිඳුමෙන්වත් කඳුලින්වත් ඔහුගේ තර්ක කිසිවක් නිරෝධනය කලේ නැත. අවසානයෙ ඔහුද ඉන් හෙම්බත්වූ පසු
"එපමණයි ස්වාමීනි..!" යැයි පවසා අසුන් ගත්තේය. අවට කසු කුසුව නැවතත් වැඩිවිය. සමහරුන් තම තමන්ගේ කතාය. සමහරු ඇය දෙස බලාන මොනවදෝ මුමුණති. සමහරු තවමත් ඇස් විදහා ඇගේ රුව උරා බොති.
"තුන්වන නඩුවාරයේදීත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්නොවූ බැවින් නඩුව ඉවත දමනවා...!!"
විත්ති කූඩුවේ හුන් ගැහැණිය ඉන් බැස එලියට පිය මැන්නාය ඇතමුන් තවමත් ඇගේ පැද්දෙන නිතඹ දෙස බලා සිටියි.
සත්‍යය සිදු වීමකි...