තව~සැරයක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    තව සැරයක්


    නිහාල් ඇලුත් රියැදුරෙකු සේවයට බඳවා ගත්තේ තම බිරිඳගේ ගමන් බිමන් සඳහා යොදවා ගැනීමටය. සේවය අවසන් කොට හෙම්බත් වී සවස තම නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩ වන්නටත් ප්‍රථම අනෝමා ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තාය.
    ’අනේ නිහාල් අපේ මේ අලුත් ඩ්‍රැයිවර්ව අදම අස් කරලා දාන්න. ඒ මිනිහා එක්ක මම ගියේ ගමන් දෙකයි. ඒ දෙවාරෙදිම කාර් එක හප්පලා මේකා මාව මරන්ඩ හැදුවා. මගෙ වාසනාවට බේරුණේ.’
    ටයිපටිය ගලවමින් සිටි නිහාල් කණ්ණාඩිය තුළින් අනෝමා දෙස බලා මෙසේ කීවේය.
    ’කලබල වෙන්ඩ එපා ළමයො. තව එක පාරක් උත්සාහ කරලා බලන්ඩ ඩ්‍රැයිවර්ට ඉඩදෙමු.’


    :D:P

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙන මොනවා කරන්නද?


    වෙන මොනවා කරන්නද?


    ’ඉක්මන් කරනවා... ඉක්මන් කරනවා. මගෙ නෝනව කුලප්පු වෙච්ච හරකෙක් එළවා ගෙන එනවා.’ මීගමුව නගරාසන්නයේ පිහිටි ඡායාරූප ශාලාවකට දුව ආ අරුණ හති දමමින් කීවේය.
    ’ඉතින් අපි මොකද කරන්නෙ?’ කවුන්ටරයේ සිටි තැනැත්තා අසරණව අරුණගෙන් ඇසීය.
    ’වෙන මොනවා කරන්ඩද?’ ඉක්මනට මේ කැමරා එකට අලුත් ෆිල්ම් රෝලක් දාලා දෙනවා.’ රැකියාවට අමතරව ඡායාරූප ශිල්පයේ යෙදුණු හේ කැමරාව කවුන්ටරය වෙත දිගු කරමින් කීවේය.


    :eek::lol:


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනාවැකිය


    අනාවැකිය


    එය ධන කුවේරයකු වූ පාලිත ගේ පුතා එංගලන්තයේ වසර 05 ක් ඉගෙනුම ලබා පෙරළා සියරට පැමිණෙන දිනයයි. පාලිත තම නිවෙසේ පුතු වෙනුවෙන් වෙන්කළ උඩුමහලේ මේසයක් මත මුදල් නෝට්ටු මිටියක්, මත්පැන් බෝතලයක්, බයිබලයක් සහ පිස්තෝලයක් තැබුවේ තම මිතුරු ජිනදාස මහාචාර්යවරයාගේ උපදෙස් අනුවය.
    ’පාලිත නෝට්ටු මිටිය අතට ගත්තොත් පුතා හොඳ ව්‍යාපාරිකයෙක් වේවි. මත්පැන් බෝතලය ගත්තොත් බේබද්දෙක් වේවි. පිස්තෝලය ගත්තොත් දාමරිකයෙක් වේවි. බයිබලය අතට ගත්තොත් දැහැමි සත්පුරුෂයෙක් වේවි.’ මහාචාර්ය ජිනදාස කියා තිබුණි.
    පුතා තම නිවෙසට පැමිණ උඩුමහළට පිවිසෙද්දී පාලිත යුවළ එහි තිරයක් පිටුපස සැඟවී සිදුවන දේ පිළිබඳ විමසිල්ලෙන් සිටියෝය.
    පුතා මේසය වෙත පැමිණ, එහි තිබූ භාණ්ඩ හොඳින් නිරීක්‍ෂණය කොට මුලින්ම මත්පැන් බෝතලය අතට ගෙන ඉන් උගුරු දෙක තුනක් බීවේ ය. අනතුරුව මුදල් නෝට්ටු මිටිය ගෙන සාක්කුවක දමා ගත්තේය. පිස්තෝලය රැගෙන ඉනෙහි ගසාගත් හේ බයිබලය අතට ගෙන පහත මාලයට බැස්සේය.
    තිරය පිටුපස සැඟවී මේ සියල්ල බලා සිටි පාලිත තම බිරිඳගේ කනට කොට මෙසේ කීවේය.
    ’හාමිනේ මූ ෂුවර් එකටම ඇමැති කෙනෙක් වේවි.’

    :baffled::P