මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න
මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න
පහත දැක්වෙන්නේ අප වෙත ලැබුණ පණිවුඩයකි. සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය මේ සඳහා යොමුවේයැයි සිතා එය පල කිරීමට අප තීරණය කළා.
රාජකාරි කටයුත්තක් සඳහා මම පසුගිය 11 වෙනිදා අනුරාධපුරයට ගියා. අනුරාධපුරයට යන හැමදාම පුරුද්දක් විදිහට ශ්‍රී මහා බෝධිය වඳින්න අමතක කරන්නේ නෑ.
සුපුරුදු විදිහට බෝධිය වැඳලා එනකොට මෙයාව මුන ගැහුනා. වෙන වඳුරන් වගේ මෙයා කන්න මොකුත් ඉල්ලුවේ නෑ. මෙයා පෙන්නුවේ එයාගේ අත. අත හොඳටම ඉදිමිලා තිබුණා.
මම එයාව විතරක් ෆොටෝ ගන්නවා කියලා තේරුනාට පස්සේ ලඟට ඇවිල්ලා අත පෙන්නුවා.
ඔයාලටත් පේනවා මේක දෙපා අමනුස්සයෙක් කරපු වැඩක්. මෙයාගේ අත ගැටගහලා තියෙන්නේ වයර් එකකින්.
මම සත්ව වෙදකම් දන්න එක්කනෙක් නෙවෙයි, එත් මටත් මෙයාගේ වේදනාව තේරුණා. අපේ රටේ මේ වගේ සත්තුන්ට බෙහෙත් කරන අය ගොඩාක් ඉන්නවා. තවත් දවස් කීපයකින් මෙයාගේ අතේ තියන උගුල ගලවන්න පුළුවන් වුනොත් මෙයාගෙ අත බේරගන්න පුළුවන් වේවි. සමහර විට ජීවිතයක් බේරේවි.
ඔබට පිං !
මේ GOSSIP9 වෙබ් අඩවියේ පලවුන පුවතක්.

ගත්ත තැන පහළින් දාලා තියෙනව.උදවු කරන්න පුලුවන් කෙනෙක් ඇති කියල හිතලයි එළකිරි එකේ දැම්මේ. 
......ඇඟම හිරිවැටිල ගියා....... මම ඔතන හිටියනම් කොහෙන් හරි පශුවෛද්‍ය බුවෙක් අල්ලන් ඇවිත් අඩු ගානෙ අතේ කම්බිය හරි ගලවල දානව...... තූ නොදකින් මේව කරන කාලකන්නි

රොබොට් අයියා......