පච පුවත්

Jan 15, 2012
48
23
0
තංගල්ල වෙඩි ප්‍රහාරයේ දී ඝාතනය වූ සුදු ජාතිකයා තමන්ටම වෙඩි තියාගත් බව මේ වනවිට වාර්තා වෙනවා. ඔහු පළමුවෙන්ම පළාත් සභා මන්ත්‍රී වරයාට තර්ජනය කර පිස්තෝලයක් එලියට ඇද ඇත, ඒ අවස්ථාවේ එම පළාත් සභා මන්ත්‍රී වරයා සියලු ලෝකසත්වයාට මෛත්‍රිය පතුරුවා ඇති අතර එ මගින් එම සුදු ජාතිකයා දමනය වී ඇත. ඉන් නොනැවතුණු මන්ති වරයා මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහු අතට දී ඇති අතර සුදු ජාතිකයා එය බලා " මම රණ්ඩු ඇති කරගන්න ගියේ මෙවන් පින්වන්ත පිරිසක් සමග දෝ" යැයි සිතා කම්පාවෙන් තමන්ටම වෙඩි තබාගෙන ඇති අතර ඔහුගේ බිරිඳද තමන්ටම වෙඩි තබා ගෙන ඇත. සිද්ධිය පිළිඹදව පොලිසිය වැඩිදුර පර්යේෂණ කරයි.

මහින්ද චින්තනය යටතේ හුනුගල්පිටිය නගරට වැසිකිලියක් සාදා දී ඇත. එය විවුර්ත කිරීමේ උළෙලට පැමිණි මර්වින් සිල්වා මැතිතුමා පවසා සිටියේ මෙම වැසිකිලියේ මලපහ කරන සහ මූත්‍රා කරන, හස්ත කර්මාන්තයේ යෙදෙන,අධෝ වාතය පිට කරන සියලු දෙනාම රාජපක්ෂ වරුන්ට ණය ගැති බවයි.:rolleyes:

මෙන්න දැන් ලැබුණු ප්‍රවුර්තියක්. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ට වෙඩි තැබුවේ අන් කිසිවෙක් නොව එතුමාගේ දියණිය ම බව රජයේ ප්‍රකාශකයෙක් පවසා සිටියා. එම මහතා කියා සිටියේ ඔහුගේ දියණිය දුමින්ද සිල්වා උත්තමයානන්ගේ ශ්‍රේෂ්ඨත්වය දැක, "මාගේ පියාණන් ඇයි මේ වගේ ගරු ගාම්භීර, බෝදිසත්ව ගුණෝ පේත, හස්තිරාජයෙක් වැනි දුමින්ද උත්තම ශ්‍රේෂ්ඨයානන් ට කරදර කරන්නේ " කියා සිතා ඉස්සරහට පැමිණ තමාගේ පියාට වෙඩි තබා ඇතිබව වාර්තා වෙනවා.
මෙය දුටු දුමින්ද මහතාද මෙම දර්ශනය ඉවසාගත නොහැකිව කම්පනයට පත් වී, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි යන්න මෙනෙහි කොට තමන්ගේ පිස්තෝලය දකුණතින් ගෙන තමන්ටම වෙඩි තබා ගෙන ඇත. දුමින්ද මහතා කිසි දිනෙක පිස්තෝලයක් පාවිච්චි කල නොමැති නිසා ඔහුට හරි හැටි තමන්ගේ හිසට එල්ලා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.