හිත කීවොත් හරියි කියල විතරක් කරන්න

33000W

Member
හිත කීවොත් හරියි කියල විතරක් කරන්න

හරි, මුලින්ම කියන්න ඕන මේක උපුටා ගැනීමක් කියල.:D:D මේක උපුටා ගත්තෙ සිත් විනිවිද කියල blog එකකින්. ඒ සහෝදරයට ස්තුති කරන්න ඕන මේ වගේ වැදගත් blog එකක් ලිවුවට.:yes::yes: උපුටා ගැනීම් වලදී අයිතිකාරයට නිසි තැන ලබාදෙන්න ඕන.:):):) එයාට තව තවත් මේවගේ blog ලියන්න සුබපතමු.:love::love::love: කට්ටියට වැදගත් වෙයි කියල elakiri එකේ දාන්න හිතුව.:love::love::love:




මේ රූපෙ දැක්කම මොකද හිතෙන්නෙ...???:confused::confused:
රූපෙ පේනව පහලට වැටිල ඉන්න කෙනාව උඩ ඉන්න කෙනා අදිනව... දකුණු පැත්තෙ රූප වල තියෙනව ඒ වැටෙන කෙනාව ගොඩ ගන්න දෙවෙනියෙක් එලියෙන් උදව් කරනව.. තේරුම හරිම පැහැදිළියි.
අද මේක ලියන්න හිතුවෙ කියවන ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නත් එක්ක...:love::love::love:
මට ගිය සතියෙ ආව මේල් එකක් තමයි මේක ලියන්නත් හේතුව. ඒ මේල් එකේම තමයි මේ පින්තූරෙත් තිබුනෙ. :D
ඒ මේල් එකේ තිබුණ විදියටනම් දැන් අපේ රටේ ලේ බැංකු වල ලේ අඩුපාඩුවක් තියෙනව. හේතුව යුද්දෙ නැති නිසා දැන් ඉස්සර වගේ මිනිස්සු ලේ දන් දෙන්නෙ නෑ..:no::no::no: අනික ඒ ලිපියෙ විදියට අපි දන් දෙන ලේ වල ජීව කාලය එක මාසයක්. ඒකෙනුත් අලුත උපන් දරුවන්ට ලේ දෙන්න පුලුවන් අලුත්ම ලේ විතරයිලු.:yes::yes::shocked:
ඉතින් එහෙම උනම හිතා ගන්න පුලුවන් නේද තියෙන තත්වෙ.?:confused:
මම ක්ලිනුත් මේ ගැන මොකක් හරි ලීව... මම ලේ දෙන්න ගිය දවසක ලේ බැංකුවෙ හිටිය කෙනෙකුත් කීව දැන් ලේ දෙනව අඩුයි කියල මිනිස්සු..:(:(




"ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ?:shocked: දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක් මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට, බැංකුව හිස් වෙනවලු! මිනිස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ!:D:D එතකොට ඒවා රහත් වෙනවද?:(:( ලේ දන් දුන්නට,ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!:shocked::shocked: ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා,ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!":):):)
(මේ කොටස උපුටා ගත්තෙ මට ආව මේල් එකෙන්.)

ලේ දෙන එක ඇත්තටම ගොඩක් අමාරු කාර්යක් නෙවෙයි.:no::no::no: අනික බය වෙන්න ඕනෙ දේකුත් නෙවෙයි.:no: මේක කියවන ඔයාල මාව දැක්කොත් කියයි මට ලේ දෙන්න බෑ.:no::no: ලේ දෙන්න ගියොත් මට ලේ දෙයි කියල. ඒත් නෑ..:no: මම දැනට 5 වතාවකට වඩා ලේ දීල තියෙනව. ඒ කිසිම වතාවක මට කිසි කරදරයක් වෙලා නෑ.:D:D එක සැරයක් මම කියන දේ අහන්නෙ නැතුව වැඩ කරල කලන්තයක් හැදෙන්න ගියා.. නැත්නම් කිසිම කරදරයක් වෙන්නෙ නෑ.. ඒක විස්වාසයි... අත්දැකීමෙන් කියන්නෙ. (ලේ දෙන්න යන්න බය කෙනෙක් ඉන්නවනම් එන්න නාරාහේන්පිටට සතියෙ දවසක... මම එන්නම් තනියට. මාව දැක්කම හිතෙයි මම කියන්නෙ බොරු නෙවෙයි කියල.)
අපි ජිවත් වෙන්නෙ පොඩි කාලයයි.:yes::yes::yes: ඒත් ඒ පොඩි කාලෙදි, අනුන්ට අන්චි අදින්නෙ නැතුව, අනුන්ට වල කපන්නෙ නැතුව අපිට පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න පුලුවන්නම් (අනිත් අයගෙ හිත රිද්දන්නෙ නැතුව) කොච්චර ලොකු දෙයක්ද...? කොච්චර ලොකු පිනක්ද..
ඒ වගේම මැරෙන්න ඉන්න ලෙඩෙක්ව ලේ ටිකක් දීල බේර ගන්න පුලුවන්නම් එක පැයකට හරි ඒක කොච්චර ලොකු පිනක් වෙයිද අපි මැරුනට පස්සෙ යන තැනකට.:):):):love::love:
අපි මැරුණම ගෙනියන්නෙ කළ හොඳ විතරයි..:yes: එකතු කර ගත්ත පින් විතරයි.. ඉතුරු වෙන්නෙ හොඳ නම විතරයි.:D:D
අනිත් එකාට අන්චි ඇදල, වල කපල ලබා ගත්ත තානාන්තරවත්, හොයාපු සල්ලිවත්, සල්ලි වලින්, අනියම් දේවල් වලින් එකතු කරගත්ත නමවත්, මිනිස්සුවත් අපි යද්දි අරන් යන්නෙ නෑ.. අපිට අරන් යන්න බෑ.:no:

මම කීවට කරන්න එපා...හිතල බලන්න.:yes::yes::D හිත කීවොත් හරියි කියල විතරක් කරන්න....:D:love::love:

ප.ලි. : මට මේ මෙල් එකත් එවුවෙ නලින්ද .. නලින්දට ගොඩක් පින්.:yes::yes: නලින්ද හැමදාම එවන්නෙ මේ වගේ හොඳ දෙයක්ම තමයි.:love::love:

"නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇතිකෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ, හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!"

මේ ටික මගේ වචන. 33000W
මේ ලිපිය දාල එක්කෙනෙක් ගෙ හරි ජීවිතයක් බේර ගන්න මට පොඩි හරි උදවුවක් කරන්න පුළුවන් උනා නම් ඒක මට කියන්න බැරි තරම් සතුටක්. bump එකක් හරි දාල යන්න. එතකොට අනිත් කට්ටියටත් මේක බලන්න පුළුවන් වෙයි.:love::love::love::love::love:

 

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔය කථාවට මමත් එකඟයි......
    මමත් ලේ දෙන්න ගියා... ඒත් මගේ බර අඩුයි කියල ලේ ගන්න බෑ කිව්වා....
    මොනවා කරන්නද තාම බලාගෙන ඉන්නව බර හරියනකම්.....
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    නියම නූලක්... ඔන්න මගෙන් රෙප්++
    කට්ටිය පුලුවන් අය ගිහින් ලේ බිඳක් දන් දෙන්න.. මමත් හිතා ගත්තා අපේ පැත්තේ ලේ දන්දීමක් තිබුනොත් අනිවා යන්න...

    මා වැනි බිළින් දා
    මරුවා යයිද කැන් දා
    අනේ ඒ හින් දා
    දෙන්න ලේ බිඳු මමා නැන් දා
     

    33000W

    Member
    නියම නූලක්... ඔන්න මගෙන් රෙප්++
    කට්ටිය පුලුවන් අය ගිහින් ලේ බිඳක් දන් දෙන්න.. මමත් හිතා ගත්තා අපේ පැත්තේ ලේ දන්දීමක් තිබුනොත් අනිවා යන්න...

    මා වැනි බිළින් දා
    මරුවා යයිද කැන් දා
    අනේ ඒ හින් දා
    දෙන්න ලේ බිඳු මමා නැන් දා


    :yes::yes::yes::yes::yes::yes:
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    ලේ දෙන්න හිත හිත ඉන්න ඕනෙ නෑ යාළු :no:
    කොච්චර පිංකමක්ද ඒක :)
    පිං කරන්න හිත හිත ඉන්න ඕනෙද ඉතිං
    :D
    you must spread some reputation.....
     
    Last edited: