යාපනේ_ගැන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා යාපනේ ගිහිපු අය ඉන්නවද... අපි දවස් 4 රක ටුවර් එකක් යන්න හදන්නේ.. යාපනේ ගිහිං බලන්න පුලුවන් වටිනා කියන තැන් ගැන ආගමික ස්ථාන ගැන තොරතුරැ තියෙන වටිනා කියන දේවල් තියෙන අය දෙන්නකෝ... සවිස්තරාත්මක විස්තරයක් දෙන්න පුලුවන්ද....
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Jaffna witharak yanawa nam 4 days athi. mullaitivu yanawa nam madi ban.
    nagadeepa, kks, dambakola patuna owa thama api nam baluwe. thawa mokadda pokunak tyenawa kks wala pathula pena.nama mathaka na.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා යාපනේ ගිහිපු අය ඉන්නවද... අපි දවස් 4 රක ටුවර් එකක් යන්න හදන්නේ.. යාපනේ ගිහිං බලන්න පුලුවන් වටිනා කියන තැන් ගැන ආගමික ස්ථාන ගැන තොරතුරැ තියෙන වටිනා කියන දේවල් තියෙන අය දෙන්නකෝ... සවිස්තරාත්මක විස්තරයක් දෙන්න පුලුවන්ද....
    උස බස් එකක හරි ජීප් වල හරි පලයං. ඕමන්තෙන් එහාට පාර සවුත්තුයි (පාර හදනවා). A/C තියෙන වාහනයක් නං වඩා හොඳයි. පාර හදන නිසා අම්බානට දූවිල්ල.
    මුලතිවු පැත්තෙ යනවා නං හමුදාවෙන් අවසර ගන්න වෙනවා. මොකෝ ෆාරා නැව, පූල් එක, සබ්මැරින් හදපු තැන, බබාගෙ බංකර්, ගෙදර වගේ ඒවා ඔක්කොම තියෙන්නෙ හමුදා(යුද,නාවික) කදවුරු ඇතුලෙ.
    යාපනේ බලන්න තියෙන තැන් :
    යාපනය නගරය තුල : නාග විහාරය,යාපන පුස්තකාලය, දුම්රිය ස්ථානය, ළමා උයන,විශ්ව විද්‍යාලය

    නයිනතිවු යන/ එන විට : නාග දීප විහාරය, අම්මන් කෝවිල,ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය , යාපනය කොටුව

    පේදුරු තුඩුව යන විට : යාපන ඕලන්ද කෞතුකාගාරය, නල්ලූර් කෝවිල, පේදුරු තුඩුව

    දඹකොල පටුන යන / එන විට : කදුරුගොඩ විහාරය, පුත්තූර් පතුල නොපෙනෙන ලිද, කීර මලෙයි නාන පොකුන, දඹකොල පටුන
    හවස් වරුවෙ (3 වගේ වෙද්දි) කරෙයිනගර් වල කැසුරිනා මුහුදු වෙරලට යන්න.

    වෙලාව තියෙනවා නං සංඝපිටි පාලමට යන්න (යාපනේ ඉදන් දුරින් තියෙන්නෙ).

    මුලතිවු/පුදුමාතලන්/පුතුකුඩුඉරිප්පු :
    කොකාවිල් විරුසැමරුම් ස්මාරකය,ෆාරා 3 නැව, පූල් එක, බබාගෙ එක බංකරය්ක්, සුසෙයිගෙ බංකර් නිවස, සබ්මැරින් හදපු තැන, තටාකය, බබාගෙ බංකර් නිවස, පුදුමාතලන් පස් බැම්ම,පුදුමාතලන් රණවිරු ස්මාරකය, පුදුමාතලන් යුධ කෞතුකාගරය.

    මුලතිවු පැත්තෙ පාරවල් ගන්නම දෙයක් නෑ (එකසිය ගානට කැලෑ කපගෙන හදනවා). උස වාහනයක් ඕනෙමයි. අනික ස්මාරක, කෞතුකාගර ඇරෙන්න අනිත් ඒවා බලන්න හමුදා අවසර ඕනෙ.

    A9 - යාපනය යන/එන අතර : කිලිනොච්චි වතුර ටැංකිය, ලුම්පිණි විහාරය, කිලිනොච්චි විරු සැමරුම් ස්මාරකය, හසලක ගාමිණී දිවි පිදූ ස්ථානය, අලිමංකඩ විරු සැමරුම් ස්මාරකය.

    අනික, දඹකොල පටුන යන පාරෙ, මුලතිවු පැත්තෙ පාරවල් ගොඩක තාම පාර ඇරෙන්නෙ දෙපැත්තෙ පොලවෙ බිම්බෝම්බ තියෙනවා. කෑලෑවල් අස්සෙ, වතුර වලවල් අස්සෙ දැක්ක පලියට රිංගන්න යන්න එපා. බබාගෙ බංකර් ගෙදර නං හමුදාවෙ අය කියන/ පෙන්නන පාරෙන් පිට යන්න එපා ඒ පොලොවෙ තාමත් බිම්බෝම්බ හමබෙනවා.

    යාපනේ ඇතුලෙ හා අව්ට බලන්න යන තැන් වලට උදෙන්ම යන්න පිටත් වෙන්න. යාපනේ නගරෙ ඉඳන් 30 - 40km වගේ දුරට යන්න තියෙනවා. ගොඩක් තියෙන්නෙ සාමාන්‍යය පාරවල් (කාපට් කරල නෑ). ඒ හින්දා මගට කාලෙ වැය වෙනවා.

    බොන වතුර අරං යන්න. ඒ පැත්තෙ වතුර කිවුල්.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මෙන්න වටිනා කියන පිළිතුරක්!!!!!

    :):):):)