SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර දෙවසරක් ගතවීම නිමිත්තෙන් අද කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය අත්හිටුවන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර ප්‍රතික්ෂේප කළේය.
පොලිසිය මෙම ඉල්ලීම කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවයි.
පොලීසියට ඇති බලතල අනුව එහිදී ක්‍රියාත්මක විය හැකි බව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.
දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව රැසක සහභාගීත්වයෙන් ප්රජාතන්ත්රවාදය සඳහා වු ජනතා ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබේ