පුවත්පතක ලුහුඩු දැන්වීමක්, දැන්වීම් පුවරුවක විස්තරයක් හෝ ලේබලයක එයට අදාල විස්තරය සදහන් කිරීමට යම් ඉඩක් අවශ්‍යය. ඒ විස්තරය වැඩි වන තරමට අවශ්‍ය ඉඩකඩද වැඩි වනු ඇත. නමුත් මේ සම්මතය වෙනස් කරමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් සදහන් කර තැබිය හැකි ක්‍රමයක් ඇත.එය හදුන්වන්නේ ‘‘ඉක්මන් ප්‍රතිචාර‘‘ [QR - Quick Responce] යන තේරුමින් යුතුව කිව් ආර් කෝඩ් කියාය.
සැම කිව් ආර් කෝඩ් එකක්ම මූලික පෙනුම අතින් ගත්විට සමාන කමක් දැකිය හැක. එහි කෙලවරයන් තුනක තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍ර තුනක් දැකිය හැකිය. ඒ විශාල සමචතුරස්‍ර වලට අමතරව මුළු කිව් ආර් කෝඩ් එක පුරාම අපිලිවෙලට පිහිටා ඇති කුඩා සමචතුරස්‍ර එකතුවෙන් සෑදුනු විවිධ හැඩතල දැකිය හැක. හැඩතලයන්ගෙන් සමන්විත කොටසට වැඩිමනක් තැන් වලදී කළු වර්ණය යොදා ගෙන තිබුනක් වෙනත් වෙනත් වර්ණද ඒ සදහා භාවිතා වේ.පොදුවේ ගත්විට මේ හැම කිව් ආර් කෝඩ් එකකම පසුබිම සුදු පැහැයෙන් දිස් වේ.වෙනත් වර්ණ පසුබිම සදහා යොදා ගන්නා අවස්ථාද ඇත. කිව් ආර් කෝඩ් එකක රදවන තොරතුරු සදහන් වන්නේ මේ සියල්ලේ පිහිටීමෙනි.
එනම් 2D (ද්විමාන) මොඩියුලයක් තුල තොරතුරු රැදවීමයි. කිව් ආර් කෝඩ් එකක ඇති කුඩා හැඩතලයන් මෙම තොරතුරු රදවා තබන මොඩියුලයන්ය. මේ ආකාරයට 0.5 mm2 (වර්ග මිලි මීටර භාගයක) වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් Micro කිව් ආර් කෝඩ් ලෙසත් 1.0 mm2 වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් සාමාන්‍ය කිව් ආර් කෝඩ් ලෙසත් හැදින්වේ.
කිව් ආර් කෝඩ් එකක සැකැස්ම
මේ ආකාරයට කිව් ආර් කෝඩ් එකක් තුල වෙබ් ලිපිනයක්, යම් පණිවුඩයක් හෝ විස්තරයක් එසේත් නැතිනම් කෙටි පණිවුඩයක් (SMS) එකක් ඇතුළු බොහෝ දේ රදවා තබන්නට පුළුවන ඒ අකුරු නම් 4226 ක්ද ඉලක්කම් නම් 7089 ක්ද යන උපරිමයෙනි.
මේ කිව් ආර් කෝඩ් කියවීම ඒ සදහා විශේෂ පහසුකම් ඇති ස්කෑනර් යන්ත්‍ර වලින් මෙන්ම ජංගම දුරකථනය භාවිතයෙන් සිදු කරන්නට හැකිය. නූතන ස්මාට් ෆෝන් සමග කිව් ආර් කෝඩ් කියවිය හැකි ඇප්ලිකේෂන් ඇති අතර එසේ නොමැති එහෙත් සුදුසුකම් ඇති ජංගම දුරකථන වෙත කිව් ආර් කෝඩ් කියවන්නට භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කොට ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන.KAYWA , i NIgma යනු ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ගණනාවක් අතුරින් වාඩත් ප්‍රසිද්ද ඒවාය. ඊට අමතරව සිම්බියන් මෙහෙයුම් පද්දතිය සමග හොදින් වැඩ කරන NEO Reader මෘදුකාංගයද ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැක. ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවන ඇප්ලිකේෂන් එක කියාත්මක කර කිව් ආර් කෝඩ් එක දෙසට ජංගම දුරකථනයේ කැමරාව යොමු කල විට එම කිව් ආර් කෝඩ් එකෙහි අඩංගු තොරතුරු කියවා බලන්නට පුළුවන.නැතිනම් කිව් ආර් කෝඩ් එකෙහි සදහන් ආකාරයට ක්‍රියා කරන්නටද පුළුවන එනම් කිව් ආර් කෝඩ් එකෙහි වෙබ් ලිපිනයක් සදහන්ව ඇත්නම් ඒ වෙබ් අඩවියට පිවිසිය හැක. මේ ආකාරයට වෙබ් ලිපිනය අප විසින් සටහන් නොකර හයිපර්ලින්ක් එකක් ආකාරයෙන් එම කිව් ආර් කෝඩ් එක භාවිතා කිරීම භෞතික අවකාශය තුල හයිපර්ලින්ක් භාවිතා කිරීමක් වැනිය. එසේ නැතිව කිව් ආර් කෝඩ් එකෙහි SMS එකක් සදහන්ව ඇත්නම් කෙලින්ම ජංගම දුරකථය භාවිතා කිරීමෙන් ඒ SMS එක යවන්නට පුළුවන මීට අමතරව කිව් ආර් කෝඩ් එකක සදහන් යම් විස්තරයක් කියවීම ආදී දේ ද මේ ආකාරයටම සිදු කරන්නට පුළුවන.
වර්ථමානයේ කිව් ආර් කෝඩ් දැන්වීම් පුවරු වල, වවිධ ඇසුරුම් සහ වෙළද භාණ්ඩ වල සහ පුවත් පත් ඇතුව බොහෝ තැන්වල බාවිතා වේ. ඒ දැන්වීම් පුවරුවක නම් වඩාත් වැඩි තෙරතුරු ප්‍රමාණයක් රදවා තැබිය හැකි නිසාත්, වෙළද භාණ්ඩ වල නම් එසැනින් අදාල නිශ්පාදනයේ නිශ්පාදකයාගේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබද වැඩි විස්තර දැනගැනීමත් පුවත් පතක නම් ලුහුඩු දැන්වීම් ආදිය පළ කිරීමේදී අඩු ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබන්නට හැකි නිසා වැනි පහසුව ඇති නිසාය. මීට අමතරව විදේශ රටවල පොදු ප්‍රවාහන සේවා වල ටිකට් පත් තුල, මත විමසුම් ආදියේ SMS පණීඩුව කෙලින්ම යවන්නට ඒ පිළිබද දැන්වීම් පුවරු ආදියේත් කිව් ආර් කෝඩ් සුළභව භාවිතා වේ.
විදේශ රටක දැන්වීම් පුවරුවක කිව් ආර් කෝඩ් භාවිතා කර ඇති අවස්ථාවක්
පුවත්පතක කිව් ආර් කෝඩ් භාවිතා කර ඇති අවස්ථාවක්
කිව් ආර් කෝඩ් එකක් ඹ්නෑම අයෙක්ට පහසුවෙන් හදාගන්නටද පුළුවන.i Nigma Create Barcodes වැනි නොමිලේ සපයන සේවා ඒ සදහා භාවිතා කරන්නට පුළුවන.මෙහිදී වෙබ් ලිපිනයක්, පණිවුඩයක්, Contact Details හෝ SMS එකක් වැනි දේ යොදා කිව් ආර් කෝඩ් එකක් සදා ගන්නට පුළුවන.
Bar Code ක්රමයේ දියුණු අවධියක් ලෙසත් කිව් ආර් කෝඩ් හදුන්වන්නට පුළුවන.කිව් ආර් කෝඩ් තරම් තොරතුරු ප්‍රමාණයක් බාර් කෝඩ් වල සටහන් තර තැබිය නොහැකි වීමත් Bar Code හිදී නම් තොරතුරු කියවිය හැක්කේ තිරස් අතට පමණි නමුත් කිව් ආර් කෝඩ් ඹ්නෑ අතකට හරවා කියවිය හැකි වීමත් නිසා බාර් කෝඩ් වලට වඩා ඉදිරියෙන් කිව් ආර් කෝඩ් සිටී.එමෙන්ම කිව් ආර් කෝඩ් තුල Error Coration ගුණාංගයක්ද ඇත.එනම් කිව් ආර් කෝඩ් එකෙහි යම් කොටසක් විනාශ වී ගියත් Error Coration ගුණාංගය නිසා බාධාවකින් තොරව කිව් ආර් කෝඩ් එක කියවන්නට පුළුවන.
කිව් ආර් කෝඩ් 1994 වසරේදී ජපානයේ Denso Wave සමාගම විසින් ලෝකයාට ඉදිරිපත් කල අතර අදටත් ලොව වැඩියෙන්ම නිව් ආර් කෝඩ් භාවිතා කරනා රට ජපානයයි.



source :
Code:
http://neanatha.wordpress.com



