එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි,
මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන
ත්‍රේඩ් දකිනවාට.
මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම දන්නවා.
ඒ හින්දා මේකට විරුද්ධ වෙන්න නම් අපි හඩක් නගන්න ඕනේ,
ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
ආගම්බේද ඇති කරන්න උත්සහ දරණ පිරිසගේ නම් මෙතන ප්‍රදර්ශණය කරන්න
ඒ වගේම ඒ අය කරපු වැරැද්ද ත්‍රේඩ් එකේ ලින්ක් එක ඔස්සේ ඔප්පු කරන්න, එතකොට මේ ගෘප් එක
බලන අපේ මොඩරේටර් සහෝදරයන්ට වගේම ඇඩ්මින් සහෝදරයන්ට උපකාරි වෙයි.
මේ ගෘප් එකට කැමති අය එකතු වෙන්න..
ඊට පස්සේ ආගම්බේද ඇති කරන්න උත්සහ කරන අයගේ නම් මේතන ප්‍රදර්ශනය කරන්න..
එතකොට ඇඩ්මින් සහෝදරයන්ට වැදගත් වෙයි ඒ අය වෙනුවෙන් පියවර ගන්න..
හොඳ අදහසක් මිත්‍රයා!
ආගම් වාදයට පමණක් නෙමෙයි ජාතිවාදයටත් එරෙහිව නැගී සිටින්න එකමුතු විය යුතුයි කියල යෝජනා කරනවා.
මට අවසර තියනවා නම් මම මේක Elakiri Anti-Racism Movement (Elakiri ARM) කියල නම් කරන්නත් කැමතියි.
මෙතැනදි තව දෙයක් කියන්න තියනවා. මම එළකිරියෙ ගොඩක් පරණ සාමාජිකයෙක්. කෙනෙක් මගේ ඉතිහාසය හොයල බැලුවොත් මටත් එක් කාලයක් තිබුනා අන්‍යාගමික මිත්‍රයෙක් හිත රිදෙන යමක් කිව්වම ඒ දුටු සැනින් ඒ වගේ දෙක තුනක් අනෙක් අතට ලියන්න හිතුනු. කෙනෙක් මුහුකුරා යනකොට ඇඟෙන් විතරක් මෝරන්නෙ නැතුව හැබෑවටම පරිණත වෙනව නම් බොහෝ විට ඒ වගේ දේවල් වෙනස් වෙනව. එළකිරියෙ හැම සාමාජිකයෙක්ම තමංගෙ ජීවිතේ අන්න ඒ වෙනස ඇති කරගත යුතුයි කියන එක තමයි මට කියන්න තියන්නෙ.
එළකිරිය උසස් මනස් ඇති අයගෙන් පිරුණු තැනක් කරන්න මිත්‍රයා මේ ගත්ත වෑයමට මගේ උපරිම සහය..!



