ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන යෝජනාවේ මූලික කෙටුම්පත දැන් බුබුළු දමමින් පවතී. මේ යෝජනාවේ නරකම වගන්තිය වන්නේ එහි තුන්වැනි වගන්තියයි. ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක් ඇතුළු කිරීමට බලය ලැබෙන්නේ ඒ වගන්තිය හරහා ය. එම හමුදාව හෝ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහිම මානව හිමිකම් කොමිසම හෝ කරන කියන දෙයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය කෙරෙන්නේ මේ තුන්වැනි වගන්තියට අනුව ය. මේ වගන්තිය වෙනස් කර හෝ ඉවත් කර ශ්‍රී ලංකාවට උපරිම සහනයක් ලබාදීමට ඉන්දියාව මේ මොහොතේදී කටයුතු කරගෙන යන බව දැන ගන්නට තිබේ. දකුණු ඉන්දියාවේ වර්ගවාදී දෙමළ දේශපාලනඥයන්ගේ භයානක බලපෑම නිසා ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව මේ දිනවල ඉතා දැඩි පීඩනයකට ලක්‌ව සිටී. එසේ තිබියදීත් අපේ ස්aවාධීනත්වය වෙනුවෙන් කැපවුණු පිණිස ඉන්දියාව ගෙන ඇති නිර්භීත පියවර මුළු මහත් ජාතියේම ප්‍රණාමයට ලක්‌විය යුතු ය.
1996 දී ඉන්දියාව පරමාණු බෝම්බයක් අත්හදා බැලුවේය. ඒ සමගම පාකිස්‌තානය ද ඊට ප්‍රති උත්තර වශයෙන් පරමාණු බෝම්බයක් අත්හදා බැලුවේ ය. එවිට ඇමරිකාව මේ රටවල් දෙකටම එරෙහිව එක්‌සත් ජාතීන් හරහා ආර්ථික සම්බාධක පැනවීය. මේ සම්බාධක නිසා එකදු ඉන්දියානුවකු හෝ පාකිස්‌තාන ජාතිකයෙක් නිරාහාරව මැරුණේ නැත. බොහෝ කලකට පසු එකී සම්බාධක ඉවත් කරන ලදී. එසේ ඉවත් කරන විට ඒ බවක් ඉන්දියාවට දැනුනේ නැත. ඊට හේතුව ඒ රට ස්‌වයංපෝෂිත රටක් වීමයි. මෙයට සති කිහිපයකට පෙර තමන් විසින් දෙනු ලබන ආධාර නිසි ලෙස පරිහරණය කරන ලෙස බ්‍රිතාන්‍යය ඉන්දියාවට කීවේ ය. එවිට ඉන්දියාව කියා සිටියේ බ්‍රිතාන්‍යයයේ ආධාර මින් පසු තමන්ට අනවශ්‍ය බව ය. ඉන්දියාව තුළ කොතරම් අභ්‍යන්තර ප්‍රශ්න තිබුණත් ඇමරිකාව ඒවා නො දැක්‌කා සේ සිටින්නේ ඒවාට ඇඟිලි ගැසීමට ගොස් ප්‍රසිද්ධියේ ඉන්දියාවෙන් ගැරහුම් ලැබීමට ඇති බිය නිසා ය. එහෙත් පාකිස්‌තානයට ඇමරිකාව නිරතුරු ඇඟිලි ගසයි. ඒ සඳහා ඇමරිකාවට ඇති 'ටිකට් එක' ඉස්‌ලාමීය අන්තවාදය ය. මේ හරහා ඔවුහු ඇෆ්ගන් පාකිස්‌තාන් දේශ සීමාවට බෝම්ම දමයි. එයින් වැඩි හරිය වැටෙන්නේ පාකිස්‌තානයේ සිවිල් ජනයාගේ ඔලු මතට ය. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් සමන්විත ය. මේ රටවල් 47 න් සෑහෙන කොටසක් ඇමරිකාවේ අපහරණයට ලක්‌ව ඇත. චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවලට ඇමරිකාව ඇඟිලි නො ගසන්නේ ඒ රටවල් කෙරෙහි ඇති බය නිසා ය. ඒ අතර බටහිර යුරෝපීය රටවල්වන ඔස්‌ටි්‍රයාව, බෙල්ජියම, ඉතාලිය, නෝර්වේ, ස්‌පාCඳ්Cඳය, ස්‌විස්‌ටර්ලන්තය යන රටවල් ඇමරිකාව පස්‌සේ යමින් අනිත් රටවල්වලට ඇමරිකාව කරන විවිධ හදි හූනියම්වලට ආධාර උපකාර කරමින් බඩ වියත රැක ගනීs. ලතින් ඇමරිකාව යනු ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික උප්පරවැට්‌ටි නිසා අපහසුවට පත් රටවල් සමූහයකි. ඇමරිකාව වෙතින් අපහරණයට පත් වූ රටවල් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න සොයා බැලිය යුතු ය. ඇෆ්ගනිස්‌ථානයේ ත්‍රස්‌තවාදීන් ඇතැයි කියමින් එරටට ගිය ඇමරිකන් හමුදාව සිවිල් ප්‍රජාව සංහාරය කරමින් ඉතා දුෂ්ට භූමිකාවක නිරතව සිටී. ඇෆ්ගනිස්‌ථානයේ ආණ්‌ඩුවට ඇමරිකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නො හැකි වන්නේ එම ආණ්‌ඩුව ඇමරිකාවේ වුවමනාවට පත් කළ ආණ්‌ඩුවක් නිසා ය. එහෙත් ඒ රටේ බහුජන සංවිධාන එක්‌ව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගොස් ඇමරිකාවට එරෙහිව පැමිණිල්ලක් නො කිරීම බරපතළ අවාසියකි. පාකිස්‌තාන් ආණ්‌ඩුවට සිදු වී ඇත්තේ ද මේ විපතම ය. ඇමරිකානුවන් තම රටට බෝම්බ දමා සිවිල් වැසියන් මරණ විට පවා යාන්තමින් විරෝධයක් පළ කර නිහඬව සිටීමට පාකිස්‌තානයට සිදුවිය. ඇමරිකානු ජනතාව ඉතා යහපත් හා ශිෂ්ට සම්පන්න ප්‍රජාවකි. තම රටේ ආණ්‌ඩුව වෙනත් රටවලට කරන කැතකම්වලට ඒ ජනයා කැමැති නැත. ඇමරිකානු පාලන තන්ත්‍රයට එරෙහිව රට තුළින්ම විරෝධයක් එල්ල වෙමින් පවතී. ඇමරිකාවට විරුද්ධව හඬක් නැඟීමට එක්‌සත් ජාතීන් තුළ සිටින රටවල් එකතු විය යුතු කාලය පැමිණ තිබේ.