අහඹු සිදුවීම්ද? - Just Coincidence?

dole

Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    අහඹු සිදුවීම්ද? - Just Coincidence?

    අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?

    1. ටයිටැනික් සහ ටයිටන්

    මෝගන් රොබට්සන් 1898දී නවකතාවක් ලියනවා Futility, or the Wreck of the Titan කියලා, ජෝන් රෝලන්ඩ් කියන චරිතය වටා බැඳෙන මේ කතාවේ කියවෙන්නේ සුඛෝපභෝගී නැවක් අත්ලාන්තික් සාගරයේ ගිලෙන කතාව.
    1898 වෙනකොට ටයිටැනික් හදන්න හිතලවත් නෑ(ටයිටැනික් මංගල ගමන යන්නේ 1912). නමුත් ඒ කතාවයි ටයිටැනික් නැවයි අතර මෙන්න මේ කරුණු සමානයි.

    1. කතාවේ නැවේ නම ටයිටන්(Titan), කඩ්ඩ වචනේ (Titanic) ගත්තොත් අකුරු දෙකයි වෙනස්.
    2. දෙකටම නොගිලෙන(unsinkable) පට්ටම දමා තිබීම.
    3. ටයිටැනික් දිග අඩි 882, ටයිටන් අඩි 800.
    4. දෙකේම ජීවිතාරක්ෂක බෝට්ටු තිබිලා තියෙන්නේ මඟීන් ගණනින් අඩකට වගේ.
    5. අඩකට වඩා මඟීන් මියයනවා නැව් දෙකේම.
    6. එංගලන්තයේ සදම්ටන් වරායෙන් පිටත්වුණු නැව් දෙකම අප්‍රෙල් මාසේ රාත්‍රියක උතුරුදිග අත්ලාන්තික් සාගරයේ නිව්ෆවුන්ලන්ඩ් (Newfounland) වලට සැතපුම් 400ක් ඈතින් අයිස් පරයක ගැටිලා හිස කොටස මුලින් ගිලෙනවා.


    2. කෙනඩි සහ ලින්කන්

    මේක නම් මම එලකිරි එකේම දැක්කා, හැබැයි නොදන්න අයටත් බලාගන්න මෙන්න,
    ජෝන් එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ දෙන්නාගේ සමානකම් බලන්නකෝ.

    1. ලින්කන් කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වෙන්නේ 1846, කෙනඩි 1946.
    2. ලින්කන් ජනාධිපති වෙන්නේ 1860, කෙනඩි 1960.
    3. Lincoln , Kennedy නම් දෙකටම අකුරු 7යි.
    4. ධවල මන්දිරයේ ඉන්න කාලේම දෙදෙනාගෙම දරුවන් (දරුවෙක්ද මන්දා) මිය යනව.
    5. දෙදෙනාම ඝාතනයට ලක්වෙනවා, සිකුරාදා දවසක, හිසට වෙඩි වැදීමෙන්.
    6. ලින්කන්ගේ ලේකම් කෙනඩි, කෙනඩිගෙ ලේකම් ලින්කන්. ලේකම්වරු දෙන්නම අදාළ ජනාධිපතිට කලින් අනතුරු ඇඟෙව්වලු ඝාතනයට ලක්වුණු උත්සව වලට යන්න එපා කියලා.
    7. ලින්කන්ට පස්සෙ ජනපති වෙන්නේ ඇන්ඩෲ ජොන්සන් (උපන්නේ 1808) , කෙනඩිට පස්සේ ලින්ඩන් ජොන්සන් (උපන්නේ 1908).
    8. ලින්කන්ගේ ඝාතකයා John Wilkes Booth, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1839 ; කෙනඩිගේ ඝාතකයා Lee Harvey Oswald, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1939.
    9. Booth වෙඩි තියන්නේ රඟහලකදී, අල්ලාගන්නේ ගබඩාවකදී. Lee වෙඩි තියන්නේ ගබඩාවක ඉඳන්, අල්ලාගන්නේ රඟහලක(සිනමාහලක)දී.
    10. ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයකට කලින් ඝාතනයට ලක්වෙනවා.


    3. හෙනම ගහපිය

    1.1899දී ඉතාලියේ ටැරන්ටෝ නගරයෙ නිවසක පිළිකන්නේ(backyard)දී මිනිහෙක්ට අකුණක් වැදීමෙන් ඔහු මරණයට පත් වෙනවා. ඊට අවුරුදු 30කට පස්සේ එම ස්ථානයේම ඔහුගේ පුතාත් අකුණක් වැදීමෙන් මරණයට පත් වෙනවා. 1949දී දෙවැනියට කියූ කෙනාගේ පුතා(Rolla Primarda) එතැනදීම අර විදියටම මරණයට පත්වෙනවා.

    2.බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු මේජර් සමර්ෆෝඩ්ට(Major Summerford) 1918 දී අසුපිට යනවිට අකුණක් වැදීමෙන් බිම වැටෙනවා, එයින් ඔහුගේ ඉනෙන් පහළ අංශභාග තත්වයට පත්වෙනවා. 1924දී ගසක් මුල හිඳගෙන මාළු බාන අතරතුර ගසට අකුණක් වැහී සිදුවූ අනතුරෙන් ඇඟේ දකුණුපස අප්‍රාණික වෙනවා. යාන්තම් ඇවිදීමේ හැකියාව ලැබෙනවා කාලයත් සමඟ හැබැයි 1932දී ආයෙමත් අකුණක් වැදී සම්පූර්ණ අංශභාග තත්වයට පත්වෙනවා, ඊට අවුරුදු දෙකකට පස්සෙ ඔහු මිය යනවා. ඉවර නෑ, අවුරුදු 4කට පස්සේ අකුණක් ගහනවා ඔහුගේ සොහොනට, එතන තිබුණ ස්මාරකය විනාශ වෙනවා.


    4. 191

    1979දී ඇමරිකානු ගුවන්සේවයට අයත් යානයක් චිකාගෝහිදී අනතුරට පත්වෙනවා, යානයේ ඉඳලා මරණයට පත්වෙනවා Judy Wax කියන කතුවරිය. ඇය ගමනට කලින් එළිදක්වපු පොතේ (Starting in the Middle) 191වෙනි පිටුවේ ඇගේ ගුවන් ගමන් භීතිය සඳහන් කරලා තියනවා, අනතුරට පත්වුණු ගුවන් යානයේ අංකයත් 191මයි.


    5. ප්‍රතිඋපකාරය

    Allan Falby කියන පොලිස් නිළධාරියා 1930දී දවසක අනතුරට භාජනය වෙනවා, එතැනට එන Alfred Smith නැමැත්තා ඇලන්ගේ ලේ ගලන පාදය වෙලලා ලේ ගමන අඩු කරනවා, ඒකෙන් ඇලන්ගේ ජීවිතය බේරෙනවා. ආපහු සේවයට අනියුක්ත වෙන ඇලන් අවුරුදු 5කට පස්සේ අනතුරක් වුණු තැනකට ඇවිත් එතැන හිටපු පාදය දරුණු ලෙස තිවාල වුණු අයෙක්ට ප්‍රථමාධාර දීලා ජීවිතය බේරාගන්නවා, ඒ අනතුරට ලක්වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි ඇලන්ගේ දිවි බේරපු Alfred Smith.


    6. නැව ගිලුනත් Hugh Williamsට බෑන් චූන්

    1. 1664 දෙසැම්බර් 5 නැවක් ගිලෙනවා, මඟීන් 81ක් හිටපු මේ නැව ගිලෙන්නේ වේල්සයේ Menai Strait ප්‍රදේශයේ. එක් අයෙක් දිවි බේරාගන්නවා, ඔහුගේ නම Hugh Williams.
    2. 1785 දෙසැම්බර් 5 නැවක් ගිලෙනවා, නැව ගිලෙන්නේ වේල්සයේ Menai Strait ප්‍රදේශයේ. එක් අයෙක් දිවි බේරාගන්නවා, ඔහුගේ නම Hugh Williams.
    3. 1860 දෙසැම්බර් 5 නැවක් ගිලෙනවා, මඟීන් 25ක් හිටපු මේ නැව ගිලෙන්නේත් එම ප්‍රදේශයේමයි . එක් අයෙක් දිවි බේරාගන්නවා, ඔහුගේ නම Hugh Williams.


    +++අන්තර්නැට් එකෙන්මයි හොයාගත්තේ. තව තියනවා, හෙමින් දාන්නම්. රිපොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි, අලුත් කියලා හිතෙනවානම් රෙප් දීලා යමු, නැත්තන් බම්පියක්වත් දාමු නේ?+++​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ලොවෙත් සීන් ටිකක් නේ බන්
    එල එල
    ඔන්න මං
    උඹව රෙප් කරනවා
     
    • Like
    Reactions: dole

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Code:
    [SIZE=3]2.බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු මේජර් සමර්ෆෝඩ්ට(Major  Summerford) 1918 දී අසුපිට යනවිට අකුණක් වැදීමෙන් බිම වැටෙනවා, එයින්  ඔහුගේ ඉනෙන් පහළ අංශභාග තත්වයට පත්වෙනවා. 1924දී ගසක් මුල හිඳගෙන මාළු බාන  අතරතුර ගසට අකුණක් වැහී සිදුවූ අනතුරෙන් ඇඟේ දකුණුපස අප්‍රාණික වෙනවා.  යාන්තම් ඇවිදීමේ හැකියාව ලැබෙනවා කාලයත් සමඟ හැබැයි 1932දී ආයෙමත් අකුණක්  වැදී සම්පූර්ණ අංශභාග තත්වයට පත්වෙනවා, ඊට අවුරුදු දෙකකට පස්සෙ ඔහු මිය  යනවා. ඉවර නෑ, අවුරුදු 4කට පස්සේ අකුණක් ගහනවා ඔහුගේ සොහොනට, එතන තිබුණ  ස්මාරකය විනාශ වෙනවා. [/SIZE]
    me manussayage pawule minissunta loke nathi katha kiyanna athi:rofl:

    rep 24 walin pasuwa fatta hodada digatama karagena yanna
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අඩේ පට්ට මචන් . සුපිරි , තව දානවා නම් ඒ page එක මොකද්ද කියලා 1 st page එකේ දාන්න .++රෙප්
     
    • Like
    Reactions: dole

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ----එල එල----
    *** නියම ත්‍රෙඩ් එක මචෝ ***


    :yes: :yes: :yes: :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    maxxsa info tika 5+


    අඩේ පට්ට මචන් . සුපිරි , තව දානවා නම් ඒ page එක මොකද්ද කියලා 1 st page එකේ දාන්න .++රෙප්

    ela thx 5+ :)

    Thanks machanla! :D

    එල එල ඔහොම යමු

    :love: :love:

    Umbe gay attitudes enda endama wadi wenawa ne? :D :love: