ජීවිතයට~යමක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යාලුවනේ
    :yes: මට පොඩි අදහසක් ආවා............
    මම වාණිජ විෂයධාරාව මගින් ඉගෙනගන්න ප්‍රායෝගික වැදගත් කරුණු ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.
    මම ඉගෙනගන්න ප්‍රායෝගිකව වැදගත් වෙන සියලු කරුණු ''ජීවිතයට යමක්'' කියලා ත්රෙඩ් මාලාවත් ඔස්සේ බෙදා ගන්නයි සැලසුම් කරලා තියෙන්නේ

    ටිකකට හිතන්න........ :rolleyes:
    අපි කොච්චර හොද රැකියා කරත් කොච්චර දැනුම තිබ්බත් ප්‍රායෝගික ලෝකයේදී අපි අසරණවෙන :baffled: තැන් කොච්චර තියනවද? ඒ වගේ වෙලාවකදී මේ ත්රෙඩ් මාලාවේ මම දාන කරුණු ගොඩක් වැදගත් වෙයි.....

    අද මම කියන්න යන්නේ වෙළදසැල් / වෙළදුන් හෝ වෙනත් ඕනෑම පාරිභෝගික සේවා සපයන පාර්ශවයක් මගින් අපිට සිදුවුන අසාධාරණයක් / විෂමාචාරයක් පිළිබදව අපට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග / පැමිණිලි කරන්න පුලුවන් පාර්ශව / ඒ අදාළ පාර්ශව මගින් ඒ විෂමාචාරය සිදු කරපු පාර්ශවය වෙත ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක........

    pic4.jpg


    යාලුවනේ අපි අපේ පොඩි දරුවන්ට ගේනවා කිරිපිටි පැකට් එකක් කිරිපැකට් එක කඩලා බැලුවාම ඒක ඇතුලේ තියනවා කලු පාට කුඩු කුඩු වගේ මොනවාද ජාතියක්....... :angry:
    කොහොමද ඉතිං මේ කිරි නොදැනුවත් කමකින් පොඩි එකාට හදලා දුන්නනම්........
    දැන් මේ තත්ත්වෙ උඩ ඔයා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? කිරි පැකට් එක විසික් කරලා වෙන එකක් ගේනවද ? නැත්නම් කිරි පැකට් එක කඩේට අරගෙන ගිහිං මුදලාලිගේ මුනට දමලා ගහලා මුදලාලිකාරයාට අම්බානෙකට බැනලා එනවද?
    දන්නවද යාලුවනේ ඔයාල මේ ක්‍රියාමාර්ග වලින් එකක් ගත්තොත් ඒක ආත්මාර්ථකාමී තීරණයක් කියලා? :shocked:
    මොකද එහෙම කරොත් ඔයාලා වැටුනු වලේ තවත් කෙනෙක් වැටෙන්න ඉඩ හරිනවා වගේ වැඩක් තමයි වෙන්නේ......... :yes:

    pic7.jpg


    අපි මේ සිදු වෙච්ච දේ පිලිබදව පැමිණිලි කරන්න ඕනා....:yes::yes:
    ඒ අපි ගැන වගේම ඒ භාණ්ඩය පාරිභෝජනය කරන හැමෝම වෙනුවෙන්...
    ඉතිං අපි ඒක පැමිණිලි කරන්නේ කොහෙටද? ඒ කිරිපිටි කොම්පැනියටද ? නැහැ යාලුවනේ ඒකට ලංකාවේ තියනවා විශේෂිත ආයතනයක් .........
    ඒ තමයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය :D
    ඒකට තමයි අපි පැමිණිලි කරන්න ඕන :yes:
    මේ කිරිපිටි කේස් එක විතරක් නෙමයි......
    කල්ඉකුත් වූ භාණ්ඩ විකිණීම ගුණත්වයෙන් අඩු භාණ්ඩ අලෙවිය / නිෂ්පාදනය අසාධාරණ කිරුම් මිණුම් ක්‍රම වගේ වෙළදාම / නිෂ්පාදනය සම්බන්ධ ඕනම දෙයක් පැමිණිලි කරන්න පුලුවන්....

    අපිට ඒ වගේ අසාධාරණයක් වුනොත් අපිට මේ වගේ අයිතීන් තියනවා
    1 ඒ භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා ගැනීමට
    2 අප ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට
    3 අදාළ බළධාරීන්ට පැමිණිලි කිරීමට
    4 හානියක් වුයේ නම් වන්දි ලබා ගැනීමට


    ඉතිං යාලුවනේ ඊට අමතරව කියන්න දෙයක් තියනවා ........
    ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ තියන 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ සදහන් වෙලා තියන ආකාරයට අපි මුදලක් ගෙවලා භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත්තොත් ඒයට අදාලව කුවිතාන්සියක් (බිලක්) ඉල්ලීමට අපිට සම්පූර්ණ අයිතිය තියනවා..... වෙළෙන්දා බිලක් ලබාදීමට නීතියෙන් නියමයක් තියනවා...... අපිට ඒ භාන්ඩය පිළිබදව පැමිණිලි කරන්න ඒ කුවිතාන්සිය අනිවාර්්‍යෙයන්ම වුවමනා වෙනවා වෙළන්දා කිව්වොත් එහෙම ඒ භාණ්ඩ එයා වික්කේ නෑ කියලා අපි මොකක් පෙන්නල ඔප්පු කරන්නේ අපි බිලක් නැත්නම් :baffled: .......

    ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරිය අපි පැමිණිලි කල වහාම ඒ පිලිබද පරීක්ෂන පටන් අරගෙන ඒ නිෂ්පාදකයාට හෝ වෙලෙන්දාට නීතිමට පියවර ගන්න කටයුතු කරනවා...
    මතක තියා ගන්න. ඔයා පැමිණිලි කරන්නේ කාටවත් කෙලවන්න නෙමෙයි.. මුලු සමාජයේම යහපත උදෙසා .......
    මේ ලින්ක් එක ඔස්සේ ඔයාලට ඔන්ලයින් පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුලුවන් පාරිභෝගික කටයුතු අධිකාරියට
    http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=en

    තවදුරටත් විස්තර එයාලගේ වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන්
    http://www.caa.gov.lk

    ‘‘ජීවිතයට යමක් - 2‘‘ කොටසින් හමුවන තුරු සියල්ලන්ටම බායි වේවා ! :D ;)
    ඔයාලගේ අදහස් යෝජනා චෝදනා දුක්ගැනවිලි ඕනම එකක් මෙතන දාන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    game kada bill den nahane ban. ::baffled::baffled::dull:
    ehenam ithin kola kaallaka gaththa badu tikai, date ekai, Quantity ekai, Total ekai liyala mudalaali mahaththayage signature eka ganna oona harinam..
    meewa ithin heena witharai ape game kadawal wala
    වැදගත් කරුණු ටිකක්

    :yes:

    BUMP
    thanks machan :D
    අඩේ සුපිරි වැදගත් මචන් ++රෙප්
    thank u very much machan...
    6+
    elaz

    REP+

    thanks machan...
    6+
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නොදන්නා දෙයක් කට්ටිය එක්ක බෙදා ගත්තට මගෙන් අර rep ද මොනවද කියන ඒවා 5 ක් දුන්න ඔන්න:)
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම