Last House On The Left

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම දන්නවා ගොඩක් කට්ටිය මේ පැත්තට ආවේ ටයිට්ල් එකේ අන්තිමටම තියෙන ඉලක්කම් දෙක දැකල කියල....හැබැයි මම එහෙම දැම්මේ ත්‍රෙඩ් එකේ විවුස්‌,කමෙන්ට්ස් හෝ රෙප්ස් ගාන වැඩි කරගැනීමේ පරමාර්ථයකින් නම් නෙවෙයි....මට ඕනි උනේ එළකිරියේ ඉන්න පොඩි එවුන්ට මේ ෆිල්ම් එක සුදුසු නෑ කියල කියන්න එච්චරයි....

    මේ ෆිල්ම් එකත් මම කලින් දාපු "Daniel & Ana" සහ "I spit on ur grave" වගේම සෙක්ස් ඇන්ඩ් වයලන්ස් සීන්ස් තියෙන ෆිල්ම් එකක්.....මම කලින් "I spit on ur grave" ෆිල්ම් රිවිව් එකේදී කිව්වා වගේ රේප් සීන්ස් මාකට් කරපු කාලයේ හැදිච්ච ෆිල්ම් එකක රීමේක් එකක් තමයි මේකත්....මුල් ෆිල්ම් එක හදල තියෙන්නේ 1972 දී....හැබැයි මේ ෆිල්ම් එක නම් මට බලන්න උනේ නෑ...මම බැලුවේ 2009 හදපු මේකේ අලුත් ෆිල්ම් එක....

    මම කලින් දාපු මේ වගේ රිවිව්ස් බලපු අයගේ අදහස් ගැන හිතල බැලුවම මේ වගේ ෆිල්ම්ස් බලන පිරිස් දෙජාතියක්‌ ගැන මට අඳුන ගන්න පුළුවන් උනා...

    1. ෆිල්ම් එකේ සෙක්ස් කෑලි ටික විතරක් බලල "සැර මදි","මෙලෝ රහක් නෑ" කියන කස්ටිය.

    2. මුල ඉඳල අග වෙනකන්ම ෆිල්ම් එක බලල ෆිල්ම් එක හරියටම රසවින්දනය කරන පිරිස.


    තරහ වෙන්න එපා මෙහෙම කියනවට, මේ වර්ගීකරණයේ අංක එකට ඉන්න කට්ටියට නම් මේ ෆිල්ම් එක එච්චර වැඩක් වෙන එකක් නෑ....මොකද ඒ අය බලාපොරොත්තු වෙන විදියේ සෙක්ස් සීන් මේකේ නෑ....හැබැයි අංක දෙකට ඉන්න අයට නම් මේ ෆිල්ම් එක හොඳට එන්ජෝයි කරන්න පුළුවන් වෙයි කියල මට ෂුවර් කරන්න පුළුවන්....

    හරි දැන් එහෙනම් ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.....

    2009_the_last_house_on_the_left_skin_web_001.jpg


    මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් "I spit on ur grave" ෆිල්ම් එකට ටිකක් සමාන ස්ටෝරි එකක්....කාර්යබහුල නාගරික ජීවිතයෙන් මිදිල නිවාඩුවක් ගතකරන්න නගරයෙන් පිට කැලෑබද පිහිටි ඔවුන්ගේම නිවසකට යන පව්ලක්(මව,පියා සහ දියණිය) මුහුණ දෙන අකරතැබ්බයක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ....මේ පවුලේ දියණිය එම ප්‍රදේශයේ සැඟව සිටින මිනීමරු කල්ලියක නායකයකුගේ අතින් දුෂණය වෙනවා...මේ දේ ඒ කෙල්ලට සිද්ද වෙන්නේ එකිගේම සමහර මෝඩ තීරණ නිසා(ඒ සීන් මොකක්ද කියල කතාව බලනකොට දැනගන්න පුළුවන්)....මේ රේප් සීන් එක තමයි මේකේ තියෙන ලොකුම සෙක්ස් සීන් එක....මේ සීන් එක වෙන්නේ මහා කැලයක...මේකෙන් පස්සේ කෙල්ල එතනින් පැණගන්නවා "I spit on ur grave" ෆිල්ම් එකේ වගේම තමයි....මේකෙත් කෙල්ල ගිහින් විලකට පැනල බේරෙන්න හදනවා,එතකොට අර මිනීමරුවා ඇවිත් වෙඩි තියෙනවා,කෙල්ලට වෙඩි වැදේනවා, මැරුණ කියල හිතල උන් එතනින් යනවා....

    2009_the_last_house_on_the_left_skin_web_004.jpg


    ඊට පස්සේ මේ සෙට් එක එදා රෑ නවතින්න එන්නේ නොදනුවත්මම කෙල්ලගේ ගෙදරට....කෙල්ලගේ දෙමව්පියොත් මේ සීන් දන්නේ නැති නිසා උන්ට හොඳට සලකලා ගෙදර නවතින්න පවා දෙනවා....ඊට පස්සේ මේ කෙල්ල කොහොම හරි ආපහු ගෙදරට එනවා(කෙල්ල පීනන්න දක්ෂයි කියල මුල් සීන් වල පෙන්නනවා,ඒක නිසා වෙඩි වැදීගෙන උනත් පීනගෙන ඇවිල්ල කොහොම හරි)...ඊට පස්සේ මේ කෙල්ලගේ දෙමව්පියෝ සීන් එක මීටර් උනාට පස්සේ අරුන් සෙට් එකෙන් පලිගන්න විදිය තමයි තියෙන්නේ....මේ කොටස් ටිකේ තමයි වයලන්ස් පැත්ත උපරිමෙන් තියෙන්නේ...

    the_last_house_on_the_left_remake[1].jpg


    ඉතාම කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාවේ අන්තර්ගතය.....ඉතින් මම කලින් කිව්වා වගේ මේ කතාව හොඳින් රසවිදින කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ඉගැන්වෙන දෙමාපිය සෙනෙහස,ගැහැණු ලමයෙක් ලෙස සමාජයේ ජීවත් විය යුතු පරෙස්සම වගේ දේවල් ගැනත් අදහසක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.....මම හිතනවා මගේ වර්ගීකරණයේ අංක දෙකට ඉන්න අයට දැන් මේ ෆිල්ම් එක බලන්න හිතිලා ඇති කියල....එහෙනම් ඒ අය මේ ෆිල්ම් එක බලල තමන්ගේ අදහස් ලබාදෙන්න මතක ඇතුව.....



    මෙන්න මේ ෆිල්ම් එකේ DVDRip torrents වගයක් තියෙනවා, කමෙන්ට්ස් එහෙම චෙක් කරලා බාගත කරගන්න.....


    මේ තියෙන්නේ යට ගිය දවස දාපු රිවිව්ස්.......

    Lucky + Unlucky (Film Review) ->

    Gamani(ගාමණී) ->

    Daniel & Ana (18+) ->

    මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+) ->

    Fun Movie ekak [Paul] ->

    මගෝඩි ගොඩයි ->


     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    "I spit on ur grave" පට්ට ෆිල්ම් එකක්:cool:..ඩ්ලීට් කරන්නෙ නැතුව තාමත් තියෙනව..මේකත් හෙට බලනව...දැන් වෙලාව 3.50 am නෙ :(..Thanks අපිත් එක්ක බෙදාගත්තට ;) ;)
     
    • Like
    Reactions: argan

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    සිරාම ෆිල්ම් එක මම බැලුවා.... දෙයක් කරන්න කලින් දෙවරක් හිතන්න ඕන... ෆිල්ම් එක බැලුවම එක තේරෙනවා අනික කෙල්ලෙක් කොහොමද සමාජය එක්ක ගැටෙන්න ඕන කියන ගැන ප්‍රශ්නයක් මතුවෙනවා බලන ඕනම කෙනෙක්ට...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "I spit on ur grave" පට්ට ෆිල්ම් එකක්:cool:..ඩ්ලීට් කරන්නෙ නැතුව තාමත් තියෙනව..මේකත් හෙට බලනව...දැන් වෙලාව 3.50 am නෙ :(..Thanks අපිත් එක්ක බෙදාගත්තට ;) ;)

    ඔව් සහෝ මාත් ඒ ෆිල්ම් එක රයිට් කරල තියෙන්නේ....එල මචන්,බොහොම ස්තුතියි අදහසට!!!:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    adoooo tawa ekak dammada.. elama kiri, balanawa aniwa.rep+

    ඔව් මචා මේක දැන් ගොඩක් දවස් තිස්සේ මගේ ලැපේ තිබ්බ බලන්න උනේ නෑ...ඊයේ රෑ තමයි බැලුවේ....බලපු ගමන් උඹලවත් දැනුවත් කරන්න ඕනි කියල හිතුනා...එල එල!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සිරාම ෆිල්ම් එක මම බැලුවා.... දෙයක් කරන්න කලින් දෙවරක් හිතන්න ඕන... ෆිල්ම් එක බැලුවම එක තේරෙනවා අනික කෙල්ලෙක් කොහොමද සමාජය එක්ක ගැටෙන්න ඕන කියන ගැන ප්‍රශ්නයක් මතුවෙනවා බලන ඕනම කෙනෙක්ට...

    හරියට හරි සහෝ....ඒ වගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් දේවලුත් මේ වගේ ෆිල්ම් වල තියෙනවා...ඒක තමයි මම කට්ටියට කිව්වේ මේක හරියට රසවිදින්න කියල...:yes: