
මමත් UFO කේස් දෙකක් දැකල තියෙනව ඇස් දෙකෙන්ම...එකක් ගාල්ලෙදි අනික ගිය සුමානේ මොරටුවේදී (ඒකනං ufo මද කියන්න දන්නෙ නෑ...හැබැයි අමුතු සීන් එකක් අහසෙ දැක්ක)![]()

idiot. ravana is a fake myth.some idiots believe in ravana. ravana can kiss their ass![]()

















අපේ සමහර පොඩි කොල්ලන් කොච්චර UFO වලට obssesed වෙලාද කීවොත් සමහරුන් රෑට කනා මැදිරි එලියක් දැක්කත් UFO කියලා හිතෙන්නේ. මට අබිං වගේ UFO.අතීතයේ මිනිස්සු මොකෙක් හරි විකෘති සතෙක් ජොලියට කැටයම් කරලා හරි ඇඳලා හරි තිබ්බොත් ඌවත් alien කෙනෙක් වගේ මේ අයට පේන්නේ. පව් කොල්ලො
![]()




දැක්ක දේ කියපන් බලන්න...මමත් UFO කේස් දෙකක් දැකල තියෙනව ඇස් දෙකෙන්ම...එකක් ගාල්ලෙදි අනික ගිය සුමානේ මොරටුවේදී (ඒකනං ufo මද කියන්න දන්නෙ නෑ...හැබැයි අමුතු සීන් එකක් අහසෙ දැක්ක)![]()
පොඩ්ඩක් විස්තර කරනවද මචන්![]()





ගාල්ලෙ සීන් එකනං උනේ මිට අවුරුදු 4 කට විතර කලින් අපේ ගමේ ....වක්වැල්ලේ අපේ ගෙවල් වලට කිලෝමීටරයක් විතර එහායින් ගින් ගඟ තියෙනව...ගඟත් එක්කම ඊට සමාන්තරව පාර යනවා...ඊට එහාපැත්තෙන් තියෙන්නෙ පලාතක පැතිරිච්ච හෙන කෙටල ගාලක්....දවසක් උදේ අපිට ආරංචියක් ආව ගඟ පැත්තට aliens ල ඇවිල්ල කියල....ඇහුනගමන් මම හිතුව කාගෙ හරි ගොන් ආතල් එකක් තමයි කියල ...බලන්න පැත්ත පලාතක ගියේ නෑ...පහුවෙනිදා උදේ මෙන්න තාත්ත ලංකාදීප පත්තරයක් ගෙනල්ල පෙන්නුවා...මෙන්න බොලේ මේ නිවුස් එක ගැන පිටු බාගෙකම ලොකු ලිපියක්...එදා දවල් නිව්ස් වලටත් පෙන්නුවා...පස්සෙ අපේ කොල්ලො තුන්දෙනෙක් ගෙදෙට්ටම ආව දවල් ..යකෝ උඹ යන්නැද්ද ගමේම වෙලත්..නෙදකින් කියල මාවත් එක්කගෙන ගියා...අවංකවම මම ඕව වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවේ...
පස්සෙ අපි මේ කියන තැනට බයිසිකල් වලින් ගියා...ඒ හරිය ලොකු වගුරක්...අපි බයිසිකල් තියල කෙටල ගස් අස්සෙන් ගියා ඔය ufo එක land කරා කියපු තැනට ඒ ගියහම තමයි මමත් උද ගියේ
මචං කෙටල කියන්නෙ මහත හයිය ගස් ජාතියක් වගුරුවල හැදෙන...හොඳට වැඩුන ගහක් පුවක් කඳක් තරම් මහතයි....මෙතන මචං සාමානයෙන් අඩි 40 - 50 විතර විශ්කම්භයක් තියෙන රවුම් හැඩයකට හරියටම මේ තඩි කෙටල ගස් පොලවට තලලා දාල වගේ...පුදුමේ කියන්නෙ හැබැයි එක ගහක්වත් බිඳිලා තුවාල වෙලා නෑ...එක පිහිපාරක් නෑ...අනික ඒ ලොකු ගස් සාමානයෙන් එකක් අඩි 10 ක් වත් උසයි ...සිරාවටම අපේ උනුත් කිවේ මචං ආතල් එකට අපි බලන්න ආවට මෙතන මොකක්හරි සීන් එකක් තියෙනව කියල....
ඒ හරියේ වැඩිය ගෙවල් නෑ...තියෙන්නෙ එක පොඩි කටුමැටි ..වහලට ටකරං දාපු ගෙදරක්..ඒ ගෙදර මනුස්සයා කලින් දවසේ රෑ (වෙලාව මතක නෑ ) නිල් පාට ආලෝකයක් විහිදෙන වස්තුවක් එතනට පහත් කරාලු...ඒකෙන් නිකං මී වදයක වගේ ගුම් සද්දයක් (hum එකක් ) ආවලු...පස්සෙ වේගයෙන් අයෙමත් අහසට ගිහිල්ල නොපෙනී ගියාලු...
ඒ විස්තරේ නං මම ඇත්තද කියන්න දන්නෙ නෑ...හැබැයි ඔය ufo එක ලෑන්ඩ් කරා කියපු තැන නං මචං තවමත් මට හිතාගන්න බෑ කොහොම උනාද කියල...![]()
