කුමාර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැති වූ කුමාර් කටුනායකින් යයි


    නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් අද උදේ 7.40 ට යු එල් 314 ගුවන් යානයෙන් මලයාසියාවේ ක්වාලාම්පූර් බලා දැඩි ආරක්ෂාව සහිතව පිටත්ව ගියේය. පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායකයකු වන ඕස්ටේ‍්‍රලියාව හා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය හිමි කුමාර් ගුණරත්නම් සොයා දෙන ලෙස ඕස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. පසුගිය සිකුරාදා කිරිබත්ගොඩ දී අතුරුදන් වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ආකාරය නොදන්නා නමුත් පොලිසියේ උසස් නිලධරයෝ පෙරදින රාති‍්‍රයේ සිටම එහි සිටියහ. කුමාර් ගුණරත්නම් දෙමටගොඩ පොලිසියට භාර වූ බවත් ඔහු ආරක්ෂා සහිතව ඕස්ටේ‍්‍රලියාව බලා ගිය බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් රෝහණ මහතා කීය.


    http://www.lankadeepa.lk/index.php/articles/35788

    ඕස්ට්‍රේලියා ආණ්ඩුවෙන් ප්‍රෙෂර් එක දැම්මා විතරයි පොර එළියේ. :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නම් හතරකින් පෙනී සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් වෑන්රියකින් සඳුදා රත්‍රී 9.30 ට පමණ දෙමටගොඩට ගෙනවුත් දමා ඇති බවත්, එතැන් සිට ඔහු දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පයින් ගොස් ඇති බවත්, ඔහු රැගෙන ආ අය පිළිබඳ තොරතුරු නොදන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගල ගැන කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවද පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

    ‘ප්‍රේමකුමාර් ගුණරත්නම්ට තවත් නම් තුනක් තිබෙනවා. දස්කොන් වන්නිආරච්චි, දයාලාල් රත්නායක, නොයෙල් මුදලිගේ. ගුණරත්නම් දෙමටගොඩට එන විට ගමන් බලපත්‍රයක් තිබුණේදැයි යන කාරණය ගැන කරුණු තවම හෙළි කළ නොහැකි බවත්, ඔහු වෙනුවෙන් කටුනායක විශේෂ ආරක්ෂාවක් නොතිබූ බවත්, අද උදේ ඔහු පිටත්ව ගිය බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
    :rolleyes::rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවුරුදු 18 වෙන්නත් කලින් මංජුසාව කඩා ගෙන සෙක්ස් කරන අවුරුදු 23ක් රසියන් ගෑනියෙක් කන්‍යාවක් උන රටේ ඕකත් වෙන්න බැරි දෙයක්ද බන්, ඕකට තමයි අසියාවේ අස්චර්ය කියන්නේ,

    හරි දැන් උබ කියහන් බලන්න ඉන්නෙ අයව එලවලා පත්කරන්නේ කාවද කියලා, ඕක තමයි බෙරෙන්න තියෙන එකම ආදර්ශ පාඨය රාජ පස්ස ලෙවින උන්ගේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    අවුරුදු 18 වෙන්නත් කලින් මංජුසාව කඩා ගෙන සෙක්ස් කරන අවුරුදු 23ක් රසියන් ගෑනියෙක් කන්‍යාවක් උන රටේ ඕකත් වෙන්න බැරි දෙයක්ද බන්, ඕකට තමයි අසියාවේ අස්චර්ය කියන්නේ,

    හරි දැන් උබ කියහන් බලන්න ඉන්නෙ අයව එලවලා පත්කරන්නේ කාවද කියලා, ඕක තමයි බෙරෙන්න තියෙන එකම ආදර්ශ පාඨය රාජ පස්ස ලෙවින උන්ගේ.


    :rolleyes:oya kumar kiyana minihageth mona hari waradi athi ne.ekane u uge niyama namin nathuwa wena namakin lankawata awith thiyenne.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 18 වෙන්නත් කලින් මංජුසාව කඩා ගෙන සෙක්ස් කරන අවුරුදු 23ක් රසියන් ගෑනියෙක් කන්‍යාවක් උන රටේ ඕකත් වෙන්න බැරි දෙයක්ද බන්, ඕකට තමයි අසියාවේ අස්චර්ය කියන්නේ,

    හරි දැන් උබ කියහන් බලන්න ඉන්නෙ අයව එලවලා පත්කරන්නේ කාවද කියලා, ඕක තමයි බෙරෙන්න තියෙන එකම ආදර්ශ පාඨය රාජ පස්ස ලෙවින උන්ගේ.

    දවසේ කතාව මචන්. කෝකටත් තෛලය..:lol::lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ කුමාර් නාටකයෙන් රෙදි ගැලවී අද හෙලුවෙන් යන්නේ.....

    1. හැම රෙද්දම මහරජාගේ ගිණුමට දාන්න හදන එළකිරියේ රටට කෙළවන්න හදන අන්තවාදීන් ටික.
    2. පෙරටුගාමී පක්ෂය
    3. ඕස්ට්‍රේලියාව
    4. කුමාර්ගෙ ගෑණී
    5. ලංකාවෙ සමහර කාළකණ්නි මාධ්‍ය
    6. සුදු වෑන් කතා රචකයෝ
    7. යූඇම්පිය සහ ජේවීපිය

    මුන් ඔක්කොම අද හෙලුවෙන්...

    මහකොමසාරිස්වරිය දුරකතනය මඟින් මෙම ඉල්ලීම කර ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙනි.

    ” ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්වරිය මගෙන් කුමාර් ගණරත්නම් කියලා එයාගේ පුරවැසියෙක් නැතිවෙලා ඉන්නවා හොයලා දෙන්න කියවලා ඉල්ලූවා. එත් එහෙම කෙනෙක් ඒහේ ඉඳන් මෙහේට ආවා කියලා වාර්තා වෙලා තිබුනේ නැහැ. මම ඇහුවා කවදද ලංකාවට ආවේ කියලා. ඒත් ඇය දන්නෙ නැහැ කීවා. ඒ වෙලාවේ මම ඇයට කිවුවා දන්නේ නැති කෙනෙක් ගැන තොරතුරු කියන්නේ කොහොමද කියලා. ඒ නිසා අපට ඔය කියන ඕස්ටේ‍්‍රලියානු පුරවැසියාගේ තොරතුරු වහාම දෙන්න කියලා. ඔහුගේ නම, පාස්පෝට් අංකය, කවදද ආවේ, මොන පදනමක් යටතේද ඇවිත් ඉන්නේ ඒත් මහ කොමසාරිස්වරිය ඒවා දන්නෙ නෑ.” යයි මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

    ” කොහොම උනත් සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙනවා. එත් මේක අමුතු කතාවක්. ඔය කියන විදිහට ගුණරත්නම් ලංකාවේ නැහැ කිවුවා නේද. දැන් කොහොමද මේ අය ඇවිත් ඉන්නවා කියන්නේ. ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙහේ වීසා නැතිව ඉන්න ඕනෑ. මෙහේ දේශපාලනය කරන්න බෑනේ ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකුට. ඉතින් මම එයාට කිවුවෙත් ඒකයි. අනික එහෙම කෙනෙක් ලංකාවට ආවා කියලා මේ වන තෙක් ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයෙන් මෙහෙම කෙනෙක් ආවා කියලා කිසිදු දැනුම් දීමක් කරලා නෑ.

    අනික තව දෙයක්. ගුණරත්නම්ගේ බිරිඳ පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඇයගෙන් ආරක්‍ෂක අංශ ඔහු ගැන යම් ප‍්‍රශ්න කිරීමක් කලා. ඒ අවස්ථාවේ ඇය ප‍්‍රකාශ කලේ එවැන්නෙක් තමන් සමඟ ලංකාවට ආවේ නෑ කියලයි. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නා බවයි. ඉතින් දැන් කියනවා ගුණරත්නම් අතුරුදහන් වෙලා කියලා.’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.


     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හා... හා... මල්ලි කට පරිස්සමින් :no:

    whitevanr.jpg



     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෙරටුවාදී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවිය අද පෙරවරු 10.35ට මාදිවෙල ඔවුන්ගේ කාර්යාලයට පැමිණියාය. ඇය එහි පැමිණියේ ත්‍රීරෝද රියකිනි. දැඩි වෙහෙසට පත්ව සිටි බව පෙනනු ඇය දම්පාට බ්වුසයක් හා කලිසමක් ඇද සිටියාය. කොන්ඩය අවුල් වී තිබිණි.

    http://www.lankadeepa.lk/index.php/articles/35825
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    යුගයේ සම්මුතිය

    Posted on 11 April 2012.
    Rating: 0.0/7 (0 votes cast)


    පසුගිය දා මහත් ආන්දෝලනයට පත් සිදුවීම වූයේ ජන අරගල ව්‍යාපාරයේ ඉහළ පෙළ ක්‍රීයාධරයන් දෙදෙනකු වන ප්‍රේම්කුමාර් ගණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියයි. මේ පැහැරගෙන යාම මගින් සාමාජයේ දේශපාලන කරණු ලබන අනෙකුත් කොටස් වලට ලබා දුන්නේ ඉතා සෘණාත්මක සංඥාවකි. මේ නිසාම මේ රටේ බොහෝ වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සමජ ක්‍රියාධරයන් සියලු දෙනා මේ පැහැරගෙන යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සමග කොන්දේසි විරහිතව අසුන් ගත්හ.
    මේ සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් මේ සිදුවීම පාදකකර ගනිමින් විවිධ සටන් පාඨ කියමින් එක්ව මෙන්ම හුදකලාවද විවිධ උද්ඝොෂණ සංවිධානය කලහ. අනතුරුව මේ සියලු උදවිය ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මහ වැස්සේ පෙළපාලි ගියහ. ඉන් අනතුරුව කුමාර් ගුණරත්නම් ඔස්ටේ‍රිලියාවට පිටත් කර යැවූ අතර දිමුතු ආටිගල පක්ෂ කාර්යාලය අසල දමා ගියේය. මේ නිසා අවසානයේ සියලු දෙනාට යළි සිය සුපුරුදු පරිදි සිය රාජකාරී වල නිරත වන්නට අවස්ථාවක් හිමිව තිබේ.


    ආණ්ඩුවේ අනුදැනුම මත රජයේ හමුදාවන් විසින් පැහැරගෙන යනු ලැබූ මේ ජන අරගල සාමාජිකයන් දෙදෙනා මේ වන විටත් නිදහස් කර අවසන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් කිසිවක් කතා නොකර සිටින්නට සියලු දෙනාම ස්වයං වාරණයකට පැමැණ ඇති බව පෙනෙන්නට තිබේ.

    මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් මේ වන විටත් දේශීය සහ ජාත්‍යන්තර කිසිදු සංවිධානයක් ( ආසියානු මානව හිමිකම් සංගමය හැර) විසින් හෙළා දැකීමේ යෝජනාවක් නිකුත් කිරීම නිළ වශයෙන් සිදු කර නොමැත. අඩුම තරමේ ඇමිනෙසිටි ජාත්‍යන්තරය, හියුමන් රයිටි වොච් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල ලෙස මානව අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින සංවිධානයන් පවා මේ සමිබන්ධයෙන් කිසිදු හෙළා දැකීමේ යෝජනාවක් නිකුත්කර නොමැති. එමෙන්ම මේ රටේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය යන කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් ද මේ සම්බන්ධයෙන් හෙළා දකින්නට ඉදිරිපත් නොවීය. එපමණක් නොව මේ ප්‍රශ්ණයට මුහුණ දුන් ජන අරගල ව්‍යාපාරය විසින් පවා මේ සම්බන්ධයෙන් රජයේ මේ මර්ධනය හෙළා දැක නිවෙිදනයක් නිකුත් කරන්නට මේ වන විටත් කටයුතු කර නොමැත.

    කුමාර් සහ දිමුතු නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනෙක රාජගිරිය සිංහ සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තිස් නවයකට වැඩි ප්‍රමාණයක් සිය අදහස් පොරකමින් දක්වන ආකාරය අප දුටිමු. නමුත් මේ අයගේ සත්‍ය අවශ්‍යතාවය වන්නේ සිය පෞද්ගලික අරමුණු සාක්සාත් කරගැනීම උදෙසා ඒ මොහොතේ පැන නගින ඕනෑම සංසිද්ධියක් ප්‍රයෝජනයට ගැනීමය. මෙම මාධ්‍ය හමුවේදී ගිරිය පුප්පන් කෑ ගැසූ ලංකා පේලිලා, සුනිල් ජයසේකරලා මෙන්ම මෙතෙක් කොහේ සිටියා දැයි නොදන්නා පැරණි වාමාංශිකයන් රැසක්ද සිය අදහස් දැක්විය.

    මෙහිදී හැලපයා මහත්මයා සේම අමාරිස් අයියාගේ පැමිණීම ගැන ජන අරගල ව්‍යාපාරයේ උදුල් ප්‍රේමරත්නලාට ඇතිවූයේ මහත් ගරුවයකි. මෙම ප්‍රවෘති සාකච්චාවට ප්‍රථමයෙන් පැවති පක්ෂයේ මංගල සමුලුව අමතන්නට හැලපයා මහත්තයාට අවස්ථාවක් ලබා දෙන්නට තරම් ජන අරගල ව්‍යපාරයේ දේශපාලන සවිඥානකත්වය ගැන අප මවිතයට පත් වුනෙමු. හැලපයා මහත්තයාට මයික් එකක් පෙන්නට බැරි නිසා ඔහු මේබ කතාව සුමානයක පමණ කාලයක සිටි කණ්නාඩිය ඉදිරියට ගොස් මනා ලෙස පුරුදු වූ බව අපට ආරංච් විය.
    මෙහිදී අප විසින් මතුකරන දේශපාලන ගැටලුව වන්නේ මේ කිසිදු සංවිධානයකට මේ පැහැර ගැනීම් මතින් බිහිවු සහ බිහිවන ඝාතන සංස්කෘතියට සිය විරෝධය දක්වමින් මෙවැනි ක්‍රියාවක් හෙළා දකින්ට අමතක වන්නේ මන්ද යන්නයි. මේ සියලු උදවිය මේ යුගයේ උද්ඝොෂකයන්ය. මොහුන්ගේ ජීවන භාවිතාව බවට පත්ව ඇත්තේ අරගල කිරීම නොව උද්ඝෝෂණය කිරීමයි. ජන අරගල ව්‍යපාරය මෙහි පුමුඛයන්ය. මේ නිසා මොවුන් බොහෝ විට සරල උද්ඝෝෂණ ක්‍රියාවලියක් සංකීර්ණ අරගලයක් යැයි පෙන්වන්නට උත්සහා කරනු ලබයි.
    දීර්ඝ කාලයක් ලංකාවේ බොහෝ දේශපාලන ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන විසින් කරමින් සිටින්නේ ගේම් ගැසීමයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ බිරිද විසින් ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවකදී පවසා සිටියේ මෙය ගේම් එකක් වන බවයි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය සහ ගේම් අතර ඇත්තේ හදුනා ගත නොහැකි තරමේ බෙදුම් ඉරකි. මේ නිසාම බොහෝ අය දේශපාලනය යැයි කියමින් ගේම් ගසන බව අපි දනිමු. මේ වන විටත් ජන අරගල ව්‍යාපාරය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි සිය පක්ෂය නම් කරණු ලැබ තිබෙන්නේ ඇයි? මේ පෙරටුගාමී නම අප විසින් වසර ගණනාවක් දැඩි මහන්සියෙන් අපගේ පක්ෂයට යොදාගත් නමයි.
    පැහැදිලිවම මේ නම ජන අරගලය විසින් පැහැර ගැනීම ගේම් එකක් නොවේ යැයි කිසිවකුටවත් කියන්නට පුලුවන්ද? මේ නම අපගේ පක්ෂයේ නම බව පැහැදිලිවම මේ රටේ දේශපාලනය කළ බොහෝ අය හොදින් දනී නමුත් මේ අය එය නොදන්නා ආකාරයෙන් හැසිරීම ගේම් එකක් මිස වෙනත් යමක් වන්නේ නැත. විශේෂයෙන් මෙරට ජන මාධ්‍ය විසින් මේ වන විටත් ජන අරගලය හදුන්වන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. එය අප විසින් මහනසියෙන් නිර්මාණය කල අපගේ පක්ෂයේ නම බලහත්කාරයෙන් අයිතිකර ගැනීමකි. නමුත් මේ ගැන කතා කරන්නට තරම් මහත්වරුන් ලංකාවේ දේශපාලනය නොකරන බව අපට පැහැදිලිය. අප විසින් මේ රටේ දේශපාලන ශබ්දකෝෂය වෙනස් කරණු ලැබුවේ වසර දහයක් දැඩි පරිශ්‍රමයක් දරමිනි.
    කෙසේ නමුදු මේ දුෂ්කර කාලපරිච්චේදය තුල අප විසින් අපගේ දේශපාලන ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් මේ දුෂ්කර මාවත තුලින්ම විවිධ ගැටීම් හැලහැප්පීම් මධ්‍යයේ වුවත් පවත්වාගෙන යනු ලබන අතර නාගරික විප්ලවාදී දේශපාලනයේ පෙරටුගාමී බලවේගය ලෙස අපේ ගමන නතර කරන්නට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවද කියන්නට කැමැත්තෙමු. ජන අරගල ව්‍යාපාරයේ පළමු පෙළ නායකයන් අත්අඩංගුවට ගනිමින් රජය විසින් දේශපාලන ක්‍රීයාධරයන් මර්ධනය කිරීමේ නින්දිත උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහ මෙරට ජනමාධ්‍ය ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයන් පැහැරගෙන ගොස් මරා දැමීමට මෙන්ම මේ රටේ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරමින් තවදුරටත් දෙමල පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ පැහැරගෙන යාමට එරෙහිව අප අපගේ විරෝධය ප්‍රකාශක කරන්නෙමු.
    තව දුරටත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ මර්ධනීය ක්‍රීයා හෙලා දකින්නට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මේ රටේ සියලු පුරවැසියන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය මර්ධනය කරන්නට තවදුරටත් රජයට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදීමට සියලු බලවේග එක්ව ක්‍රියා කලයුතු බවටත් අවධාරණය කරන්නෙමු.
    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ජිනීවා වලින් ඈන ගත්තු ආණ්ඩුව තවත් මේ වගේ ගොන් වැඩක කරගත්තු එකයි ප්‍රශ්නේ