හිසකෙස් ගැලවී යාමට පිලියමක්
කොණ්ඩය යාම විශේෂ තත්ත්ව යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් සිදුවිය හැකියි. සමහර අයගේ කොණ්ඩ ගහක් දෙකක් පනාවක තියෙන්න පුළුවන්. ඒ වගේම නෑමෙන් පසු සින්ක් එකේ කොණ්ඩ ගහක් දෙකක් තිබෙන්න පුළුවන්.
නමුත් සමහර අයගේ මේ තත්ත්වය වර්ධනය වීමෙන් තට්ටය පෑදීම දක්වා හිසකෙස් වැටීම වර්ධනය විය හැකියි.
තට්ටය පෑදීම යන්නෙන් අදහස් වන්නේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොණ්ඩය යාමයි.
කොණ්ඩය යාම ප්‍රධාන කාරණා 03ක් නිසා සිදුවිය හැකියි. පාරම්පරිකව ඇතිවන තත්ත්ව, සමහර බෙහෙත් වර්ග නිසා, සමහර රෝග නිසාත් හිසකෙස් යාම සිදු වෙනවා.
කොණ්ඩය යාම එක්තරා වයසකට හෝ ස්ත්‍රී හෝ පුරුෂ බව මත පමණක් සීමාවෙන්නේ නැහැ. විවිධ වයස්වලදී සහ ගැහැණු පිරිමි බව මත හිසකෙස් යාමට බලපාන කාරනා වෙනස් වෙනවා. කොණ්ඩය යාම වර්ගීකරණය කිරීමේදී ස්ථිරව කොණ්ඩේ යාම සහ තාවකාලිකව කොණ්ඩය යාම ලෙස දෙයාකාර වෙනවා.
මෙහි භයානක තත්ත්වය වන්නේ ස්ථීර කොණ්ඩය යාමයි තාවකාලිකව කොණ්ඩය යාමේ තත්ත්වය හදුනාගත් පසු එහි භයානක බව අඩු වෙනවා. මෙවැනි තත්ත්ව ප්‍රතිකාර මඟින් සුවකළ හැකි අතර සමහර අවස්ථාවලදී ප්‍රතිකාර නොකළඳ සුව වෙනවා.
ස්ථීරව කොණ්ඩය යාම වැඩිවශයෙන් පිරිමින් අතර දැකිය හැකි තත්ත්වයක්. මේල් පැටන් හෙයා ලොස් (Male Pattern Hair loss)පිරිමි අයගේ ආකාරයට කොණ්ඩය යාම එසේම ෆිමේල් පැටල් හෙයා ලොස් (Female pattern Hair Loss) ගැහැණුන්ගේ ආකාරයට කොණ්ඩය යාම. ඇන්ඩ්‍රෝ පෙනටික් ඇලොපීසියා (Androgenetic Alopecia) තත්ත්වය ඇතිවන්නේ පිරිමි අයගේයි. සමහර විට ඉතා තරුණ කාලයේදී අවු. 13ත් 20ත් අතර කාලයේදීත් මේ තත්ත්වය ඇතිවිය හැකියි.
මෙහි ප්‍රධාන ලක්‍ෂණය වන්නේ නළල දෙපැත්තෙන් සහ හිස මුදුනින් කොණ්ඩය යාම පටන් ගැනීමයි.
හිසේ දෙපැත්තෙන් ගැලවී වැටුණු කොණ්ඩය හිස පිටුපස දක්වා ව්‍යාප්ත වීම සිදු වෙනවා. එමෙන්ම හිස මැදින් සුළු වශයෙන් ඉවත්ව යන හිසකෙස්වල වපසරිය පුළුල් කරමින් හිසකෙස් වැටීම සිදු වෙනවා. අවසානයේ දී සිදුවන්නේ ඉදිරි පස කෙස්ගස් කීපයක් ඉතිරි කරමින් සම්පූර්ණ හිසේම කොණ්ඩය යාමයි. පිරිමි අයගේ හිසකෙස් ගැලවී තට්ටය පෑදීමට ප්‍රධාන වශයෙන් ටෙස් ටොස් ටෙරෝන් (Testos Terone) හෝමෝනයේ ක්‍රියාකාරීත්වය බලපානවා. මේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා කෙස්ගසේ වර්ධනය අඩු වෙනවා. මේ හෝමෝනයට විරුද්ධ ප්‍රතිකාරවලින් මේ කොණ්ඩය යාම වළක්වාගත හැකියි. එය ඉතාම පරිස්සමින් වෛද්‍ය උපදෙස් මත පමණක් කළයුතු ප්‍රතිකාර පන්තියක්. මේ ප්‍රතිකාර නිසා භයානක අතුරු ආබාධ ඇතිවිය හැකියි. මේ නිසා නිරන්තර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.
මෙහි ඊළඟ කාණ්ඩය වන්නේ ෆීමේල් පැටන් ඇන්ඩ්‍රොජෙනටික් ඇලොපීසියා (Female Pattern Androgenetic Alopecia) තත්ත්වයයි.
මේ තත්ත්වය කාන්තාවන් අතර දැකිය හැකි තත්ත්වයක්. කොණ්ඩය ඉදිරි පස සහ දෙපැත්තෙන් හිස මුදුනත් කොණ්ඩය අඩුවීම පමණක් මෙහිදී සිදු වෙනවා. සම්පූර්ණ තට්ටය පෑදීමක් මෙහිදී සිදුවන්නේ නැහැ.
මේ ආකාර දෙකම පාරම්පරික තත්ත්ව නිසා ඇතිවිය හැකි තත්ත්වයි. එස්කාරිෆ් ඇලොපීසියා නැමති රෝගී තත්ත්වය ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක්. මෙය කැළැල් සහිතව සිදුවන තත්ත්වයක්. කොණ්ඩ ගස්වල මූලයට සිදුවන හානිවීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මෙහිදී සිදුවන්නේ මෙවැනි කොණ්ඩයක් නැවත වැඩීමක් සිදු නොවීමයි.
ඇලොපීසියා ඒරියාටා (Alopecia Areata) මෙය තාවකාලිකව ඇතිවන තත්ත්වයක්. ජනවහරේ උදුගොව්වා කෑම ලෙසත් මෙය හඳුන්වනවා.
මේ තත්ත්වයේදී හිසේ තැනින් තැන කුඩා රවුම් ලෙස හිසකෙස් ඉවත්වීම සිදුවෙනවා. මේ තත්ත්වය ඇහිබැම ඇහි පිහාටු , රැවුල වැනි ස්ථානවලත් ඇතිවිය හැකියි. මේ රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් සම්පූර්ණ කොණ්ඩයම යාම දක්වා ව්‍යාප්ත විය හැකියි. මෙහිදී මූලිකවම වන්නේ හිසේ එක් තැනක් කැසීම පටන් ගැනීමයි. ඉන් පසු එම ස්ථානයේ කොණ්ඩය යාම පටන් ගන්නවා. මෙහිදී වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.
බොහෝවිට මේ තත්ත්වයන් පාරම්පරික රෝගී තත්ත්වයක්. නමුත් මේ මඟින් සිදුවන කොණ්ඩය යාම සුවකළ හැකියි. වැඩිපුරම දකින්නට ලැබෙන රෝගී ත්ත්ත්වය වන්නේ ටීලෝජන් ඉෆ්ලූවියම් (Telogen Effluvium) තත්ත්වයයි. හිස සේදීමේදී කොණ්ඩය යාම, කොණ්ඩය අල්ලද්දී කොණ්ඩය යාම, කොණ්ඩය පීරද්දී කොණ්ඩය යාම මේ අතරින් ප්‍රධානයි. මේ රෝගී තත්Àවයේදී තට්ටය පෑදීම සිදුවන්නේ නැහැ. මෙහිදී කොණ්ඩය අඩුවීමක් සිදුවෙනවා. මෙහිදී සිදුවන්නේ කොණ්ඩ ගසේ ජීවගුණය ඉවත්වීම නිසා කොණ්ඩ ගස ගැලවීයාමයි.
කොණ්ඩ ගසේ ජීවන චක්‍රය මේ සඳහා බලපානවා. විශේෂයෙන් රැකියාවේ ගැටළු, දිගුකාලීන අසනීප තත්ත්ව, විභාගයකට පාඩම් කිරීම, ජීවිතයේ කරදකාරී කාලයකදී, විදේශ ගතවීමක් වැනි තත්ත්වවලදී ඇතිවන මානසික තත්ත්ව නිසා කොණ්ඩ ගසේ ජීවන චක්‍රයේ වෙනස්වීම් ඇති වෙනවා.
මේ වෙනස් වීම් නිසා කොණ්ඩ ගස් අලුතින් සෑදෙන ප්‍රමාණය අඩුවෙනවා. ඒ වගේම හිසේ තිබෙන කොණ්ඩ ගස්වල මියයන ප්‍රමාණය වැඩිවෙනවා. අලුතින් හිසකෙස් සෑදීමක් සිදුනොවන නිසා කොණ්ඩය අඩුවීමක් සිදුවෙනවා. මේ හේතුවෙන් කොණ්ඩය වැඩිපුර යනවා යැයි බොහෝ අයට සිතෙනවා. නමුත් මේ තත්ත්වය නිසා තට්ටය පෑදීමක් වන්නේ නැහැ. මේ සඳහා ප්‍රතිකාර ලෙස දැක්විය හැක්කේ මානසික හෝ ශාරීරික පීඩනයන් හැකිතාක් අඩුකර ගැනීමයි.
හිසකෙස් ඇදීම නිසාත් කොණ්ඩය යනවා. සමහර අය කොණ්ඩය මැදින් බෙදා ඉතා තදින් කොණ්ඩය ගෙතීම කරනවා. ඒවගේම හිසකෙස් ඇදී පවතින කොණ්ඩ විලාසිතාත් හිසකෙස්වලට ප්‍රතිකාර කිරීමේදී හිසකෙස් ඇදීම නිසාත් හිසකෙස් ගැලවී යනවා.
මේ තත්ත්වයට හොඳම නිදසුනක් වන්නේ කොණ්ඩය එකම තැනින් පීරීම කරන අයගේ කාලයක් ගතවෙද්දී එම ස්ථානයේ කොණ්ඩය අඩුවෙනවා. මේ නිසා කළ හැකි හොඳම ප්‍රතිකාරය වන්නේ වරින් වර කොණ්ඩ මෝස්තරය වෙනස් කිරීමයි. මෙය රෝගී තත්ත්වයක් නොවෙයි.
ඇනජන් ඉන්ලුවියම් (Anagen Effluvium) තත්ත්වය ඉතාම භයානක රෝගී අවස්ථාවක්. පිළිකාවලට ප්‍රතිකාර කරත්දී හෝ පිළිකාමය රෝගී තත්ත්වයක් ශරීරයේ තිබියදී කොණ්ඩය යාම මේ යටතේ ගැනෙනවා. මෙහිදී සිදුවන්නේත් කොණ්ඩ ගසේ ජීවන චක්‍රය පිළිබඳ ගැටලුවක්. පිළිකා ප්‍රතිකාර නැවතුන පසු කොණ්ඩය නැවත වැවෙනවා. නමුත් පැරණි කොණ්ඩය මෙන් සාරවත් කොණ්ඩයක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත් කොණ්ඩය යන හැම අවස්ථාවක්ම පිළිකා රෝගී තත්ත්වයක් නොවෙයි. පිළිකාව ශරීරය පුරා පැතිරී ඇති විටදී සහ සැර ඖෂධ ලබා ගැනීමේදී හිසකෙස් යාම සිදුවෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොණ්ඩය යනවානම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ස්ථීර කොණ්ඩය යාම නිට්ටාවට සුවකළ නොහැකියි. නමුත් කොණ්ඩය යාම පාලනය කිරීම සහ කොණ්ඩය යාම බාහිර සමාජයට නොපෙන්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර තිබෙනවා.ප්‍රෙෂර්, දියවැඩියාව , හෘදයාබාධ නිට්ටාවට සුව කළ නොහැකිවාක් මෙන්ම ස්ථීර කොණ්ඩය යාම නැමැති රෝගී තත්ත්වයන් නිට්ටාවට සුවකළ නොහැකියි. නමුත් පාලනය කළ හැකියි.
සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ කොණ්ඩගස් ලක්‍ෂයක් පමණ තිබෙනවා. මේ ලක්‍ෂයම එක්දිනකින් හැදුන ඒවා නොවෙයි. කොණ්ඩ ගසේ වර්ධනය මුල්කාලයේදී ඇනජන් ෆෝස් (Anagen phase) මාසයකට අගල් 1/2ක් පමණ වෙනවා. සාමාන්‍ය ත්ත්ත්ව යටතේ කොණ්ඩ ගසක වැඩීම වසර 2ක් 3ක් පමණ වෙනවා. ඉන්පසු එම කොණ්ඩගස වැඩීම නතර වෙනවා. මේ කාලයේදී කොණ්ඩ ගසේ ටිලෝජන් ෆෝස් (Telogen phase) වර්ධනයක් නොවුවත් කොණ්ඩ ගස වැටෙන්නේ නැහැ. මේ කාලය මාස 2ක් 3ක් පමණ වෙනවා. ඉන්පසු මේ කෙස් ගස මුලින්ම ගැළවී වැටෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ වැටෙන ස්ථානයේම අලුත් කෙස්ගස් වැඩීමක් සිදුවෙනවා. මේ ආකාරයට කෙස්ගසේ ජීවන චක්‍රය සිදු වෙනවා.
හිසේ තිබෙන කොණ්ඩගස් අතරින් කොණ්ඩ ගස් 50ත් 100 අර ප්‍රමාණයක් දවසකදී වැටෙනවා.
මේ වැටෙන ප්‍රමාණය අපට නොදැනෙන්නේ තවත් 50ත් 100ත් පමණ නැවත වැඩෙන නිසයි.
වයස්ගතවීමත් සමඟ කොණ්ඩය අලුතෙන් ඒම අඩු වෙනවා. මේ නිසා ඉක්මනින් තට්ටය පෑදෙන බවත් පෙන්නුම් කෙරෙනවා. මේවාට හෝමෝනවල බලපෑම් ඇති කෙරෙනවා. ඒ වගෙම කොණ්ඩයේ ජීවන චක්‍රය අඩුවීමත් බලපානවා.
ඒ වගේම ප්‍රධාන සමේ රෝගවලදී කොණ්ඩ ගසේ මුලට හානි වෙනවා. පුස්වර්ගවලින් සෑදෙන රෝගවලදීත් කෙස්ගසේ මුලට හානි වෙනවා.මෙවැනි තත්ත්වලදී නැවත කොණ්ඩ ගස සෑදෙන්නේ නැහැ. කොණ්ඩ ගස් ගැලවී යාමට කොණ්ඩ ගසේ පෝෂණයත් ශාරීරික පෝෂණයත් බලපානවා. ආතරයිටීස්, මානසික රෝග, හෘද රෝග, ප්‍රෙෂර්, දියවැඩියාව, උපත් පාලන ඖෂධ නිසාත් සමහර අයගේ හිසකෙස් වැඩීම ඉක්මන් වෙනවා.
හොමෝනවල ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් කොණ්ඩයට බලපෑම කරන්නේ දරුවෙක් ලැබෙන්න සිටින විට, දරුවා ලැබුණු පසු, උපත් පාලන ඖෂධ, ආර්තවහරණය, තයිරොයිඩ් ග්‍රන්ථියේ අව හෝ අධි ක්‍රියාකාරීත්වය යන කාරණා ඇති අවස්ථාවලදීයි. නමුත් මේ අවස්ථාවලදී ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. එම තත්ත්ව මඟ හැරුණු පසු කොණ්ඩය නැවත යථා තත්ත්වයට පත්වෙනවා.
විවිධ ෂැම්පුවර්ග, ජෙල් වර්ග වැරදි ආකාරයට භාවිතා කිරීම නිසා එහි ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් හිසකෙස්වලට බලපෑම් ඇතිවෙනවා.
හිසේ ඇතිවෙන විවිධ ආසාදින නිසා හිසකෙස් කැඩීයාම ප්‍රතිකාර මඟින් සුවකළ හැකි වෙනවා.
ප්‍රෝටීන් ඌණතා ලක්‍ෂණ නිසාත් හිසකෙස් ගැලවී යනවා. මෙහිදී කිරි, බිත්තර, චීස්, මස් , මාළු මෙන්ම දෛනිකව ආහාරයට ගන්නා බොහෝ ආහාරවල ප්‍රෝටින් තිබෙනවා. මේ පිළිබඳව සැලකිල්ල යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.
කොණ්ඩය සඳහා ප්‍රතිකාර ලබාදීමේදී විටමින් ප්‍රධාන තැනක් ගන්නවා. විටමින් A, C, D සහ සියලුම බී කාණ්ඩයේ විටමින් වර්ග වන B-6, B-12 බයොටීන්, පෝලික් ඇසිඩ් සහ M S M විටමින් වර්ගත් ලවණ වර්ග අතරින් යකඩ, සිලිකා සහ සින්ක් යන ඒවාත් ඉතාම වැදගත් වෙනවා.
හිසකෙස් වැවීම සඳහා මිනොක්සිඩිල් Minoxidil නැමති බෙහෙත් වර්ගය කොණ්ඩය නොමැති ස්ථානවල ගැල්වීම ප්‍රයෝජනවත් වෙනවා. දිනකට දෙවරක් එවැනි ස්ථානවල ගැල්වීම මඟින් හොද ප්‍රතිඵල ලඟාකරගත හැකියි. මේ ප්‍රතිකාරය දීර්ඝ කාලීනව කළයුතුයි.
හිසකෙස් යාමට ප්‍රතිකාර කිරීමේදී තමන් ලබාගන්නා වෙනත් ඖෂධ ගැනත් වෛද්‍යවරයාට පැවසීම වැදගත් වෙනවා.
ශල්‍යකර්ම මඟින් හිස කෙස් සිටුවීම දැනට ලංකාවේ කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. මෙය මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා. එමෙන්ම කෘත්‍රීම කෝණ්ඩ භාවිතා කිරීමත් කෙරෙනවා.