ශුක්රාණු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    laptop-use-sperm-quality.jpg

    http://upload.wikimedia.org/wikipedia/commons/c/c7/Sperm.jpg

    පිරිමි දරුවකු වැඩිවියට පත්වීම හෙවත් ශුක්‍රාණු නිපදවීම ආරම්භ කර එය ශිෂ්ණය ඔස්‌සේ පිටවීම ආරම්භ වන්නේ වයස අවුරුදු 12 පමණ වියේ සිටය.

    දරු කළලයක්‌ සෑදීම සඳහා එක්‌ වරකදී පිටවන ශුක්‍රාණු තරලයක ශුක්‍රාණු මිලියන විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ තිබිය යුතුය. ඉතා නිරෝගී ශුක්‍ර තරලයක ශුක්‍රාණු මිලියන හැටක්‌ පමණ තිබේ.

    එසේම මෙම ශුක්‍රාණු තුළ සක්‍රීය බිජ තිබිය යුතුය. එනම් යෝනි මාර්ගය වෙත පිහිනා යාහැකි ශක්‌තිමත් ශුක්‍රාණු තිබිය යුතුය.

    ශක්‌තිමත් ශුක්‍රාණු නිපදවා ගැනීම සඳහා නිසි පෝෂණය පමණක්‌ ප්‍රමාණවත් නැත. එදිනෙදා දින චර්යාවද බලපානු ලැබේ.

    නිසි පෝෂණය

    ශක්‌තිමත් ශුක්‍රාණු නිපදවීම සඳහා ගත යුතු ආහාර පාන ශීත මධුර ගුණයෙන් යුක්‌ත විය යුතුය.

    එනම් එළකිරි, ගිතෙල්, තිරිඟු, උඳු, කෙකටිය, නෙළුම් අල, රට ඉඳි, මුද්දරප්පලම්, තල්, පොල්, පුහුල්, උක්‌හකුරු, මී පැණි, අල, බතල, වට්‌ටක්‌කා, බෝංචි, සව්, බාර්ලි, මුං ඇට ආදී ආහාර වර්ගත්, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි ඖෂධීය පානවර්ගත් නිතර ගැනීම සුදුසුය.

    දින චර්යාව

    නිතරම සැහැල්ලු ඇඳුම් ඇඳිය යුතුය. වෘෂණ කෝෂ තදවන අයුරින් තද යට ඇඳුම් ඇඳීම සුදුසු නැත.

    ක්‍ෂණික ආහාර වර්ග, නිතර කෝපි පානය, මත්පැන් ගැනීම, දුම් පානය, මානසික පීඩනය, ඝන අව්වේ වැඩි කාලයක්‌ සිටීම, වැඩිකාලයක්‌ සිටගෙන සිටීම, අධික උෂ්ණත්වය සහිත පරිසරයක කටයුතු කිරීම, රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතුවල නිතර කටයුතු කිරීම, ආනාරක්‍ෂිත අයුරින් බර එසවීම, පරිගණක ආශ්‍රිතව නිතර කටයුතු කිරීම නිසා සරු ශුක්‍රාණු නිපදවීමට බාධා මතුවේ.

    එසේම දිනපතා ආහාරයට සෝයා සහිත ආහාර, අලු කෙසෙල් ආදිය යොදා ගැනීමද නුසුදුසුය.

    ශුක්‍රාණුවක සක්‍රිය භාවය

    වෘෂණ කොAෂයෙන් පිටවූ ශුක්‍රාණුවක්‌ ශිෂ්ණය ඔස්‌සේ බාහිර පරිසරයට පැමිණි පසු පැය 48 ක්‌ පමණ සක්‍රිය තත්ත්වයේ පවතී.

    වරක්‌ ශුක්‍රාණු පිටවූ පසු නැවත වරක්‌ සරු ශුක්‍රාණු පිටවීමට පැය 48 ක්‌ පමණ ගතවේ. එබැවින් දරුඵල අපේක්‍ෂාවෙන් එක්‌වන අඹු සැමියන් වරක්‌ එක්‌වූ පසු නැවත පැය 48 කට වරක්‌ හෙවත් දවසක්‌ හැර දවසක්‌ එක්‌වීම සුදුසුය.

    වර්තමානයේ බොහෝ තරුණයන් තුළ පවතින දුර්මතයත් වනුයේ ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳවය. සාමාන්‍යයෙන් නීරෝගී තරුණයකුගේ ශිෂ්ණය ප්‍රමාණවත් වූ විට අඟල් හතරක්‌ පමණවේ. කාන්තාවකගේ යෝනි මාර්ගය වෙත ශුක්‍රාණු තැන්පත්වීමට එම ප්‍රමාණය ප්‍රමාණවත්ය. එබැවින් අනවශ්‍ය බිය ඇතිකරගෙන දුර්මත ඔස්‌සේ කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැඩි මානසික පීඩනයට ලක්‌ව ලිංගික දුබලතාවට පත්වීමයි.


     
    Last edited by a moderator:

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    පරිගණක ආශ්‍රිතව නිතර කටයුතු කිරීම නිසා සරු ශුක්‍රාණු නිපදවීමට බාධා මතුවේ.

    ME MOKAKDA BANZZZ MEKE THERUMA..KANA PALENAWA MAMA PAYA 12 WITHARA COMPUTER EKKANE INNE:no:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    වරක්‌ ශුක්‍රාණු පිටවූ පසු නැවත වරක්‌ සරු ශුක්‍රාණු පිටවීමට පැය 48 ක්‌ පමණ ගතවේ. එබැවින් දරුඵල අපේක්‍ෂාවෙන් එක්‌වන අඹු සැමියන් වරක්‌ එක්‌වූ පසු නැවත පැය 48 කට වරක්‌ හෙවත් දවසක්‌ හැර දවසක්‌ එක්‌වීම සුදුසුය.