යන්තම් අවුරුදු 30ක යුද්ධෙ ඉවර වෙලා ඔලුව පොඩ්ඩක් උස්සන්න හැදුවා විතරයි යුරෝපෙ එවුන් දෙමළ ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා අපිට වින කටින්නමයි හැම මොහොතෙම අර අඳින්නෙ. ඒක ඉවර වෙලා අනිත් පැත්ත හැරෙන කොට අනිත් පැත්තෙන් ඔන්න මුස්ලිම් ප්රශ්නෙ.
විදේශිකයෝ මේව බලං හිටියම අනිවාර්යයෙන්ම හිතන්නෙ සිංහල අපි ජාතිවාදියො කියලා. ආයේ දෙකක් නෑ.
මම නම් හිතන විදිහට මේ ප්රශ්නෙ මේ තරම් ලොකු දෙයක් බවට පත් වුණේ දෙමළ ඩයස්පෝරාවෙ බලපෑමෙන් කියලා. ඒත් එක්කම දේශපාලන වාසි ගන්න බලං ඉන්න අපේම සිංහල දේශපාලුවොත් මේක පිටිපස්සෙ අනිවාර්යයෙන්ම ඇති.
අනිවාර්යයෙන්ම අපේ ජාතියට සහ ආගමට අනතුරක් තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඒක අවිවාදයෙන් යුතුව පිලි ගන්නවා. නමුත් ඒ වගේ අවස්ථා වලදී කටයුතු කරන්න ඕන බොහොම කල්පනාවෙන්.
මට පුදුමෙ මෙච්චර බැට කාලත් අපේ මිනිස්සු ඇයි සමහර වෙලාවට උමතුවෙන් වගේ මේ ප්රශ්න වලට උත්තර හොයන්නෙ කියලා. නියපොත්තෙන් කඩන්න පුලුවං දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ තමයි. නමුත් මෙහෙම ගියොත් සිංහල-මුස්ලිම් ප්රශ්නයක් ඇති වෙන්න තව වැඩි කාලයක් යන එකක් නෑ.
එහෙම වුනොත් දෙමළ ඩයස්පෝරාවේ බලාපොරොත්තුත් ඉබේම ඉටුවේවි. දෙකට කැඩෙන්න තිබුණ රට තුනට කැඩේවි. මගේ අදහස නම් ඒක තමයි.
මේ වගේ අවස්ථාවක සිහි-බුද්ධියෙන් වැඩ කරන විදිහ ගැන මටත් පැහැදිළි අදහසක් ඇත්තටම නෑ. නමුත් අපේ ජාතිය මේ ප්රශ්නෙදි ක්රියා කල විදිහ නම් අනුමත කරන්න බැහැ.