අගමැතිගේ තීරණය හෙළා දකිනවා Sunday , 29 April 2012
දඹුල්ල මුස්ලිම් සිද්ධස්ථානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න ගත් තීරණය හෙළා දකින බව මුස්ලිම් කොංග්‍රසය පවසයි.
එම පක්ෂයේ නායක අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ඇතුළු කණ්ඩායම එම අදහස පළ කර තිබෙන්නේ පක්ෂ දේශපාලන මණ්ඩල සාකච්ඡාවකදීය.
එහිදී රාහුෆ් හකීම් මෙසේ පැවසිය.
"දඹුල්ල මුස්ලිම් පල්ලිය පිළිබඳව අගමැතිතුමා තනිමතයෙන් ගන්න තීරණයට අපි එකඟතාව පළ කළේ නැහැ. ඒක අපි හෙළා දැක්කා විතරක් නෙවෙයි, ඒ පිළිබඳව රජයේ සෙසු අමාත්‍යවරුන් එක්ක සාකච්ඡා කරලා අපි තීරණයකට එළඹිය යුතුයි කියන එක අපි අවධාරණය කළා. ඒ වගේම අප පක්ෂ දේශපාලන මණ්ඩල ගත්ත තීරණය දඹුල්ලේ පල්ලිය තිබුණු ආකාරයටම තිබිය යුතුයි. ඒක ඉවත් කිරිමට ගන්න ඕන පියවරකට අපි විරුද්ධ වෙනවයි කියන එක ඉතා පැහැදිලිව අපි කිවයුතුයි. ඒ වගේම පරිපාලනමය අන්දමින් මේකට තීන්දුදීමට ඉදිරිපත්වීමත් ඒවගේම අධිකරණය මාර්ගයෙනුත් ඒකට විසඳුම් ලබාගැනීමට තියෙන ඉඩකඩ පිළිබඳවත් සොයා බලාගෙන යනවා"
source -
අපේ එක සිංහල ඇමතියෙක් කටක් හොලවන්නේ නෑනේ උදය ගම්මන්පිළ ඇරුනහම

Code:
newsfirst.lk
අපේ එක සිංහල ඇමතියෙක් කටක් හොලවන්නේ නෑනේ උදය ගම්මන්පිළ ඇරුනහම
Last edited by a moderator: