ඔබත් දුම් පානය කරන්නෙක්ද? "Health"

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    smoking-kills.jpg



    පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.)




    සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය

    Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
    Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක්
    Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
    Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
    Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
    Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව
    Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
    Benzene – පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය
    Cadmium – බැටරි හදන්න ගන්නවා
    Staric- acid -ඉටි
    Butane – lighters වල අඩංගු වෙනව
    Methanol – රොකට් ඉන්ධන
    Acetic acid – විනාකිරි
    Chromium – යකඩ හදන්න ගන්නවා
    Lead – බැටරි හදන්න ගන්නවා
    Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්





    cigarette.jpg





    ඔබ දන්නවාද?



    සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.


    දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.


    දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.


    දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.
    දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.


    සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි.


    නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.


    දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.


    cigarette-warnings.jpg



    දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….



    –>දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.

    –>සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.


    –>ස්නායු ආබාධ.


    –>මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.


    –>හිසරදය, ඔක්කාරය, වළිප්පුව.


    –>(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.


    –>හෘද රෝග, රුධිර නාල ඉදිමීම.


    –>ස්වසන රෝග.


    –>සන්ධි ඉදිමීම.


    –> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.


    –>පෙනහලු පිළිකා.


    –>මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.


    –>වඳ භාවය.


    –>අධි රුධිර පීඩනය.


    –>නියුමෝනියාව.


    –>ශ්‍රවණ ආබාධ.







    ඔබ දුම්පානයට අදික ලෙස ඇබ්බැහිවූ අයෙකුනම් එය එකවර අතහැරීම ඔබට කිසිලෙසක කල නොහැක, නමුත් ක්‍රමක්‍රමයෙන් ඔබට දුම්පානයෙන් ඉවත්වීමට හැක.


    ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න.






    :cool::cool:




     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගමයා එල හොඳේ...
    තැන්කු නූලට ..
    මම නම් මොන මඟුලක්වත් කටේ තියලා නැහැ..,ඒත් අම්බානක ගසන එවුන් එක්ක ඉඳලා තියෙනවා...
    තැන්කු...තැන්කු...!!!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේ ආර්ටිකල් එක එළකිරි එකේ දැම්මේ හුගක් ත්‍රෙඩ් තියෙනවා දැක්ක මේ සම්බන්දයෙන්

    තව මම දැක්ක දුම් බොන්නන්ගේ group එකකුත් තියෙනවා


    මමත් Smoke කරලා තියෙනවා . මම A/L කරනකොට හුගක් වෙලාවට දවල්ට කන්නේ නැ. ටි ekai සිගරට් ekai ගහල තමා ඉන්නේ. එත් දැන් මම සිගරට් එකක්වත් බොන්නේ නැ.


    අපිට අපේ දේවල් ගැන ආදරයක් ඇතිවෙන්නේ නැත්නම් අන්න එක තමා මචන් කාලකන්නි කම කියන්නේ.


    පුළුවන් නම් ඔය සිගරට් බොන එඋනුත් නතර කරපල්ලා . ඒක උබලට, උබල ලග ඉන්න අයට වගේම උබලගේ life එකට එන්න ඉන්න අයටත්
    ලොකු සහනයක් wei

    මට උබලට බොරු කියන්න ඕනේ නැ. මගේ life එකම උබලට ඇති example එකකට. එකපාර මටත් නතර කරන්න බැරි උනා. මමත් ටික ටික තමා මචන් නතර කරේ

    පහුගිය 6years වලටම මම වැඩිම උනොත් 10 cigerate වගේ බිල ඇති. කලින් නම් දවසට අඩුම තරමේ 2k 3k වත් බොනවා මම. packet එකක් දවසින් ඉවර කරපු වෙලාවලුත් තියෙනවා.


    උබලට තාම වෙලාව තියෙනවා මචන්. තවත් පරක්කු වෙන්න නම් එපා.


    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: RLR

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මම මේ ආර්ටිකල් එක එළකිරි එකේ දැම්මේ හුගක් ත්‍රෙඩ් තියෙනවා දැක්ක මේ සම්බන්දයෙන්

    තව මම දැක්ක දුම් බොන්නන්ගේ group එකකුත් තියෙනවා


    මමත් Smoke කරලා තියෙනවා . මම A/L කරනකොට හුගක් වෙලාවට දවල්ට කන්නේ නැ. ටි ekai සිගරට් ekai ගහල තමා ඉන්නේ. එත් දැන් මම සිගරට් එකක්වත් බොන්නේ නැ.


    අපිට අපේ දේවල් ගැන ආදරයක් ඇතිවෙන්නේ නැත්නම් අන්න එක තමා මචන් කාලකන්නි කම කියන්නේ.


    පුළුවන් නම් ඔය සිගරට් බොන එඋනුත් නතර කරපල්ලා . ඒක උබලට, උබල ලග ඉන්න අයට වගේම උබලගේ life එකට එන්න ඉන්න යටත් ලොකු සහනයක් wei


    මට උබලට බොරු කියන්න ඕනේ නැ. මගේ life එකම උබලට ඇති example එකකට. එකපාර මටත් නතර කරන්න බැරි උනා. මමත් ටික ටික තමා මචන් නතර කරේ

    පහුගිය 6years වලටම මම වැඩිම උනොත් 10 cigerate වගේ බිල ඇති. කලින් නම් දවසට අඩුම තරමේ 2k 3k වත් බොනවා මම. packet එකක් දවසින් ඉවර කරපු වෙලාවලුත් තියෙනවා.


    උබලට තාම වෙලාව තියෙනවා මචන්. තවත් පරක්කු වෙන්න නම් එපා.


    :yes::yes::yes:

    :yes::yes:Kathawa eththa machn....Api ledawena gaman anith ayawath leda karana 1 karanne....:yes::yes:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    බොන උන්ට කියලා වැඩක්‌ නම් නෑ බන්. උන්ගේ පණ්ඩිතකම ලොකුයි ඔක්කොටම වඩා. කිව්වම කියන්නේ උන් බිව්වම අපිට මොකද, තමුන්ගේ පාඩුවේ ඉන්න කියලා. දුම් බීම සහ මධ්‍යසාර බාවිතය දෙකම එක වගේ එපා කරපු දෙකක් තමයි.

    හොඳ ත්‍රෙඩ් එකක්. :)
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හිරිමල් හිතට ආවොත් හිස් පබය .....................පුතේ:cool:
    පිලිකාවකින් ගැලවීමක් නුබට ........................නැතේ:yes:
    පිරිමි කමයි කියලා හිතුනාට ..........................හිතේ‍:growl:
    සිගරට් එකට මල්ලියා නම් නගින්.................... නැතේ:(