.: New Video Concept By Me :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    විභාග ජරමර අස්සේ ඔන්න අද තමයි පොඩි නිවාඩුවක් ලැබුනේ....ඉතින් ඒක නිසා මම ගෙවල් පැත්තේ එන්න කියල හිතුව...අසෝක ලේලන්ඩ් බස් එකේ පැය පහක ගමනක් කියන්නේ මනෝ ගැසීමට හොඳම අවස්තාවක් කියල ඒ කට්ට කන ඕනි එකෙක් දන්නවා...;) ඉතින් ඔන්න ඔය කාල සීමාවේ තමයි මේ අයිඩියා එක හිතට ආවේ....මගේ නිර්මාණ දැකපු අය දන්නවනේ මම කොහොමත් වෙනස් දෙයක් කරන්න කැමති කෙනෙක් කියල...:) ඒක නිසාම මගේ හිතේ මැවෙන්නේත් ඒ වගේ වෙනස්ම අදහස්....හරි, හදුන්වාදුන්න ඇති දැන් එහෙනම් බලමු මේ අදහස මොකක්ද කියල.....
    14.gif

    වීඩියෝ එක පටන් ගන්නේ මෙහෙමයි,

    එක කොල්ලෙක් හෙන ගැම්මෙන් වේගෙන් දුවගෙන යනවා.....ඉතින් මේ දුවගෙන යන අතරේදී මේ කොල්ලට බාධක ගොඩක් හම්බ වෙනවා, ඒ මොනවද කිව්වොත් කඳු තරණය කිරීම්, පල්ලම්, වලවල් වගේ දේවල්....ඉතින් මේ කොල්ල හෙන මහන්සියෙන් කොහොම හරි ඒ දේවල් ජයගෙන දුවගෙන යනවා....ඉතින් ඔහොම යද්දී මේ කොල්ලගේ හොඳම යාලුවෙක් කිට මරල පට්ට බයික්(සී බී ආර් වගේ එකක්):cool: එකකින් ඇවිත් මේ කොල්ලව පහු කරගෙන යනවා නෝන්ඩියක් එහෙම දාල....:growl: ඉතින් මේ කොල්ලට ටිකක් අප්සට්....:( ඒත් පොර වැඩේ අත අරින්නේ නෑ තව දුවනවා....:yes: තව ටිකක් දුර යද්දී මේ කොල්ලගේ කෙල්ලත් නෝන්ඩි හිනාවක්‌ දාගෙන මුව පහු කරගෙන යනවා පට්ට කාර් එකකින්(ෆෙරාරියක් වගේ).... :shocked::angry:දැන් නම් මූට හෙනම අප්සට්...:( ඒත් මු කොහොම හරි හිත හදාගෙන දුවගෙන යනවා ඉස්සරහට.....ඔන්න ඒ පාර මුගේ තව යාළුවො සෙට් එකක් හම්බවෙනවා....උන් අරක්කු බෝතලයක් පෙන්නලා මුව නවත්තන්න හදනවා....:rolleyes: බොන්න තරම් හිත අප්සට් වෙලා තිබ්බත් මු එතන නැවතෙන් නැතුව දුවනවා....:) එතන පහු කරලා තව ටික දුරක් යද්දී පට්ට කෑල්ලක් ඉන්නවා පේනවා මේ කොල්ලට....:love: ඒ කෙල්ල හෙන ලයින් එකක් දානවා මුට....:cool: හිතේ ආසාවක්,ඇල්මක් ඇතිවුණත් මු එතන නවතින්නේත් නෑ තවත් ඉස්සරහටම දුවනවා.....මෙහෙම තව ටික දුවද්දී රේස් එකේ අවසානයට එනවා....(රේස් වල අන්තිමේ වගේ පීත්ත පටිය කඩාගෙන යනවා පෙන්නවා)

    ඔන්න දැන් පොරගේ ඇඳුම වෙනස් වෙලා...පොර දැන් ජෙන්ටල්මන් කිටක්‌ ඇඳලා ඉන්නේ...:cool: පොරගේ ඉස්සරහ කාර් එකක් තියෙනවා(සුපර් කාර් එකක්) එ විතරක් නෙවෙයි ඒකෙ ලස්සනම ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා....:) කලින් ඒවා වගේ නෙවෙයි අහිංසක ලස්සන කෙල්ලෙක්....:love: කෙල්ල ඉන්නේ ඩ්‍රයිවින් සීට් එකේ....:yes: ඉතින් මේ කොල්ල ගිහින් කාර් එකට නගිනවා ලස්සන හිනාවක්‌ දාගෙන....;) අර කෙල්ලත් ලස්සන හිනාවක් දාගෙනම කාර් එක ඩ්‍රයිව් කරගෙන ඉස්සරහට යනවා....දැන් මේ කොල්ල යන්නේ සුපිරිම පාරක(අපේ හයිවේ එක වගේ ;) ) ඉතින් ඔහොම ඉස්සරහට යද්දී මේ කොල්ලට පේනවා ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්.....ලං කරලා බලද්දී ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ඉසෙල්ලා මේ කොල්ලව පහු කරන් ආපු මේ කොල්ලගේ කෙල්ල සහ හොඳම යාළුවා....වාහන දෙක කුඩු පට්ටම....දෙන්න ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා...මේ කොල්ලට ගොඩක් දුකයි...:( එ දිහා දුකෙන් බලන් ඉන්නකොට කාර් එක ගෙනියන කෙල්ල ආදරෙන් මේ කොල්ලගේ ඔලුව අත ගාල පොරව අස්වසනවා....:) තව ටිකක් ඉස්සරහට යද්දී මේ කොල්ලට ඉස්සෙල්ල අඩි ගහන්න අත වනපු සෙට් එක මැරිලා වැටිලා ඉන්නවා පේනවා බෝතල් බදාගෙනම.....:( තවත් ඉස්සරහට යද්දී අර කලින් හම්බවෙච්ච පට්ට කෑල්ලත් විකෘර්ති වෙලා ඉන්නවා පේනවා....:( එතනින් පස්සේ කැමරා විව් එක ටික ටික උඩට එනවා...එතකොට පේනවා මේ කොල්ල යන තව ඉස්සරහට යද්දී මහා ප්‍රපාතයක් තියෙනවා...:shocked: ඒකට වැටුනට පස්සේ මහා වතුර පාරක් ගලාගෙන යනවා...ඒ වතුර පාර ගලාගෙන ගිහින් ආයිත් වැටෙන්නේ මේ කොල්ල රේස් එක දුවන්න පටන් ගත්ත තැනට.... :no: ඔන්න ඕක තමයි අදහස....

    මේ කන්සෙප්ට් එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා....ඒක හිතේ තියාගෙන තමයි මේ අදහස නිර්මාණය කරේ....මම කැමතියි ඒ කතාව ඔබ තුමන්ලාට තේරුනේ කොහොමද කියල දැනගන්න....ඒක නිසා මේ කන්සෙප්ට් එක බලල මේ ත්‍රෙඩ් නිකන්ම ක්ලෝස් කරලා යන්නේ නැතුව, මේක කියවද්දී මොන වගේ දෙයක්ද හිතේ මැවුනේ කියල අදහසක් එකතු කරලා යන්න....:yes:
     
    Last edited:

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+
     
    • Like
    Reactions: argan

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එල එල මචන්.. කන්සෙප්ට් එකනම් අව්ලක් නෑ...
    ඒත් අර චීත්ත කෑලි ගෑවුන තැන් වලනම් පොඩි අව්ලක් තියෙනවා..
    සාමාන්‍ය විදිහට හැමතැනම දකින්න පුළුවන් අදහසක් එතන තියෙන්නේ.. ඒක ටිකක් වෙනස් කරපන්..;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+

    ඔව් සහෝ ඒ ගැන තමයි මම මේ කන්සෙප්ට් එකෙන් කියන්න හැදුවේ....බොහොම ස්තුතියි අදහසට!!! :)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්.
    :yes::yes::yes:මටත් එහෙමම තේරුණා...එල එල මචන් හොඳ අදහසක්!
    රෙප්+6
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P
     
    Reactions: Samantha567

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P

    නෙදකින්, තෝයි තොගෙ ලේලන්ඩ් එකයි.....:rofl::rofl::rofl::rofl::rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P

    mamath heta indan ලේලන්ඩ් wala thama yanne
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    rep++

    Anthimata mokada wenne ban? u aye prapathayata watenawada :eek:

    අන්තිම ටිකෙන් මම කියන්න උත්සාහ ගත්තේ මේ ජීවන චක්‍රය නැවත නැවතත් මේ විදියටම කරකෙවනවා කියල....අපි බාධක ජයගෙන සාර්ථකව ජීවත් උනා කියමු එතනින් මේ ජීවිතේ ඉවර නෑ නෙව...කොච්චර දියුණු වෙලා ජීවත් උනත් කවද හරි මේ ලෝකේ දාල යන්න වෙනවනේ....ඒ ගියා කියලත් ඉවර නෑ නේ...ආපහු ඉපදෙනවා ....මෙතන ප්‍රපාතයට සමාන කරේ ඒ පුද්ගලයගේ මරණය....මරණින් පස්සේ ආයිත් ඉපදෙනවා ඉපදිලා ආයිත් අර මුල් කොටස විදියටම බාධක පහු කරගෙන එන්න ඕනි....අන්න ඒ ගැන කියන්න තමයි එහෙම කොටසක් එකතු කරේ...බොහොම ස්තුතියි සහෝ අදහසට!!!:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල එල මචන්.. කන්සෙප්ට් එකනම් අව්ලක් නෑ...
    ඒත් අර චීත්ත කෑලි ගෑවුන තැන් වලනම් පොඩි අව්ලක් තියෙනවා..
    සාමාන්‍ය විදිහට හැමතැනම දකින්න පුළුවන් අදහසක් එතන තියෙන්නේ.. ඒක ටිකක් වෙනස් කරපන්..;)

    මොකක්ද සහෝ ඒකෙ අවුල...? තව ටිකක් විස්තර කරලා කිව්වනම් ගොඩක් වටිනවා...බොහොම ස්තූතියි෴
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අන්තිම ටිකෙන් මම කියන්න උත්සාහ ගත්තේ මේ ජීවන චක්‍රය නැවත නැවතත් මේ විදියටම කරකෙවනවා කියල....අපි බාධක ජයගෙන සාර්ථකව ජීවත් උනා කියමු එතනින් මේ ජීවිතේ ඉවර නෑ නෙව...කොච්චර දියුණු වෙලා ජීවත් උනත් කවද හරි මේ ලෝකේ දාල යන්න වෙනවනේ....ඒ ගියා කියලත් ඉවර නෑ නේ...ආපහු ඉපදෙනවා ....මෙතන ප්‍රපාතයට සමාන කරේ ඒ පුද්ගලයගේ මරණය....මරණින් පස්සේ ආයිත් ඉපදෙනවා ඉපදිලා ආයිත් අර මුල් කොටස විදියටම බාධක පහු කරගෙන එන්න ඕනි....අන්න ඒ ගැන කියන්න තමයි එහෙම කොටසක් එකතු කරේ...බොහොම ස්තුතියි සහෝ අදහසට!!!:)

    එල එල මැක්සා. විඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P

    බස් ලොක්ක කියන හින්ද එහෙම වෙන්න ඇති.....හැබැයි පොඩි අවුලක් තියෙනවා කඳුකර පළාත් වල නම් තියෙන්නෙම ටාටා බඩකඩිත්තු...මම ඒ ගැන දන්නේ අපි නිතර බදුල්ල-මහියංගන පාරේ යැවෙන නිසා....කඳු අදින්න ටාටා එල කේස් එකක් එහෙම තියෙනවද සහෝ?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල එල මැක්සා. විඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවද?

    ඔව් සහෝ ලොකු ආසාවක් තියෙනවා වීඩියෝ එකක් කරන්න....ඒත් ඉතින් අදහස් වලින් පෝසත් උනාට මිල මුදල් ඉතින් පෝසත් නෑනේ අපි...:( බලමු තව ටිකක් ලොකු උනාමවත් ;)