ෆොන්සේකා නිදහස ලැබූ පසු අලුත් දේශපාලන බලවේගයක්.....
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස ලබා පැමිණි පසු පොදු දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ සැලසුමක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත. සරත් ෆොන්සේකා නිදහස ලබා පැමිණි පසු එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයන් දෙදෙනකු සමග සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි. වෙනම දේශපාලන බලවේගයක් ලෙස කටයුතු කිරීමට මෙහිදී යෝජනා වී තිබේ. ආරම්භයක් ලෙස සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප්රජාතන්ත්රවාදි ජාතික සන්ධානය මෙහි ප්රධාන පක්ෂය ලෙස කටයුතු කිරීමට නියමිතය.සිංහල බෞද්ධ සංවිධාන ඒකරාශි කර ගනිමින් වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමට මෙම පිරිස සැලසුම් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද මෙයට සම්බන්ධ කර ගැනීමට ද නියමිතය.

Last edited by a moderator: